ඔන්න පැන්ඩ අත ගහන්නෙ ගුටි කන ටොපික් එකකට.මේක ඇවිල්ල ලංකාවෙ අතිශය වටිනාකමක් හෙබි ලොක පුදුම හතෙන් එකකට ගිය ලංකාවෙ උරුමයක් පීචං කිරීමවත් ඒ කලාකරුවන්ගෙ හැකියාවන් හා වසර සිය දහස් ගණනක් පවතින ලෙස ඇන්ද ඒ තාක්ෂණ හැල්ලු කරනව වත් නෙවෙ ආයිබොං
මීට කලිනුත් විජය රජ්ජුරුවො ගැන කිව්ව මතකද මන්ද ..විජයාවගමනය නිකං ව්දේශීය ව්සිට් එකක් විතරක් ම වේවා... කියල.
දැන් පැන්ඩ මේ මතෘකාවට එන්නෙ මෙන්නෙ මේ සිද්ධිය හින්ද.පැන්ඩ ගියා සිගිරි වන්දනාවෙ නැ නැ වන්දනාවක් නෙවෙ දැක බලා ගන්ට කාස්සප ගෙ ප්ලේස් එක..ඒත් ඇත්තම කිව්වොත් අපේ සමහර ඇයො මේ අනුරපුරෙ වන්දනාවෙ ගිහින් සිගිරි ගලටත් වැඳල එනවලු..ඒව කාරි නැ..
කතාව මෙච්චරයි නැග්ග ගලේ..ගියා සිගිරි චිත්‍ර ගාවට .හැබැයි හොරෙන් වගේ බැලුවෙ ලඟ ගැනු ලමයි ටිකක් උන්න හින්ද ලැජ්ජායිත් එක්ක..ඇයි හත්වලාමෙ නිකං ලාවට සළු පොටක් දාල ඇන්ද නම් ඉවරයි නෙ ඔච්චර ඇඳපු එකෙ.මට ඉතින් ඕලෙවල් ච්ත්‍ර කරල පැන්ඩල වගේ උන්ට ත් A ගන්න හදාපු ලියන ප්‍රශ්න පත්තරෙට ගහපු ගිරව මතක් වුනා.ක්‍රි.පු 4- 5 සියවසේ ඇඳි සිගීරි ච්ත්‍ර වලින් විජ්ජු ලතා හා මේඝ ලතා නිරූපණය වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත..
මොන විජ්ජු ලතෙක් වත් මේඝ ලතෙක් වත් නෙවෙ මට නම් පෙන්නෙ බොහොම අපුරුවට නාරි ලාලිත්‍ය පෙන්නල ඇඳපු ච්ත්‍ර ටිකක්..ඉඟ සුඟ මිටින් නෙවෙ සුලැගිල්ලයි මහපට ඇගිල්ලයි එකතු කළා නම් ගන්න තිබ්බ.ඒ අස්සෙ හිටපු එකෙක් කිව්ව මගෙ බ්ලොග් පොස්ට් එකෙ ඌන පූරණය.. "කාස්සප නිකං මම වගෙ පොරක් වෙන්න ඇති නේද " දැනට කියමුකො ඌට x කියල..මට කෙළින්ම මතක් වුනෙ උගෙ රූම් එක..කාමරෙ පුරා ඉන්නෙ beyonce නංගි,lady gaga , tomb raider පොස්ටරෙ අර පට්ට බයික් එකෙ නැගල ඉන්න angelina අක්ක වගේ ඇයො බොහොම අමාරුවෙන් චුටි චුටි රෙදි කැලි පටලවගෙන දැන් ගැලවිල වැටෙයි කියල හිතෙන ඒව..ගෙදර මිනිස්සු කොයි වෙලෙත් මුට දෙසනව වල් කම තිබ්බට ලොකෙට පෙන්නන්න එපා බං කියල.ඉතින් ඒව ඌ කාමරෙ ගහපු අරමුණ ම නෙවෙ වෙන්න බැරිද කාස්සප මේව තමන්ගෙ වාසස්ථානෙ අඳින්න හේතුව.
මොකො ඉතින් කාස්සප කියන්නෙ පරක්‍රමබාහු රජ්ජුරුවො වගේ වත් දුටුගැමුණු රජ්ජුරුවො වගේ වත් මහා ශ්‍රෙෂ්ඨයෙක් නෙවෙ නෙ.හද්ද චාටර් වෙලා ඉඳල තමන්ගෙ සුභ සිද්ධියට ආරස්සවට අහින්සක මිනිස්සු මරවල වැඩ කරවල ඒ අවධියේ උන්නු අයගෙ දස්කම් වලින් තමන්ට ආතල් එකෙ ඉන්න හදපු මාළිගාව නිසා ප්‍රසිද්ධ වුන කෙනෙක් නෙ..තමන්ගෙ තාත්ත ඝාතනය කරපු, සහොදරය එක්ක ගේම ඉල්ලපු කාස්සප, මහා උසස් චින්තනයක් තියෙන කලාකාමී අපුරු හෘදයාංගම ඩයල් එකක් වෙන්න පුලුවන් ද ?
මේක ඇවිල්ල කාස්සප විසින් තමන්ගෙ මන දොළ පිනවීම පිණිසම ශෘංගාරය වඩවන අදහසින් ඇඳපු චිත්තරයක්ම තමයි.සමහර විට තමන්ගෙ අන්තඃපුරෙ මෙච්චරම අපුරු සුන්දර යුවතියො නොහිටපු හින්ද මට මෙන්නෙ මේ වගෙ කෙල්ලො ටිකක් ඇඳල දීපං බං බල බල ඉන්නවත් කියල කිව්ව වෙන්නත් බැරි නැ...
සමහර ගංජාකාරයො හොඳ නිර්මාණකරුවන්ට කියල උසස් සින්දු නිර්මාණ ලියවගෙන ගොඩ යනව වගේ කාස්සප ගෙ චිත්‍ර ශිල්පයා බොහොම අපුරු අයෙක් වෙන්න ඕනි.මේ වගෙ සංයමයකින් මහ භයානක ගලක එල්ලිල උසස් නිර්මාණයක් කරන්න අනිවාර්යෙන්ම ඔහු බොහොම උසස් මනසක් හිමි අපුරු පුද්ගලයෙක් වෙන්න ඇති.සමහර විට මේ නිර්මාණකරුටත් සෙනරත් මහත්තයට වගේ හිතෙන්නෙ ඇති..ඒත් ඒ මනුස්සය ගැන කතා වෙනව බොහොම අඩුයි.
අපේ මිනිස්සුන්ගෙ බොහොම අපුරු ලක්ෂණයක් තියෙනව..මිනිහෙක් මලාට පස්සෙ ඌ ගමටම කසිප්පු බෙදපු එකා වුනක් උපාසක මහත්තය කියල නිවන් සුව පතනව..ශේප් එකෙ කරපු වැරදි රහසින් කතා කළත් මතක් කලත් ප්‍රසිද්ධියෙ උන්නු කාලෙ කරපු වැරදි කියවන්නෙ නැ මළාට පස්සෙ.
මම හිතන්නෙ කාස්සපටත් උනේ ඔය සන්තැසියම තමයි..පරණවිතාන මහත්තය තමන්ගෙ බොහොම නිවුණු මහාචාර්ය මොළෙට චිත්‍ර ගැන සංවෙදි වුන විදිහට අපේ ලංකාවෙ ශ්‍රෙෂ්ඨ සංස්කෘතිකයට අපුරු නිර්මාණවලට ගැලපෙන විදිහට දුන්න නිගමනයක් චිත්‍ර ගැන කාස්සපත් විශිෂ්ඨ රජෙක් වෙන්න.
ඒත් පැන්ඩ නම් සතේකට විස්වාස කරන්නෙ නැ කාස්සප ඕව ඇන්දෙව්වෙ විජ්ජුලතා මේස ලතා වගේ උපමා වශයෙන් අරගෙන ලංකාව වගෙ කෘශිකාර්මික රටකට අවැසිම වරුශාව වගේ දේවල් නිරුපණය කිරිමෙ අදහසින් වත් එහෙම නැත්තං පිදුරංගල විහාරයට යන උපාසිකාවන් ටිකකගෙ චිත්‍ර උදේ හවා දැකල හිත පහද ගන්න අදහසින්වත් කියල..
හැබැයි ආයෙත් කියනව මේක ඇඳපු චිත්‍ර ශිල්පියා බොහොම අපුරු නිර්මාණකරුවෙක් හා උසස් චින්තනයක් හෙබි අයෙක් වෙන්න පුලුවන්..
කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

පැන්ඩගේ කතාවත් හරි වෙන්න පුලුවන්. මොකද කස්සප කියන්නේ මිනිස්සුන්ට සේවයක් කරපු රජෙක් නෙමෙයි නේ. අච්චර සේවයක් කරපු පියාව මරලා ඒ බයට හැංගිලා ඉදපු රජෙක් නේ.
ReplyDeleteපියාව මරුවා කියලා කියන්නේ පියාගේ ධනය ඉල්ලලා ඇතිවු හබයක් දුරදිග යාමෙන් ලු කියලා කියනවනේ. ඒ නිසා කස්සප කියන්නේ සල්ලාල රජෙක් වෙන්නත් බැරිකමක් නැහැ.
අන්තිම වතාවට කියන්න ඕනේ.කස්සප කියන්නේ තමගේ සිභසිද්ධිය තකා විතරක් කටයුතු කරපු රජෙක්.
මම කිව්වේ මගේ අදහස. ඕං දරුවනේ මාව කන්න හදන්න නම් එපා. කනවනම් පැන්ඩව මරන් කාපල්ලා :)
මමත් එහෙම හිතනවා.රූපේ යට ටිකත් ඈඳලා තිබුනනම් හරියටම කියන්න තිබුනා.
ReplyDeleteඇත්තම ඇත්ත තමා පැන්ඩයියේ..
ReplyDeleteචිත්‍ර අදින එකා හිතේ මොකක් තියන් ඇන්දට් පස්සේ විචාරය යන්නේ විචාරය කරන කෙනා ඒ චිත්‍රේ බලන විදිහ අනුව..
මෙතන අපි වෙනස් විදිහට හිතන්න බැරිකම තමා තියෙන්නේ..
පරනවිතාන මහත්තයා එහෙම කිව්වට අපිට වෙනස් දෙයක් පේනව නම් අන්න එතකොට නිර්මානය රැඩිකල් වේවි
කාශප නම් ලෝකයා කියලා අපි හැමෝම දන්නවා . ඒත් බං පැන්ඩයියේ මටනම් හිතෙන්නේ නෑ මෑන් වල් කමට මේක ඇන්ඳාය කියලා . මොකද උඩ කෑල්ලට ඇඳුම් නැතුව ඉන්න එක ඒ කාලේ සාමාන්‍යයි නේ ! ඉතින් මෑන්ට ඕනම උනානම් ව්ල් විදිහටම අඳින්න ඔය වගේ පින්තූර ගල පුරාම අඳිනවනේ . මම හිතන්නේ තමන් ගාව ඉන්න ආටිස්ට්ලා ගේ වැඩ පෙන්වන්න ඒත් එක්කම තමන්ගේ මාලිගාවත් සෙල්ලං නෑ කියලා පෙන්වන්න හිතාගෙන අඳින්න ඇති . අනිත් රජවරුන්ට මාළිගා තිබුණට මෙයාට තිබුණේ ගල නේ ! කොහොම හරි කරලා අනිත් අයගේ ඒවට වඩා තමන්ගේ ගල හොඳට හදාගන්න කාශප රජතුමාටත් හිතෙන්න ඇති .
ReplyDeleteඅඩේ ගංජා කාරයෝ කියන්න එපා අයියේ වටේ ඉන්න දුප්පත් කොල්ලොන්ටත් වදිනවා !
You are wrong! Magalatha is dark-blue feminine figure
ReplyDelete@ to anonymous : nw whr da hell i have said in dis post dat mega latha is da one with gold color or sumting lik dat.
ReplyDeleteI prefer ppl with names than anos..
@ හිස් අහස : මල්ලි හරි වෙන්න පුලුවන් මල්ලි..මොකො මෙලො කලාත්මක ගතියක් නැති මස් කඩ කාරයොත් සල්ලි තියෙන කොට මාර ටැලන්ටඩ් ගෘහ නිර්මාණ ශිල්පීන්ට කියල ගෙවල් හදා ගන්නව..ඉතින් මාර ගති..ක්‍රෙඩ්ට් එක යන්නෙ මුදලාලි ට..මේකත් එහෙම වෙන්න බැරි නැ..
ReplyDeleteඒත් ඉතින් බං එහෙනම් වෙන මොනව හරි ත් අදින්න තිබ්බ නෙ කලාකරුවොන් ගෙ වැඩ පෙන්නන්න කියල..කාස්සප අනිවා කියල තියෙනව මට ඕනි ගැනු රූප තමයි කියල..ඒත් අමු අමුවෙ ගැනු ඇඳල චාටර් වෙන්නත් බැරි නිසා මල් එහෙම අතට දීල අදින්න ඇති.සමහර විට කලාකරුව උසස් මනසක් තිබ්බ හින්ද පරණවිතාන මහත්තය කියපුව හරි ඇති ඒත් කාස්සප නම් කියන්න ඇත්තෙ ඇඳපං සිරා කෙල්ලො ටිකක් කියලම තමයි.
@ හිස් අහස : ගංජා කාරය කියන එකෙ කොහෙද බං දුප්පත් පොසත් බේදයක්..මම ගංජා ගහන එවුන්ට විරුද්ධයි ඌ දුප්පත් වුනත් පොසත් වුනත්..ඌ අපේ කුරුදුවත්ත මහ ඉස්කොලෙ උදේට මොන්ටෙරො එකෙ ඇවිල්ල හවසට ජගුවර් එකෙ යන එකා ගැහුවත් අපේ ගමෙ ආරොං මාමගෙ ලොකු එකා ගැහුවත් උන් ඔක්කොම මට ගංජාකාරයො තමයි..
ReplyDeleteමම මෙච්චර සැරට මේක කියන්නෙ උඹ ගැන මට බය හින්ද..උඹ එහෙම ඔහොම එවට ගියොත් අම්මප සිංහල බ්ලොග් කාරයො ඔක්කොම එක්ක උඹලගෙ ගෙදර ඇවිත් උඹට නෙළනවා.මාරයට කලින් කියනව උඹට ආරක්ශක උපදෙස් දෙන්න එපා කියල.
@රත්ගම: අඩේ මොන රැඩිකල් ද බං නිවාඩු වෙලාවට වාත වේවි පැය පහක් හයක් බස් එකෙ බදුල්ලෙ ඉඳන් ගෙදර එනකොට ඕනි එකෙක්ගෙ ඔළුවට ඔහොම විකාර පත බැවෙනව
ReplyDeleteඔය කාලේ වෙන්නැති අර කොටු රූල් පොත් හොයා ගත්තේ!
ReplyDeleteමම ඒව නවත්තලා දැන් මාස කීපයක් වෙනවා අයියේ ...
ReplyDelete@ කතන්දර : වෙනැටැති නේද.. අයි ඇම් පැන්ඩා.. හව් ඩූ යූ ඩූ මිස්ටර් මැවිසුරු ? ඉට්ස් මයි ප්ලෙශ‍්ර් ටු සී යු අරවුන්ඩ් මයි බ්ලොග්..
ReplyDelete@හිස් අහස : මගේ හොඳ කොලුවා..වරෙන් බොට උම්මා එකක් දෙන්න..තුනුරුවනේ සරණයි අපේ කොලුවට..බොට වරදින්නෙ නැ මයෙ එකො
ReplyDeleteමටත් මේ හිතාගන්න බැරි මේ වගේ අඩ නිරුවත් රූප මහා ලොකුවට වර්ණනා කර කර දුර කතර ගෙවාගෙන ඒවා බලන්න යන උදවියම අපි ඒ වගේ එකක් ඇන්දෝත් හරි අපි ලග තියාගෙන ඉදලා අහු උනොත් හරි මේ තරම් කෑ ගහන්නෙ නැයි කියලා. :D
ReplyDeleteසීගිරි චිත්‍ර අදින්න හේතු උන කාරනයනම් මන් දන්නෙ නෑ ඒත් අගය කල යුතු එකම දේ ඒ සදහා යොදාගෙන තියෙන තාක්ශණය තමයි.
@ අනුරාධ : බොහොම ස්තූතියි කමෙන්ටුවට..අනේද කියන්නෙ..
ReplyDeleteඔහොම තමයි සමාජෙ හැටි.