Tuesday, November 29

මාසිකව දුක් වින්දාට රන් පෙන්ඩන කොයි දුප්පත් ඈට

නිමිත්ත :  හිස් පැකට්ටුවට රන් පෙන්ඩන දෙන ආර්යා දැන්වීම දකින ඈ..


තාත්තාගෙ අසනීපෙට
රාළහාමිට සින්න වුන
අරුංගල් නැතුව
පාළු වෙන කන් පෙත්තෙ
වැහීගෙන යන හිල
කරපිංචා නැට්ටෙන් 
වලකන්න වෙර දරන

මසකට වරක්  
සෝදමින් ගැහැණුකම
කඩමාළු රෙදි වලින්
දුක් විදින ඈට

කොයින්ද මිල මුදල්
මිලගන්ට පැකට් කල
සනීපාරක්ෂක තුවා
රන් පෙන්ඩන දිනා
සරසන්ට පාළු ගෙල


16 comments:

  1. උපරිමයි

    ReplyDelete
  2. බැළුවා මචං...කියන්න දෙයක් නැත.ඒත් කමෙන්ට් එකක් නොදා යන්න හිත දෙන්නේ නැත.

    ReplyDelete
  3. සහතික ඇත්ත සහෝ කියලා තියෙන්නෙ...

    ReplyDelete
  4. නියම අදහසක් මිත්‍රයා..

    ReplyDelete
  5. එළකිරි මචං...වැදෙන්නම ලියලා තියෙනවා.....

    ReplyDelete
  6. එළ ඈ..ඇත්ත ඇති සැටියෙන්...

    ReplyDelete
  7. මම මේ පැත්තට ආවෙ පලවෙනි වතාවට නම් නෙවෙයි පැන්ඩො...
    ඒත් කියවල දුවන කමෙන්ට් නොකරන නරක පුරුද්දක් තියෙනව නෙ මට...
    ඒත් මේක බලල නං කමෙන්ට් නොකර යන්ඩ හිත දෙන්නෙ නෑ....

    ලස්සනයි!!!

    ReplyDelete
  8. අදහස නම් උපරිමයි පැන්ඩෝ....ඇත්ත ඇතිසැටියෙන්ම කියලා තියනවා.....

    ReplyDelete
  9. තියෙන එකාට තමා මල්ලි හැමදේම. නැති එකාට මෙලෝ දෙයක් නෑ.
    මේ දවස්වල ෆ්‍රී වෙන්නැති. දැන් අන්තීම අවුරුද්දෙද මල්ලි ?

    ReplyDelete
  10. කමෙන්ට් කරපු හැමොටම බොහොම ස්තූති..

    ReplyDelete
  11. මේක මරු මචං... :}

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails