පැන්ඩ හුග දවසකින් බ්ලොග් එකකට ලියන්න අත ගැහුවෙ..ලැප්ටොප් එක කැඩිල තිබ්බෙ..දස අතේ කල්පනා කර කර හිටියේ අලුතින් එකක් ගන්න වුනොත් කියල ඒත් ආයෙත් සර්විස් සෙන්ටර් එකෙ අයට පුලුවන් වුනා ලැප් එක ගොඩ දාන්න.
ඉතින් ඔහොම ඉන්න අතරෙ පහු ගිය සතියේ කැම්පස් පටන් අරගත්ත අවුරුදු නිවාඩුවෙන් පස්සෙ.ගිය ගමන් ලොකු ප්‍රශ්නෙකට මූන දෙන්න වුනා ගුරුවරු දෙදෙනෙක් ඉවත් වීම නිසා ඇතිවූ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන්. ඒක ගැන නොයෙකුත් සාකච්චා මත ගැටුම් අනේක විදිහට ඇති වුනා.අවසානයේ සාමන්‍යය විසදුමකට ලගා වුනා.
ඊට පස්සෙ මම දන්න කිහිප දෙනෙක් ගෙ පෞද්ගලික ගැටලු ගැණ කතා කීපයකට ත් මාව මැදි වුනා.
ඒත් ඔය ඔක්කොටම ටොක් දීල අන්තිමට මාත් ප්‍රශ්නයක් ආවම බිංදුවටම වැට්ච්ච තැන් තියෙනව.ඒ වෙලාවෙදි පිහිටට එන්නෙ පැන්ඩිල අම්මල යාලුවො තමයි. කොහොමින් කොහොම හරි කාරණාව පැත්තට එමුකො.
මේ හැමදේකදිම මේ බොහොමයක් ගැටළු වලදි මම දැක්ක ලොකුම කාරණෙ අපි අපිව අනිත් අය එක්ක සංසන්දයට හා ඒ සංසන්දන වලින් අපිට අහිමි පැත්ත ගැණ විතරක් හිතල හිත කනස්සලු කර ගැනිම.
ප්‍රශ්නයක් කියන හැමොගෙම වගේ කටින් ආපු දෙයක් තමයි ඉතින් පැන්ඩො "අරයගෙ එහෙමයිනෙ" , නැත්තං "අර ආයතනයේ එහෙම යි නේ "කියල ඉස්සෙල්ල අපිව හරි අපිට සම්බන්ධ තැන හරි සංසන්දනය කරල කතා කරන්න ගන්න එක.
සංසන්දනය කියන එක මහම මහ කුණු ගොඩක් ගෙන්නෙ දුකමයි, මොකො අපේ හිතුත් හුගක් වෙලාවට දුක් කරදර වල පැටලුනාම හදන්නෙ සංසන්දනය කරල අඩු පාඩු පැත්තම නැති පැත්තම පෙන්වන්න හදන එක.
මේක දෙමාපියන්ගෙ ඉඳන්ම ලාංකාවෙ දරුවන්ට දාපු ලෙඩක්..ඉස්කොලෙ රෙකොඩ් බුක් එක අතට ගන්න එකෙදි විතරක් නෙවෙ ලමයගෙ සාක්කුවට දාන ලෙන්සුව තියෙන විදිය ඉඳං පොඩි කාලෙම වෙන අයට සංසන්දනය කරන්න කරල කතා කරන්න අපිව හුරු කරවනව. හුඟක් වෙලාවට මේ සංසන්දනයන් වෙන්නෙත් වැරදුනාම එකෙ වැරදි පැත්තම පෙන්වන්න මිසක් හරි ගියාම කොච්චර හොඳද පෙන්වන්න නෙවෙ නෙ.
ඒක කොච්චර දුරට හිත් වලට ගිහිල්ලද කිව්වොත් මම දන්න සමහර අය ඉන්නව රිසස්ල්ට්ස් එලියට දැම්ම තමන්ගෙ එකට කලින් අනුන්ගෙ එක බලන..ඊටපස්සෙ තමන්ගෙ එක ගැණ බලන්නෙ..කොච්චර දුරට සංසන්දනය කරනව ද ? තමන්ගෙ මුලු ජිවිතේම දුවන්නෙ තව ඒවට සංසන්දනය කර කර, කවද්ද මගේ කියල ජිවිතයක් ගෙවන්නෙ. එහෙම හිතකට සැනසිල්ල කියන එක බොහොම දුරයි.
සංසන්දනය කරන එක වැරදි ඇයි ? හරි සරළයි..සින්හලෙන් ම කිව්වොත් අපි සහ අපි සම්බන්ධ මේ සියල්ල unique .සුවිශේෂියි. මාව සමාන කරන්න පුලුවන් කිසිම කෙනෙක් මේ ලොකෙ නැ.මට ඇති වෙන තත්වයන් සමාන කරන්න පුලුවන් කිසිම තත්වයක් තවත් ලොකෙ නැ.අපි දෙන්නම එකම වයසෙ වුනාට අපි දෙන්නම එකම ඉස්කොලෙ ගියාට එකම විෂයන් හැදැරුව]ට අපි දෙන්නම විභාගයක් ලියද්දි කවදාවත් මම යි එයයි සමාන නැ.
ආදරෙයෙදි සංසදනය කියන්නෙ විෂ. ගැවුනත් ඇති ගැවුන ගැවුන තැන පලු දාල කුණු වෙලා විනාස වෙන්න.අපේ කාලෙ බොහොමයක් යාලුවෙන්න ට්‍රයි කරන තැන ඉඳන්ම පටන් ගන්නෙ සංසදනය කරල.එයාගෙ එතන මෙච්චරයි මෙයාගෙ මෙතන අච්චරයි එයාගෙ මෙච්චර සුදුයි ලු අරයගෙ රත්තරන් පාටයි ලු. අර ඌ යාලු වෙලා ඉන්න එකට වඩා මෙක හොඳයි. නැත්තං චාටර් බං බලපල්ලකො අර ඌගෙ කෙල්ල එක්ක බැලුවම. එහෙම නැත්තං අපේ කෙල්ලො අරය උපන් දීනේට දීල තියෙන්නෙ මෙව්ව එකක් ඒ වුනාට මට දුන්නෙ අරව එකක් එහෙම නැත්තං එයා නම් බස් එකටත් නග්ගල බස්සල යන්නෙ ඒත් මෙයා හොල්ට් එකට විතරයි එන්නෙ..
ඔහොම කරන්න ගියාම කවද්ද හිතට සැනසීම එන්නෙ.කවද්ද සතුටක් එන්නෙ.මොකො ටක්කෙටම දන්නව එයා සහ මෙයා සුවිශේෂි දෙන්නෙක් .ඉතින් කවමදාවත් ඒ දෙවල් ඒ විදිහට මෙයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා.ඒ වගෙම තව කෙනෙක්ට ලැබුන කියල ඒ දෙම මටත් ලැබෙන්න ඕනි කියල හිතන්න එපා. හොඳට කල්පනා කරල බැලුවොත් එයාට නොලැබෙන ඊට වඩා වටින වෙන දෙයක් ඔබේ සහකරුගෙන් ඔබට ලැබෙනව වෙන්න පුලුවන් එකම දේ ඒකෙ වටිනාකම ඔයා අදුරගෙන නැ.
සමහර විට ඔයා සංසදනය කරන පුද්ගලයගෙ සහකරු හරි සහකාරිය එක්ක කතා කරල බලන්න අවස්ථාවක් ලැබුනොත් ඔබ හුගක් වසනාවන්තයි කියල හිතෙන්නත් පුලුවන්.
ආයතනයක රැකියාවකට ගියාම එහෙම නැත්තං ඉගෙන ගන්න තැනකත් හුගක් අය ඉන්නෙ සතුටින් නෙවෙ.බැලුවම හේතුව අතන හොඳයි නැත්තං මෙතන හොදයි කියල සංසදනය කරල හිතාගෙන දුක් වෙනව.ඒත් සමහර විට කරුණු විමසල බැලුවම පිටින් හොඳ වගේ තිබ්බට එතනට වඩා තමන් ඉන්න තැන දාහකින් හොඳයි.
පුන්චි උදාහරණයක් ගමු. ගමක රස්සාවක් කරන එහෙම නැත්තං වගාවක් කරන ඉලන්දාරියෙක් ටවුමෙ රැකියාව කරන කොල්ලෙක් දැකල ඒ කොල්ලගෙ වාහනෙ දැකල ඇදුම් වල වටිනාකම දැකල සංසදනය කරල තමන් දුක් වෙනව.මට ඒ දෙවල් නැ ඒව නැ කියල.ඒත් සමහර විට ඔබව දකින අර නගරෙ ඉළන්දාරිය දුක් වෙනව ඇති ගම්බද තරුනයගෙ ජීව්තේ තියෙන සැහැල්ලුව පහසුව ගැන.විධායක රැකියාවක් නිසා ඔහුට තියෙන පීඩනය ඔහුට තියෙන වගකීම එක්ක ඔහු අර ගමේ ඉන්න තරුණය කොයි තරං වසනාවන්තද කියල හිතයි සංසදනය කලොත්.දෙන්නම තමන් ලඟ නැති අන් කෙනා ලඟ ඇති දේ ගැන සංසදනය කරල හොයාගෙන ඒ දෙවල් අහිමි වීම ගැණ ජිවිතේ දුක් වෙනව.
අපි අවබෝධ කරගන්න ඕනි දේ මෙකයි.ලොකෙ තියෙන සුන්දරම දේ තමා විවිධත්වය, ඒක සුරැකෙන්න අපි හැමොම සුවිශේෂී වෙලා තියෙන්නෙ.අපි තවත් කෙනෙක් වීමෙන් ඒ දේ සිද්ධ වෙන්නෙ නැ.ඒ හින්ද කළ යුතු හොඳම දේ ජීවිතේ ට නිතියක් දා ගන්න මම මගේ ජිවිතේ මට ඕනි විදිහට ගෙවන්න.කවමදාවත් කිසිම දේකට තමාව සංසන්දනයට යන්න එපා.තමන්ගෙ ජිව්තෙ පාලනය ඔබ සතුවම තියා ගන්න.
පුන්චිම දේ ට වත් එපා.ඔයාගෙ මුනෙ කුරුළැ ආවට ඔයාගෙ යාලුවත් ඔයා කන කඩෙන්ම ඔයා කන කැමම කැවත් කුරුලැවක් නැති පැහැපත් සමක් තියෙන කෙනෙක් වෙන්න පුලුවන් ඉතින් ඒ ගැන කිය කිය බලන්නකො අපි දෙන්නම එකම විදිහට කැවත් මගෙ මුනෙ කුරුලැ නෙ කියල දුක් වෙන එක ඔබේ මොඩකම.ඒක ජිවිතේ සුවිශේෂි කම.චුට්ටක් හිතල බලන්න මම මේ කියන දේ ගැන.දවසට කී පාරක් සමහර අය දුකට පත් වෙනවද අන් අය සමග සංසන්දනයෙන්..මේක හරියට පිහියක් තමන්ගෙ අතින්ම ඇරගෙන තුවාල වෙන බව දැන දැන සිහියෙන් යුතුවම තමන්ටම ඇනගන්නව වගේ දෙයක්.
මිනිසුන් වෙච්ච අපිට අපේ හිතේ පාලනය සීයට සීයක් අපේ අතටම ගන්න බැ.ඒත් උත්සාහ කරමු.මේ කතා කරන මාත් තව ටිකකින් ටවුමට ගියාම පරණ යාලුවෙක් මුණ ගැහුනොත් තොරතුරු කතා කරද්දි සංසදනයක් කරන්න උත්සාහයක යෙදෙයි.ඒ හින්ද මේක නැති කරන්න හොදම පලමු විසදුම එහෙම අවස්ථා හොදින් අදුනා ගැනීම.මුලදි විකාරයක් වගේ දැනෙයි ඒත් පොඩ්ඩක් සිහියෙන් ඉන්න බලන්න කො මෙහෙම කේස් එකක් තියෙනව කියල දැනගෙන..එතකොට කාලයක් යනකොට ඔයාගෙ හිතම කියන්න ගන්නව ඔන්න පැන්ඩො උඹ හදන්නෙ ඉල්ලන් කන්න..ඌත් එක්ක උඹව සංසදනය කරන්න එපා වගේ දෙයක්.එතකොටම ක්ෂනිකවම හිත කියන්න ගනී ඒ එයා මේ මම.මම වෙනස් කියල.දැනට අපි ඔක කරනව.ඒ තමයි අපිව කාට හරි සංසදනය කරල වෙන කවුරු හරි නොන්ඩියක් දාන්න හදන කොට අපි මේක නේද එයාට කියන්නෙ.ඒත් එක එයාට කියල ඒ දේම ඔයාගෙ හිතටත් කියලත් දුක් නොවී ඉන්න පුලුවන් වෙන්නයි ඕනි.
තව දෙයක් පුලුවන් නිතරම තමන්ගෙ තියෙන හොඳ දකින්න උත්සාහ කරන්න.මෙහෙම කියමු ඔයාට හොදට රිසාස්ල්ට්ස් ආව..ඒක දිහා බලල සතුටු වෙන්න.ඔයාගෙ හිතට ශක්තිය දෙන්න..කියන්න අඩේ උඹ එළ කොල්ලෙක් නෙ කියල ඔයාගෙ හිතටම. හැබැයි ගැනල බලන්න හදන්න එපා ඔයාට වඩා අඩුවෙන් රිසාස්ල්ට්ස් තියෙන ගානවත් වැඩියෙන් තියෙන ගානවත්.අනිවාර්යෙන් අර සතුට නැති කරාවි ඒක. අපේ හිත් පුදුමාකරයි,සංසදනය කරන්න ඊට පස්සෙ දුක් වෙන්න පුරුදු කෙරෙව්වොත් එකටම පුරුදු වෙනව.ඊටපස්සෙ ඔයා කොච්චර හොදට ලකුනු අරගෙන ඔයාට වඩා එක්කෙනෙක් හරි වැඩි නම් හිතට පුලුවන් සංසදනයෙන් අර ජයග්‍රහණයේ සතුට මකල අනිත් කෙනාට වඩා ලකුණු නොමැතී වීම ගැණ දුකට පත් කරවන්න.
ජිවිතේ කියන්නෙ තරඟයක් කියන සිතුව්ල්ල මම ප්‍රතික්ශේප කරනව. ජිවිතේ කියන්නෙ චාරිකාවක්.අපි හැමොම යා යුතු හා නිම කළ යුතු.නමුත් අවසානයේ කවුරු හරි ඉඳගෙන එක දෙක තොරන තරඟයක් නෙවෙ මේක.ඔයා ඒ චාරිකාව ඔයා කැමති අයුරින් රස විදින්න.ඔයාට ලස්සන තැන නැවතිලා ඒ ලස්සන විදින්න අනිත් අය නවත්තපු හින්ද එතනම නවත්තන්නවත් අනිත් අය ඉදිරියෙන් යනව කියලවත් දුක් වෙන්න එපා.එහෙම විය යුතු නැ.
පුන්චි තව උදාහරනයක් කියන්නම් මගෙ වයසෙ ඉන්න වැඩි දුර ඉගෙන ගන්න හැමොම කියන දෙයක් තමයි අපි තාම ඉගෙන ගන්නව.එත් අපේ වයසෙ ස්කුල් අවුට් වුන ගමන් ජොබ් ගිය එවුන් බැදලත් ඉවරයි. අපි මෙහෙම දුක් වෙන්නෙ ඇයි සංසදනය නිසා.සමහර විට අර පුද්ගලයා දුක් වෙනව ඇති ජිවිතේ වගකීම් ඉක්මනට හදා ගත්තු එක ගැන.කොහොම වුනත් අපිට මොකද කියල හිතන්න පුරුදු වෙන්න.මේ ඔයා තොර ගත්තු පාර එක විශ්වාසෙන් යන්න.එක එයා තොරගත්තු පාර.ඒ දෙක සංසදනයෙන් ලැබෙන දෙයක් නැ.අනික ජිවිතේ කියන්නෙ චාරිකාවක් නම් වැදගත් වෙන්නෙ එකෙ ඉදිරියට යැම මිසක් යන ආකරය නෙවෙ.අනික ඔහොම අනිත් අය ට ඕනි දේ තමන්ටත් ලබා ගන්න හදන ජීවිතයක් නොදැනීම විනාසයට යනව මිසක් කවදාවත් තෘප්ත කරන්න බැ.අතෘතිමත් පුද්ගලයෙක් වෙන්න ලේසිම ක්‍රමය තමා සංසදනය.
ඔයාගෙ ජිව්තේ තෘප්තිමත් කරගන්න එක ඔයා සතු දෙයක්.ඒකට ලේසිම මග තමයි අන් අය හා සංසදනයෙන් වැළකීම.
*****************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
නිවනට යන මඟ සිටින පතාගෙ න
ReplyDeleteසුවච සුමුදු ගුණ ඇතිකරවාගෙ න
මෘදු බව ඍජු බව සිතෙහි දරාගෙ න
කළ යුතුමයි අතිමාන නසාගෙ න
මටනම් මගේ ජීවිතේ අනෙක් එකා එක්ක සං සන්දනය කරන පුරුද්ද ඇති වෙලා ගොඩාක් කල් මට ඒක නතර කරගන්නත් බැරි වේවි .. පැන්ඩයියා දන්නවද ! අනෙක් කෙනා දිහා බලාගෙන හැදෙන්න කියන අවවාදය කෙනෙකුට දෙන්නේ එයාගේ දෙමවුපියෝ විසින්මයි
ReplyDeleteඅන්න අල්ලපු ගෙදර එකා ලකුනු මෙච්චර අරං "තොපට බෑ ඌ වගේ හැදෙන්න"
ඒත් මොහොතක් කල්පනා කලා නම් මෙන්න මේ ගැන
මම ඌ වගේ උනොත් එතන ඌ ලා දෙන්නයි ! මම කියන කෙනා නැති වෙනවා ..
අනිවා..අපි කරන්න ඕන අපිට ඕන දේ..හරියන්න හරි වරදින්න හරි තමන්ට හිතෙන දේ කරන්න ඕන..හිතුවක්කාරයෙක් වෙන්න ඕන..ලෝකෙට ඕන අනුන්ට ඕන විදිහට වැඩ කරන මිනිස්සු නෙමේ නේ
ReplyDeleteඔයාගෙ කතාවට නම් මම සීයට සීයක්ම එකඟයි.
ReplyDelete"කිව්ව නාහන ගුරු උඩින් ගියත් එකයි, යටින් ගියත් එකයි!"
ReplyDeleteආ ට්.බී සහො කමෙන්ට් දෙකක්ම දාල ගිහින්..ස්තූතියි.අර උඩ කවිය අපුරුයි...
ReplyDelete@හිස් අහස : අනේ ද කියන්නෙ..අනික අල්ලපු ගෙදර එකා බ්ලොග් ලියන්නෙත් නැ නේද ? ඉතින් කො අපිට ලස්සන හිස් අහසක්
ReplyDelete@ රත්තො..: උඹ නැතුව අපේ බ්ලොග් පාලු වෙලා වල් වැදිල තිබ්බෙ..
ReplyDelete@පිණිබිදු : ස්තූතියි පිනි
ReplyDeleteඔයටත් ස්තූතියි මගෙ අදහස් වලට ඔයාගෙ බ්ලොග් අඩවියෙ ඉඩ ලබා දුන්නට, ඒ උඩ කවිය මම ලියපු එකක් එහෙම නෙවෙ, වෙන කවුරු හරි ලියපු එකක්, කවිය මතකයෙ තිබ්බට ඒක ලීවෙ කවුද කියල මට මතක නෑ.
ReplyDeleteකතාව සහතික ඇත්ත... පුංචි කාලේ ඉදල හිතට පාස්සල තියන දේවල් එක පාරටම කඩල අයින් කරන්න අමාරු උනත් බැරිකමක් නෑ...
ReplyDeletekathawen kiyana hama dema kriyawenut oppuwenawanam kochchara hodada
ReplyDelete@සනා : එක ඇත්ත සනා ඒත් මේක ලියපු මටත් ඔහොම ඒව අමතක වෙලා යන වෙලා නැතුවම නෙවෙ..ඒත් අඩුම තරමෙ මෙහෙම සීන් එකක් තියෙනව කියල දැනං ඉන්න එක වටිනව.මොකො එතකොට ඔහොම සංසදනය කරල දුක් වෙවී ඉන්නකොට දුකට හේතුව මතක් වෙලා සීන් එක අවබොධ වෙනව නෙ..ඒතකොට චුට්ටක් වෙලා ගිහින් හරි "මොන රෙද්දක් ද මේ මම ඌ නෙවෙ නෙ " කියල අල්ල ල දාන්න පුලුවන්..ඔය අවබොධෙත් නැති වුනොත් සදා දුකේම තමයි
ReplyDelete@ ඇනො. : මම ඇනොලට ප්‍රති උත්තර දෙන්න යනව හරි අඩුයි, ඒත් ඔයා කියන එක ඇත්ත.එහෙම වෙනව නම් හරිම හොඳයි.සනා ට දුන්න උත්තරෙ ඔයාටත් අදාලයි වගේ..ඊළග පාර අන්‍යනයතාව නොසගාවම දැම්ම නම් තමා අපුරු
ReplyDeleteඑළ නියම අදහස් ටික...
ReplyDeleteඒක නෙවෙයි පැන්ඩො.. ඔය වම් පැත්තෙ "හුරතල් කරන්නකො" කියල දාපු මී පැටියා දැම්මෙ කොහෙමද කිව්වනම්.....
ස්තූතියි සුපර් මාරියො
ReplyDeleteමෙන්න මේ ලින්ක් එක බලාපන්කො
http://abowman.com/google-modules/hamster/
එළ එළ.. වැඩේ ගොඩ..
ReplyDeleteනිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක ඒ පැත්තෙත් එන්නකො..
බයි දවේ... මේකෙ සයිස් එක වෙනස් කරන්නෙ කොහොමද..?
nice info..
ReplyDeletethank's...
friendship greetings