Tuesday, April 5

පැන්ඩා දැන් ජිවිතේ අවසානභාගය නේද?


දැන් බලන්න එපා මේ මොන කුනු හරුපයක් ද කියල..ඔහොම තමයි ජිවිතේ නේද ?ඒත් වයස 25ක් වුන මම මොකො ජිවිතෙන් 3/4 ක් ඉවරයි කියන්නෙ..ආයෙත් හොඳට කල්පනා කරල බලමු.

මෙහෙම නෙ මෙ බ්ලොග් ලොකෙට ආපු පැන්ඩා බෞතිස්ම වුනෙ මීට අවුරුදු 3 කට කලින් විස්ස විද්දාලෙ ගියාම නෙ..ඊට කලින් නිකම්ම නිකං බුද්ධික නිර්මාල් ගෙදෙට්ට ලොකු පුතා ඉස්කොලෙ එවුන්ට තොම්සන්. අර ටින් ටින් එකෙ උන්නෙ.

පැන්ඩා කියන කේස් එක වුනෙ කුන්ග් ෆු පැන්ඩ එකෙ දර්ශනයක් කාල බීල ඉන්න වෙලෙ හොස්ටල් එකෙ රඟ දක්වන්න ගිහින් නෙ.ඊට කලින් සුදු භූතය (කැස්පර් එකෙ ) කියල කට්ටියක් කිය කිය උන්නෙ.ඒත් එක එහෙම ම මඟ ඇරෙන්න දුන්න මම.දැන් හිතන්නකො මම ඇවිද ගෙන යනකොට යාළුවෙක් අඩ ගහනව සුදු භූතයො පොඩ්ඩක් හිටූ කියල..එතකොට මම මට නෙවෙ වගෙ යනව.එතකොට තව එකෙක් අඩො පැන්ඩො කියනව එතකොට අන්න ටක් ගාල හැරිල බලනව.අන්තිමට සුදු භූතය අමතකම වෙලා ගියා. 

කොහොම හරි අර කිව්ව වගේ ඔකට විවිධ විශේෂන එකතු වෙනව කාලනුරුපීව.


හිතන්නකො බැච් මීටින් එකක් වගෙ එකකදි මම මුකුත් කිව්ව කියල ක්ෂණිකව එතකොට අන්න අහගන්න පුලුවන් අඩො පැන්ඩො වගේ විශේෂනයක් සහිතව මගේ නම.

තව අපේ ඔය හෙයියා එහෙම සෙට් එකෙ ඉන්න කොට මොකක් හරි බොලයක් මට බස්සවන්න ඕනි වුනාම පැන්ඩ ඩාලිං වගේ ඇහෙනව එතකොට මම දැනගන්න ඕනි ඉක්මණට මාරු වෙන්න.

තව ගෲප් ප්‍රොජෙක්ට් වල එහෙම ඉන්නකොට නිතරම පැන්ඩ පැටියො වගේ එව මට ඇහෙන්න ලැබෙනව.
 
සිරාවට ආදෙරෙට උඹල එහෙම කියන වෙලාවලුත් ඇති බව මම හොඳින් ම දන්නව.


අර හගුර ට ඉන්නව භාරියක් වැඩ නිකං එලිසබත් මහ රැජින වගේ..අන්න එක තමයි හිටි ගමන් පැන්ඩ්ස් කියන්නෙ..මම නිතරම කියනව හරියට ඩ් ශබ්ද කරන්න කියල මොකො මට ඇහුනෙ පලවෙනි දවසෙ ට් යන්න වගෙ,..මම ඉතින් ගනං ගත්තෙ නැ උන් දෙන්නගෙ පෞද්ගලික දෙයක් කියල හිතල. 

පැන්ඩා හින්ද අහින්සක කෙල්ලෙක් ට පැන්ඩි වෙන්නත් වුනා..මගෙ අරය (අර අරය බං අර වයිපරෙ කියන්නෙ මගේ කෙල්ල) ඒ කියන්නෙ ටික කාලෙකට කලින් සෙව්වන්දි කියල නමක් තිබ්බ එයා මම එක්කන් ගියා මැච් එකක් බලන්න කැම්පස් එකෙ..දන්නව ද අපේ එවුන් කියපු එක.."මෙයා නම් පැන්ඩියෙක් වගේ මයි".. අඩුම තරමෙ උඹ වගෙම සුදුයි හැඩයි හුරතල් ලස්සනයි කියපන්කො..ම්ම් හ් එව කොහෙද ..එදා ඉඳන් අනේ ඒ අහින්සකිත් පැන්ඩිම විය.

ආයෙත් තව අවුරුද්දකින් මම විස්ස විද්දාලෙන් එළියෙ..පැන්ඩා එතකොට ආයෙත් උන්නා වගෙ බුද්ධික වෙයි නේද ? එහෙම බැලුවම මගෙ පැන්ඩගෙ ජිවිතේ ඉවර වෙන්න කිට්ටුයි.සමහර විට බ්ලොග් කෙරුවාව නැවතුනෙ නැතොත් පැන්ඩා දීර්ඝායුෂ විඳින්න ඉඩ තියේ. 


ජිවිතේ ගැන හැරිල බැලුවම මොකොද හිතෙන්නෙ පැන්ඩො කියල ඇහුවොත් සංතොෂයි කියන්න පුලුවන්.විස්ස විද්දාලෙ වසර තුනක් ගෙව්ව විවිධ මත තියෙන ඇයො එක්ක එක විදිහට ඉඳල තාම තරහ කාරයෙක් නැතුව හැමොම එක්ක හිනා වෙලා කතා කර‍න්න පුලුවන් මට.බැරි දේට බැ කිව්ව පුලුවන් දේට පුලුවන් කිව්ව යටින් ගෙම් දුන්නෙ නැ ගින්දර ඇද්දෙ නැ ලොකු පොර‍ක් වෙන්න ගියෙත් නැ තාමත් එක හින්ද වැඩිය මාව දන්නෙ ත් නැ.පැන්ඩ දන්නව ද කියල අපේ කැම්පස් එකෙක් ගෙන් අහල සමහර විට නැ කිව්වොත් ඒ නිසා පුදුම වෙන්න එපා

අහම්බෙන් බ්ලොග් අවකාශයට ආපු මට පහු ගිය වෙසක් මහෙ බ්ලොග් එකට නමක් නැතුව හතර අතේ හිත හිත ඉන්න කොට හිතුන පැන්ඩ වගේ නමකින් ලියන්න.මට ඉස්සර හරි අමාරුවක් තිබ්බ හොඳ අනුවර්ත නමක් හදන්න හරියට අර සුගතපාල සිල්ව මහත්තයගෙ glad fly පොතේ ඇට මැස්ස වගේ හරි ජැක්සන් ගෙ පනාපුත්‍ර කුහුඹු පැනියා වගේ එකක් හරි.ඒත් එහෙම එකක් හදා ගත්තම සැරට නම්බු හිටින්න ලියන්න ඕනි..එතකොට කරදරයි ඒ හින්ද මම පැන්ඩ කියලම දා ගත්ත..නිකං කොමිටල් නෙ එතකොට වැඩිය සිරියස් නැ පොඩි හුරතල් ලයින් එකකුත් යනව.


ඊට පස්සෙ බ්ලොග් පොස්ට් නම් 84 ක් ලිව්වා..අද වෙනකොට page views 22 420ක් තියෙනව. ..පුන්ච් සතුටක් තියේ 22 420 වතාවක් කවුරුහරි ඇවිත් කියෙව්වෙ නැතත් මේක දැකලවත් තියෙ නෙ.


ඉතින් කවද හරි බ්ලොග් වලට පින් සිද්ධ වෙන්න කියවන ඔයාලට පින් සිද්ධ වෙන්න කැම්පස් එකෙන් ගියත් පැන්ඩගෙ ජිවිතේ රැකෙයි නේද ?

************************************

 කියවද්දි හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

14 comments:

  1. පැන්ඩා අයියායි පැන්ඩි අක්කියි සතුටින්, ආදරෙන් ඉන්න තියෙනව ගොඩාක් කාලයක්.................

    ReplyDelete
  2. ඔයා නම වෙනස් කරගන්න එපා.....

    ReplyDelete
  3. ‍මොන පිස්සුද........ පැන්ඩා අයියයි පැන්ඩි අක්කියි හැමදාම අපිට එ‍හෙම තමා...........

    ReplyDelete
  4. පැන්ඩගෙ නම වෙනස් වෙච්ච වෙන හැටි කියද්දි මට මතක් උනේ අපේ බැච් එකේ හිටිය කොල්ලෙක් සෙකා කියලා. ඒක තව දීර්ඝ නමකින් බිඳිලා ආපු එකක්. ටික කාලයක් යද්දි සෙකාට සෙක්ස් කියල අන්තිමට දැන් ඌට සෙක්සි කියල නම පට බැඳිල තියෙන්නෙ.

    ReplyDelete
  5. @හසී..බොහොම ස්තූති හසී

    ReplyDelete
  6. පැන්ඩට දීර්ඝායු වේවා!

    ReplyDelete
  7. @සිතුවිලි නිහඬයි : හා හා වෙනස් කරන්නෙ නැ..

    ReplyDelete
  8. @ හා පැටික්කි : මම දන්නව හාවියේ ඔයා අපි එක්කම බව..මායි අක්කයිත් ඔය දෙන්නට ඉන්නව

    ReplyDelete
  9. පිණිබිඳු : හිකිස් ඒ ඔයා ගැන නේද කිව්වෙ

    ReplyDelete
  10. @තාරක : ඔයාටත් චිරං ජයතු

    ReplyDelete
  11. පැන්ඩාටත් පැන්ඩිටත් සුභ අනාගතයක්ම වේවා !...

    ReplyDelete
  12. මුන්ට මොනා වෙලාද මේ ? අරහේ වත් අක්කා මැරෙන්න ඕන කියලා කෑගහනවා පැන්ඩ ඉඳන් කාලෙ ඉවරයි කියනවා ඈ බං උඹ ඒතරමට ආත්මාර්ථකාමියෙක්ද ඔවු ඉතින් කැම්පස් එකෙන් එලියට ගියාම ලොකු මහත්තුරුනේ අපි හිතින් නිර්ධන පන්තියේ බයියොනේ .අපිට කියවන්න බ්ලොග් ලියන එක එතකොට අකැපයි නේ !

    කැම්පස් එකෙන් අයිං උනත් අපිත් එක්ක ඉඳලා හිටලවත් කනෙක්ෂන් තියාගන්න අයියේ ..

    පැන්ඩා + පැන්ඩීට . තිස්තුං කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි

    ReplyDelete
  13. අපි නම් පැන්ඩගෙ නම පැන්ඩා කියලා කියන්න පටන් ගත්තෙ අර බෝලෙ මැඩම්ගෙ ලෙක්චර් එකේදි "කට්ටියම ෆේස්බුක් ගිහින් මගෙ පැන්ඩව බලන්න හොඳේ...." කියපු දවසෙයි... මතකද.....?

    ReplyDelete
  14. aleee pandoo mage sinhala weda nee,terena singrisiyenma kiwwoth mekay tawa tika kalekin =(panday+pandee) formulaa aka sulu karala panda patau tikak gennakoo,a hemotama deergauu labenna,maha pndata blog awakashaye godaak kal rendenna api hemoma suba patanawa.aaaa atakota u maha pandaaa

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails