Friday, September 16

පැන්ඩගෙ සිස්සත්ත කාලෙ


අඩේ මට බ්ලොග් එකකුත් තිබිල නෙ..හුග කාලෙකින් මේ පැත්තෙ ආවෙ..විභාග කාලෙ නෙ..කැම්පස් ජිවිතේ තෙවන වසර අවසාන සිසුන් කිව්වම සුලු පටුද මම අහන්නෙ.(ඇති දෙයක් නැ එත් පොඩ්ඩක් එහෙම කියන්න එපැයි නැද්ද මම අහන්නෙ.)

අපේ බොඩිමෙ පල්ලෙ ගෙදර පොඩි එකා සීස්ත්තෙ ලිව්වා.කොල්ල ගොඩ ගියා. කොල්ලටත් වඩා අපි ප්‍රර්ථනා කලා ඌ පාස් වෙන්න කියල.මොකො එහෙම නොවුනොත් ඌට බනින බැනිලි අපිට වත් අහගෙන ඉන්න බැරි නිසා..අනේ මේ කැම්පස් අපිත් 10ට නිදා ගන්න කොට ඌ පාස්ට් පේපර් කරනව.අකුරක් පැටලුනත් තාත්ත බනින්නෙ තමුසෙ කියල, අපි එච්චර කලා මෙච්චර කලා මේක බැරිද කියල . මට නම් පවු කියල හිතෙනව දෙමාපියො මෙච්චර මොඩ වීමයි දරුවන්ට ඒව ගෙවන්න වීමයි හින්ද. 

ඕවත් එක්ක ඉතින් පැන්ඩත් අතීතෙට ඇදිල යනව නිකං අර අංගම්පොර කරල මොකෙද්ද අවදි කරල කාල තරණය කරල වගේ..(හීන තමයි ඉතින් ඔව්වා..අගල් 40 අලි බඩ ගෙඩියක් තියෙන පැන්ඩෙක්ට මොන අංගම්පොර ද)


පැන්ඩ සිස්සත්තෙ ලිව්වෙ අර ර/ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලයෙ නෙ..ඒ කාලෙ කවුරු හරි ඉස්කොලෙ ඇහුව ගමන් බඩ පල්ලෙ තියෙන කලිසමත් උඩට උස්සල ඇරගෙන පපුව බුම්මල "ර ඇහැලියගොඩ ප්‍රාථ්මික විද්‍යාලය" කියලම අඩුවක් නැතුවම කියනව.අනේ ඉතින් හලි හුරතල් කියල උම්ම එකක් නම් එතකොට වැරදෙන්නම නැ.

පහ වසරෙ පොටො එකක් නම් හොයා ගන්න බැරි වුනා.පැන්ඩ පොඩි කාලෙ මෙන්න මේ වගේ ඕං.
.

ඇහැලියගොඩ ප්‍රාථමිකේ කියන්නෙ ශිෂ්‍යත්ව ව්භාගෙට නම ගිය ඉස්කොලයක් ඉස්සර,මොකද ප්‍රථමිකයක් නිසා හැමොම කැප වෙලා හිටියේ ලමයි හැමොම හොද ට පාස් කරවන්න නැත්තං ලමයි අනාථයි ඉස්කොල හොයාගන්න ගියාම.මොකො මහා විද්‍යාලයක් තිබ්බෙත් නැනෙ එකට අනුබද්ධව.පැන්ඩට ඉස්කොලෙ හරි ජයයි ඒ කාලෙ.මොකො පැන්ඩ ගෙ දෙමාපියන්ගෙ පැත්ත නිසා ඉතින් කවුරුත් ගුරුවරු දන්නව ලමය කවුද කියල.බලන්ට එපැයි හරි සැලකිලි.ගේමක් නැතුව ප්‍රින්සිපල් සර් එක්ක වුනත් කතා කරන්න පුලුවන්.

අපේ ගෙ ඉස්සරහ මාත් එක්ක හැම වැඩෙටම උන්න අර ඉස්සරහ ගෙදර කෙල්ලත් ගියේ ඔය ඉස්කොලේම තමා ඕං..ඒ නිසා ගෙදර යාලුව පන්තියෙත් යාලුවම තමා.

තව ඉතින් අර තුනෙදි හතරෙදි ද ලියුම් ලියන්න කියා දෙන කාලෙ පැන්ඩට හිටිය තව යාළුවෙක්.ඒත් කෙල්ලෙක්ම තමා ඕං.ඔන්න පැන්ඩත් ලිව්ව ඉස්කොලෙ ටීචර් ලිව්ව වගේම ලියුමක් පොතෙ කළු ලැල්ල බලාගෙන.ඒත් ඉතින් ලියුම් තියෙන්නෙ නිකං පොත් වල ලියන්න නෙවෙ නෙ.අද කාලෙ ඉගෙන ගත්තුව තියරි වලින් ඉවර කොලාට ඒ කාලෙ ඉතින් හෙන පැක්ටිකල් කොලු පැංචා.ඉගෙන ගත්තු දෙයින් වැඩක් ගන්න ඕනි කියල හිතුව ලියුමක් ලියල දෙන්ට.දැන් කාටද ලියන්නෙ බැලුව වට පිට මේ ඉන්නෙ එහා පැත්තෙ මගෙ අති ජාත මිතුරිය.ලිව්ව ලියුම කොලෙක අකුරක් නැර පොතේ තිබ්බ වගේම නම විතරක් රිප්ලේස් කරල.තාම මතකයි."දයාබර *** ඔබගෙ සැප දුක් කේසෙද ? මම නම් සුවෙන් සිටිම්...."දැන් කොහොමද ලියුම දෙන්නෙ ටිචර් නම් කිව්වෙ තැපැල් කන්තොරු හරහා නෙ. පැන්ඩ පැටියට මොන තැපැල් කන්තොරු ද? 

ආව පොයින්ට් එකක්."මේ ඔයා හැමදාම ගෙදර ගියාම බැග් එක අස් කරනවද ?" "මම නම් අස්කරනව"."හහ් මාත් අස් කරනව තමයි". එළ කිරි නෙ.දැම්ම ලියුම බැග් එකට හොරෙන්ම.සින් එක එතනින් ඉවර වුනා මටත් අමතක වුනා.මෙන්න බොලෙ පහුවදා කෙල්ල දාල උදේම වැඩට යන අම්මා ගෙට්ටුව ගාව බලා ඉන්නව.අපේ අම්ම ඉස්සරහට එනව කවදාවත් නැතුව."ඊයෙ පුතා හරි හපන් කමක් කරල නෙ".හුටා....ඔන්න කිව්ව කතන්දරෙ අපේ අම්මට.දෙන්නම හිනා වෙලා ඒක එතනින් ඉවර වුනා තරමක් දුරට අපේ අම්මලත් යලුවො බවට පත් කරල.පහු කාලෙක ටවුම මැද වුනත් මාව දැක්කම ඕක මතක් කරන්න කවුරුත් පසු බට වුනේ නම් නැ.

සිස්සත්තෙ නම් අපි ලිව්වට ලිව්වද කියලවත් අපිට දැනුනෙ නැ.ඉස්කොලෙ වැඩට අමතරව ටීචර් ල ම හවස පන්තියක් කලා ඉස්කොලෙම සිස්සත්තෙ කිට්ටු කොරල.පැන්ඩ හැබැයි ඒක් වෙනියා (එහෙම තමයි ඒ කාලෙ මම පලවෙනියට කිව්වෙ) වුනෙ නම් නැ.10 ට අඩුවෙන් නම් උන්නා.කොහොමින් කොහොම හරි සිස්සත්තෙත් ලිව්වා.ඒ 96 අගොස්තු මයෙ හිතෙ.සිස්සත්තෙ ලියල ඉවර වුනාම තාත්ත ගෙනහල දුන්නෙ පත්තෙරක ගිය පේපර් එකක් ආයෙ කරන්න.මට හොදට මතකයි මම ඒක දෙකට තුනට නමල කොහෙද හැන්ගුවා.ඒත් අපේ ගෙදර අම්මල නම් ඒ ගැන මොකුත් කිව්වෙ නැ.

ඔන්න ඔහොම නට නටා ඉන්නකොට තමා රිසාස්ල්ට්ස් ආවෙ.දැන් වගෙ ජංජාල නැ නෙ.යන්න ඔනි ඉස්කොලෙ ප්‍රතිඵල බලන්න.මට නිකමට බයක් ඇවිත් බැ කිව්වා.පස්සෙ අම්ම ම ගියා.ඔන්න ඉතින් අම්ම එන බස් එක ගේ ඉස්සරහ නැවත්තුව.දූල ගිහින් ජනෙලෙ එල්ලිලා බැලුව අම්මගෙ මූඩ් හොදා අතේ බ්‍රවුන් පේපර් කවරයක්.ඒ කියන්නෙ කන දෙයක්.පුන්චි ගොඩ යැමක් සහතිකයි.කුස්සිය පැත්තෙන් ගෙට අපු අම්මා මාව තුරුල් කර ගත්ත.අඩේ අම්මගෙ ඇස් වල කදුළු.මට සිස්සත්තෙට ලකුණු 170 යි.අපේ පන්තියේ පලවෙනියා මම..මට ඒත් එක මොකද්ද කියලවත් එකෙ මට වෙන වාසියක් වත් දැනුනෙ නැ.කොටින්ම කුරුදු වත්තෙ මගෙ දෙවනි මහඉස්කොලෙ වගේ ඉස්කොලයක් තියෙනව කියලත් මම දැන ගත්තෙ එදා. 

එදා ඒ අපු ප්‍රතිපලෙ නිසා මම ලබාපු දේවල් ගොඩක් තියේ මගෙ දෙවනි ඉස්කොලෙ හරහා.ඒත් මගෙ හිතේ හැමදාම යටින් කැගහනව අනේ මම සිස්සත්තෙ පාස් නොවුනම් කියල.මට 6 වසරෙන් පස්සෙ මගෙ ගම අම්මගෙ ආදරෙ නිවාඩු කාලෙට විතරක් සීමා කලේ ඒ සිස්සත්තෙ තමයි.

එදා අම්මලගෙන් මාව සිස්සත්තෙ ඈත් කලේ ඒක පාස් වුනාට පස්සෙ ඒත් අද සිස්සත්තෙට සුදානම් වීම උදෙසාම දරුවන්ට දෙමාපියන්ගෙ ආදරෙ නිදහස අහිමි වීම ජාතියේ දරුවන්ගෙ අභාග්‍යයක් කියලයි පැන්ඩට හිතෙන්නෙ. 



*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්

Saturday, September 3

අනිත්‍යයේ පට්ට පැත්ත

බලපං කාටත් ඔච්චර තමයි
අනිත්‍යයි
දුකායි
අනාත්මයි

ඒ වුනාට මචන්
බලපං පොඩ්ඩක්
මැවිල පේනව
ඒ කාලෙ පට්ට ඇති

හ්ම්...හ්ම්...

ජයාරූපය අන්තර්ජාලයෙ දැක්කෙ

Related Posts with Thumbnails