Saturday, May 21

අපේ පහන් කුඩුව පැන්ඩට දැනුන හැටි

දැන් ඔන්න අපේ එවුන් දැක්කොත් කියයි තාම මූ ඕක අල්ලගෙන කියවනව ද කියල.ඔව් කියවනව තමයි මොකො අතේ කරගැට තාම බැහැල නැ.කකුලේ තුවාල තාම සනීප නැ.කුඩුවේ ලස්සන දැකල හිතේ ඇති වුන තංතොසේ තාම ඉතිරෙනවා.කතා කරන අහන දකින අය කුඩුව ලස්සනයි හොද වැඩක් කලේ කියනව කුඩුව හදන්න සල්ලි මදි වුනාම ණය වුන ණය කාරයො ගැණ රැ තිස්සෙ මතක් වෙනව ඉතින් මම හැමදේම කතා කරන මගේ බ්ලොග් එකෙත් එක ගැන ලියන එක වැරදි නැ නේද ආයිබොං.

 ඔය තියෙන්නෙ බැබලි බැබලි අපුරුවට අපේ පහන් කුඩුව.මේක නිර්මාණය කලේ අපේ විශ්ව විද්‍යාලෙ computer science එකෙ කොල්ලො කෙල්ලො ටික තමයි.ඕන් ඔය වැඩ හින්ද තමා බ්ලොග් පැත්තෙ කරක් ගහන්නත් බැරි වුනේ.අපේ දිලුම් සහොදරයගෙ අවසන් ගමන ගැන නිසි තොරතුරු නොලැබුනෙත්.මේ වෙලාවෙ මම අපේ දිලුම් අයියට කිසි දිනක සැබැවට හමු නොවූ අපේ සයිබර් මිතුරාට පැන්ඩා නිවන් සුව පතනව.අපි මේ පහන් කුඩුව හදල හුදී ජනයාගෙ හිත් පහන් කල පින දිලුම් අයියාට අනුමොදන් වේවා කියල ප්‍රාර්ථනා කරනව.

ඉතින් විශ්ව විද්‍යාලෙ ගොඩ වැදුන අපි අපේ ජිවිත අධ්‍යන කටයුතු අස්සෙ හිර කරගෙන ඉන්න කොට මීට වසර දෙකකට විතර කලින් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද පාදාංකරය කියන අපේ අලුත් කැම්පස් එකෙ කුළුදුල් ප්‍රදර්ශනයට එකතු වුනා.එතෙන්දි අපි දිලා (දිලරුවන් අපේ රෙපා) ගෙ මූලිකත්වයෙන් අපි කොල්ලො කෙල්ලො ටිකක් සෙට් වුනා.අපේ හැකියාවන් අදුර ගත්ත.විශේෂයෙන්ම දිල් රුවන් රිජිෆොර්ම් වලින් අනිත් අය දාන කැටයම් වැඩ ලී කැලි වල දාන හැටි දැක්කම විද්‍යා අංශයේ ඉන්න මේ කොල්ල ගැන අපි ආඩම්බර වුනා.පාදාංකරය හදල ඉවර වෙනකොට දිලරුවන්ගෙ මූලිකත්වයෙන් අපි හිතුව කැම්පස් එකෙන් යනකොට නම් කුඩුවක් ගහලම තමයි යන්නෙ කියල.ඒත් ඉන් පස්සෙ ආපු වෙසක් වලදි මේකට විවිධ බධාවන් ආව.


කොහොම හරි අපි විශ්වවිද්‍යාලෙ ගත කරන අවසාන වසර හින්ද නැවතත් අපි අපේ අදහස විශ්වවිද්‍යාලයට සම්බුද්ධජයන්ති වෙසක් මංගල‍ය වෙනුවෙන් ඉදිරිපත් කලා.දෙන දෙයියො පැන පැන දෙනව කියනව වගේ කැම්පස් එක අපේ අදහසට අනුමැතිය දුන්න විතරක් නෙවෙ මුළු කැම්පස් එකෙම වෙසක් කළාපයක් නිර්මාණය කරන්න හිතුව.කැම්පස් එකෙ ගහන්න හිටපු එක කුඩුව වෙනුවට හැම අධ්‍යන අංශයක් විසින්ම කුඩුවක් නිර්මණය කලා.

 ඉතින් අපිත් අපේ කුඩුව හදන්න ගත්ත.මහ කුඩුව අඩි 14ක් උසට ඒ වටේට උඩින් සහ යටින් නෙලුම් මල් 6 බැගින් 12ක් සහ එක නෙලුම් මලකට පැටව් 6 ගානෙ 72 ක්.මේ ඩිසයින් එකෙ සම්පූර්ණ අයිතිය දිලා ගෙ.ඊටපස්සෙ මුලින්ම කුඩුව බේර ගන්න ගැහුව නියම හට් එකක්.අපිට ඉන්නව එක කොල්ලෙක් පුවක් කොටෙ වලල්ලක් නැතුව නැගල අනිත් පැත්තෙ එවුන් ඉනිමගෙ නැගල ගැටගහන කල් පුවක් කොටෙ අල්ලන් එක අතකින් අනිත් අතින් ෆොන් එක අල්ලන් මල් කඩන්න පුලුවන් දක්ශ තරමෙ.ආඩම්බරයි නේද ?ඒ තමයි අපේ ඈයා.

ඊළගට කැටයම්.හැම කැටයමකම මුලීක ඩිසයින් එක ඇන්දෙ දිලා.කොල්ලො ටික එකතු වෙලා දිවා රැ නිදි මරාගෙන බඩට නොකා දිලාගෙ බොඩිමට වෙලා කැටයම් කැපුවා තාමත් මැවිල පේනව.බොඩිමට එද්දි උරහිස් රිදෙනව.පැටව් කුඩු වල සමහර ඩිසයින් වල 576 ක් ද කොහෙද තිබ්බ.ඔය වගේ එව්වා ගොඩායි.ඒ මදිවට වෙසක් නිවාඩුවට ඔං ටිකක් ගෙවල් වල ගොහින්.ඉන්න පිරිසත් සැහෙන්ට අඩු වුනා.

ඔය රැ පින්නෙන් බෙරෙන්න කැප් එකක් දාගෙන කැටයම් කපන්නෙ පැන්ඩා.පැන්ඩට එහා පැත්තෙ ඉන්නෙ ඉශාන්.ඉශාන් ල කැටයම් කපන්න වෙහසුන තරම කියලා නිම කරන්න බැ.සමහර දවසට උදේ 6 වෙනකං එක දිගට ඉශාන් කැටයම් කැපුවා.එහෙම කරල බොඩිමට ගිහින් ආයෙත් උදේ 10 වෙනකොට ඇවිත් වැඩ පටන් ගන්නව.එහෙම කැටයම් කපල හැඩ කරපු පැටව් 72 තමයි ඔය ඉන්නෙ.තව ඔය තියෙන නෙළුම් මල් 12 ත් හැම පැත්තකම හැම පෙත්තකම සිංහල පාරම්පරික කැටයම් වලින් හැඩ කරල තියෙන්නෙ.

ඊට පස්සෙ තව මතක් කරන්නම ඕනි දෙයක් තමයි විදුලි අලොක රටා.අපේ කුඩුවට අපි ෆැලැශර් කොට ගැහුවෙ නැ.IC programme කරල තමා සියළු අලොක රටා දැම්මෙ.මෙකෙදි මතක් කරන්නම ඔනි කොල්ලො තුන් දෙනෙක් ඉන්නව. මිලින්ද, කේශාන් සහ නිමේශ්.විශේෂත්වය තමයි මේකට ෆැල්ශර් කොටෙට තරම් වියදමක් යන්නෙත් නැ, ඒ වගෙම රටා හිතෙන විදිහට බොහොම පහසුවෙන් කුඩුව පෙන්වන දිනෙන් දිනට වෙනස් කරන්නත් පුලුවන්.අද තියෙන අලොක රටා නෙවෙ හෙට.මේ අලොක රටා කලින් සිමියුලෙට් කරල චිප් වලට දාන්න රටාව දුන්නම කේත ටික චිප් එකෙ ලියවෙන අපුරු පරිගනක මෘදුකාංගයකුත් මිලින්ද සහො හැදුවා කුඩුව වෙනුවෙන්ම.


මේ තියෙන්නෙ ඒ පරිපථ.පැන්ඩට ඔටො ට මිලින්ද ට දිලරුවන්ට ඕව අස්සෙ අත දාල ඒ දවස් වල කරන්ට් වැදුන එකත් ආතල් එකක් වෙලා තිබ්බෙ.කුඩුව හැදීගෙන සංතොසෙට 33000 වැදුනත් හිනා වෙයි අපි.

ඉතින් ඔන්න ඔහොම තමයි අපේ පහන් කුඩුව නිර්මාණය වුනේ.පුන්චි දුකක් තියෙන්නෙ අපේ කුඩුව ඩිසයින් කලේ කොටස් තුනකට පැති දෙකකට කැරකවෙන්න.ඒත් වෙසක් දවසෙ රෙසරයකට ගහල තිබ්බ වැල්ඩින් ඩොට් ටිකක් ගැලවුනා.රට වටෙ පැන්ඩ තඩි බඩ ගෙඩියත් උස්සගෙන ඇවිද්දත් ඊට කලින් පාස්සන වැඩ වලට එදානම් අපිට ඇරල තිබුන එකම වැල්ඩින් කරන තැනක් වත් සෙට් වුනේ නැ.ඉතින් හැමොම මූන වල් බෙරි කරගෙන කුඩුව තනි පැත්තට කැරකවෙන්න සෙට් කලා.
ඕං ඔහොම එකක් තමා ගැලවුනේ. කොහොම හරි සැහෙන වෙහසක් දරල අපේ කුඩුව මැද වැඩ ඉන්න බුදු රජාණන් වහන්සේලා තෙනමට මල් පුජා කරලා කුඩුව විවෘත කරපු දවසෙ ආපු සංතොසෙ කියලා නිම කරන්න බැ. නිදි මරපු අත පය ඇදිල හම ගිහිල්ල තිබ්බ වෙදනාවන් ඔක්කොම කොහෙන් ගියාද නැ.

ඉතින් මේ කුඩුව හදන්න මුදලින් ශ්‍රමයෙන් එක දාඩිය බින්දුවකින් හරි දායක වුනා නම් ඒ හැමොටම පැන්ඩගෙ ස්තූතිය.ලංකාව හතර දිග්භාගෙන් ආපු අපිව එකතු කරපු අපිට මේ අවස්ථාව දීපු අපේ විශ්වවිද්‍යාලයට අපේ ගෞරවනීය ප්‍රණාමය.

අන්තිම දවසෙ රැ කුඩුව වහන කං ඒ ලගින් වාඩි වෙලා උන්නු මගේ හිතට දැනුන සතුට අදත් මට වචන වලට පෙරලන්න බැ.ඒක විදින්න පින තියෙන්න ඕනි.කුඩුව වටේ එකතු වුන අපි හැමොටම ඒ පින තිබ්බ.

විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරපු තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නත් අපේ කුඩුවට පුලුවන් වුනා.ඒත් අපිට සංතොෂ ඒ හින්දම නෙවෙ.මේ බදුල්ලට පිට පළාත් වලින් ආපු අපි බදුල්ලෙ අහිංසක මිනිස්සුන්ට අපිට නවතින්න නවාතැන් දුන්න කන්න කැම ටික දුන්න අයට බලන්න හොද කුඩුවක් හදපු එකට."මුළු බදුල්ලටම , බණ්ඩාරවෙලටම මෙහෙම කුඩුවක් නැ මල්ලි" කියල ආපු අය කියද්දි අපි විඳපු සතුට කියලා නිම කරන්න බැ..

පුන්චි දෙයක් මෙතන මම නම් වශයෙන් මම මතක් කරපු අය විතරක් නෙවෙ තව සැහෙන්න හයියක් වුන අපේ කොල්ලො කෙල්ලො ඉන්නව.ඒ හැමොගෙම නම් ගම් මතක් කරන්නෙ නැ.එහෙම කලෙ නැ කියල උන් තරහ වෙන්නෙත් නැ.මොකො ඒ හැමොගෙම හිත් හරිම අපුරුයි.ඒ අපුරු හිත් තියෙන මිනිස්සු එක්ක එකතු වෙලා අපුරු වැඩක් කරන්න පැන්ඩට ලැබුන අවස්ථාව කවදාවත් අමතක වෙන්නෙ නැ.

සම්පුර්ණ කරපු නිර්මාණයේ පොටො

 



Sunday, May 8

ජිවිතේ දුක් වලට අඬ ගහන අපි

පැන්ඩ හුග දවසකින් බ්ලොග් එකකට ලියන්න අත ගැහුවෙ..ලැප්ටොප් එක කැඩිල තිබ්බෙ..දස අතේ කල්පනා කර කර හිටියේ අලුතින් එකක් ගන්න වුනොත් කියල ඒත් ආයෙත් ස‍ර්විස් සෙන්ටර් එකෙ අයට පුලුවන් වුනා ලැප් එක ගොඩ දාන්න.


ඉතින් ඔහොම ඉන්න අතරෙ පහු ගිය සතියේ කැම්පස් පටන් අරගත්ත අවුරුදු නිවාඩුවෙන් පස්සෙ.ගිය ගමන් ලොකු ප්‍රශ්නෙකට මූන දෙන්න වුනා ගුරුවරු දෙදෙනෙක් ඉවත් වීම නිසා ඇතිවූ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන්. ඒක ගැන නොයෙකුත් සාකච්චා මත ගැටුම් අනේක විදිහට ඇති වුනා.අවසානයේ සාමන්‍යය විසදුමකට ලගා වුනා.


ඊට පස්සෙ මම දන්න කිහිප දෙනෙක් ගෙ පෞද්ගලික ගැටලු ගැණ කතා කීපයකට ත් මාව මැදි වුනා.
ඒත් ඔය ඔක්කොටම ටොක් දීල අන්තිමට මාත් ප්‍රශ්නයක් ආවම බිංදුවටම වැට්ච්ච තැන් තියෙනව.ඒ වෙලාවෙදි පිහිටට එන්නෙ පැන්ඩිල අම්මල යාලුවො තමයි. කොහොමින් කොහොම හරි කාරණාව පැත්තට එමුකො.


මේ හැමදේකදිම මේ බොහොමයක් ගැටළු වලදි මම දැක්ක ලොකුම කාරණෙ අපි අපිව අනිත් අය එක්ක සංසන්දයට හා ඒ සංසන්දන වලින් අපිට අහිමි පැත්ත ගැණ විතරක් හිතල හිත කනස්සලු කර ගැනිම.


ප්‍රශ්නයක් කියන හැමොගෙම වගේ කටින් ආපු දෙයක් තමයි ඉතින් පැන්ඩො "අරයගෙ එහෙමයිනෙ" , නැත්තං "අර ආයතනයේ එහෙම යි නේ "කියල ඉස්සෙල්ල අපිව හරි අපිට සම්බන්ධ තැන හරි සංසන්දනය කරල කතා කරන්න ගන්න එක.


සංසන්දනය කියන එක මහම මහ කුණු ගොඩක් ගෙන්නෙ දුකමයි, මොකො අපේ හිතුත් හුගක් වෙලාවට දුක් කරදර වල පැටලුනාම හදන්නෙ සංසන්දනය කරල අඩු පාඩු පැත්තම නැති පැත්තම පෙන්වන්න හදන එක.


මේක දෙමාපියන්ගෙ ඉඳන්ම ලාංකාවෙ දරුවන්ට දාපු ලෙඩක්..ඉස්කොලෙ රෙකොඩ් බුක් එක අතට ගන්න එකෙදි විතරක් නෙවෙ ලමයගෙ සාක්කුවට දාන ලෙන්සුව තියෙන විදිය ඉඳං පොඩි කාලෙම වෙන අයට සංසන්දනය කරන්න කරල කතා කරන්න අපිව හුරු කරවනව. හුඟක් වෙලාවට මේ සංසන්දනයන් වෙන්නෙත් වැරදුනාම එකෙ වැරදි පැත්තම පෙන්වන්න මිසක් හරි ගියාම කොච්චර හොඳද පෙන්වන්න නෙවෙ නෙ.


ඒක කොච්චර දුරට හිත් වලට ගිහිල්ලද කිව්වොත් මම දන්න සමහර අය ඉන්නව රිසස්ල්ට්ස් එලියට දැම්ම තමන්ගෙ එකට කලින් අනුන්ගෙ එක බලන..ඊටපස්සෙ තමන්ගෙ එක ගැණ බලන්නෙ..කොච්චර දුරට සංසන්දනය කරනව ද ? තමන්ගෙ මුලු ජිවිතේම දුවන්නෙ තව ඒවට සංසන්දනය කර කර, කවද්ද මගේ කියල ජිවිතයක් ගෙවන්නෙ. එහෙම හිතකට සැනසිල්ල කියන එක බොහොම දුරයි.


සංසන්දනය කරන එක වැරදි ඇයි ? හරි සරළයි..සින්හලෙන් ම කිව්වොත් අපි සහ අපි සම්බන්ධ මේ සියල්ල unique .සුවිශේෂියි. මාව සමාන කරන්න පුලුවන් කිසිම කෙනෙක් මේ ලොකෙ නැ.මට ඇති වෙන තත්වයන් සමාන කරන්න පුලුවන් කිසිම තත්වයක් තවත් ලොකෙ නැ.අපි දෙන්නම එකම වයසෙ වුනාට අපි දෙන්නම එකම ඉස්කොලෙ ගියාට එකම විෂයන් හැදැරුව]ට අපි දෙන්නම විභාගයක් ලියද්දි කවදාවත් මම යි එයයි සමාන නැ.


ආදරෙයෙදි සංසදනය කියන්නෙ විෂ. ගැවුනත් ඇති ගැවුන ගැවුන තැන පලු දාල කුණු වෙලා විනාස වෙන්න.අපේ කාලෙ බොහොමයක් යාලුවෙන්න ට්‍රයි කරන තැන ඉඳන්ම පටන් ගන්නෙ සංසදනය කරල.එයාගෙ එතන මෙච්චරයි මෙයාගෙ මෙතන අච්චරයි එයාගෙ මෙච්චර සුදුයි ලු අරයගෙ රත්තරන් පාටයි ලු. අර ඌ යාලු වෙලා ඉන්න එකට වඩා මෙක හොඳයි. නැත්තං චාටර් බං බලපල්ලකො අර ඌගෙ කෙල්ල එක්ක බැලුවම. එහෙම නැත්තං අපේ කෙල්ලො අරය උපන් දීනේට දීල තියෙන්නෙ මෙව්ව එකක් ඒ වුනාට මට දුන්නෙ අරව එකක් එහෙම නැත්තං එයා නම් බස් එකටත් නග්ගල බස්සල යන්නෙ ඒත් මෙයා හොල්ට් එකට විතරයි එන්නෙ..


ඔහොම කරන්න ගියාම කවද්ද හිතට සැනසීම එන්නෙ.කවද්ද සතුටක් එන්නෙ.මොකො ටක්කෙටම දන්නව එයා සහ මෙයා සුවිශේෂි දෙන්නෙක් .ඉතින් කවමදාවත් ඒ දෙවල් ඒ විදිහට මෙයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා.ඒ වගෙම තව කෙනෙක්ට ලැබුන කියල ඒ දෙම මටත් ලැබෙන්න ඕනි කියල හිතන්න එපා. හොඳට කල්පනා කරල බැලුවොත් එයාට නොලැබෙන ඊට වඩා වටින වෙන දෙයක් ඔබේ සහකරුගෙන් ඔබට ලැබෙනව වෙන්න පුලුවන් එකම දේ ඒකෙ වටිනාකම ඔයා අදුරගෙන නැ.
සමහර විට ඔයා සංසදනය කරන පුද්ගලයගෙ සහකරු හරි සහකාරිය එක්ක කතා කරල බලන්න අවස්ථාවක් ලැබුනොත් ඔබ හුගක් වසනාවන්තයි කියල හිතෙන්නත් පුලුවන්.


ආයතනයක රැකියාවකට ගියාම එහෙම නැත්තං ඉගෙන ගන්න තැනකත් හුගක් අය ඉන්නෙ සතුටින් නෙවෙ.බැලුවම හේතුව අතන හොඳයි නැත්තං මෙතන හොදයි කියල සංසදනය කරල හිතාගෙන දුක් වෙනව.ඒත් සමහර විට කරුණු විමසල බැලුවම පිටින් හොඳ වගේ තිබ්බට එතනට වඩා තමන් ඉන්න තැන දාහකින් හොඳයි.


පුන්චි උදාහරණයක් ගමු. ගමක රස්සාවක් කරන එහෙම නැත්තං වගාවක් කරන ඉලන්දාරියෙක් ටවුමෙ රැකියාව කරන කොල්ලෙක් දැකල ඒ කොල්ලගෙ වාහනෙ දැකල ඇදුම් වල වටිනාකම දැකල සංසදනය කරල තමන් දුක් වෙනව.මට ඒ දෙවල් නැ ඒව නැ කියල.ඒත් සමහර විට ඔබව දකින අර නගරෙ ඉළන්දාරිය දුක් වෙනව ඇති ගම්බද තරුනයගෙ ජීව්තේ තියෙන සැහැල්ලුව පහසුව ගැන.විධායක රැකියාවක් නිසා ඔහුට තියෙන පීඩනය ඔහුට තියෙන වගකීම එක්ක ඔහු අර ගමේ ඉන්න තරුණය කොයි තරං වසනාවන්තද කියල හිතයි සංසදනය කලොත්.දෙන්නම තමන් ලඟ නැති අන් කෙනා ලඟ ඇති දේ ගැන සංසදනය කරල හොයාගෙන ඒ දෙවල් අහිමි වීම ගැණ ජිවිතේ දුක් වෙනව.


අපි අවබෝධ කරගන්න ඕනි දේ මෙකයි.ලොකෙ තියෙන සුන්දරම දේ තමා විවිධත්වය, ඒක සුරැකෙන්න අපි හැමොම සුවිශේෂී වෙලා තියෙන්නෙ.අපි තවත් කෙනෙක් වීමෙන් ඒ දේ සිද්ධ වෙන්නෙ නැ.ඒ හින්ද කළ යුතු හොඳම දේ ජීවිතේ ට නිතියක් දා ගන්න මම මගේ ජිවිතේ මට ඕනි විදිහට ගෙවන්න.කවමදාවත් කිසිම දේකට තමාව සංසන්දනයට යන්න එපා.තමන්ගෙ ජිව්තෙ පාලනය ඔබ සතුවම තියා ගන්න.


පුන්චිම දේ ට වත් එපා.ඔයාගෙ මුනෙ කුරුළැ ආවට ඔයාගෙ යාලුවත් ඔයා කන කඩෙන්ම ඔයා කන කැමම කැවත් කුරුලැවක් නැති පැහැපත් සමක් තියෙන කෙනෙක් වෙන්න පුලුවන් ඉතින් ඒ ගැන කිය කිය බලන්නකො අපි දෙන්නම එකම විදිහට‍ කැවත් මගෙ මුනෙ කුරුලැ නෙ කියල දුක් වෙන එක ඔබේ මොඩකම.ඒක ජිවිතේ සුවිශේෂි කම.චුට්ටක් හිතල බලන්න මම මේ කියන දේ ගැන.දවසට කී පාරක් සමහර අය දුකට පත් වෙනවද අන් අය සමග සංසන්දනයෙන්..මේක හරියට පිහියක් තමන්ගෙ අතින්ම ඇරගෙන තුවාල වෙන බව දැන දැන සිහියෙන් යුතුවම තමන්ටම ඇනගන්නව වගේ දෙයක්.


මිනිසුන් වෙච්ච අපිට අපේ හිතේ පාලනය සීයට සීයක් අපේ අතටම ගන්න බැ.ඒත් උත්සාහ කරමු.මේ කතා කරන මාත් තව ටිකකින් ටවුමට ගියාම පරණ යාලුවෙක් මුණ ගැහුනොත් තොරතුරු කතා කරද්දි සංසදනයක් කරන්න උත්සාහයක යෙදෙයි.ඒ හින්ද මේක නැති කරන්න හොදම පලමු විසදුම එහෙම අවස්ථා හොදින් අදුනා ගැනීම.මුලදි විකාරයක් වගේ දැනෙයි ඒත් පොඩ්ඩක් සිහියෙන් ඉන්න බලන්න කො මෙහෙම කේස් එකක් තියෙනව කියල දැනගෙන..එතකොට කාලයක් යනකොට ඔයාගෙ හිතම කියන්න ගන්නව ඔන්න පැන්ඩො උඹ හදන්නෙ ඉල්ලන් කන්න..ඌත් එක්ක උඹව සංසදනය කරන්න එපා වගේ දෙයක්.එතකොටම ක්ෂනිකවම හිත කියන්න ගනී ඒ එයා මේ මම.මම වෙනස් කියල.දැනට අපි ඔක කරනව.ඒ තමයි අපිව කාට හරි සංසදනය කරල වෙන කවුරු හරි නොන්ඩියක් දාන්න හදන කොට අපි මේක නේද එයාට කියන්නෙ.ඒත් එක එයාට කියල ඒ දේම ඔයාගෙ හිතටත් කියලත් දුක් නොවී ඉන්න පුලුවන් වෙන්නයි ඕනි.


තව දෙයක් පුලුවන් නිතරම තමන්ගෙ තියෙන හොඳ දකින්න උත්සාහ කරන්න.මෙහෙම කියමු ඔයාට හොදට රිසාස්ල්ට්ස් ආව..ඒක දිහා බලල සතුටු වෙන්න.ඔයාගෙ හිතට ශක්තිය දෙන්න..කියන්න අඩේ උඹ එළ කොල්ලෙක් නෙ කියල ඔයාගෙ හිතටම. හැබැයි ගැනල බලන්න හදන්න එපා ඔයාට වඩා අඩුවෙන් රිසාස්ල්ට්ස් තියෙන ගානවත් වැඩියෙන් තියෙන ගානවත්.අනිවාර්යෙන් අර සතුට නැති කරාවි ඒක. අපේ හිත් පුදුමාකරයි,සංසදනය කරන්න ඊට පස්සෙ දුක් වෙන්න පුරුදු කෙරෙව්වොත් එකටම පුරුදු වෙනව.ඊටපස්සෙ ඔයා කොච්චර හොදට ලකුනු අරගෙන ඔයාට වඩා එක්කෙනෙක් හරි වැඩි නම් හිතට පුලුවන් සංසදනයෙන් අර ජයග්‍රහණයේ සතුට මකල අනිත් කෙනාට වඩා ලකුණු නොමැතී වීම ගැණ දුකට පත් කරවන්න.


ජිවිතේ කියන්නෙ තරඟයක් කියන සිතුව්ල්ල මම ප්‍රතික්ශේප කරනව. ජිවිතේ කියන්නෙ චාරිකාවක්.අපි හැමොම යා යුතු හා නිම කළ යුතු.නමුත් අවසානයේ කවුරු හරි ඉඳගෙන එක දෙක තොරන තරඟයක් නෙවෙ මේක.ඔයා ඒ චාරිකාව ඔයා කැමති අයුරින් රස විදින්න.ඔයාට ලස්සන තැන නැවතිලා ඒ ලස්සන විදින්න අනිත් අය නවත්තපු හින්ද එතනම නවත්තන්නවත් අනිත් අය ඉදිරියෙන් යනව කියලවත් දුක් වෙන්න එපා.එහෙම විය යුතු නැ.


පුන්චි තව උදාහරනයක් කියන්නම් මගෙ වයසෙ ඉන්න වැඩි දුර ඉගෙන ගන්න හැමොම කියන දෙයක් තමයි අපි තාම ඉගෙන ගන්නව.එත් අපේ වයසෙ ස්කුල් අවුට් වුන ගමන් ජොබ් ගිය එවුන් බැදලත් ඉවරයි. අපි මෙහෙම දුක් වෙන්නෙ ඇයි සංසදනය නිසා.සමහර විට අර පුද්ගලයා දුක් වෙනව ඇති ජිවිතේ වගකීම් ඉක්මනට හදා ගත්තු එක ගැන.කොහොම වුනත් අපිට මොකද කියල හිතන්න පුරුදු වෙන්න.මේ ඔයා තොර ගත්තු පාර එක විශ්වාසෙන් යන්න.එක එයා තොරගත්තු පාර.ඒ දෙක සංසදනයෙන් ලැබෙන දෙයක් නැ.අනික ජිවිතේ කියන්නෙ චාරිකාවක් නම් වැදගත් වෙන්නෙ එකෙ ඉදිරියට යැම මිසක් යන ආකරය නෙවෙ.අනික ඔහොම අනිත් අය ට ඕනි දේ තමන්ටත් ලබා ගන්න හදන ජීවිතයක් නොදැනීම විනාසයට යනව මිසක් කවදාවත් තෘප්ත කරන්න බැ.අතෘතිමත් පුද්ගලයෙක් වෙන්න ලේසිම ක්‍රමය තමා සංසදනය.


ඔයාගෙ ජිව්තේ තෘප්තිමත් කරගන්න එක ඔයා සතු දෙයක්.ඒකට ලේසිම මග තමයි අන් අය හා සංසදනයෙන් වැළකීම.

*****************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Tuesday, May 3

පැන්ඩිට සුභ උපන්දිනයක් වේවා!!!

 අද ට එයාට වයස අවු 25ක්...මට මුණ ගැහුනේ එයාට 23 දි. ජිවිතේ 1/4 විතර ගෙවල උන්නු මට එයා ලැබුනම ආයෙත් ඉපදුනා වගේ දැනුනා.ජිවිතේ ඔහේ ගලා ගෙන යන එක නැවතුනා..ජිවිතේට අරමුණු එකතු වුනා. ගුණ යහපත් කෙල්ලෙක් හින්ද ඒ අරමුණුත් යහපත් ඒව කියල මම දන්නව.ලියා ගෙන යන්න දෙවල් ගොඩාක් හිතට එනව.ඒත් කාල වෙලාව මදි.අද උදේ උපන් දිනේට සුභ පතන්න කොල් කලාමත් හැමදේටම කලින් මම හොදින් ද සනීපෙන් ද කියල දැනගන්නයි එයාට ඕනි (චුට්ටක් ලෙඩ වෙලා මම) වුනේ.මතකද මීට කලින් මට එයා ගැන ලියවුනු ලිපිය අමතක අය මේතනින් ගිහින් බලන්න කො. පැරණි ලිපියට

මට මගෙ ජිවිතේ අම්මයි තාත්තයි දුන්න දීපු තාමත් දෙන ශක්තිය ඇරුනම ඊට නොදෙවෙනි එකම ශක්තිය ඇයයි.මට මේ දේ ඕනි ඔයා මෙහෙම වෙන්න ඕනි කියල කවදාවත් මට මගෙ ජිවිතේට බරක් එකතු නොකරපු එයා මගෙ ජිව්තේ තවත් සැහැල්ලු කරන්න උදව් කලා.ජිවිතේ කියන රේස් එකෙ කොහෙ කොතන ගියත් හැරිල බලන කොට මාත් එක්කම මගෙ දකුනු පසින් ඔයා ඉන්න එක, හැමදෙම අමතක කරල මට දෙන ඒ දයාබර හිනාව මාව දිරිමත් කලා.ඒ හැමදේටම මම ඔයාට ණය ගැතියි හුගාක් ස්තූතියි හුගාක් පින්.


මාතින් ඔය සිත
රිදුව සැම කල්හි
නිහඩවම කල් ගෙවන
මතක තුල සගවාගෙන
මා සිත නොනතලන
ඔබයි මහගු පෙම්වතිය


නීරස වූ ජීවිතය
නිම්නැති ආදරයෙන් පුරවා
ස්නෙහෙයෙන් කලතවා
මවක සේ කරුණාව පා
ජිවිතේ අනගි කල
ඔබයි ආදරණීය පෙම්වතිය


අන් සත දුක් දැක
කරුණාබර ඔය හිත
සැලුනු සැම විට
කුසල් සිත් පෙරටු කර
මා සිත පොළබවා
කුසලයේ යෙදවූ
කළණ මිතුර
ඔබයි මා පෙම්වතිය


නුවණින් පොහොසත්ව
දුන් ආදර ඔවදන්
මා ජිවිත එලිය කර
නැණ පහන් දැල්වීය


පසු තැවිලි සිත්
කිසි කල් නොනැගෙන්න
ඉඩක් නොතබාම
ඔබ දුන් ආදරය
අමිලමය මා හට


ඔබ හා මා ගෙවන
සොඳුරු අනාගතයකට
සිහින පොදි ගසා
විස්වාසයෙන් පය තබා
දිරියෙන් දිව යන්න
ජවය දෙන උල්පත
ඔබයි මා පෙම්වතිය 

පැන්ඩගෙ ලැප්ටොප් එකට අසාධ්‍ය වෙලා සර්විස් සෙන්ටර් නිසා මාව මේ දවස් වල බ්ලොග් වල නොදකින්න ඇති..ඒ ගැන සමාවෙන්න.දැනුත් මේ හදිස්සියට දුවල යන්න ආවෙ යාළුවෙක්ගෙ එකකින් 

**********************

හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
Related Posts with Thumbnails