Tuesday, May 3

පැන්ඩිට සුභ උපන්දිනයක් වේවා!!!

 අද ට එයාට වයස අවු 25ක්...මට මුණ ගැහුනේ එයාට 23 දි. ජිවිතේ 1/4 විතර ගෙවල උන්නු මට එයා ලැබුනම ආයෙත් ඉපදුනා වගේ දැනුනා.ජිවිතේ ඔහේ ගලා ගෙන යන එක නැවතුනා..ජිවිතේට අරමුණු එකතු වුනා. ගුණ යහපත් කෙල්ලෙක් හින්ද ඒ අරමුණුත් යහපත් ඒව කියල මම දන්නව.ලියා ගෙන යන්න දෙවල් ගොඩාක් හිතට එනව.ඒත් කාල වෙලාව මදි.අද උදේ උපන් දිනේට සුභ පතන්න කොල් කලාමත් හැමදේටම කලින් මම හොදින් ද සනීපෙන් ද කියල දැනගන්නයි එයාට ඕනි (චුට්ටක් ලෙඩ වෙලා මම) වුනේ.මතකද මීට කලින් මට එයා ගැන ලියවුනු ලිපිය අමතක අය මේතනින් ගිහින් බලන්න කො. පැරණි ලිපියට

මට මගෙ ජිවිතේ අම්මයි තාත්තයි දුන්න දීපු තාමත් දෙන ශක්තිය ඇරුනම ඊට නොදෙවෙනි එකම ශක්තිය ඇයයි.මට මේ දේ ඕනි ඔයා මෙහෙම වෙන්න ඕනි කියල කවදාවත් මට මගෙ ජිවිතේට බරක් එකතු නොකරපු එයා මගෙ ජිව්තේ තවත් සැහැල්ලු කරන්න උදව් කලා.ජිවිතේ කියන රේස් එකෙ කොහෙ කොතන ගියත් හැරිල බලන කොට මාත් එක්කම මගෙ දකුනු පසින් ඔයා ඉන්න එක, හැමදෙම අමතක කරල මට දෙන ඒ දයාබර හිනාව මාව දිරිමත් කලා.ඒ හැමදේටම මම ඔයාට ණය ගැතියි හුගාක් ස්තූතියි හුගාක් පින්.


මාතින් ඔය සිත
රිදුව සැම කල්හි
නිහඩවම කල් ගෙවන
මතක තුල සගවාගෙන
මා සිත නොනතලන
ඔබයි මහගු පෙම්වතිය


නීරස වූ ජීවිතය
නිම්නැති ආදරයෙන් පුරවා
ස්නෙහෙයෙන් කලතවා
මවක සේ කරුණාව පා
ජිවිතේ අනගි කල
ඔබයි ආදරණීය පෙම්වතිය


අන් සත දුක් දැක
කරුණාබර ඔය හිත
සැලුනු සැම විට
කුසල් සිත් පෙරටු කර
මා සිත පොළබවා
කුසලයේ යෙදවූ
කළණ මිතුර
ඔබයි මා පෙම්වතිය


නුවණින් පොහොසත්ව
දුන් ආදර ඔවදන්
මා ජිවිත එලිය කර
නැණ පහන් දැල්වීය


පසු තැවිලි සිත්
කිසි කල් නොනැගෙන්න
ඉඩක් නොතබාම
ඔබ දුන් ආදරය
අමිලමය මා හට


ඔබ හා මා ගෙවන
සොඳුරු අනාගතයකට
සිහින පොදි ගසා
විස්වාසයෙන් පය තබා
දිරියෙන් දිව යන්න
ජවය දෙන උල්පත
ඔබයි මා පෙම්වතිය 

පැන්ඩගෙ ලැප්ටොප් එකට අසාධ්‍ය වෙලා සර්විස් සෙන්ටර් නිසා මාව මේ දවස් වල බ්ලොග් වල නොදකින්න ඇති..ඒ ගැන සමාවෙන්න.දැනුත් මේ හදිස්සියට දුවල යන්න ආවෙ යාළුවෙක්ගෙ එකකින් 

**********************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

22 comments:

  1. අක්කාට සුබම සුබ උපන්දිනයක් වේවා.... දෙන්නාගේම ජිවිත සාර්ථක වේවා.. අයියා ඉක්මනින් සනීප වෙන්න.. :)

    ReplyDelete
  2. මේ වගේ ආදරයක් කරන්නත් ලබන්නත් දෙන්නට දෙන්නම පින් කරලා තියෙන්න ඕන කියන එකයි මගේ අදහස. අනික තමා එකිනෙකා තේරැම් ගැනිම තුලින් කරන ආදර කතා අද කාලේ බො‍හොම අඩුයි. මං සුභ පතනවා එයාගේ උපන්දිනයට. ඔය ආදරේ ඔහොමම තියෙන්න ඕන සංසාරේ පුරාවටම. ඔයාල දෙන්නටම සුබ ප්‍රාර්ථනා පිරැනු හා අභිලාෂයන් මල්පල ගැන්වෙන අනාගතයකට සුබපැතුම්...

    ReplyDelete
  3. අපිත් එයාට සුභ පැතුවා කියන්න පැන්ඩෝ.. ජීවිතේ අසරණ වෙච්ච වෙලාවට වාරු වෙන්න උරහිසක් තමන් වෙනුවෙන් තියෙනවා කියලා හිතෙන එකත් කොච්චර සහනයක්ද?

    ReplyDelete
  4. මාත් විශ් කලා කියන්න අයියේ...ඒ වගේ අක්කා කෙනෙක් ලබන්න ඔයා හරිම වාසනාවන්තයි....

    ReplyDelete
  5. සුබ උපන්දිනයක් වේවා පැන්ඩි

    ReplyDelete
  6. ඔන්න බීටගෙනුත් පැන්ඩි අක්කාට සුභ පැතුම්

    ReplyDelete
  7. සුබ උපන් දිනයක් පැන්ඩිට....... ඒ වගේම සුබ අනාගතයක් පැන්ඩා යුවලට..........

    ReplyDelete
  8. පැන්ඩි අක්කට සුභ උපන්දිනයක්...!!
    දෙන්නගෙ සියලුම පැතුම් සඵල වේවා

    ReplyDelete
  9. ඔන්න එහෙනං පැන්ඩිට සුභම සුභ උපන්දිනයක් වේවා කියල අපිත් සුභ පතනවා!!!!!!!!

    ReplyDelete
  10. පැන්ඩයියගෙ පැන්ඩි අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා !! . ඉතින් පැන්ඩා අපිව දාලා ගියාට පස්සේ ඔන්න සෑහෙන කාලෙකින් ඇවිල්ලා ඉන්නවා උපන්දිනේ කියලා යන්න .. අපිවත් මතක් කරගෙන උපන්දින කේක් කෑලි කන්න

    දැන් ඉතින් විසි පහක්ලු නේද ? දෙන්න බඳින්නේ කවදයි ? මටත් තියන ප්‍රශ්න නේද ? මට

    ඉඳලා හිටලා හරි පැන්ඩයියා මොනාහරි ලියලා යන්න නැත්තං අපිට පැන්ඩා නැතුව සාංකාව හැදේවි

    ReplyDelete
  11. ජයවේවා!සුබ උපන් දිනක් වේවා! දිගුකලක් යෙහෙන් වැජඹේවා!

    ReplyDelete
  12. @හසී: ස්තූතීයි හසී නගේ..එහෙම ලොකු අමාරුවක් ම නැ ඉතින්

    ReplyDelete
  13. @රතී : බොහොම ස්තූතියි රතී..ඔයාගෙ ප්‍රර්ථනාව හරිම අපුරුයි..කට ඇරල ගුඩ් මොනින් කියල හදවතින්ම දැනෙන්න සුභ පතන අය අඩු රටේ ඔයාල වගේ යාලුවො ලැබීම සතුටක්

    ReplyDelete
  14. @පිණිබිදු : ස්තූතියි.එයා දැක්ක ඔයාලගෙ සුභ පැතුම්.මොන දේ වුනත් දුවගෙන යන්න ඒ දේ කියන්න කිව්වම තෙරුන් ගන්න කෙල්ලෙක් ඉන්නව කියන හයිය සැහෙන්න වටිනව.

    ReplyDelete
  15. @සිතුවිලි නිහඩයි , රොබින්, බීටා , කල්හාර , තාරක :මේ පැත්තට ආපු අපි දෙන්නට විශ් කරපු ඔයාල හැමොටම ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  16. @ චන්දික : ස්තූතියි සහො

    ReplyDelete
  17. @හිස් අහස : ඉගෙන ගන්න කටයුතු ඉවර වුන ගමන් හැකි ඉක්මනට කේක් කැල්ලක් කමුකො මලේ..අනෙ තරහ වෙන්න එපා කොල්ලො මගේ ලැප්ටොප් එක කැඩිල.දැන් මේ එන්නෙත් යාළුවෙක්ගෙ එකකින්.එකයි වැඩිය උඹලගෙ බ්ලොග් පැත්තෙ එහෙම ගොඩ වෙන්න නොලැබුනේ.සමාවෙන්න ඕනි ඒ ගැන

    ReplyDelete
  18. @විතරාගී : ස්තූතියි අනේ..හුඟ දවසකින් කතා බහක් කරන්නත් බැරි වුනා..

    ReplyDelete
  19. අනේ මාං පාරාක්කූයී..................... මගේ සුදු පැන්ඩි අක්කියට සුභම සුභ උපන්දිනයක් වේවා.......!!!!
    සියළු පැතුම් බලාපොරොත්තු ඉටු වේවා......!!!!

    දෙන්නටම සුන්දර අනාගතයකට සුභ පැතුම්........!!!!

    මතක ඇතුව මං අක්කට උම්ම්මා එකකුත් දුන්නා කියන්න. ඔන්න නොක්ව්වෝත් බලාගමු.........

    ReplyDelete
  20. මාත් ඔන්න අක්කට සුභ පැතුවා පැන්ඩයියේ.!!!!!!!

    ReplyDelete
  21. ස්තූතියි රජිත් සහො

    ReplyDelete
  22. ඔන්න ඉතින් පරක්කුවෙලා හරි මමත් නංගට සුබම සුබ උපන් දිනයක් ප්‍රාර්තනා කරණවා.ඒ වගේම ඔයාල දෙන්නගෙ අනාගතයත් ගොඩක් ලස්සන වේවා.......!!

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails