Wednesday, October 12

ෆොන් එකට ජිවිතේ භාර දෙන්නෙ ඇයි


මෙහෙමයි හැමදාම වගෙ මෙකත් මතෘකාවෙන් සම්පූර්ණ පිටද දන්නෙ නැ. මෙහෙමයි පැන්ඩ ත් සිව්වන වසරට අඩිය ගහල තාම වැඩ පටන් ගත්තෙත් නැති නිසා අලුත් බොඩිමෙ වෙලි වෙලි ඉන්නකොට තමා මේක ගැන ලියන්න හිතුනෙ..

සරලව එන්ටර් වෙමුකො ඔයාගෙ ෆොන් එක දැන් මෙ මොහොතෙ නැති වෙනව..තව චුට්ටක් හිතමු නැති වෙනව කියන්නෙ පාව්ච්චි කරන්න පුලුවන් තත්වෙන් අන් සතු වෙනව..හොරෙක් වෙන්නත් පුලුවන් පාරෙ වැටිල තිබිල අහුලනව වෙන්නත් පුලුවන්..දැන් සීන් එක මවා ගන්න. දැනෙන හැගීම් මොනවද ? ඔව් පලවෙනියටම පාඩුයි.වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න ඇඩීගෙන එනව...තව ටිකක් හිතන්න දැන් අර පොර ෆොන් එක ඔන් කරල අහුවෙච්චි එකා ඔකෙ සැරි සරනව.දැන් මොකද හිතෙන්නෙ..මම හිතන්නෙ නැ අහුලපු හරි උස්සපු හරි පොන් එකෙ ඉන්බොක්ස් එකෙ රවුමක් නොගහන්න තරං විනය ගරුක අය ගොඩාක් ඇති කියල..

දැන් පොඩ්ඩක් රත් වෙනවද ? අම්මට සිරි ..තාප්ප්පෙට කෙලිය..හු. ආ .හා...ප..&%$^*)))%$#&()(^ වගේ එව එනවද කටට..පෙරෙද රැ ආලයෙන් මුසපත් වෙලා මල් කඩන වෙලාවෙ කොටපු ඔක්කොම එකෙද ? එතකොට හොදම හරියෙදි ආපු MMS එකක් වගෙත් තියෙන්න පුලුවන් ද ? මතක තියා ගන්න අමාරුවෙ වැටෙන්නෙ ඔයා විතරක්ම නෙවෙ ඒවට සම්බන්ධ අනිත් පාර්ශවත්.. මොකො දැනෙන්නෙ තමන් පණ වගෙ ආදරෙ කරන කෙල්ලගෙ ආත්මයම එකෙන් විනාස කරන්න පුලුවන් වගෙ දැනෙනකොට.ඔයයි කෙල්ලයි වත්ස්‍යානගෙ පොතේ අලුත් වර්ශන් එකක් අඩුවක් නැතුව දිග හැරිම මම වැරදි කියල කියනව නෙවෙ ඕං පැන්ඩ කියන්න හදන්නෙ..එකෙ ත්‍රිල් එක දන්න අය මම එපා කිව්වත් අහන්නෙත් නැ :-) ..ප්‍රශ්නෙ වෙන්නෙ ඕකට ෆොන් එක සම්බන්ධ වෙලා ඒක ඔය දෙන්නට විතරක් සීමා නොවුනොත්.. 

හරි දැන් අර ෆොන් හොරා හරි අහුලපු එකා හරි යනව ඉන්බොක්ස් එකෙන් ෆයිල් මැනෙජර් එකට.. දැන් මොකද වෙන්නෙ..මම දන්න සමහර එවුන්ට මේ තත්වෙ උදා වුනොත් සුළු දිය බෙරෙන්න ඕනි කකුල දිගේ..නොටිඇමරිකන් අක්කල හිටියට කමක් නැ කියමුකො එකෙන් වෙන දෙයක් ඔයාට‍ නෙ. එත් මොකො වෙන්නෙ අපි රගපාන වර්ශන් එකක් තිබ්බොත්..දන්නව නෙ ලංකාව කියන්නෙ කොච්චර ගොන් වස්සො පිරුන රටක්ද කියල.මෙන්න මේක බැලුවොත් පොඩ්ඩක් මතක් වෙයි (සාන්තුවරයින් විසින් ස්ත්‍රින් 81 දෙනෙකුට හා එම පවුල් වලට ගල් ගැසීමට නියම කිරිම..) මෙ සින් එකෙදිත් ඔය වගෙ නොසිතු ලෙස අන්සතු වෙලා ප්‍රශ්න වලට මුහුණ දුන්න අහින්සක කෙල්ලො කොල්ලො කොච්චර ඉන්න ඇති ද ?


අන්න ඒ හින්ද මේ දැන්ම මකන්න.මේ දැන්ම.ඔයා එයාට ආදරෙයි නම් ඒ සොදුරු මතක (පින්තුර විඩියො වොයිස් කට් SMS MMS ) හිතට විතරක් සීමා කරගන්න..ඔයා සමහර විට ලොක් කරල ඇති ඒත් ෆොන් එකෙන් මෙමරි චිප් එක ගලවල ගත්තොට් ඒ ලොක් ඇප් එකෙන් වැඩක් වෙයි ද ?ඒ වගේ හුගාක් ෆොන් වල ලොකින් ඇප්ලිකෙශන්ස් බොහොම දුර්වලයි..ඒක පාරක් මම ලග තිබ්බ එකකින් ලොක් කරනව කියන්නෙ ෆයිල් එකෙ එක්ස්ටෙන්ශන් එක වෙනස් කරනව විතරයි..නිකමට මම එව ආයෙත් මැනුවල් රිනෙම් කලා කම්පියුටර් එකට දාල හරි එක්ස්ටෙන්ශන් එකට..ලොක් කැලේ..අමු අමුවෙම පේනව. 

ඒ හින්ද ඔය ලොක් හයිඩ් ඇප්ලිකේශන් හොදින් දැනගෙන භාවිතා කරන්න..මේක යම් තාක් දුරට පරිඝනක වලටත් බලපානව..වැඩියෙන්ම රිපෙයර්ස් වලට යවද්දි..මෙහෙමයි හුගක් පරිගනක භාවිතා කරන අය මෘදුකංග දොශයක් පවා නිවරදි කරගන්න අදාල ස්ථානයකට ගෙනියනව. ගෙදර os එකක් දාන්නෙත් බොහොම සුලු පිරිසයි..ඉතින් දොශයක් ඇවිත් ඩොකොස් ගාල හිට්ටොත් මොකො වෙන්නෙ..අදාල තැනකට ගෙනියන්න ඔනි.ෆොන් එකකට වගෙ වුනත් ඔය සන්තැසිය තමා..ෆොන් එකෙදි සින් එක දරුනුයි.පරිඝනකයෙ නම් හාර්ඩ් එක ගලවල හදන්න ගෙනියන්න පුලුවන් එත් ෆොන් එකෙ ඉන්ටර්නල් මෙමරි ඩෙටා ගැන ඔයාට චිප් එක ගැලෙව්වත් 100% ශුවර් වෙන්න වෙනව.

ෆොන් එක නිතරම මම නම් කියන්නෙ මේ මොහෙතෙ වෙන කෙනෙක් ලගට ගියත් අවුලක් නැ කියල දැනෙන තරමට සුද්ද කරල තියා ගන්න.සමහර මැසෙජ් පින්තුර ඉවත් කරන්න බැරි නම් කම්මැලි නැතුව පර්සනල් කම්පියුටර් එකට ෆොන් එක හා ලැබුනු මෘදුකාංගය භාවිතා කරල දා ගන්න.මේ වැනි දත්ත රදවා ගත හැකි බහු තරයක් ෆොන් වලට මේ පහසුකම් සලසල තියෙනව ප්‍රස්නෙ අපි ඕව භාවිතා කරන්න උනන්දු නොවීම.

සොනි එරික්සන් අයට නම් my phone explorer වලින් sms එකෙ contact එකෙ ඉදන් හැමදේම පරිඝනකයට ගබඩා කරන්න පුලුවන්.

දැන් ඔහොම පරිඝනකය පුරවල තියෙද්දි එක හදන්න යන්න වුනොත්..සරලම දේ එක්ස්ටර්නල් හාඩ් එකක් තියාගන්න එකට හොද ලොකින් ක්‍රමයක් භවිතා කරල දාන්න.ඒ වගේම එක පරිස්සමට තියා ගන්න..ඒක ඉතින් ඔයාගෙ වැඩක්...ෆොන් එකෙන් එක්ස්ටර්නල් හාඩ් එකට දාල දෙකම එක බැග් එකෙ දාගෙන ගිහින් බැග් එක නැති වුනොත් මොකො වෙන්නෙ..පැන්ඩට ඉතින් ඔහොම අසුභවාදි සිතුවිලි වලින් නම් අඩුවක් නැ.

අනේ මන්ද..හොදම දේ ඔහොම දේවල් හිතට විතරක් සීමා කරගන්න,තමන්ගෙ මතකයේ ගබඩා කරන්න..එක තමා ටිකක් හරි ආරක්ශිතම තැන..ඒත් අරක්කු බොතල් මුඩියක් පැගුනාම ඔක්කොම ඉවර්යි සමහරුන්ට.

කොච්චර වුනත් ඔය ඩිවයිසස් කියන එව්ව නම් විශ්වාස කරන්නම බැ..ඇයි කියල කතාවක් කියලම මේක ඉවර කරන්නම්.හුගාක් ඉස්සර සිද්ධියක් පොඩ්ඩක් එජස් කලා .හැබැයි මේක සත්‍ය කතාවක්.දවසක් මම ඉන්නකොට Y  යාලුවෙක් (ශා 8 වසර ගණන් පොත මතක් වෙනව) එනව. අනේ මචන් මෙකෙ කැමරා ඇල්බම් එක උඹෙ මැශිමට කොපි කරල මට සිඩි එකක් ගහල දීපන්..කෙල්ලගෙ ( Y' ) ෆොන් එක ආපහු ගෙනිහින් දෙන්න ඕනි.මම පස්සෙ එන්නම්.මොනද මේ පොටො මම ඇහුවා .. මේ එදා අපි සෙට් වුන දවසෙ එව්වා ‍Y කිව්වා.(දැන් ‍මම අහන්නෙ නැ y ගෙ දරුවාට y' ගෙ නංගි ගෙ නැ කම මොකද්ද කියල..බය වෙන්න එපා).හරි ඔන්න මම දඩ බඩ ගාල කොපි කරද්දි පොර ගියා ටිකකින් එන්නම් කියල. 

මම ඉතින් ඔන්න අපි සෙට් වුන දවසනෙ කියල පොටො ටික බලන්න ගත්ත.ඒක ලස්සනයි..අපො මුගෙ හැටි..යකො හිනා වෙන කොට ගන්න තිබ්බ නෙ..ඔහොම දිගටම යනවා එකපාරටම මට හොද එව කියවුනා මොකො දන්නවද මම හොර වැඩක් කරනව මුන් පොටො ගහල.නැ නැ ඒක නෙවෙ කතාවෙ අරමුණ.. ඔහොම ටිකක් යනකොට තමා එක වුනෙ..මාව නිකං කන්ෆියුස් වුනා ඊට පස්සෙ මාව ස්ටෙස් වුනා ඊට පස්සෙ එම්බැරස් වුනා..සිහි එලවා ගෙන ගිහින් දොර වහල ආවා.

මේ සින් එක දන්නො දනිති..ඔය සොනි එරික්සන් k සිරිස් එකෙ සමහර ෆොන් වල එහෙම සමහර් ඉමේජ්ස් මැකුවට පස්සෙ මොකක් හරි ජල්බරියක් වෙලා මේවා අලුත් පොටො එක්ක මර්ජ් වෙනව.ශෙඩ් වෙලා පරන එකෙන් ටිකයි අලුත් එකෙන් ටිකයි එකතු වෙලා අමුතු එකක් වෙනව.කොයි වෙලෙ වෙනවද මකපු මොන ඉමෙජ් එකත් එක්ක මර්ජ් වෙනවද කියල සක්‍රයවත් දන්නවද කියන එක ගැන සැකයි..මගෙ k800 එකෙත් ඔය කචල් එක තිබ්බ නිසා නෙත්දැකිමෙන් මම දන්නව.

දැන් මෙකෙ තියෙනව ඒදා සෙට් වෙච්චි ෆොටො එක්ක මර්ජ් වෙච්චි පරණ පොටො තියෙන පොටො කීපයක්..මෙක ‍Y' ගෙ සෙට් එකෙ කෙල්ලෙක්ගෙ අතිශය පෞද්ගලික පින්තුර..වැඩි විස්තර ඕනි නැ..
මම එදා එක අර යාලුවටවත් නොකියා ශිෆ්ට් ඩිලිට් කලා..ෆොන් එකෙත් ඒ ටික හොයල මැකුවා..අදටත් මගෙ ඒ යලුවවත් මේ දෙ දන්නෙ නැ.ඌට මාව මුන නොගැහෙන තරම් සීන් එක පරණ වෙලා අවදානම නැති වෙලා සහ කතාව මතක් නොවෙන්න සිද්ධිය එජස් කල නිසයි මම මේක මෙතන කිව්වෙත්.

අන්න ඒ නිසා එදා ඉදන් මම නම් කිසිම ඩිවයිස් එකක් විශ්වාස කරන්නෙ නැ..අද මේ කතාව ඔයාලටත් පාඩමක් කරගන්න කියන්න මුල් වුනෙ ඒ සිද්ධිය මතක් වුන නිසා.ඒ නිසා පොඩ්ඩක් අසුභවාදී වෙලා මේ වගෙ අනවශ්‍ය රිස්ක් ගැනීමෙන් වලකින්න.ෆොන් එකට ජිවිතේ භාර දෙන්න එපා.

*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්. 


17 comments:

  1. බොහොම වටිනා සිහි කැඳවීමක් මචෝ...!!
    ස්තූතියි...

    ReplyDelete
  2. හම් හම්......සහතික ඇත්ත පැන්ඩෝ.....

    ReplyDelete
  3. හරියට හරි මේ කතාව!!

    ReplyDelete
  4. සම්පූර්ණ ඇත්ත කතාවක් පැන්ඩෝ !!!

    ReplyDelete
  5. අඩේ මගෙ ෆෝන 3ක් නැති උනානෙ.
    අවුලක් නම් නෑ ඔය විදියෙ.ඒක නිසා බයකුත් නෑ. :D

    ReplyDelete
  6. ඔන්න පැන්ඩෝ මගේ යාළුවෙක් හිටියා.එයයිගෙ කොළු පැංචා විදේස ගත වෙලා හිටියෙ උසස් අධ්‍යාපනේට.ලංකාවට ඇවිත් ආපහු යද්දි තමගේ ප්‍රේමවන්තිට ජංගම දුරකතනේ දීලා ගිහින් තිබ්බා.අනේ අපරාදේ කියන්න බැහැ අපේ කෙල්ලත් ඕකේ මොනාදෝ ඔබන්න ගිල්ලා එහා පැත්තෙන් කියනදේ ඇහෙන්නේ නැහැ කියලා එදාම හවස මා එක්කම අලුත් වැඩියා කොරන්න ගිහින් දුන්නා.

    ඕන්න පැය දෙකක් විතර ගත වුණා.අලුත් වැඩියා කරපු ජංගමේ අපි අතට දුන්න කොළු පැංචා අහපි "මේ ෆෝන් එක පිරිමි ළමයෙක් පාවිච්චි කළ එකක්ද ?"කියලා.අපේ කෙල්ලත් ඇඹරි ඇඹරි ඔව් කියපි. කොල්ලා හිනාවක් දැම්මා විතරයි.

    ඊළඟට අපි ගියා මේකට හේඩ්ෆෝන් එකක් ගන්න.එතන හිටපු කොල්ලා මේක අරගෙන විනාඩි ගානක් ඔබ ඔබ බලලා මගේ යාළුවාට එන්න කිවා ඒක වැඩ කරන බව පෙන්වන්න..කොහොම හරි ඒක අරන් කඩෙන් එළියට ආවා විතරයි.මගේ යාලුවා අඬන්න ගත්තා.

    බලද්දි වෙලා තිබ්බේ හොඳ දෙයක් නෙවෙයි.හෙඩ්ෆෝන් එක ගත්ත කඩේ කොළුවා ඒක වැඩ කරනවද අහන්න දාල දීලා තිබුණේ ෆෝන් එකේම තිබුණ වීඩියෝ එකක්,ඒ මදිවට මහාම මහ නසරානි කතා ටිකකුත් කියලා තිබුණා.වීඩියෝව මොනවගේ එකක්ද කියලා හිතා ගන්න අමාරු නැහැ නෙ.

    පැන්ඩා කියන එක සහතික ඇත්ත.අපේ දෙයක් හින්දා අපි අපහසු තාවයට පත් වුණාට කමක් නැහැ කියමුකෝ,ඒත් අපේ ආදරණීයම කෙනෙක්ට ඒ දේ වුණොත්?

    ReplyDelete
  7. නියම ලිපියක්. අපට ගොඩක් දේවල් මතක් කරලා දුන්නා.‍ සමහර තැන් නම් කුලක පාඩමක් වගේ :)

    ඒක නෙමෙයි සමහරු ගෑනු ළමයගේ මැසේජ් විතරක් නෙමෙයි වීඩියෝ හිටන් ඕකේ තියාගන්නවා. එතකොට ඉතින් සොරිම තමා. :)

    ReplyDelete
  8. කාට කාටත් හිතන්න යමක්.

    ReplyDelete
  9. කතාව ඇත්ත පැන්ඩයියේ මොකටද ඖඅ උපකරනයක් නිසා ජීවිතයක් විනාස වෙන්න දෙන්නේ . හොඳම වැඩේ තමයි ඔය ගබඩා කරලා තියාගන්න දේවල් මොහොතකින් මකලා දාන එක

    ඒත් කෙල්ලෝ ඕවා තේරුම් ගන්න හරි පමායි . මම මගේ කෙනාට කිවුවා ඔයාගේ ෆෝන් එකේ තියන ම්ම එවාපුවා සේරම මකන්න කියලා මේකි ගේ හිතේ මම මෙයැයිව අතාඑරලා යාන්න එහෙම කීවා කියලා අන්තිමේට මම කීවා එහෙමනං තියාගන්නවා මගේ මොකෝ කියලා

    මේ පෝස්ට් එක මුද්‍රූණය කරලා ගිහිං දෙන්න ඕන

    ReplyDelete
  10. පැන්ඩගේ කතවත් එක්ක මාත් එකගයි...

    ReplyDelete
  11. සහතික ඇත්ත පැන්ඩයියගෙ කතාව ........

    ReplyDelete
  12. හ්ම්ම්ම්ම් ඇත්ත තමා

    ReplyDelete
  13. mage 4n ekath lagadi mokek hari ussala ane puruwe pinak thibilada koheda ita kalin dawase 4n eke memory chip eka galawala dongle ekata dala aith 4n ekata danna amathaka wela dongle ekema thibbe... oh chip eka 4n eke thibbanan mata hitha gannath ba mokak karannada kiyala ai nan giwitheta privet dewal 4n eke nan thiya ganne na... meaka niyama post ekak ban ela :)

    ReplyDelete
  14. හපොයි පැන්ඩා අය්යේ බය හිතෙනවනෙ මේ පොස්ට් 1 දැක්කම.

    ReplyDelete
  15. මමනම් ඕවට බය නෑ පැන්ඩෝ, වැඩිම උනොත් ඉතින් sms එකක් විතරයි. ඉට වැඩිය දේ තියාගන්න බෑනේ..
    කොහොම උනත් සයතික ඇත්ත කතාව පැන්ඩෝ, ඔය ෆෝන් හදන තැන්වල ඉන්න සමහර එවුනුත් නසරානි ඩයල්නේ, අපේ ආරක්ෂාව අපිම බලාගන්න එක හොඳයිනේ..

    ReplyDelete
  16. පැන්ඩො මොකො සීන් එක???
    …උබට නිකන් ඔහොම එව හිතෙන්නෑනෙ
    …පෝන් එක වත් නති උනාද???
    …how ever machan through story

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails