Tuesday, June 14

අශෝකයට එන්න කියාපිය






හතර අතට ගහල
දිග් විජය කල අශොක මහ රජා
අතින් වුන ආපදා 
මතක් කර දෙන්න

සිවුරත් කරේ තියන්
බොඩ් ලැල්ලකුත් උස්සගෙන
ගමෙ කොල්ලො ටිකත් අවුස්සල
නිග්‍රොධ සාමනේර ගියා නං

"අශෝකයට එන්න කියාපිය
මෙවට උත්තර දෙන්න කියපන් යැයි "
මොර දෙමින් තම පිරිස හා
හිතෙනවද පින්වත අහයි කියල මහරජ

තවත් පිරිසක් මර්ධනය කර
අශොක තවත් චණ්ඩාශොකමැයි
අපට බුදු දහමකුත් නැතැයි
ලංකාවකුද නැතිමැයි

****************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.


ප.ලි
සීන් එක මතක නැති අයට මෙන්න මතක් කරගන්න ලින්ක් එක
http://www.dahamsayura.com/index.php?option=com_content&view=article&id=226&Itemid=243
 

10 comments:

  1. අඩේ පට්ට...සිරාවටම....
    අශෝකයට එන්න කියාපිය
    සාමකාමී උද්ගෝෂනයක් නේ

    ReplyDelete
  2. ගින්දර වගේ අදහස පැන්ඩයියේ!!

    මට ඒ ගැන කවම දාකවත් කල්පනා උනේ නෑ ටීවී එකේ උද්ගෝෂන වීඩියෝ යනකොට මමත් පරිගණකය ගාවින් නැගිටලා ගිහිං ඒවා බලලා එනවා විතරයි ..මේ වගේ දෙයක් ගැන කවදාකවත් හිතුවේ නෑ ..

    විසෙන් විස නසන එක හැම අවස්ථාවේදීම හරි යන්නේ නෑ තමයි ..

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්........

    ReplyDelete
  4. රත්ගමයා හිස් අහස සහ හා පැටික්කි: එදා ඉඳන් මගෙ බ්ලොග් එකට මොකක් ලිව්වත් උඹල තුන් දෙනා නම් එනවමයි..හැබැයි බය වෙන්න එපා නිතර දකින් කුකුලගෙ කරමලේ වගේ වෙන්නෙ නම් නැ..සත්තයි..
    මගේ බ්ලොග් අවකාශෙ නොදුටු සොදුරු මිතුරන්ට හුගාක් ස්තුතියි කමෙන්ටුවට

    ReplyDelete
  5. අම්මේ ‍හොඳ වෙලාවට එහෙම නොවුණේ.... නැත්තං අපට පෝයට නිවාඩුත් නැති වෙනව :D

    ReplyDelete
  6. නියම අදහසක් පැන්ඩයියේ....පට්ටම පට්ට....සිරාවටම
    "මොර දෙමින් තම පිරිස හා
    හිතෙනවද පින්වත අහයි කියල මහරජ"

    මේ පද දෙක නම් සුපිරි....

    ReplyDelete
  7. පරකුකු උනා නෙ බං... වැඩ වැඩ වැඩ...
    අශෝක රඡතුමාටනම් පස්සෙ හරි කරපු වැරදි තේරුනානෙ බං... අපේ අයට එහෙම වෙන්නෙත් නැති එක තමයි දුක...

    ReplyDelete
  8. සිරා මචො!
    www.sabithl.blogspot.com

    ReplyDelete
  9. @ මකුළුවා කේශාන් සහ සබිත් : ස්තූතියි අදහස් වලට

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails