ඔය තියෙන්නෙ බැබලි බැබලි අපුරුවට අපේ පහන් කුඩුව.මේක නිර්මාණය කලේ අපේ විශ්ව විද්‍යාලෙ computer science එකෙ කොල්ලො කෙල්ලො ටික තමයි.ඕන් ඔය වැඩ හින්ද තමා බ්ලොග් පැත්තෙ කරක් ගහන්නත් බැරි වුනේ.අපේ දිලුම් සහොදරයගෙ අවසන් ගමන ගැන නිසි තොරතුරු නොලැබුනෙත්.මේ වෙලාවෙ මම අපේ දිලුම් අයියට කිසි දිනක සැබැවට හමු නොවූ අපේ සයිබර් මිතුරාට පැන්ඩා නිවන් සුව පතනව.අපි මේ පහන් කුඩුව හදල හුදී ජනයාගෙ හිත් පහන් කල පින දිලුම් අයියාට අනුමොදන් වේවා කියල ප්‍රාර්ථනා කරනව.
ඉතින් විශ්ව විද්‍යාලෙ ගොඩ වැදුන අපි අපේ ජිවිත අධ්‍යන කටයුතු අස්සෙ හිර කරගෙන ඉන්න කොට මීට වසර දෙකකට විතර කලින් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද පාදාංකරය කියන අපේ අලුත් කැම්පස් එකෙ කුළුදුල් ප්‍රදර්ශනයට එකතු වුනා.එතෙන්දි අපි දිලා (දිලරුවන් අපේ රෙපා) ගෙ මූලිකත්වයෙන් අපි කොල්ලො කෙල්ලො ටිකක් සෙට් වුනා.අපේ හැකියාවන් අදුර ගත්ත.විශේෂයෙන්ම දිල් රුවන් රිජිෆොර්ම් වලින් අනිත් අය දාන කැටයම් වැඩ ලී කැලි වල දාන හැටි දැක්කම විද්‍යා අංශයේ ඉන්න මේ කොල්ල ගැන අපි ආඩම්බර වුනා.පාදාංකරය හදල ඉවර වෙනකොට දිලරුවන්ගෙ මූලිකත්වයෙන් අපි හිතුව කැම්පස් එකෙන් යනකොට නම් කුඩුවක් ගහලම තමයි යන්නෙ කියල.ඒත් ඉන් පස්සෙ ආපු වෙසක් වලදි මේකට විවිධ බධාවන් ආව.
කොහොම හරි අපි විශ්වවිද්‍යාලෙ ගත කරන අවසාන වසර හින්ද නැවතත් අපි අපේ අදහස විශ්වවිද්‍යාලයට සම්බුද්ධජයන්ති වෙසක් මංගලය වෙනුවෙන් ඉදිරිපත් කලා.දෙන දෙයියො පැන පැන දෙනව කියනව වගේ කැම්පස් එක අපේ අදහසට අනුමැතිය දුන්න විතරක් නෙවෙ මුළු කැම්පස් එකෙම වෙසක් කළාපයක් නිර්මාණය කරන්න හිතුව.කැම්පස් එකෙ ගහන්න හිටපු එක කුඩුව වෙනුවට හැම අධ්‍යන අංශයක් විසින්ම කුඩුවක් නිර්මණය කලා.
ඉතින් අපිත් අපේ කුඩුව හදන්න ගත්ත.මහ කුඩුව අඩි 14ක් උසට ඒ වටේට උඩින් සහ යටින් නෙලුම් මල් 6 බැගින් 12ක් සහ එක නෙලුම් මලකට පැටව් 6 ගානෙ 72 ක්.මේ ඩිසයින් එකෙ සම්පූර්ණ අයිතිය දිලා ගෙ.ඊටපස්සෙ මුලින්ම කුඩුව බේර ගන්න ගැහුව නියම හට් එකක්.අපිට ඉන්නව එක කොල්ලෙක් පුවක් කොටෙ වලල්ලක් නැතුව නැගල අනිත් පැත්තෙ එවුන් ඉනිමගෙ නැගල ගැටගහන කල් පුවක් කොටෙ අල්ලන් එක අතකින් අනිත් අතින් ෆොන් එක අල්ලන් මල් කඩන්න පුලුවන් දක්ශ තරමෙ.ආඩම්බරයි නේද ?ඒ තමයි අපේ ඈයා.
ඊළගට කැටයම්.හැම කැටයමකම මුලීක ඩිසයින් එක ඇන්දෙ දිලා.කොල්ලො ටික එකතු වෙලා දිවා රැ නිදි මරාගෙන බඩට නොකා දිලාගෙ බොඩිමට වෙලා කැටයම් කැපුවා තාමත් මැවිල පේනව.බොඩිමට එද්දි උරහිස් රිදෙනව.පැටව් කුඩු වල සමහර ඩිසයින් වල 576 ක් ද කොහෙද තිබ්බ.ඔය වගේ එව්වා ගොඩායි.ඒ මදිවට වෙසක් නිවාඩුවට ඔං ටිකක් ගෙවල් වල ගොහින්.ඉන්න පිරිසත් සැහෙන්ට අඩු වුනා.
ඔය රැ පින්නෙන් බෙරෙන්න කැප් එකක් දාගෙන කැටයම් කපන්නෙ පැන්ඩා.පැන්ඩට එහා පැත්තෙ ඉන්නෙ ඉශාන්.ඉශාන් ල කැටයම් කපන්න වෙහසුන තරම කියලා නිම කරන්න බැ.සමහර දවසට උදේ 6 වෙනකං එක දිගට ඉශාන් කැටයම් කැපුවා.එහෙම කරල බොඩිමට ගිහින් ආයෙත් උදේ 10 වෙනකොට ඇවිත් වැඩ පටන් ගන්නව.එහෙම කැටයම් කපල හැඩ කරපු පැටව් 72 තමයි ඔය ඉන්නෙ.තව ඔය තියෙන නෙළුම් මල් 12 ත් හැම පැත්තකම හැම පෙත්තකම සිංහල පාරම්පරික කැටයම් වලින් හැඩ කරල තියෙන්නෙ.
ඊට පස්සෙ තව මතක් කරන්නම ඕනි දෙයක් තමයි විදුලි අලොක රටා.අපේ කුඩුවට අපි ෆැලැශර් කොට ගැහුවෙ නැ.IC programme කරල තමා සියළු අලොක රටා දැම්මෙ.මෙකෙදි මතක් කරන්නම ඔනි කොල්ලො තුන් දෙනෙක් ඉන්නව. මිලින්ද, කේශාන් සහ නිමේශ්.විශේෂත්වය තමයි මේකට ෆැල්ශර් කොටෙට තරම් වියදමක් යන්නෙත් නැ, ඒ වගෙම රටා හිතෙන විදිහට බොහොම පහසුවෙන් කුඩුව පෙන්වන දිනෙන් දිනට වෙනස් කරන්නත් පුලුවන්.අද තියෙන අලොක රටා නෙවෙ හෙට.මේ අලොක රටා කලින් සිමියුලෙට් කරල චිප් වලට දාන්න රටාව දුන්නම කේත ටික චිප් එකෙ ලියවෙන අපුරු පරිගනක මෘදුකාංගයකුත් මිලින්ද සහො හැදුවා කුඩුව වෙනුවෙන්ම.
මේ තියෙන්නෙ ඒ පරිපථ.පැන්ඩට ඔටො ට මිලින්ද ට දිලරුවන්ට ඕව අස්සෙ අත දාල ඒ දවස් වල කරන්ට් වැදුන එකත් ආතල් එකක් වෙලා තිබ්බෙ.කුඩුව හැදීගෙන සංතොසෙට 33000 වැදුනත් හිනා වෙයි අපි.
ඉතින් ඔන්න ඔහොම තමයි අපේ පහන් කුඩුව නිර්මාණය වුනේ.පුන්චි දුකක් තියෙන්නෙ අපේ කුඩුව ඩිසයින් කලේ කොටස් තුනකට පැති දෙකකට කැරකවෙන්න.ඒත් වෙසක් දවසෙ රෙසරයකට ගහල තිබ්බ වැල්ඩින් ඩොට් ටිකක් ගැලවුනා.රට වටෙ පැන්ඩ තඩි බඩ ගෙඩියත් උස්සගෙන ඇවිද්දත් ඊට කලින් පාස්සන වැඩ වලට එදානම් අපිට ඇරල තිබුන එකම වැල්ඩින් කරන තැනක් වත් සෙට් වුනේ නැ.ඉතින් හැමොම මූන වල් බෙරි කරගෙන කුඩුව තනි පැත්තට කැරකවෙන්න සෙට් කලා.
ඕං ඔහොම එකක් තමා ගැලවුනේ. කොහොම හරි සැහෙන වෙහසක් දරල අපේ කුඩුව මැද වැඩ ඉන්න බුදු රජාණන් වහන්සේලා තෙනමට මල් පුජා කරලා කුඩුව විවෘත කරපු දවසෙ ආපු සංතොසෙ කියලා නිම කරන්න බැ. නිදි මරපු අත පය ඇදිල හම ගිහිල්ල තිබ්බ වෙදනාවන් ඔක්කොම කොහෙන් ගියාද නැ.
ඉතින් මේ කුඩුව හදන්න මුදලින් ශ්‍රමයෙන් එක දාඩිය බින්දුවකින් හරි දායක වුනා නම් ඒ හැමොටම පැන්ඩගෙ ස්තූතිය.ලංකාව හතර දිග්භාගෙන් ආපු අපිව එකතු කරපු අපිට මේ අවස්ථාව දීපු අපේ විශ්වවිද්‍යාලයට අපේ ගෞරවනීය ප්‍රණාමය.
අන්තිම දවසෙ රැ කුඩුව වහන කං ඒ ලගින් වාඩි වෙලා උන්නු මගේ හිතට දැනුන සතුට අදත් මට වචන වලට පෙරලන්න බැ.ඒක විදින්න පින තියෙන්න ඕනි.කුඩුව වටේ එකතු වුන අපි හැමොටම ඒ පින තිබ්බ.
විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරපු තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නත් අපේ කුඩුවට පුලුවන් වුනා.ඒත් අපිට සංතොෂ ඒ හින්දම නෙවෙ.මේ බදුල්ලට පිට පළාත් වලින් ආපු අපි බදුල්ලෙ අහිංසක මිනිස්සුන්ට අපිට නවතින්න නවාතැන් දුන්න කන්න කැම ටික දුන්න අයට බලන්න හොද කුඩුවක් හදපු එකට."මුළු බදුල්ලටම , බණ්ඩාරවෙලටම මෙහෙම කුඩුවක් නැ මල්ලි" කියල ආපු අය කියද්දි අපි විඳපු සතුට කියලා නිම කරන්න බැ..
පුන්චි දෙයක් මෙතන මම නම් වශයෙන් මම මතක් කරපු අය විතරක් නෙවෙ තව සැහෙන්න හයියක් වුන අපේ කොල්ලො කෙල්ලො ඉන්නව.ඒ හැමොගෙම නම් ගම් මතක් කරන්නෙ නැ.එහෙම කලෙ නැ කියල උන් තරහ වෙන්නෙත් නැ.මොකො ඒ හැමොගෙම හිත් හරිම අපුරුයි.ඒ අපුරු හිත් තියෙන මිනිස්සු එක්ක එකතු වෙලා අපුරු වැඩක් කරන්න පැන්ඩට ලැබුන අවස්ථාව කවදාවත් අමතක වෙන්නෙ නැ.
සම්පුර්ණ කරපු නිර්මාණයේ පොටො
*****************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
හරිම ලස්සනයි පැන්ඩ වෙසක් කූඩුව.අපි ඉන්න කාලෙ(එතකොට හිටියෙ අපි විතරමයිනේ :)) එක සැරයක් අටපට්ටම් හදල සුදුම සුදුපාට අලවල ලෙක්චර් හෝල්ස් ඔක්කොගෙම එල්ලුවා.බලබ් දාල රෑට මාරම ලස්සනයි ඈතට බලද්දි.මේක කොච්චර ලස්සනට තියෙන්න ඇත්ද? සුබ පැතුම් අපේ ඩිපාර්ට්මන්ට් එකට!!...
ReplyDeleteඋපරිමයි!!
ReplyDeleteස්තූතියි නදී අක්කෙ..අපිත් අටපට්ටම් 100ක් විතර සුදු පාටින් හදල පාර දිගට එල්ලුවා.
ReplyDeleteඑකමුතුකම බලය වේ
ReplyDeleteමට අන්තිමට ගෙදර යන්න උනානෙ... මිලින්ද කොහොම හරි වැඩේ ගොඩ දාගෙන... ගොඩක් සතුටුයි... හැමෝගෙම මහන්සියෙ ප්‍රතිථලයක් තමයි... උදවු කරපු හැමෝටම පින්...
ReplyDeleteමේන්න නියම වාක්‍ය... දවසේ නෑ නෑ අවුරුද්දෙ කථාව
අපිට ඉන්නව එක කොල්ලෙක් පුවක් කොටෙ වලල්ලක් නැතුව නැගල අනිත් පැත්තෙ එවුන් ඉනිමගෙ නැගල ගැටගහන කල් පුවක් කොටෙ අල්ලන් එක අතකින් අනිත් අතින් ෆොන් එක අල්ලන් මල් කඩන්න පුලුවන් දක්ශ තරමෙ.ආඩම්බරයි නේද ?ඒ තමයි අපේ ඈයා.
මාර ලස්සනයි පැන්ඩො කියලා වැඩක් නෑ. මහන්සි වෙච්ච එකේ උපරිම ප්‍රතිපල තියෙනවා.
ReplyDeleteමාර ලස්සනයි පැන්ඩයියලාගේ වෙසක් කූඩුව .. අයි සී ප්‍රෝග්‍රෑම් කරලා මේක නිමැවුවා කීවම මට පට්ට ආසා හිතුනා!! ඔය කැප් එක දාගෙන ඉන්නේ පැන්ඩ නේද ? අඩේ නමනම් උඹට නියමෙටම ගැලපෙනවා ..
ReplyDeleteසල්ලි ණයටත් අරගත්තද අයියේ ? කැම්පස් එකෙන් කූඩුවට ප්‍රථිපාදන වෙන් කලේ නැද්ද ?
@thilina : එසේමැයි
ReplyDelete@කේශාන් : ඕව හැමොම එකතු වෙලා අන්තිමට වැඩේ ගොඩ දා ගත්ත..අලොක කරණයේ සම්පුර්ණ ක්‍රෙඩිට් එක යන්නෙ ඉතින් බොටයි මිලියට යි තමා
ReplyDelete@පිණිබිදු: ස්තූතියි පිණිබිදු
ReplyDelete@හිස් අහස: අනෙ නැ සඳරු කැම්පස් එකට කොහෙද ඕවට දෙන්න සල්ලි..ස්තූති මචෝ..
ReplyDeleteහරිම ලස්සනයි panda අයියේ කුඩුව
ReplyDeleteකොච්චර හපන්නුද?
ReplyDeleteනියමයි මල්ලිලා...ඔන්න මගේ සුබ පැතුම්!!
pando atapatam 100 k nemi machan 300k me kuduwa hadanna udau karapu hamotama pin
ReplyDeleteඅර ඈයා ගැන දීලා තියෙන introduction එක නම් නියමයි.... හි හි,,,,
ReplyDeleteනියමයි පැන්ඩො.. ඔයා නියමෙට ලියල තියෙනව. අර අන්තිමට දාල තියෙන පොටෝ එකත් මරු..
ReplyDeleteවැඩේ ලස්සනයි. හැබැයි ආයේ කරන කොට විදුලිය සමග වැඩ පරිස්සමින්. පණ පිටින් නිවන් යන්න ඕනැ නෑනේ.
ReplyDeleteඑල මචං එල. සමඟිය බලය වේ
ReplyDelete