Sunday, January 30

නරලොව හොල්මන් - වැසිකිළි කුරුටු ගී

පැන්ඩට නෙට් එකෙදි චන්ද අනගිරත්න මහත්තයගෙ නරලොව හොල්මන් කියල මරු ආතල් කතා ටිකක් ලැබුන.මීට කලින් චන්ද්‍ර අනගිරත්න මහත්තය පරිවර්තනය කරපු ටොම් සොයර් මතක් වෙන කොට හිතුන මේකත් ආතල් ලොකයක් වෙන්න ඇති කියල.ඉතින් හොයන කොට සින්හලඑම්.පි 3 කියල සයිට් එකට සම්බන්ධ icgas කියල වොටර් මාර්ක් තියෙන කෙනෙක් මේ කතා ටිකක් ටයිප් කරල තියෙන්නෙ.මම ත් ඔන්න ඔහෙ ඩවුන්ලොඩ් ලින්ක් එකක් දැකල භා ගත්ත.

ඔන්න මාත් ඉතින් ඒවයින් එකක් මෙතන දාන්න යන්නෙ මගෙ බ්ලොග් එකෙ උපුටා ගෙන.මම හිතනව ඒක උපුටා ගැනීම වැරද්දක් නෙවෙ කියල.හැබැයි මේව ඔයාල බහුතරයක් කියොල නම් තියෙන්නෙ මම විතර නම් පහු වෙලා තියෙන්නෙ අනේ එක කියන්න මම ඉතුරු කතා දාන්න මහන්සි වෙන්නෙ නැ හොදේ.

මේ රූප මත කිලික් කලාම ලොකු කරල කියවන්න පුලුවන් හොදේ..ඇස් චූටි කරගෙන පැන්ඩ ගෙ දෙමාපියො මතක් කරගෙන ඔළුව මොනිටරෙ අස්සෙ ඔබා ගන්න එපා.එහෙම කිල්ක් කළාම අලුත් වින්ඩො එකෙ එන රූපෙත් ලොකු මදි නම් එක උඩ කිල්ක් කරන්න ඒත් මදි නම් ctrl key එක ඔබා ගෙන මවුස් වීල් එක කරවන්න.(අඩො ඔය මොකො කරන්නෙ අත ගනින් අහකට.ඔය මේසෙ උඩ තියෙන එකෙ වීල් එක බං දැන් ලැප්ටොප් තියෙන ඇයො ඉතින් හිකිස් කියන්න එපා.දන්නවනෙ මවුස් වීල් එකට අදාල තැන ලැප් එකෙ ඇගිල්ල අදින්න තමා තියෙන්නෙ).දැන් ඉතින් කියන්න එපා උඹ අපි බබාලන්තෙන් කියල හිතුවද කියල.මම ඉතින් නිකමට කිව්වෙ.දන්න ඈයන්ටම නෙවෙ නොදන්න ඈයන්ට .





Saturday, January 29

වල් කම තියෙන්නෙ කාගෙ හිතේ ද ?


සද්ගුණවත් අපේ
තරුණ ඇයෝ
බොක්කු පාලම් 
පේමන්ට් වල
ගෙවමින් කාලය 
තෝරයි
වල් කෙල්ලන්

ඩෙනිමේ ටයිට් එකෙන්
උඩට  අඳින ස්කිනියෙන්
සාය වාටියට ඉනේ සිට උසින්
යෙහෙළියන් අමතන හඩේ සැරින් 
කියවන පොතින් පතින්
බලනා චිත්‍රපටියෙන්
ටින්ට් එකෙ කලර් එකෙන්
පොනි ටේල්  එකෙ හැඩෙන්
ජානමය බලෙන්
උරුම වූ
අඟ පසගෙ තරමින්
කෙල්ලගෙ අක්කා පැනල ගියා හන්දා
තමන්ගෙ කොල්ලට දුන් කිස් එක හන්දා

අනේ මහතුනෙ 
පෙනේද වල් කමින්
තෙරපෙන හිත
කගෙ දැයි
බුද්ධිමත් ඔබෙ හිතට.

Friday, January 28

පැන්ඩගෙ ලව් එක සහ උපදේශ..දැන් අවුරුද්දක් කියන්නෙ උන් දෙන්නත් හිත් දීල

පැන්ඩ ප්‍රසිද්ධියේම ආදරෙ ගැන අද කතා කරනව අද. මීට අවුරුද්දකට කලින් අර ජනාධිපති වරණය වෙලා වෙ ඔගොල්ලො ජනාධිපති කෙනෙක් තොරන්න වෙහෙසෙද්දි මම මගේ ජිවිතේ ලොකු තීරණයක් ගත්ත.


ඒ අපේ පැන්ඩි අපේ කිව්වට මගේ තමයි..එ වුනාට මම හැම වෙලෙම මම ගැන බහු වචනයෙන් කියන්න තමා කැමති.. ඒ මගෙ ඉන වටා ටේප් පටියකින් අඟල් 38  ත් 40 ත් අතර ක් සටහන් වෙන්නත් උස අතට අඩි 6කට කිට්ටු වෙන්නත් තරං මම ලොකු එකෙක් වුන හින්ද ද මන් ද.


කොහොම හරි ඒ ඇත්තිගෙන් වචනෙ ඉල්ලන්නත් ඒ ඇත්ති වචනෙ මට දුන්නෙත් ඕං ඔය දවසෙ.එදා පැන්ඩ් හිටියෙ සහලොල උණ ගැනිල චන්දෙ දාන්න ගියෙත් නැ.උණ විකාරෙන් දුන්න උත්තරය්ක් නෙවෙ වෙන්න ඇති.


කොහොම හරි එ වෙන කොට මම මගේ ජිවිතේ ගැන පැදුර එයාට දිග ඇරල ඉවරයි.මම කරපු හොඳ වැඩ නරක වැඩ..වොව් නරකයි කිව්වට තාම පන්සිල් පද පහ කඩල නැ...ඒක තමයි විස්වාසෙ කියන්නෙ මම හිතන්නෙ.කොහොම හරි මම ජිව්තේ දන්න එක දෙයක් තියෙනව කරන හැමදේම එයාට කියන්න.කියන්න පුලුවන් දේවල් විතරක් කරන්න.



මම මේක ලියන්නෙ තංතෝශෙට.කොහොම හරි අවුරුද්දක කියන්නෙ ආදරෙට මහ කාලයක් නෙවෙ තමයි.ඒත් දෙමාපිය ආශිර්වාදය ලබන්න තරං අපි වසනාවන්ත වුනා.


පැන්ඩි නම් මාව දැකපු පළවෙනි දවසෙම අම්මට කියල දෙවනි දවසෙ මෙන්න බොලේ අම්මයි දුවයි දෙන්නම ඇවිත් මොකා ද මූ බලන්න.මාත් ඉතින් අර ඇගට බඩට ඔක්කොටම වෙර ඇරගෙන ගිහින් නමස්කාර කරල කතා බහ කොරල ආව.ඊට පස්සෙ අපේ ගෙදරට කියල සියළු කටයුතු සමාදාන කරගන්න කං පුන්චි තහනම් කාලයක් පැනවුනා..පැන්ඩිත් ගෙදරට හොරෙන් මාව බලන්න එන්න කැමති නැති හින්ද ඉක්මණට අවශ‍ය ලිපි ලේකන සමග අවසරය ලබා ගත්ත.



ආදරෙ දි බහුතරයක් කරන පළවෙනි වැරද්ද නම් අපි දෙන්න කලේ නැ.ඒ තමා සහකාරු හො සහකාරියගෙ හිත දිනා ගැනීම වෙනුවෙන් නැති ආදරය නැති හොඳ පෙන්විම.මම මම විදියටත් එයා එයා විදියටත් හැසිරුනා.දන්නවනෙ හුගක් අය ආදරෙ වෙනුවෙන් තමන් අකමැති කෑම කෙල්ල කැමති හින්ද ගිලින්න හදනව.කොටින්ම ඔයා සතියකට සැරයක් නං නාන්නෙ එක එයාට කියන්න එහෙම ම.ඔයාගෙ රෙදි ඔයා හොදන්නෙ නැත්තං ඒකත් කියන්න තරුණයෙක් ක් වුන ඔයාගෙ යට ඇදුම හොටු ලේන්සුව අම්ම නම් තාම හොදන්නෙ එක දැන්ම කියල තියෙන එක හොදයි.ඔයා අරව බලනව නං ඒකත් කියන්න.ඔයා කැමති දවල් වෙනකං නිදා ගන්න නම් එකත් කියන්න.ඔයා කැමති අජිත් ගෙ සින්දු වලට නම් එයා කැමති ඔයා නම වත් දන්නෙ නැති ඊයෙ පෙරෙදා පහලවුන පොප් ගායකයෙක්ට කියල ඔයාගෙ කැමැත්තත් ඒක කියන්න එපා.(මේව මේ පැන්ඩගෙයි පැන්ඩ්ගෙයි ගති ගුණ එහෙම නෙවෙ, මම සමාජෙදි දැකපු දෙවල්..සමහර ඒව නම් අන්තිම නරකයි..අම්මට කියල රෙදි හොදව ගෙන ඇග හදාගන්න ජිම් යන එවුන් ඉන්නෙ සමහර වෙලාවට ).ඔයා කැමති දේවල් කියන්නෙ නැතුව එයා කැමති දෙවල් නම් ඔයා කැමති වගේ කියන්න එපා..


දැන් මෙතෙන් දි රොමියො ල ජුලියට් ල නම් මාත් එක්ක තර්ක කරයි.එහෙම නැ ආදරෙ දි අනිත් කෙනා ගෙ සතුට වෙනුවෙන් කැප වෙන්න ඕනි කියල.සහතික ඇත්ත.බ්ලිව් මී පුතා (නැ නැ ඔයා මීයෙක් වගෙ නෙව්  ) ඔයාට‍ කැප වෙන්න දෙවල් ඕනි තරං ලැබෙයි.ඒත් ඔය මම උඩින් කිව්ව වගේ බොරු කියල ඒව රැකගන්න අවුරුදු 60 ක් විතර කැපවෙන්න වුනාම කොහොමද ආතල් එක..ඒ හින්ද මම නම් කියන්නෙ ඇත්තම කියපන්.ඊට පස්සෙ කියල කැප වෙන්න .එතකොට ඔයාට ලැබෙන කෙල්ල ඔයාගෙ ටේස්ට් එකට කැමති කෙල්ලෙක් එක්කො අකමැති වුනත් ඒක ආදරෙ වෙනුවෙන් ඉවසන්න පුලුවන් කෙල්ලෙක්..නැත්තං වෙන්නෙ ඔයා බොරු කාරයෙක් වෙලා කෙල්ලගෙ හිතේ ඔයා ගැන තිබ්බ ගෞරවයට කෙළ වීම..එක එහෙම වුනා කියන්නෙ ඉතින් හරිම අමාරු වෙනව.


 තව පැන්ඩිගෙ මම දැකපු වෙන කෙල්ලො ලග නොදැක්ක හොඳ ගතියක් තියේ..ඒ තමයි එයාත් එක්ක පොලවෙ පය ගහල ඉන්න පුලුවන්. මම දැකල තියෙනව කොල්ලො කෙල්ල බලන්න යන කොට කවදාවත් නැති විදිහට හැඩ වෙනව. මම ඒක පිලිගන්නෙ නැ.ඇත්ත ආදරෙදි එහෙම ඕනි නැනෙ.අතේ සල්ලි නැත්තං කෙල්ල ඉස්සරහ චා වෙන්න බැ කියල රටෙම ඉන්න එවුන්ගෙන් ඉල්ලන් යනව.මොන මගුලක් ද ? මම මගේ අතේ සල්ලි නැත්තං එක කියනව..මම මදින්නෙ නැතුව නම් ෂර්ට් අදින්නෙ මම එයා බලන්න යන දවස‍ට මැදල අදින්නෙත් නැ..මගෙ සෙරප්පුවෙ අන්ඩක් කැඩ්ල නම් අනිත් තැන් වලට ත් දානව නම් කෙල්ල බලන්න යන්නෙත් එක දාලම තමයි යාලුවගෙ හොද දෙක දාන්නෙ නැ.මගෙ සෙරප්පුව හොදටම කැඩිල නම් දාගෙන ගියෙ යාළුවගෙ දෙක නම් එක යාළුවගෙ කියල කියන්න පුලුවන් වෙන්න ඕනි එක්කො.මම මෙහෙම මොඩ විදිහට හැසිරෙන කොල්ලො කෙල්ලො දැකල තියේ..ඒත් එක මහ විකාරයක් නෙ.කවද වෙනකං ඔහොම කරන්න ද ?


ඔයාට එහෙම විවෘතව ඔයාගෙ කෙල්ල එක්ක හැසිරෙන්නත් බැරි නම් ඒ කෙල්ල ඔයාට හරි යන්නෙත් නැ..ට්කක් දරුණුයි තමා.එත් එක තමා ඇත්ත.එයා ආදරෙ කරන්නෙ ඔයාට නෙවෙ..ඔයා මවල පෙන්වන චරිතෙට.කවදහරි ඇත්ත දැක්කම එපා වෙන එක වලක්වන්න අමාරුයි.


කෙල්ලන්ගෙ පැත්තෙනුත් ඔහොම විකාර කරන අය ඉන්නව.ඒකට අපේ පැන්ඩි "මගෙ සෙරෙප්පු දෙක කැඩිල හලො මම පරණ දෙකක් දාගෙන ආව ".ඔහොම අවංකව කියන කොට කෙල්ල ගැන කිසිම නරක දෙයක් කොල්ලට හිතෙන්නෙ නැ.පැන්ඩට නම් හිතුනෙ අනේ කොච්චර දෙයක් ද මෙහෙම කෙල්ලෙක් මට ලැබුන එක කියල.කවදහරි මට සෙරෙප්පු දෙකක් ඇරන් දෙන්න හදිසියට අමාරු වුනොත් ඒකට මූන ඇදවෙන්නෙ නැ කියන එක ශුවර් නෙ.කොල්ලෙක්ට ඊට වඩා හයියක් තව කොහෙන් ද ?


ඒ හින්ද යාලුවගෙ සෙරෙප්පු දාගෙන ගිහින් ඔයගෙ වගේ ඉන්න එපා.මම දවසක් ඔහොම දෙයක් කරපු අපේ හිතවත් කෙල්ලෙක් ගෙන් ඇහුව ඇයි ඒ කියල.ඒ කෙල්ලට ලැජ්ජ හිතුනලු කොල්ලට කියන්න ඒ දෙක කැඩිල මට වෙන හොද සෙරෙප්පු නැ කියල....අනේ අම්මපා මට එවලෙ කියන්න ආපු ටික දැන් කියන්නම්...මම අහන්නෙ අනාගතෙ දි තමන් හරියට තමන්ගෙ නොදැක්ක තැන් පවා දකින්න ඉඩ තියෙන තමන් බදින්න ඉන්න මනුස්සය ඉස්සරහ ඔහොම ලැජ්ජ නම් ඒකත් හරි යන පොටක් නෙවෙ කියල තමා ඕං.
 
ඔහොම ඉතින් විකාර ආදර අද සමාජෙ ගොඩක් තියේ..ඒව අස්සෙ මායි පැන්ඩිගෙයි ආදරෙත් ගලාගෙන යනව තෙරුවන් සරණින් හා අපි දෙන්න ගේ බුද්ධියෙන්.මෙහෙමයි මම කියන්නෙ නැ අපි දෙන්න සර්ව සම්පූර්ණයි කියල..මගෙ අතින් පැන්ඩි ගෙ හිත රිදිල තියේ පොඩ්ඩක් හයියෙන් කතා කෙරිල තියේ..ඒත් අපේ හිත්  අපිම සනස ගත්ත.අන්න ප්‍රධාන දේ..ප්‍රශ්න ඔය දෙන්නම විසඳ ගන්න..ඒවට අම්ම තාත්ත ඔයාගෙ හොදම යාලුව ඕනි නැ..බදින්නෙ ඔයා නෙ..බැදල ඉතුරු ටික කරගෙන යන්නෙත් ඔයා නෙ.ප්‍රශ්න ඇති කරගත්ත වගේ ම ඒව ඔයාලම විසඳ ගන්න..හොද කපල් එකක් නම් එහෙම වෙන්න ඕනි කියල අපි විස්වාස කරනව. ඒත් එහෙම නොහැකි වෙලාවට කවුරු හරි ඒ සම්බන්දෙට කැමති ඔයාටවත් එයාටවත් පක්ශග්‍රාහි නැති සත්පුරුෂයෙක් ගෙන් උපදෙස් ගත්තට වරදක් නැ


කොහොම හරි මම මේක ලියන්න ගත්තෙ මගෙ ආදරණිය පැන්ඩි සෙව්වන්දි අනුරාධා පෙරේරා නම් වු ඇයට උපාහර පුදන්නත් තවත් චිරාත් කාලයක් මේ සසර ගමන සැරි සරා අවසන් කරන තෙක් ඔබ හා රැදෙන්නට ප්‍රාර්ථනා කරන්නත් එය එසෙ ඔබ ද ප්‍රාර්ථනා කරන බව නිබඳවම ඔබ මුවින් අසන්නට ලැබු මා වසනාවන්ත බවත් පැවසිමටයි.


 මේ තියෙන්නෙ මීට ඉස්සර මම මගේ බ්ලොග් එකෙ පැන්ඩි ගැන ලියාපු පද ටිකක්..

ඉඟ සුග මිටින්
ගන්න බැරි වුනාට
ඔයා මට හැඩයි
මං වගේ පැන්ඩෙක්ට
ඔයා ලස්සන වැඩි

හඳ පානෙ
මාත් එක්ක
සිංදු නොකීවට
මට හැමදේම
එපා වුන වෙලාවට
ඔයාගේ එක වචනයක්
ඇති මාව ජීවත් කරන්න

week ends වල
Beetle car එකක
මාව pick කරන්
රවුම් නොගැහුවට
මා දකින්න
පැය ගණන්
බස් වල
කටු කාපු ඔයා
පණටත් වඩා
මට වටිනව

රටේ ඇති
රස බොජුන්
දහස් ගණන්
දීල මට
ඇරන් නොදුන්නට
ඔයාගෙ අතින්
උයල ගෙනව්ත්
මට කවපු බත් කට
දිව්‍ය භොජන වගෙ

පැන්ඩ ලෙඩ වුනාම
ඔය ඇස් වල
කදුළු පිරුන
හැටි දැක්කම
මට මගෙ ලෙඩ
අමතක වුනා

කැම්පස් බොඩිමෙ
කැම නැති වුනාම
ඔය ඇස් වලට
කදුළු උනපු
හැටි දැක්කම
බඩෙ ගින්දර
නිවා ගෙන
ආදරේ ඉතිරුනා

මගේ මොඩ වැඩ
ඔය හිත රිද්දන කොට
ඒ හැමදේම
හිනාවකින් දරා ගෙන
මට ආදරෙ කලා

තරහා, වෛරය
දුක, පසු තැවිල්ල
ආදරේට සමාන වචන
වී ගෙන එන යුගයක

ඒ මුකුත් නැති
ඔයාගෙ
අහිංසක ආදරෙ
මට දැනෙනව
මාව ජීවත් කරනව


මේ තියෙන්නෙ මා අතින් අනාගතෙ සෙව්වන්දි ගැන ලියවෙන්න ඉඩ තියෙන පද පෙලක් මහගම සේකරයන් අතින් මට වඩා බොහොම මෘදුව අපුරුවට ලියා දැක්වී ඇති අයුරුයි.

පාන්දරින් තේ උගුරක් මට ගෙනෙනා බිරිඳ   ඔබ ය
දුන් පුතුන් ආදරෙන් රැක බලා ගන්න බිර්ඳ  ඔබ ය
හීන් සීරුවෙ මා ගැන සොදිසියෙන් සිටින    ඔබ ය
මාත් එක්ක සංසාරෙ එකට හිට්ය බිරිඳ        ඔබ ය

දුර ගමනක් ගිය විට මග බලා සිටින බිරිඳ     ඔබ ය
කර බාගෙන ඇනුම් බැනුම් අසා සිටින බිරිඳ ඔබ ය
නරකාදිය තුළ සුරපුර උදාකරන බිරිඳ          ඔබ ය
 මරණින් මතු සංසාරෙ එකට සිටින බිරිඳ      ඔබ ය


මගෙ ජිවිතේ අනේක බලාපොරොත්තු අස්සෙ දිලෙන දිදුලන එකම බලාපොරොත්තුවක් තියේ ඒ ඔයාට යහපත් මිතුරෙක් පෙම්වතෙක් සහොදරයෙක් පියෙක් හා අනාගතෙ දි ආදරණීය සැමියෙක් වීම.  


Tuesday, January 25

64 ,ස්වාමියා හ බිරිඳ, නරක විවාහය














නිමිත්ත : විවාහකයෙක්ගෙන් කොහොමද ජීව්තෙ යැයි විමසු විට ඔහු එය අර්ථ දැක්වු අයුරු පැන්ඩාගෙ වචනයෙන්

බිරිඳ සහජයෙන් ලද
64න් 
එක එක පා
 රිසි දේ
රිසි ලෙස ලබමින්ද

ස්වාමියා නිති ගත ස්ත්‍රියක්
නොමිලේම ලද නිසා
සංස්කෘත පොතේ වූ
64 න් 
එක එක කොරමින්ද

 එකිනෙක ආශාවන් 
ඉටු කර ගැන්මට
පමණක්ම
  සහයෙන් ගෙවයි 


මේ දිරිය කතාව කියවන්න.මේ ඔක්කොම ඇත්ත කියල මම දන්නව

මේක අපේ සහන් ගෙ සිතුම් ගබඩාවෙන් මම දැක්ක ලින්ක් එකක්.ස්තූති සහන්


http://www.rivira.lk/2011/01/23/vishesha3.htm


මේක සහන් ගෙන් ඇරගෙන මාත් කියන්නෙ මේකට කියන්න මට පසු කතාවක් තියෙන හින්ද හොදේ සහන්


හැබැයි බලන්න පුලුවන් ඉන්ටර්නෙට් එස්ප්ලොරා එකෙන් විතරයි මට නං.ෆය‍ර් ෆොක්ස් එකෙන් බැරි වුනා.

මේ ඔක්කොම සහතික ඇත්ත කියල මම දන්නව.මොකො මේ අයිය අපේ ගෙවල් පැත්තෙ.ෆුට් බයිසිකලේ ඇවිත් අපේ මාම ගෙ කඩෙට සබන් දානව මම දැකල තියේ..මිනිස්සු නොන්ඩියට ඒ ලෙවෙල් කරන කොට කියපු කතාත් මම දන්නව.ඒ අයිය පාඩම් කලේ මම දන්න තවත් එයාට බාල අයියල ටිකක් එක්ක.ඒ අය හැමොම කැම්පස් ගියා.ඒ අය එක්ක පාඩම් කරන්න යන්න කියල අම්ම කිව්වම කම්මැලිකමට බැ කිව්ව මම ඊට පස්සෙ පාර තමා යන්තං කැම්පස් ගියෙ.

ඒත් ඉස්කොලෙ ගිහින් අවුරුදු 14 කට විතර පස්සෙ (මම හිතන හැටියට )ඒ ලෙවල් කරල ට්‍රාන්ස්පොර්ට් යන්න ඒ අයිය ගත්ත තරං ලකුණු ගන්නත් මට බැරි වුනා.මුකුත් නෙවෙ කම්මැලි කම තමා ප්‍රධාන හේතුව.මේ අයියට තිබ්බ ප්‍රශ්න වලින් 1% ක් අපිට තිබ්බෙ නැ අපි ඒ ලෙවෙල් කරද්දි..මම ඕව ගැන දැන් කම්පා වෙන්නෙ නැ .ඒත් මිනිස්සුන් ගේ ශක්තිමත් හිත් වල බලය තමයි මේ ඇස් පනා පිට පේන්නෙ..මේව නිකං මොරාල් කරන්න හදපු කතා නෙවෙ සහතික ඇත්ත.

තව දෙයක් චුට්ටක් හිතන්න ඒ අක්කගෙ පැත්තෙන්.මම ජිවිතේට ඒ අක්කව නම් දැකල නැ..ඒත් ඒ වගෙ බිරිඳක් ලබන්න කොච්චර දුක් වින්දත් අයිය සැහෙන්න පින් කරල තියෙනව.ඔහොම තමන්ගෙ ස්වාම්යා වෙනුවෙන් කැප වෙන බිරින්දැ වරුන් අතලොස්සක් වත් අද සමාජයේ නැතුව ඇති.

Monday, January 24

බිරිඳක් වෙනුවෙන් සැමියකු ගයන පැන්ඩා ඇසූ එකම ගීය

අපි අපේ ජිවිතෙ අනේක ගීත අහනව,ආදරෙ වෙනුවෙන් ලියවුන ගීත මෙතැකයි කියල කියන්න මම දන්නෙ නැ.ආදරෙ කරන කාලෙ තමන්ගෙ පෙම්වතිය වෙනුවෙන් ලියවුනු ගීත වැහි වැහල,තමන්ගෙ ආදරණීය මව වෙනුවෙන් පුතුන් අතින් ලියැවුනු ගීත සැළකිය යුතු ප්‍රමාණයක් තියෙනව.ඒත් තමන්ගෙ පෙම්වතිය බිරිඳක් වුනාට පස්සෙ ගැයෙන ඇය වෙනුවෙන් ගැයෙන ගීත මම අහල නැ..එක්කො මට‍ මතකයක් නැ..මම එහෙම දන්නෙ එකම එක ගීයයි..ඒ මේ ගිය පමණයි. 

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරුදැරියන් රකින. . . //

මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්. ..
රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්. . .
ඔබ දුටු මුල් දිනේ වත් හදනොනැඟි පෙමින්. . .
උතුරයි මසිත තවනුඹ වෙතතුරු ළෙවෙමින්. .

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ. . .
අතදරු පුතුගේ මුවකමලේ ඇත නිබඳ. . .
අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
නොහැගේ ලඟින් හිද මගේ හිසසිඹින සඳ. .

තාත්තා වුනත් මා බත සරිකරන

අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින. . . //



තාත්තා වුනත් මා බත සරි කරන අම්මා නුඹයි මගෙ දරුවන් රකින කියන පද පේලියෙ බිරිඳක් වෙනුවෙන් සැමියෙක් හිතේ ඇතිවන ආදරය ගෞරවය කරුණාව ඔක්කොම කැටි වෙලා තියෙන අපුරුව නේද..මේක අපේ අමරදේව මාස්ටර් ගැයුවට මේකෙ පද රචකයො සංගීතඥයො මට හොයාගන්න බැරි වුනා...සිංදුව නම් ඔයා ට්යුබ් එකේ තිබ්බ.


මේ ගියෙ පද වලින් පැන්ඩ ට නම් හරිම අපුරු පවුල් ජීවිතයක් මැවුනා..ඒ ගෙදර වැඩ උදව් වෙන්න සේවකයො නැ ඒ ගෙදර යන්න එන්න වාහන නැ ඒ ගෙදර සමහර වීට රැට සැමියා ගේන දේ රත් කරල කන්නෙ කුප්පි ලාම්පු එලියෙන් වෙන්න ඇති ඒත් ඒ ගෙදර ආදරෙ උතුරනවා.අද වර්තමානෙ නම් හුඟක් තැන් වල දරුවො වැදුවට පස්සෙ සැමියයි බිරිඳයි වද වෙන්නෙ අර දරුවො යහ මග යවන එකවත් ඒ දරුවො ගැන වත් නෙවෙ බිරිඳගේ ගර්භනී කාලයෙන් පසුව රූප ස්වභාවය රැක ගැනීම ගැන.හැබැයි මම මේ කියන්නෙ බිරිඳක් විවාහ වුනාට පස්සෙ තමන් ගැන සම්පුර්ණයෙන්ම නොහිතා මැරී ගෙන ගේදොර වැඩ වලට නැහෙන එක නෙවෙ.ඒක එහෙම විය යුතු නැ..ආදර බර සැමියෙක් එහෙම බිරිඳගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නැ.

මම පැහැදිලවම හෙළා දකිනව බහුතරයක් අපේ පිරිමින්ගෙ හැසීරිම ගැන, බොහොම වෙලාවට බිරිඳ නැගිටල තේක ගෙනහල නැගිට්ටවල කලිසම ෂර්ට් එක මැදල දුන්නම එක ඇද ගෙන අච්චර කරල දුන්නම යන්නම් කියන්නෙ නැතුව ගෙදරින් දොට්ට බැහැල යන අය තමන් ඉපදුනෙ ඇයි කියල දුක් වෙන්න ඕනි. මම ඒ අතරින් අපේ තාත්තට ගරු කරනව.එයා කවදාවත් අපේ ගෙදර අම්ම වැඩකාරියෙක් කලේ නැ..ගෙදර ඉන්න දවසට මට මතකයි තාත්ත තමා අපේ ඉස්කොල ඇදුම් ඔක්කොම හෙදුවෙ..අම්ම එක්කම උදෙම නැගිටල අම්මට උයන්න උදව් කලේ.මම පැහැදිලිව දැකල තියෙනව සමහර පිරිමි කුස්සිය පැත්ත පලාතට යන්නෙ නැ..ගෙදර හැමදෙම අතට කරල දෙනවා...මොන හේතුවකට එහෙම ඉන්නවද තමන් එහෙම ඉන්න සුදුසුයි මම හෙන පොරක් කියල හිතනව ද මම දන්නෙ නැ..හරි ඇති මොළයක් තියෙන දරුවෙක්ට එහෙම පියෙක් ගැන හිතේ නිසි ගෞරවයක් හැදෙයි කියල මම හිතන්නෙත් නැ.

ඇයි බැරි කලින් ගෙදර ආපු සැම්යට රැට කැම ටික උයන්න ලැස්ති කරගන්න බිරිඳ එන කං.බිරිඳට තේ කොප්පයක් හදල දුන්නම අත කැඩෙනවද පහුවදාට ඔෆිස් යන්න බැරි වෙනව ද ? මට හරි පුදුමයි වෙලාවකට මේ බහුතරයක් පිරිමි ලඟ තියෙන මහන්තත්ත කමට .කොහෙන් ආපු එකක් ද ? බිරිඳක් කියන්නෙ අර බඳින්න කලින් සුරතින් කරපු දේ කර ගන්න ලැබුන මැශිමක් හෝ රෙදි හොදන මැශිමක් හො දරුවන් වඳන රකින් මැශිමක් නෙවෙ කියන එක තෙරුන් ගන්න සමාජයෙ ඉහල බුද්ධි මට්ටම් වල පිරිස් සමඟ රජකාරි කරන බහුතරයක් පිරිමි නොදැන ඉන්න එක මට පුදුමයක්.

තමන් වැඩට යනව නම් තමන් ගෙ බිරිඳ ගෙදර ඉන්නව නම් ලංකාවෙ බස් වල තැළිල පොඩි වෙලා ඇවිත් මහන්සි නම් රැට උදව් වෙන්න බැ කියමුකො.ඒත් ඇයි බැරි උදේම නැගිටින්න තමන්ගෙ බිරිඳ එක්ක.මුකුත් එපා අඩුව තරමෙ උදේම ඇය එක්කම නැගිටලා කුස්සියට ගොඩ වෙන්න.ඇය උයන කං ඇය අසලින් වාඩි වෙලා ඉන්න.ඒ දේ හොඳටම ඇති යහපත් බිරිඳකට.එහෙම නැතුව උදේ 4 ට නැගිටල බිරිඳ කුස්සියේ ඔට්ටු වෙද්දි ඒ බිරිඳට ආදරෙ කරද්දි බඳිද්දි මම ඔයා ලගින්ම ඉන්නව පැටියො කියපු සැමියා ගොරෙද්දි දාගෙන නිදා ඉන්න කොට ඒ බිරිඳට දවස පුරාවටම ඔබ ගැන සුභවාදී හැගීමක් ඇති වෙයි ද?ඇය අතින් උයන කැම ටික රසවත් වෙයි ද ?

මේව ගැන කියන්න  ගියොත්  ලියන්න එව නම් හිතට එනව ඒත් ඕව ලියල තෙරුමක් නැ.මම පටන් ගත්තෙ මේව ලියන්න නෙවෙ ගීතයක් ගැන කියන්න.මේව මම සමාජෙ විවාහ වුන පිරිස් ගාව දැකපු අඩු පාඩු..මට මේව එයාලගෙ මූනට කියන්න බැරි නිසා ආවෙගෙට ලිය වුනා. ගීත රසය නැති කලා නම් පැන්ඩට සමාවෙන්න.

 ඔන්න මම කට පියා ගත්ත.





Thursday, January 20

පැන්ඩගෙ රථ ගාය. වරද්ද ගන්න එපා රත ගාය නෙවෙ

මේක පැන්ඩගෙ ජීවිතෙ හා සම්බන්ධ කතාවක්.ඔන්න මුලින්ම කිව්ව නැත්තං බලල ඉවර වෙලා පැන්ඩ ගෙ කරට ගොඩ වෙයි වැඩක් නැති එව ලිව්ව කියල.හැමොම වගේ බ්ලොග් වල තම තමන් ගැන ලිව්වට මම එහෙම කලේ නැ වගේ.මම ලිව්වෙම මට එන අදහස් විතරයි.ඒත් අද ලියන්නෙ පැන්ඩ ගැන.වැඩක් නැ කියල හිතේ නම් මෙතනින්ම ආපහු හැරෙන්නත් පුලුවන් ඔයාලට.

 ඔන්න ඕකනෙ වැඩෙ පැන්ඩ දෙයක් කියන්න ගියාම වැල් වටාරං වැඩි නේද.අපේ අම්ම නම් කියන්නෙ වැල් වටාරං නැතුව කියන දේ කියන්න කියල .එත් එහෙම බ්ලොග් ලියන්න බැ නෙ නේද ?


මේක පොඩි කාලෙ මට තිබ්බ ලෙඩක් හැබැයි සනීප වුනෙ නැ තාම.අසාධ්‍යය වෙලා හිටිය හුගාක් කල්.පස්සෙ ටිකක් අඩු වුනා.ඒත් හිටි ගමන් අඩු වැඩි වෙනව.

රථ ගාය කියන්නෙ බොහොමයක් පුන්චි ලමයින්ට හැදෙන ලෙඩක්.නමුත් මේක සමහර අයට නිසි වයසට එන කොට මේව වෙන වෙන ඒව හින්ද සනීප වෙනව.රථ ගාය සනීප කරගෙනම කාලයත් එක්ක ගැටයන්ට‍ හැදෙන ලෙඩක් තමයි මදන ගාය.පැන්ඩට අනිත් ඒවත් හැදුන නිසි වයසට හැබැයි අරක සනීප නොවී.ඒ හින්ද නිතර "එයාගෙ කතාව වාහන ගැනමයි" වගේ ඒව අහගත්ත


කොහොම හරි පැන්ඩට ත් ඕක හැදුන ළදරු අවධියේදීම.මේ නම හැදුවෙ අපේ එරංග අක්ක වගේ තමා මතක.

රථ ගාය.ඕකෙ ප්‍රධාන රොග ලක්ෂණ මේව.වාහනයක් දැක්කම කෙළ හලාගෙන එක දිහා බලා ඉන්න එක.අතක් පයක් කැඩිල ඇඩුවත් වාහනයක ඩ්‍රයිවින් සීට් එකෙ වාඩි කරවල ස්ටියරින් එක අල්ල ගන්න දුන්නම අඬන එක නැවැත්තීම.කතා කරන්න පුලුවන් වෙන කොට වාහන සහ එහි කොටස් පෙන්න පෙන්න ලග ඉන්නෙ අයගෙන් ඒ මොකද්ද එකෙන් වෙන්නෙ මොකද්ද ඒක නැත්තං වෙන්න මොකද්ද ඒ කැල්ල අනිත් එකෙත් තියේද වගේ රටේ නැති ප්‍රශ්න විමසා වධ දීම.යන්තං අඩු පඩු දික් වෙන කොට ඒව පැදවීමට උත්සාහ දැරීම.වාහන ගේම් හැර අනෙකුත් සියලුම පරිඝනක ක්‍රිඩා ප්‍රතික්ශේප කිරිම.විඩියො එකක් බැලුවොත් එක වාහන හා සම්බන්ධ එකක් වීම.ෆිල්ම් එකක් බැලුවොත් වාහන හා සම්බන්ධ එකක් වීම.ටික කාලයකදී වාහනයක හඩින් පවා ඒ වාහනයෙ වර්ගය ප්‍රකාශ කිරීමට හැකි වීම.ටික ටික තමා අවට ඉන්න වාහන ගැන උනන්දු අය වාහන ගැන තොරතුරු විමසීමට පැමිනීම.කෙල්ලෙක් ඉන්න කාලෙක "ඔයාට ඉතින් මට වඩා ලොකු ඔය යකඩ ගොඩවල් " යැයි බැණුම් ඇසීමට සිදු වීම.සියළුම motor show වලට නොවරදවා සහභාගි වීම.ගෙදරම වාහනය ගලවා අළුත් වැඩියා ඇරඹීම සුළු පාඩු මුලදි වුවද. සම වයසෙ අනෙක් මිතුරන් ගැවසීමට කැමති තැන් නොව වාහන ගැරේජ් වල බොහොම කැමැත්තෙන් ගැවසීම වගේ එව තමයි. 

ඔය රොග ලක්ෂණ සියල්ලම පැන්ඩට තියේ.මේ තියෙන්නෙ සාක්ෂි.
ඔය ඉන්නෙ පැන්ඩට වයස අවුරුදු දෙකෙ දි.හිනා වෙන්න කියන්න ඕනි නැ වාහනයක් ලඟින් තිබ්බම කොල්ල නිකන්ම හිනා වෙනව.

දන්නවද ඔය කට ඇද කරගෙන ඉන්නෙ ඇයි කියල.මට පස්සෙ කියපු හැටියට මාව අර උඩ තියෙන රතු පැජරො එකෙන් මේ ජිප් එකට නග්ගන්න හදන කොට එහෙම බැ මට පැජරො එකෙම යන්න ඕනි කියල මතයක හිටපු හින්ද.වයස අවු 2 දිත් වාහන වල වෙනස හොදින් අදුරල වගේ නේද ?

කොහොම හරි පැන්ඩ ඔහොම තත්වයක තමා ඉඳල තියෙන්නෙ.පැන්ඩ පොඩි කාලෙ කාලයක් තිබුන පැන්ඩල ට වාහනයක් නැතුව.පැන්ඩට බොහොම අමාරු අවධියක්.ඒ කාලෙ පැන්ඩ එකට පොඩ් විසදුමක් හොයා ගත්ත.ඒ තමා පැන්ඩ විසින් හදා ගත්තු පැන්ඩ ගෙ මායා රථය පැදවීම.


මේ මායා රථය අවස්ථානුකූල ව වෙනස් වෙනව.මේක වෙලාවකට බස් එකක් එහෙම නැත්තං ලොකු ප්‍රයිම් මූවර් එකක් නැත්තං කාර් එකක් වගෙ.මේක කරන්න මෙහෙමයි. මොකක් හරි පියනක් හොයා ගන්නව කුස්සිය පැත්තෙන් ස්ටියරින් වීල එකට.වැඩෙට හරියටම හරි අම්මගෙ දානෙ උයන සාස්පානෙ පියන.පස්සෙ කාලෙක ඕක අම්ම මට පැත්තකින් තියල ම තිබ්බ ඕනි වෙලාවක ගන්න.ඊට පස්සෙ සීට් එකට මේසයක් උඩින් වාඩි වෙනව.ගියර් එකට කොස්සක් හරියටම හරි.ඉතින් එලවන එකයි තියෙන්නෙ මගෙ මායා රථය හිතේ හැටියට.කටින් පොඩි සද්දයකුත් දා ගත්තම මරෙ මරු. දැන් නම් මතක් වෙනකොට හිනා කාල මැරෙනව.වැඩ ඉවරවෙලා තාත්ත එහෙම ඇවිත් හිටිය නම් ඔන්න එයාට ත් මගෙ වාහනෙට නගින්නම වෙනව.ඔය වගේ කතා නම් එමටයි.

පැන්ඩගෙ රථ ගාය සනීප නොවෙන්න එක හේතුවක් පැන්ඩගෙ ආදරණීය තාත්ත.එයාගෙ වාහන ගැන දැනුම සාමන්‍‍යයෙන් බොහොම ඉහළයි.ඒ හින්ද ඉතින් තාත්ත තමයි වීරය.පැන්ඩ පොඩි කාලෙම පැන්ඩ දන්නව වාහනයක ක්‍රියා කාරිත්වය පැන්ඩගෙ කෙලවරක් නැති ප්‍රශ්නයි තාත්තගෙ දැනුම යි හින්ද.දැනටත් පැන්ඩලගෙ වාහනය රෙපෙයාර් එකක් ආවම තාත්ත දන්නව මොන කැල්ලෙ ද කියල ඉතින් කැඩිච්ච කැල්ලත් එකට ඕනි අනිත් අනං මනං ඔක්කොම ඇරගෙන හයි කරගන්න විතරක් ගැරෙජ් එකට යනව.ගැරෙජ් එකට ගිහින් ආයෙ බඩු ගෙන්න කියල යන්න ඕනි නැ.

 පැන්ඩල ගෙ දෙමාපියො බොහොම දුක් මහන්සියෙන් රැකියා කරල මුදල් ඉපයපු අය හුගාක් සල්ලි තියෙන අය නෙවෙ හින්ද පැන්ඩලට සුපෝබභොගී වාහන ගන්න බැ.යන්තං වැඩෙ කරගන්න පුලුවන් වාහනයක් ගන්න එක තමා කරන්නෙ. පැන්ඩට මතකම වාහනෙ තමා කොරොල්ල කාර් එක.එතකොට පැන්ඩ ඉස්කොලෙ එ ලෙවෙල් කරනව.පැන්ඩ තමා ගිහින් වාහන හොයල තොරල ඔක්කොම කලේ..තාත්ත ආවෙ අන්තිමට ගණු දෙනුව කරන දවසෙ තමයි.

ඒත් පැන්ඩටයි තාත්ත ට යි හරිම අසාවක් තිබ්බ මේ 4DR5 ජීප් එකක ට.පැන්ඩට නම් දකිද්දි ආසවෙ බැ.හැබැයි පැන්ඩට ඕනි ඕක පොඩ්ඩක් වැඩ කිඩ දාල මොඩිෆයි කරන්න.ඒත් තාත්තට ඕනි ඔරිමජිනල් තත්වෙට හදන්න අනං මනං වැඩ නැතුව.ඕක තමයි ඝට්ටනෙ.හුගාක් ජීප් මොඩ්ෆයි කරල.ඔය ජීප් එකෙ එන්නෙ ඇමරිකන් ස්ටයිල් එකෙ ස්ට්යරින් ගියර් ලීවර් එකක් එත් හුගක් අය ඔව ෆ්ලො බොර්ඩ් කරල එහෙම නැත්තං පවර් ස්ටියරින් තියල එහෙම නැත්තං ට‍්රබො එන්ජින් තියල හොදටම වෙනස් කරලා.කොහොම්න් කොහොම හරි ඔහොම මුල් තත්වෙ තියෙන ජීප් එකක් අපි හොයා ගත්ත.

 ජීප් එක ඇරගෙන සතියෙන් මෙන්න බොලෙ අපේ තාත්ත තඩි පොතක් පෙරලගෙන ඉන්නව.බැලුවම ජීප් එකෙ පාට්ස් මැනුවල් එක.නෙට් එකේ වත් නැ හලො.මාත් පස්සෙ නොන්ඩියට හොයල හොයල යුසර් මැනුවල් එකයි වර්ක් ශොප් මැනුවල් එකයි ෆොරම් එකක් දාල තිබිල භා ගත්ත.ඒත් අර පාට්ස් මැනුවල් එක නැ නෙට් එකෙ.තාත්තා ජිප් එක වෙනස් කරනවට බොහොම අකමැතියි.අඬල අඬල යන්තම් alloy wheel ටිකක් දාන්න කැමති කරව ගත්ත.




ඔය තියෙන්නෙ අපේ ජීප් පොඩ්ඩයි කාර් පොඩ්ඩයි.
alloy wheel දැම්මට පස්සෙ තාත්ත "පොඩි ගතියකුත් තියේ නේද පොඩ්ඩක් වෙනස් කරාම " කියල කිව්ව.සමහර විට මගේ ජිප් එක අමුතු කිරිමෙ අසාවෙ ආරම්භය වෙන්න ත් පුලුවන්.

මේ රථ ගාය හින්ද පැන්ඩ දැන ගත්තු දෙවල් දන්න දෙවල් සිද්ධි නම් බොමයි..ඒත් ඔව ඔක්කොම ලියල බ්ලොග් එක කියවන අයට එපා කරවන්න බැ.රථ ගාය තියෙන්නෙ මට නෙ.

හරි හරි බනින්න එපා.මේක ලියල ඉවරයි තව මේ ලිපිය දික් ගස්සන්නෙ නැ.ඔන්න ඉවරයි.

එත් හලො මේ වාහන ගැන කියනව නම් ... අඩො පැන්ඩ කට වහපිය දැන් තො ඔක නවත්තනව කිව්ව නේද ? හරි හරි ඔන්න කට වැහුව.ඒත් මචං ජිප් නං.. ඔන්න ඕක අල්ල ල කට ගැට ගහපං

* රත් පැහැයෙන් දක්වා ඇත්තෙ පාඨක ඔබේ ප්‍රතිචාරය විය හැක.

Tuesday, January 18

අසභ්‍යත්වය

image extract from :http://diglloyd.com/diglloyd/2008-07-blog.html

උදෙ හවා

මම දකින

හෝදන පිහදාන

මගේ මේ ශරීරය

අන් හට

නිරාවරණය වූ සැණ

අසභ්‍ය වන

ලෝකයේ අපූරුව

Thursday, January 6

1000 ගණන් යාළුවො උන්නාට..


නුඹෙ මූණු පොතේ 
දාන දාන වැකියට
කමෙන්ට් ඔබන්නට
දාන දාන පින්තුරෙට  
ටැග් එක ගසන්නට
  යාළුවො නොඅඩුව
නුඹ හට උන්නාට

ලප නොම වතින්
රිය සක වැනි පුළුපලුකුලින්
 තිසරුන් බඳු පිරුණු ළැමින්
නැබ වට කර ඇඳි පච්චෙන් 
  හැඩ වූ කෙල්ලන්
ලිස්ට් එකෙ උන්නාට

හිටිය ද එකෙක්
මගුලේ උදව්වට
මාම ගෙ මළ ගමට
කැඩුනම උඹෙ කකුල

දුටුවෙ නුඹෙ අසලින්
හැමදා උන්නු
මිතුරො මිතුරියො
පමණකි සබඳ

Monday, January 3

ලොල් වී කෙළ වීම


රසට ලොල් වී 
කොහු අඹයක් බව
අමතක කර
උලා කෑ උඹට
යස පාඩම

දත් අතර හිරවූ
අඹේ කොහු සමග
කොනහ කොනහා
දැන් ඉතින් විදවපන් 


Related Posts with Thumbnails