Friday, March 25

(රම) (මර) ණය


කෙනෙක් සැනසීමට
මරණය පතයි
තවකෙක් සැනසීමට
රමණය පතයි
එකම අකුරු සතරකි
වෙනස් අරුත් දෙකකි
අහෝ අවසානය දුකකි.



 

Friday, March 11

පැන්ඩා, Euthanasia , සහ Guzaarish හි හින්දි චරිත


Guzaarish , සන්ජේ ලීල භාන්සාලි කියන සුප්‍රසිද්ධ ඉන්දියානුවගෙ තිර පිටපතින් හා අධ්‍යක්ෂණයෙන් එළි දැකපු ගුසාරිශ් ච්ත්‍රපටිය හින්දි ච්ත්‍ර පට අතලොස්සක් විතරක් නරඹපු පැන්ඩ ගෙ හිත වශී කළා.


අනුකම්පා සහගත මරණය
හෙවත් euthanasia
අයදින කඩවසම් ඔහු
12 වසරකට පෙර
ඊතන් මැක්ස්කරේනස් නමින්
මැජික් ලොව මර්ලින් ලෙස
දහස් ගණන් සිත් 
අමන්දා නන්දයට කැඳවාලූය

ගෙල සිට පහලට  
කිසිඳු සංවේදනයක් නොවිඳින
ඊතන්ගේ ජීව ගුණයෙන් පිරි සිත
සොෆියා ඩී සූසා නම් 
සුරූපි යුවතිය හා බැඳි
නෙවිල් ඩී සුසා නම්
කයින් නිරොගී පුරුෂයා පැරදීය

කෙටියෙන්ම කිව්වොත් ෆිල්ම් එක බොහොම අපුරු දෙවල් රැසක් අපේ හිත් වලට හිතන්න ඉතුරු කරල ඉවර වුනා. Euthanasia එහෙම නැත්තං අනායාස මරණය කියන එක ගැන මුලින්ම මම අහල තිබ්බට චුට්ටක් හරි හොයල බලන්න හිතුනෙ මේකට පස්සෙ.

මෙක විවිධ පරාසයන් ඔස්සෙ ලොකෙ විවිධ තැන් වල කතාවට ලක් වුන මාතෘකාවක්. ඒ වගේම euthansia කියන එකේ ප්‍රහේද බොහොමයක් දකින්නට ලැබෙනව.බෞද්ධයෙක් විදිහට මම අනායාස මරණය හා ඒ පිලිබඳ බෞද්ධ ඉගැන්වීම් ගැන හොයා බලන්න උත්සාහ කලත් මට තියෙන කාලයයි අපේ කාලෙ අපි හැමදේටම පෙරලන ගූගල් දෙයියොයි මෙකෙදි එච්චරම පිහිට වුනේ නැ.


ඒත් එක දෙයක් දැන ගන්න ලැබුන ථෙරවාද බුදු දහමට අනුව අනායස මරණය සලකන්නෙ අකුසලයක් විදිහට. අජාන් හිමියන්ට අනුව කෙනෙකුට මරණය කරා ලගා වීමට උදව් කිරීම හො ඊට අනුබල දීම දයාවෙ ලක්ෂනයක් ලෙස සළකන්න බැ.ඒ හින්ද මෙතෙන් දි වෙන්න ඕනි ඒ පුද්ගලයට දුක හා වෙදනාව අවබෝධ කොට නැති කිරිමට ඔහුගෙ විදර්ශනාව අවදි කර ගැනීමට උදව් කිරිමයි. 
 ඒ වගේම භික්ෂුන් උදෙසා පිළිවෙත් සඳහන් වන පාටිමෝක්ක යෙත් මේ මරණයට උදව් දීම හෝ ඒ සඳහා පෙළඹවීම සංඟ සමාජයෙන් ඉවත් කිරිමට තරම් හේතු වන දෙයක් විදිහට සලකනව.

ලොකෙ විවිධ ජන කොටස් වල ආගමික පසු බිමත් එක්ක සමාජීය පසු බිමත් එක්ක බැඳිල තර්ක වලට සංවාද වලට තුඩු දුන්න මතෘකාවක් තමයි මේ euthanasia.පැන්ඩට වෙලාවක් ලැබුන ගමන් මේක ගැන හොයන්න හිතිල තියෙන්නෙ.ඒ දෙවල් වල වැදගත් කම සලකල ඒව ඔගොල්ලන්ටත් පස්සෙ දැනුම් දෙන්නම්.

මේ කතාව සන්ජේ ලීලා භන්සාලි විසින් බොහොම අපුරුවට ගොඩ නගල නවත්තපු තැන ඉඳන් ඉදිරියට ගියොත් ඊතන් මැක්ස්කරෙනස් කියන පුද්ගලය සහ ඔහුගෙ රෝගී කයට බැදුන නිරොගි උසස් මානසික මට්ටමකින් හෙබි සත්පුරුෂ හිත මම හිතන්නෙ නැ සොෆිය ඩී සුසා නම් සුරූපී යුවතියත් එක්ක සිදුවූ විවාහයෙන් සහ ඔහුගේ සමු ගැනීමෙ සාදයෙන් පසු ඇගේ සහයෙන් යුතුව අනායස මරණයකින් කෙළවර වෙයි කියල.

ඒක ගැන එතැන් සිට කතාවක් මට ගොඩ නගල ලියන්න හිතෙනව..බලමු වෙලාව මට කොයි තරං දුරට මේව එක්ක වැඩ කරන්න ඉඩ දෙයිද කියල.ඒත් ඒ කතාවෙ ගොඩ නගපු ඊතන් කියන චරිතය තමන් ව්ඳින වේදානාව සමඟ ඇතිවූ මරණයට ලැඳි සිත මැක්ස්කරෙනස් මහත්මියගෙ සුරුපී ආදරය ඉදිරියේ අනිවාර්යෙන්ම පවා දෙයි.

කෙනෙකුට හිතෙයි ගෙලින් පහළ පණ නැති පුරුෂයෙක් ට පුලුවන් මොනාද කියල.සොෆියා ඩී සූසා ගෙ සුරුපීත්වය සහ ඇගෙ පිරිණු දෙපා යුග ගැන දොඩවන මේ පුද්ගලයාට ප්‍රාණවත් වෙන ලිඟුවක් වත් නැ නේද කියල.ඒත් ලිඟුව හො අත් පා කියන්නෙ ශරීරයට සම්බන්ධ තවත් සංවෙදකයක් පමණයි..ඒ සංවෙදනයට අනුව ඇතිවන සිතිවිලි වලට තමයි මිනිස්සු ලොල් වෙන්නෙ.ඒ සංවෙදනය ගෙනහල දෙන සංවේදක අවයවය මේ මුළු සිද්ධියේම පුංචි කොටසක් විතරයි.කෙනෙකුට තියෙනව නම් අපූරු හිතක් සහ ඒ හිත අවදි කරන්න තරම් සංයමයක් හා උසස් මානසික මට්ටමක්  මම පෞද්ගලිකවම විශ්වාස කරනව සංවෙදක අවයවයකින් එන සංවෙදනයකට සමානවම අපේ හිත අවදි කරවන්න අපිට පුලුවන් ඒ සංවෙදනයෙන් තොරවම.
ඊතන් මැක්ස්කරෙනස් කියන මේ අපුරු සිනමා චරිතය ඒ ශක්තියෙන් හෙබි බව කිසිදු සංවේදනයන් නොමැති ඔහුගේ දෙපා සම්භාහනයේදී ඔහු විසින් නගන අපුරු හඩින් ඔහු විසින් තම සිත ඊට අදාලව සංවේදන ලැබුන අවස්ථාවක සේම අවදි කිරීමට‍ සමත් බව හැගෙනව.

මොකො හිතෙන්නෙ......


හොඳ සිනමා නිර්මාණයකට අපුරු කතිකාවත් ගොඩ නගන්න මිනිස්සුන්ගෙ හිත් වලට බලපැම් කරන්න වගේම මේ වගේ මෙලො රහක් නැති බ්ලොග් ලියවෙන්නත් හේතු වෙන්න පුලුවන් කියල දැන් තෙරෙනව නේද ?



Wednesday, March 9

මොකුත්ම ලියවුනෙ නැත්තෙ රයිටර්ස් block හින්ද ද නැත්තං එක්සැම් හින්ද ද?

පැන්ඩ නිකං ඔහේ ලියාගෙන යන්න හදන්නෙ..ඔහේ කියවල බැලුවට කමක් නැ..නොබල ගියාට තරහකුත් නැ..හැබැයි ඕං අද විතරයි.


පැන්ඩට එක්සැම්..දැයට කිරුළ හින්ද එක්සැම් එකටත් කිරුළ ලැබුනා..කොච්චරද කිව්වොත් මාස එක හමාරක් විතර සෙමෙස්ටර් එක්ක පස්සට ගිහින්..ලංකාවෙ එකම අන්‍ රෙස්ට් දුවන කැම්පස් එක හින්ද වෙන්න ඇති ඒ කිරුළ අපිට ලැබුනෙ..

දැන් කොහොම හරි අනං මනං නිවාඩු හින්ද එලියට විසික් වෙන්න තිබ්බ කාලය මාස 3කින් විතර කල් ගියා.ඔය ජරමර අස්සෙ පැන්ඩ සබ්ජෙක්ට් එකක් ඇණ ගත්ත කැම්පස් ජිවිතේ ප්‍රථම වතාවට..පෙරළුන පිට හොඳයි කියල මාත් තදය වගේ හිටිය සබ්ජෙක්ට් එකක් රිපිට් වුනේ නැත්තං කැම්පස් එකෙ ජිවිතෙන් වැඩකුත් නැ කියල.ඒ වුනාට හිත යටින් පුන්චි දුකක් තිබ්බ මගෙ රිසල්ට් ගොඩට හා හා පුරා කියල එකතු වෙන C pass එක ගැන..ඔහොම තමයි ලාභ අලාභ දුක සැප යස අයස නින්දා ප්‍රශංසා කියල මම මගේ හිතටම කියා ගත්තා.


අනං මනං අස්සෙ බදුල්ලට යනකොට බදුල්ලෙ බහුතරයක් නාය ගිහින්..අහින්සක මිනිස්සු තවත් අමාරුවෙ වැටිල..ආමාරුවෙන් ණය අරගෙන හදා ගත්තු ගෙවල් වල ණය ගෙවන්නත් කලින් ඒව අතහැරල යන්න වෙලා හුඟක් අයට.ඒ අස්සෙ පැන්ඩිගෙ මාම ගෙ ග්‍රාම සේවක වසම අනාථ කඳවුරෙ ළමයි ආපහු යන්න බැ කියල අඬනව ලු..පස්සෙ හිමින් සිරුවෙ කාරණාව හොයල බැලුවම අනේ අහින්සක දරු පැටවු තුන් වෙල බඩ පිරෙන්න කාල සතුටින් ඉඳල තියෙන්නෙ කඳවුරෙ ඉන්න කොට..ගෙදර දි තුන් වේල බඩට කන්න විදිහක් නැලු.

ඔය ඔක්කොම අස්සෙ හදිස්සියෙ කොළඹ ආවම මෙන්න බොලෙ කොළඹ පාර වල් වල ෆෝර්ඩ් කොබ්‍රා , චෙවලට් කැමිරො, හමර් දුවනව...එකම රටෙ කිලොමීටර් 400 ක් දුරින් වෙනස.


විභාගයක් කියන්නෙ කොච්චර දුර්වල ක්‍රමයක් ද ලමයෙක් ගෙ හැකියාව මනින්න කියල මට හිතුන..පැන්ඩ ගෙ බැච් එකෙ දක්ස කෙල්ලෙක් කොච්චර හොදට වැඩෙ කලත් කරපු ආන්සර් ෆයිල් එක අප්ලොඩ් කරන කොට පරිඝනකයේ අඩු පාඩුවක් හින්ද එක වෙනස් වුනා..දැන් ඒ ළමයට ලැබෙන ප්‍රතිඵලේ ඒ ලමයගෙ දක්ස කම අගයල ලැබෙන එකක් නෙවෙ.

පැන්ඩගෙ ආදරෙට ඔව අස්සෙ අවුරුද්දක් පිරුණ..ඒක සමරන්න අපි දෙන්න එකතු කරපු සල්ලි අපි දෙන්නම ඉළන්දාරියගෙ ගිණුමට බැර කලා..ඊට පස්සෙ දැනුන සතුට ඒ සල්ලි ටිකෙන් කාල බීල ඇවිද්දට වඩා හරිම අමුතුයි..හැමොම දන්නව නේද ඉළන්දාරියගෙ විස්තරෙ..ඔය මගෙ බ්ලොග් එක උඩ දකුනු පැත්තෙ තියෙන්නෙ...ඔයාලටත් තාම අවස්ථාව තියෙනව කොල්ලට උදව්වක් කරන්න.

විභාගෙ කාලෙ තවත් විශේෂයෙන් මතක් කරන්නම ඕනි බ්ලොග් සගයෙක්.ඒ තමයි කේශාන්..අර කේශාන්ගේ අන්තර්ජාල අවකාශය කොලු ගැටය..ඇස් වහක් කට වහක් නැ බොහොම හොඳට දැණුම් තෙරුම් තියෙන කාරණා කාරන අවබෝධ වෙන කොල්ල.වැදගත්ම දේ එක නෙවෙ.තමන්ගෙ දැනුම තමන් පැය ගණන් වෙහෙසිලා අවබෝධ කරගත්තු දේ අපි කම්මැලිකම හින්ද හොයල නොබලපු සහ අපේ බුද්ධි මට්ටමට නොතෙරුණ කාරනා බොහොම නිර්ලොභීව හැමොම හෙට විභාගෙ කියල පොත් පෙරලගෙන දඟලද්දි නොතෙරුන අපි වෙනුවෙන් තමන්ගෙ වටිනා කාලය යොදාගෙන අපිට කුප්පි දැම්ම.බොහොම පින් මචං.මේ පිනම ඇති උඹට වැඩි වැඩියෙන් තවත් කාරණා කාරනා ආදිය මතක හිටින්න අවබෝධ වෙන්න.

පැන්ඩට තවත් මතක් කරන්න ඕනි එකෙක් මතක් වුනා.මගෙ රූම නිශාන්.ඕනි දෙයක් ඇහුවම නැ බැ නොකිය පොතේ තිබ්බ තැනත් එක්කම ආපහු කියයි.අපි ව්භාගෙ අස්සෙ පුන්ච් බ්‍රෙක් එකට ගෙදර දුවගෙන එන කොට ඌ එහෙ ඉඳගෙන රැ නිදි මරාගෙන තවත් කොල්ලො ටික කට ස්ටැට් කියා දෙනව.උඹටත් ඉතින් තෙරුවන් සරණයි බොහොම පින්..පැන්ඩට කරන්න පුලුවන් උදව්ව තියෙ නං ඕනි වෙලාවක උඹල වෙනුවෙන් කරනව.

මගෙ නම් මතක ශක්තිය බොහොම දුර්වලයි..ගිය සෙමෙස්ටර් එකෙ ඉගෙන ගත්තු සබ්ජෙක්ට් එකෙ නමත් අමතකයි මේ සෙමෙස්ටර් එකට එනකොට..අනේ මන්ද.අපේ අම්ම නම් කියන්නෙ වයස අවුරුදු 5 විතර ඉඳන් නිර්මාංශ වුන හින්ද කියල.හාල්මැස්සෙක් වත් මට කවන්න පුදුම ගේමක් දෙනව.ඒව කොහෙද පැන්ඩ එක්ක..මමත් ඉතින් රටෙ නැති තර්ක ඉදිරිපත් කර කර මගෙ නිර්මාංශ පිලිවෙත දිගටම ගෙනියනව.

අනේ මන්ද ඔහේ ලිව්ව..කටවත් වැඩකට ඇති දෙයක් නම් ලියවෙන්න නැතුවත් ඇති..ඒත් මගේ හිතට හොඳයි.ආ තවත් එකක් වෙල්ලස්සෙන් බ්ලොග් අවකාශෙට තවත් කොල්ලෙක් ආව...බ්ලොග් ලියන්නෙ හගුර කියල..හරිම හිත හොඳ කාටවත් කරදරයක් නැති  එළ කොල්ලෙක්..පොඩ්ඩක් බලන්නකො. 

පැන්ඩ ගෙ හෑල්ල මෙතනින් ඉවරයි...ආයෙත් බ්ලොග් නොලියන්නත් ඉඩයි..ඒ තරමට කිසිම ගැම්මක් නැ මුකුත් ලියන්න...අනේ මන්ද පැන්ඩට මක් වෙලා ද කියල.පොඩ්ඩක් බලමුකො මොකක් වෙයිද කියල.ඒ මේ අස්සෙ pageviews 20,000 (පැන්ඩව කවුන්ට් නොවෙන විදිහට කුකී එක ඉන්ස්ටොල් කරල තියෙන්නෙ) ත් පැනල..අනේ මන්ද..



Related Posts with Thumbnails