Friday, September 16

පැන්ඩගෙ සිස්සත්ත කාලෙ


අඩේ මට බ්ලොග් එකකුත් තිබිල නෙ..හුග කාලෙකින් මේ පැත්තෙ ආවෙ..විභාග කාලෙ නෙ..කැම්පස් ජිවිතේ තෙවන වසර අවසාන සිසුන් කිව්වම සුලු පටුද මම අහන්නෙ.(ඇති දෙයක් නැ එත් පොඩ්ඩක් එහෙම කියන්න එපැයි නැද්ද මම අහන්නෙ.)

අපේ බොඩිමෙ පල්ලෙ ගෙදර පොඩි එකා සීස්ත්තෙ ලිව්වා.කොල්ල ගොඩ ගියා. කොල්ලටත් වඩා අපි ප්‍රර්ථනා කලා ඌ පාස් වෙන්න කියල.මොකො එහෙම නොවුනොත් ඌට බනින බැනිලි අපිට වත් අහගෙන ඉන්න බැරි නිසා..අනේ මේ කැම්පස් අපිත් 10ට නිදා ගන්න කොට ඌ පාස්ට් පේපර් කරනව.අකුරක් පැටලුනත් තාත්ත බනින්නෙ තමුසෙ කියල, අපි එච්චර කලා මෙච්චර කලා මේක බැරිද කියල . මට නම් පවු කියල හිතෙනව දෙමාපියො මෙච්චර මොඩ වීමයි දරුවන්ට ඒව ගෙවන්න වීමයි හින්ද. 

ඕවත් එක්ක ඉතින් පැන්ඩත් අතීතෙට ඇදිල යනව නිකං අර අංගම්පොර කරල මොකෙද්ද අවදි කරල කාල තරණය කරල වගේ..(හීන තමයි ඉතින් ඔව්වා..අගල් 40 අලි බඩ ගෙඩියක් තියෙන පැන්ඩෙක්ට මොන අංගම්පොර ද)


පැන්ඩ සිස්සත්තෙ ලිව්වෙ අර ර/ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලයෙ නෙ..ඒ කාලෙ කවුරු හරි ඉස්කොලෙ ඇහුව ගමන් බඩ පල්ලෙ තියෙන කලිසමත් උඩට උස්සල ඇරගෙන පපුව බුම්මල "ර ඇහැලියගොඩ ප්‍රාථ්මික විද්‍යාලය" කියලම අඩුවක් නැතුවම කියනව.අනේ ඉතින් හලි හුරතල් කියල උම්ම එකක් නම් එතකොට වැරදෙන්නම නැ.

පහ වසරෙ පොටො එකක් නම් හොයා ගන්න බැරි වුනා.පැන්ඩ පොඩි කාලෙ මෙන්න මේ වගේ ඕං.
.

ඇහැලියගොඩ ප්‍රාථමිකේ කියන්නෙ ශිෂ්‍යත්ව ව්භාගෙට නම ගිය ඉස්කොලයක් ඉස්සර,මොකද ප්‍රථමිකයක් නිසා හැමොම කැප වෙලා හිටියේ ලමයි හැමොම හොද ට පාස් කරවන්න නැත්තං ලමයි අනාථයි ඉස්කොල හොයාගන්න ගියාම.මොකො මහා විද්‍යාලයක් තිබ්බෙත් නැනෙ එකට අනුබද්ධව.පැන්ඩට ඉස්කොලෙ හරි ජයයි ඒ කාලෙ.මොකො පැන්ඩ ගෙ දෙමාපියන්ගෙ පැත්ත නිසා ඉතින් කවුරුත් ගුරුවරු දන්නව ලමය කවුද කියල.බලන්ට එපැයි හරි සැලකිලි.ගේමක් නැතුව ප්‍රින්සිපල් සර් එක්ක වුනත් කතා කරන්න පුලුවන්.

අපේ ගෙ ඉස්සරහ මාත් එක්ක හැම වැඩෙටම උන්න අර ඉස්සරහ ගෙදර කෙල්ලත් ගියේ ඔය ඉස්කොලේම තමා ඕං..ඒ නිසා ගෙදර යාලුව පන්තියෙත් යාලුවම තමා.

තව ඉතින් අර තුනෙදි හතරෙදි ද ලියුම් ලියන්න කියා දෙන කාලෙ පැන්ඩට හිටිය තව යාළුවෙක්.ඒත් කෙල්ලෙක්ම තමා ඕං.ඔන්න පැන්ඩත් ලිව්ව ඉස්කොලෙ ටීචර් ලිව්ව වගේම ලියුමක් පොතෙ කළු ලැල්ල බලාගෙන.ඒත් ඉතින් ලියුම් තියෙන්නෙ නිකං පොත් වල ලියන්න නෙවෙ නෙ.අද කාලෙ ඉගෙන ගත්තුව තියරි වලින් ඉවර කොලාට ඒ කාලෙ ඉතින් හෙන පැක්ටිකල් කොලු පැංචා.ඉගෙන ගත්තු දෙයින් වැඩක් ගන්න ඕනි කියල හිතුව ලියුමක් ලියල දෙන්ට.දැන් කාටද ලියන්නෙ බැලුව වට පිට මේ ඉන්නෙ එහා පැත්තෙ මගෙ අති ජාත මිතුරිය.ලිව්ව ලියුම කොලෙක අකුරක් නැර පොතේ තිබ්බ වගේම නම විතරක් රිප්ලේස් කරල.තාම මතකයි."දයාබර *** ඔබගෙ සැප දුක් කේසෙද ? මම නම් සුවෙන් සිටිම්...."දැන් කොහොමද ලියුම දෙන්නෙ ටිචර් නම් කිව්වෙ තැපැල් කන්තොරු හරහා නෙ. පැන්ඩ පැටියට මොන තැපැල් කන්තොරු ද? 

ආව පොයින්ට් එකක්."මේ ඔයා හැමදාම ගෙදර ගියාම බැග් එක අස් කරනවද ?" "මම නම් අස්කරනව"."හහ් මාත් අස් කරනව තමයි". එළ කිරි නෙ.දැම්ම ලියුම බැග් එකට හොරෙන්ම.සින් එක එතනින් ඉවර වුනා මටත් අමතක වුනා.මෙන්න බොලෙ පහුවදා කෙල්ල දාල උදේම වැඩට යන අම්මා ගෙට්ටුව ගාව බලා ඉන්නව.අපේ අම්ම ඉස්සරහට එනව කවදාවත් නැතුව."ඊයෙ පුතා හරි හපන් කමක් කරල නෙ".හුටා....ඔන්න කිව්ව කතන්දරෙ අපේ අම්මට.දෙන්නම හිනා වෙලා ඒක එතනින් ඉවර වුනා තරමක් දුරට අපේ අම්මලත් යලුවො බවට පත් කරල.පහු කාලෙක ටවුම මැද වුනත් මාව දැක්කම ඕක මතක් කරන්න කවුරුත් පසු බට වුනේ නම් නැ.

සිස්සත්තෙ නම් අපි ලිව්වට ලිව්වද කියලවත් අපිට දැනුනෙ නැ.ඉස්කොලෙ වැඩට අමතරව ටීචර් ල ම හවස පන්තියක් කලා ඉස්කොලෙම සිස්සත්තෙ කිට්ටු කොරල.පැන්ඩ හැබැයි ඒක් වෙනියා (එහෙම තමයි ඒ කාලෙ මම පලවෙනියට කිව්වෙ) වුනෙ නම් නැ.10 ට අඩුවෙන් නම් උන්නා.කොහොමින් කොහොම හරි සිස්සත්තෙත් ලිව්වා.ඒ 96 අගොස්තු මයෙ හිතෙ.සිස්සත්තෙ ලියල ඉවර වුනාම තාත්ත ගෙනහල දුන්නෙ පත්තෙරක ගිය පේපර් එකක් ආයෙ කරන්න.මට හොදට මතකයි මම ඒක දෙකට තුනට නමල කොහෙද හැන්ගුවා.ඒත් අපේ ගෙදර අම්මල නම් ඒ ගැන මොකුත් කිව්වෙ නැ.

ඔන්න ඔහොම නට නටා ඉන්නකොට තමා රිසාස්ල්ට්ස් ආවෙ.දැන් වගෙ ජංජාල නැ නෙ.යන්න ඔනි ඉස්කොලෙ ප්‍රතිඵල බලන්න.මට නිකමට බයක් ඇවිත් බැ කිව්වා.පස්සෙ අම්ම ම ගියා.ඔන්න ඉතින් අම්ම එන බස් එක ගේ ඉස්සරහ නැවත්තුව.දූල ගිහින් ජනෙලෙ එල්ලිලා බැලුව අම්මගෙ මූඩ් හොදා අතේ බ්‍රවුන් පේපර් කවරයක්.ඒ කියන්නෙ කන දෙයක්.පුන්චි ගොඩ යැමක් සහතිකයි.කුස්සිය පැත්තෙන් ගෙට අපු අම්මා මාව තුරුල් කර ගත්ත.අඩේ අම්මගෙ ඇස් වල කදුළු.මට සිස්සත්තෙට ලකුණු 170 යි.අපේ පන්තියේ පලවෙනියා මම..මට ඒත් එක මොකද්ද කියලවත් එකෙ මට වෙන වාසියක් වත් දැනුනෙ නැ.කොටින්ම කුරුදු වත්තෙ මගෙ දෙවනි මහඉස්කොලෙ වගේ ඉස්කොලයක් තියෙනව කියලත් මම දැන ගත්තෙ එදා. 

එදා ඒ අපු ප්‍රතිපලෙ නිසා මම ලබාපු දේවල් ගොඩක් තියේ මගෙ දෙවනි ඉස්කොලෙ හරහා.ඒත් මගෙ හිතේ හැමදාම යටින් කැගහනව අනේ මම සිස්සත්තෙ පාස් නොවුනම් කියල.මට 6 වසරෙන් පස්සෙ මගෙ ගම අම්මගෙ ආදරෙ නිවාඩු කාලෙට විතරක් සීමා කලේ ඒ සිස්සත්තෙ තමයි.

එදා අම්මලගෙන් මාව සිස්සත්තෙ ඈත් කලේ ඒක පාස් වුනාට පස්සෙ ඒත් අද සිස්සත්තෙට සුදානම් වීම උදෙසාම දරුවන්ට දෙමාපියන්ගෙ ආදරෙ නිදහස අහිමි වීම ජාතියේ දරුවන්ගෙ අභාග්‍යයක් කියලයි පැන්ඩට හිතෙන්නෙ. 



*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

34 comments:

  1. "තෙවන වසර අවසාන සිසුන් කිව්වම සුලු පටුද මම අහන්නෙ"

    හෆෝ 3 වසරෙ හිච්චි කොල්ලෝ

    ReplyDelete
  2. මම නම් සිස්සත්තෙ කලාට පාස් උනේ නෑ. අපේ අම්මලාට ඕන කමක් තිබ්බෙත් නෑ. එහෙම පාස් උනේ නෑ කියලා අඩුවක් උනෙත් නෑ. හික්ස් :)
    දැන් ඒකත් තරගයක් වෙලානේ. පවු අහිංසක ළමයි.

    ReplyDelete
  3. සිස්සත්තේ අපිත් කලානේ..... අපිටත් ඉස්කෝලේ ටීචර්ම තමා හවස් අතේ පන්ති කලේ. හැබැයි හැම තිස්සෙම ටක් ගාලා වැඩේ කරලා මේ අයි ගෝ ටුද කියලා කට්ටිය පැනලා වත්තේ සෙල්ලම්..... හික්ස්.....

    මට පේපැර් කෙරෙව්වේ උක්කුවනේ........ එයාට ඒ කාලේ පේපරේට රු20ක් දුන්නනේ අපේ අප්පුච්චා............. එයැයිට සැප.....

    ReplyDelete
  4. මම් නම් සිස්සත්තේ පාස් වෙලා සෙන්ට්‍රල් එකට ගිය හින්ද තමා මේ වෙනකම් දුරක් එන්න ලැබුනේ.අපි නම් ඉස්කෝලේ ගියෙ ගෙදර ඉදන් නිසා අවුලක් උනේ නෑ.

    ReplyDelete
  5. සිස්සත්තේ කලා මම ළකුනු 149 අරං පාස් වුණා .. එදා ඉඳන් මගේ ජීවිතේ වෙන්ස් වුණා මම සිස්සත්තේට පස්සේ ආපු හැම විභාගයම ෆේල් වුණා ..

    අනේ අපොයි ඒ කාලේ

    ReplyDelete
  6. මේක කියෙව්වම මටත් මං විභාගෙ කරපු හැටි මතක් උනා.එතකොට මං ගියෙ ගමේ ඉස්කෝලේ දැන් නම් ලොකුවට බිල්ඩිං තිබුනට ඉස්සර අපට තිබුනෙ පොඩි බිල්ඩිං පහ හයකුයි පුංචිම පුංචි පුස්තකාලෙකුයි.ඉස්කෝලෙ වටේට උස තාප්ප ගේට්ටු තිබුනෙ නෑ අපිට. ඉතින් දවල් වරුවෙ ඉස්කෝලෙ ඉවර වුනාම රෑට ඉස්කෝලෙ හිටියෙ බල්ලො බලල්ලු වව්ලො.අපේ පන්තිය වහන්නවත් මුකුත් නෑ ඉතින් හැමදාම පන්තිවල ජරාව උදේට ගියාම මුලින්ම කරන්නෙ පන්ති හේදිල්ල.මාස ගානක් එහෙම කරා මතකයි.බැරි තැන ඒක නැවැත්තුවා ඒකට තව හේතුවක් වුනේ ඩෙස් බංකු මදිකම ඊට පස්සෙ අපි ඉගෙන ගත්තෙ ඉස්කෝලෙ තිබුන බෝධිය වටේ පැදුරු එලාගෙන මොකද ඒ දවස්වල අපිට ඉන්න පුළුවන් පිරිසිදු තැනකට තිබුනෙ එතන විතරයි.බෝධිය වටෙ සත්තුන්ට එන්න බැරිවෙන්න බැම්මක් තිබුනා.ඉතින් අපි පැදුරු වල වාඩි වෙලා වැඩ කරනව මිස් බෝධිය වටේ ඇවිද ඇවිද අපිට උගන්නනවා.මට මතකයි අපේ තාත්තා දවසක් මාව වඩාගෙන ඇහුවා පැදුරෙ වාඩි වෙලා ලියන්න පුළුවන්ද කියල මම නම් හරි සතුටින් ඔව් කිව්වා.
    මෙහෙම වැඩ කරලා අපේ පන්ති දෙකේ ඉදපු ළමයි 40ක් විතර ශිෂ්‍යයත්වෙ ලියුව 2000 අවුරුද්දෙ...එයින් 12ක්ම විභාගෙ සමත් වැඩිම ලකුණු පිළිවෙලින් 181,165,159 මම තුන උනේ 1,2 වාර විභාගෙත් 1,2 ගන්න අදටත් මගෙ හොදම යාළුවො තුන් දෙනාගෙන් දෙන්නෙක් අනිත් යාළුවටත් 145ක් තිබුනා.අනිත් ළමයිනුත් හැමෝම වගේ 100ට වඩා හරි ලකුනු ගත්තා.හිතාගන්න පුළුවනිද මුළු ගමම අපි ගැන ආඩම්බර වුන විදිය?හැමෝම සතුටු උනා.ඒ පුංචි ඉස්කෝලෙ එදා වෙනකනුත් අද දක්වත් වැඩිම ලකුනු අපියි වාර්තා කරේ අපේ නංගිල මල්ලිලට ඒක තාම කඩන්න බැරි වුනා.ඊට පස්සෙ අපි 12 දෙනා ලොකු ඉස්කොල කියල හදුන්වපු නගරෙ ඉස්කෝල වලට ගියා.ඒ පුංචි ඉස්කෝලේ බෝපත්වල සිසිල අපිට ආශිර්වාද කරන්න ඇති හැමදාමත්..
    ප්‍රතිඵල ආපු දවස මතක් වෙනව,එදා තාත්ත තැපැල් කන්තෝරුවට කාටත් කලින් ගිහින් මගේ ප්‍රතිඵල බලාගෙන ප්‍රින්සිපල් සර් එක්කම ඉස්කෝලෙට ආව.ප්‍රතිඵල ලේකනේ ලොකුසර් කියවනකොට මම අම්මගෙ සාය අස්සෙ මුණ ඔබාගෙන හිටියෙ එතකොට තාත්තා ඇවිත් කරපු දෙයක් මතක් වෙනව.තාත්ත ඇවිත් මාව අත්දෙකට අරන් මට ඇහැක් ගැහුව ඊට පස්සෙ කිව්ව මේ කෙල්ල මට ඉතින් දැන් හොද දඩයක් දාවි කියලා හික් හික්..

    ඒ කාලෙ තිබ්බ මොලේ වැඩිකමට තාත්තට දාපු ලොකු දඩේ තමා මාල ගිරවෙක්..!! හික් කූඩුවක දාපු චෑස් චෑස් ගාන්න විතරක් දන්න මාල ගිරවෙක්.අම්ම,තාත්ත,නෑයො ගෙනත් දීපු හැම සෙල්ලම් බඩුවම පැත්තකට දාල මායි මල්ලියි ඊට පස්සෙ සති දෙක තුනක් යනකන් කරේ අර කටේ ඇලෙන බුල්ටො ටොපියක් හප හප ගිරවට සිංහල කතාකරන්න උගන්නන්න ට්‍රයි කොරපු එක,හනේ මිෂන් ඉම්පොසිබල් :D

    ඕං ඔහොමයි මගේ සිස්සත්ත කතාව.ලියාගෙන යනකොට ඒ පුංචි ඉස්කෝලේ ඒ ලස්සන අතීතෙ මතක් වෙලා ඇස් දෙකේ කදුළු පිරුනා.සුන්දරයි ඒ වගේම ඒ කාලෙ සිස්සත්තෙ කියන්නෙ නිකන්ම විභාගයක් දැන් වගේ තරගයක් නෙමේ.

    හප්පේ කොමෙන්ටුව දිග වැඩිද මන්ද.. :/

    ReplyDelete
  7. ශිෂ්‍යත්වෙට මාමත් වෛර කරනවා පැන්ඩෝ!

    ReplyDelete
  8. මම ශිෂ්‍යත්වය කලේ 2000 වසරෙදී. අපේ අම්මලා තාත්තලා ඒ ගැන එතරම් සැලකුවේ නෑ. අමතර පංති 1කට විතරයි ගියේ. ඒකත් ගෙවල් ලඟමයි... බොහොම නිදහසේ පුංචි ශිෂ්‍ය නායක පට්ටමකුත් කරන් (අපේ ඉස්කෝලෙත් කනිෂ්ඨයක්) උන්නා. අපේ කාලය වෙනකොට තමයි ශිෂ්‍යත්වය මහා තරඟයක් බවට පත් වුණේ. පව් අහිංසක ළමයි!

    ReplyDelete
  9. @chanaka :අන්න මකර නොන්ඩි දානව..නොටි මකර.

    ReplyDelete
  10. @මධුරංග: අනේ බං ඉතින් එකට මොකද ? හෙට අනිද්ද සරසවියෙන් රටට එන සම්පත් නෙ උඹල

    ReplyDelete
  11. @හාවි: මීට අවුරුදු ගානකට කලින් මගෙ බ්ලොග් එකට ආව වගේ හාවි අදත් ඇවිත්..උක්කුවට මරු ඇති නේද ඒ දවස් වල..සැර දාන්නෙ නැද්ද උක්කුව

    ReplyDelete
  12. @නදී:මට නම් සිස්සත්තෙ පාස් වෙල කොලඹ ගිය නිසා අම්මලගෙ ආදරෙ ගම හැමදේම සීමා වුනා.නිවාඩු කාලෙට අඬල එන මම අඬලම ආපහු ගියා.ඒත් අම්මල ඒ දේවල් කලේ මගෙ හොදට කියල මම දන්නව.

    ReplyDelete
  13. @හිස් අහස: ලියපන්කො මලේ ඒ කාලෙ ගැන ඉතින්

    ReplyDelete
  14. @ආඩම්බරකාරි: ආඩම්බර නැතුව මේ වගේ දිග කමෙන්ට් එකක් දැම්ම එක ගැන මම හරියට සතුටු වෙනව.මගේ බ්ලොග් එකට ලැබුනු දිගම කමෙන්ට් එක.මේක මෙහෙම ම බ්ලොග් පොස්ට් එකක් විදිහට ඔයාගෙ එකට ගන්නත් පුලුවන්.මෙච්චර කමෙන්ට් එකක් දාන්න තරං මගෙ ලිපිය හේතු වුනා කියල දැනෙනකොට මටත් ආඩම්බරයි...ඇත්තටම ඔයාල හරිම දක්ෂ ලමයි ටිකක්..සුභ පැතුම්

    ReplyDelete
  15. @මාධව : ඇයි උඹටත් මට වගේ සිස්සත්තෙ නිසා මොනා හරි නැති වුනාද?

    @විසිතුරු: ඇත්ත යාළුවෙ..කාලෙ හැටි..අසරන දරුවො

    ReplyDelete
  16. ආ... උඹලගේ එක්සෑම් ඉවරැයි? බ්ලොග් මතක් වුනේ... ;-)
    සිස්සත්තේ සිස්සත්තේ මං නං නූලෙන් ද කොහෙද ගොඩගියේ මතකත් නෑ බොල...

    උඹ පුංචි කාලේ හෙන සුදා නේ බොල... හරියට මං දැං වගේ ;-) (හැකිස්;-) ;-) )

    ReplyDelete
  17. පුංචි කාලෙ මම ගියෙත් ගමේ ඉස්කෝලෙට. ඒත් අම්මලා ඔහොම මහා දැගලිල්ලක් කරේ නෑ. වෙලාවට මට අපේ ටවුමෙ ඉස්කෝලෙට යන්න ගානට විතරක් ලකුණු තිබ්බා...

    ReplyDelete
  18. ගෙදරින් ඈත් උනායින් අර මිතුරියත් මග ඇරෙන්න ඇති නේද??

    ReplyDelete
  19. ශිශ්‍යත්වෙ පාස්වෙන අයගෙන් සීයට පනහක් කැම්පස් යන්නෙ නෑ කිව්වොත් විස්වාස කරනවද?

    ReplyDelete
  20. @වන්නි: තාම ඉවර නැ බං එත් ඉතින් විභාග කියල මැරෙන්න බැනෙ.

    මන්තරකාරි : හොද වෙලාවට..

    දිනේශ් : ඔව් බන් එ විතරක් නෙවෙ මට ජිවිතේ ගලාගෙන ගිය විදිහ එහෙම් පිටින්ම නැවතුනා

    @ඉන්දික : අපේ මම විශ්වාස කරනව..මාත් එක්ක නව දෙනෙක් ගමේ ඉස්කොලෙන් කුරුදුවත්තේ මගේ දෙවනි පාසලට ආව.අපි හැමොම O/L 9A s දැම්මා..එත් හැමොම හොදට පිස්සු කෙලිය පස්සෙ..හොයන්න ගෙවල් වල අයත් ලග නැනෙ..පලවෙනි පාර A/L එකෙක් නෙවෙ කැම්පස් ගියේ..පස්සෙ ඉතින් දෙවනි තුන් වෙනි පාර එතනින් 7 ක් විතර කැම්පස් ගියා..මෙඩ්ඩොත් ඉන්නවා.ඉතුරු එවුනුත් අද හොද තැන් වල ඉන්නවා..ඒත් මම හොදටම දන්නව සිස්සත්තෙන් ලමයෙක් ගෙ අනාගත ව්භාග ජය ගැනීන කියටවත් ප්‍රෙඩික්ට් කරන්න බැ

    ReplyDelete
  21. මටත් ශිෂ්‍යත්ව විභාගය ජීවිතේ වෙනස් කරන මූලික සාධකයක් උනා. කුරුඳුවත්තේ ඉස්කෝලෙට යන්න පුලුවන් උනේ ඔය හේතුව නිසාමයි.එතනින් පස්සේ ඇත්තටම ජීවිතේ වෙනස් උනා...

    ඔයා ඔය කියන ඇහැලියගොඩ ප්‍රාථමිකයේ ලොකු ගැටලුවක් මමත් අහල තියනව...ශිෂ්‍යත්වය අසමත් ළමයි ඇහැලියගොඩ නගරයේ තියන පාසැල් දෙකින් (මධ්‍ය මහා විදුහල, ධර්මපාල විදුහල ) එකකටවත් ගන්නේ නැතිලු.... අනික, අලුත් පාසැලක් එනකන් 6 වසරේදි සමත් වෙන ළමයින්ටවත් යන්න පාසැලක් නැතිලු.... ඒ තත්වය තාමත් එලෙසමද?

    ReplyDelete
  22. ඇත්තටම ඒ දවස්වල ජීවිතේ හරිම සුන්දරයි. මම හිතන්නෙ කාටවත් 5හේ ශිෂ්‍යත්වය කරපු කාලෙ අමතක නෑ.
    දැන් කාලෙ වගේම දෙමාපියන්ගේ බලාපොරොත්තු වෙනස් වෙලා නෑ. තමන්ගේ පුතා දුව හොදින් ඉගෙන ගන්නවා නම් වෙන සතුටක් නෑ.

    ඒක නෙවි අර ලියුමි කේස් එක දුර දිග ගියෙ නැතැයි?

    ReplyDelete
  23. කතා කරන්න එපා, ඔය එපා කරපු සිස්සත්තෙ ගැන. ඕක මටත් කලේ පැන්ඩට කරපු ටිකමය්.

    ReplyDelete
  24. ජිවා..............September 19, 2011 at 6:26 AM

    මාර සින් එක. ශිෂ්‍යත්වය නෙමෙ බන්. උබ පොඩිකාලෙත් ජිප් එකක නැගලනේ ඉන්නේ. එ කලේ ඉදන්ම ජිප් අමාරුවක් තිබිලා තියෙන්නේ.............

    ReplyDelete
  25. @නදුන් උයන :මම හිතන්නෙ දැන් ඒ තත්වෙ නම් නැ මචන්..මට මතකයි මාත් කුරුදුවත්තෙ මහ ඉස්කොලෙට එනකම්ම කිසිම ඉස්කොලෙකට අතරමැද කාලෙ ගියේ නැ

    ReplyDelete
  26. අපේ පොඩි කලේ මතක් උණා පැන්ඩ අය්යේ.

    ReplyDelete
  27. @රූ සිරි: අනේ නැ ඒව දුර දිග ගියේ නැ,.. දැන් ඉතින් මගෙ දුකට සැපට පැන්ඩියෙක් ඉන්නව නෙ මා එක්කම

    ReplyDelete
  28. @samaadhi :හොදටම එපා වෙලා හැඩයි

    @ජීවා: අඩෙ මහේශ් ඔව් බන් ජීප් කියන්නෙ මගෙ ජිවිතෙ වැදගත්ම කැල්ලක්

    @omeshe මම හිතන්නෙ මේ අපේ කැම්පස් එකෙ නංගි නේද? ස්තූතියි

    ReplyDelete
  29. තව පාරක් ලියුමක් ලිව්වෙ නැද්ද? හික්ස්....

    ReplyDelete
  30. පැන්ඩෝ අර ලිවුම දීපු කෙල්ලට මොකකද ඇත්තටම වුනේ...

    ReplyDelete
  31. කාලෙකින් පැන්ඩා ගෙන් පොස්ට් එකක් කියව්වේ... හිත අතිතෙට ඇදිලා ගියා... ඇත්තටම ශිෂ්ශත්වේ අම්මලාගේ විභාහගය්ක්ලුනේ.... කොහෙන්ද මම කියෙව්වා අම්මට පාඩමක් උගන්නවන්න කියලා එක අකුරක්වත් නොලිව කොලු ගැටයෙක් ගැන... සෙල්ලම් වයසට කනකොකා හඩන්නේ මේ තරගේ නිසා.. දුවලා පැනලා සෙල්ලම් කරන්න ඕන වයසේ අය තරගයකට දාන එක මම නම් අනුමත කරන්නේම නැ..

    ප.ලි : කාලෙකට කලින් අපිව බලන්න ආවා වගේ මතකයි

    ReplyDelete
  32. මාත් සිස්සස්සේ ලිව්වා පාස් වුනා. වෙච්ච කෙණ්ගෙඩියක් නං නෑ.
    ක්ලාස් යන්න ක්ලාස් තිබුනේ නැ අපේ ගමේ.
    තාත්තා බුද්ධි පරීක්‍ෂණය ප්‍රශ්ණ තියෙන පොතක් ගෙ නත් දුන්නා. නැත්තං ඒ කොටු ඉරි, තරු, රූප වෙන කෙහොන් දකින්නද?
    දැන් කාලේ පොඩි උං ගැන දුක හිතෙනවා!

    ReplyDelete
  33. මාත් පාස් උනා උඩින්ම..මගේ අම්ම තාත්තට මං ණය ගැති මාව ඔය කොලඹ ප්‍රසිද්දයි කිය්ල කියාගන්න ඉස්කෝලෙකට මාරු නොකලට! ගැමි සුවඳ, නිවෙසක සෙනෙහස මෙගෙන් ඇත් නොකලට!

    ReplyDelete
  34. මාත් සිස්සත්තෙ කලෙ 96දි. අපෙ ඉස්කෝලෙ 2ට මම පාස් උනා. අර කිව්ව වගෙ ඒ කාලෙ ඒක මහ අලි වැඩක් නං නෙමේ. මාත් එක්ක අලුත් ඉස්කෝලෙව තව එකයි ආවෙ. ඌ දැං රටෙත් නෑ.
    මමත් ගියා එක පන්තියකට. අම්ම පේපර් කරවනව. ඇබැයි අරම බැන්නෙ නං නෑ. උත්තර ටික එහා පිටුවෙ තියන බව දැන දැන ප්‍රශ්න හදපු ඒ කාලෙ තමන්ට අවංක වීම පුරුදු වෙන්න හොඳම කාලෙ.
    මට පේපර් එක ලියනව එච්චර මතක නෑ. හැබැයි ඉන්ටවල් එකේ අම්මයි තාත්තයි පොඩි අයිසිං කරපු කේක් කෑල්ලක් ගෙන්ත් දුන්න හොඳට මතකයි! ඒකෙ එක ලේයර් එකක් කොළ පාටයි, උඩ පොඩි රතු පාට ජෑම් බිංදක් තිබ්බා!
    ඒ කාලෙ දුවන සෙල්ලං කරපු යාලුවො දකින්න ඇත්තං! හයියෙන්ම දිව්වෙ නලින්ද, තව බඩෙක් හිටිය, දවසක් ඒක අල්ලන වෙලාවෙ පිට්ටනියෙ එහා පැත්තෙ ඉඳං, මම අහක බලල ආයි බලනකොට මගෙ ගාවට ආවෙ කොහොමද කියල මම අදවත් දන්නෙ නෑ. ඌට එච්චර ගම්‍යකාවක් එන්න විදියක් නෑ!

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails