Saturday, December 22

මට ආදරේ නැ ඔයා

පෙම්වතී :
ඔයා
ඇයි හිනා වෙන්නෙ  
කැ ගහන්නෙ 
සතුටු වෙන්නෙ  
යාලුවො එක්ක
ඉන්නකොට විතරක්

ඇයි මා එක්ක
අඩු හිනා
බර කල්පනා

කෝ ඒ කාලෙ කල  
අපුරු පොඩි විහිලු
ගොන් වුනත් එව්වා
හිනා වුනා මං බොහොම

ඒත් දැන් ඔයා හරි වෙනස්
ඇයි මා එක්ක
නැද්ද දැන් සතුටක්
ඕනි නැද්ද දැන් මාව


පෙම්වතා :
දැන් අපිට වයසයි
යාලු වෙලා  හුගක් කල්
ඒ කාලෙ ගස් යට
සතුටින් මැවු හීන
ඔයාට දුන් හීන
හැබැ කරලන්ට
කාලෙ ඇවිත් මට

මතකද කිව්ව මං
රැජිනක් සේ තියන්න
ඔයා මගෙ රාජ්ජෙ
ඒත් තාම මගෙ රාජ්ජෙ
අඩි 6, 7 පුන්චි
බෝඩිං කාමරය විතරයි

මතකද කිව්වා  
එක්ක යන්න කාර් වල
බේරගෙන බස් වල
දස වද වලින්
මතකයි තාම  
දිලිහුන අපුරුව 
ඔයාගෙ ලස්සන ඇස්
එත් තාම නැ මට කියල
මොටර් සයිකලයක් වත්

ඒ දවස් වල ඔයා 
හීන මැව්ව 
ලස්සනම විදිහට
මගුල් උත්සවේකට
දැන් කාලෙ හරි වුනාට
ඉතුරු කරපු දෙයක්
නැ තාම මන් සන්තකෙ

ඔයා මුන ගැහුනම
හීන දීල හිනස්සපු
ආදර කතා කියපු
මං හුගක් අසරන වෙනව
ආදරේ වැඩි හින්ද..
එව්ව ඉස්ට කරලන්ට
දැං කාලෙ හරි හින්ද..


යාලුවො එක්ක ගෙවන
මොහොතක සැහැල්ලුව
එන්නෙ නැ මට
මතක් වෙන කොට
මේ හැම යුතුකමක්ම


හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
 


Monday, November 26

අකුරු කියවන්න බැරි කාලෙ ඉදන්ම පටන් ගත්තු පොත් කියවිල්ල සහ සෙංකොට්ටං

ඇයි උඹ බ්ලොග් ලියන්නෙ... හුගක් වෙලාවට කවුරු හරි අහනව ඒක... මම ඒකට හෙතුවක් දන්නෙ නැ..මට එකට හේතුවක් හොයන්න ඕනි ත් නැ.

මට හිතෙන දේ මම මේකෙ ඔහෙ කොටාගෙන යනව...ඒවයින් සමහර ඒව පොස්ට් කරනව සමහර ඒව නැ.. බ්ලොග් එක කියන්නෙ ලියාපදිංචි කරපු මාධ්‍ය ආයතනයක් නොවුන හින්ද මට මෙකෙ පාඨකය ගැන වගකීමක් නැ..එතන මට නිදහසක් තියෙනව ඒත් ගොන් කමට කින්ද මන්ද හෙලි කරගත්තු නිසා දැන් ඒ නිදහස ටිකක් අඩුයි....

මම පොත් ගුල්ලෙක්... එක අතකට ගුල්ලෙක් වෙලා උන්න කිව්වොත් හරි... ඒ කතා පොත් වලට විතරයි...  පොත් කියවන්න වාරණ නොතිබ්බට මගේ පොත් කියවිල්ල පොඩි කාලෙ ඉදන් මටත් නොදැනිම හැඩ ගැස්සුනා අපේ ගෙදරින්...

මම පොත් කියවන්න ගත්තෙ මට අකුරු කියවන්නත් බැරි කාලෙ... ඒක ටිකක් හතර බිරි කතාවක් තමයි එත් එක එහෙම වුනා අපේ තාත්ත ගෙ අක්කට පින් සිද්ධ වෙන්න... නාවල කරල ශොක් එකට ගෙදරට වෙලා උන්න පුන්චි මාව ලගින් වාඩි කරගෙන හැමදාම හවසට මල් පූජා කරන තැන ජනෙල ගාව බිම වාඩි වෙලා ඒ ජනෙලෙන් එන එලියෙන් බස බස ගාල නැන්ද පොතක් කියවනව මට ඇහෙන්න... හුගක් වෙලාවට ඒ වැඩ බැරි දාස එහෙම නැත්තං හත් පෙති මල වගේ රුසියන් ලමා කතා පොතක්...ඒ පොතේ උන්න චරිත එක්ක යාලු වුන මට ඒ යාලුවො තවත් වැඩි කරගන්න ඕනි වෙලා ද මන්ද දිගින් දිගටම මම පොත් කියවන්න පටන් ගත්තෙ.

මගෙ කියවිල්ල හැඩ ගැස්සුවා කිව්වෙ ඒකට අපේ අක්කා හෙතු වුනා... එයා තමයි ඒ කාලෙ අපේ ගෙදරට පොත් ගෙන්නෙ එයා හුගක් වෙලාවට ගෙන්නෙ රුසියානු කතා පොත් නිසා මම ඒවට ආස වුනා.

මට ඒ පොත් වලින් මතක හිටින්නෙ බොහොම ටිකයි.. ඒක්කො මම ඒ අකුරු වලින් මතක තියා ගන්න එච්චර පුරුදු නැති හින්ද නැත්තං අපේ අම්ම කියනව වගේ මට පුන්චිකාලෙ ඉදන් එලවලු ම කන නිසා විටමින් මදි වෙලා.

පලවෙනි පාර ඒ ලෙවල් ඇනගත්තෙ පොත් නිසා කියල තමා මාත් එක්ක ගජරාමෙට පොත් කියවන්න එකතු වෙච්චි මගේ යාලුවගෙ අම්ම නම් කිව්වෙ..


සෙංකොට්ටං කියන්නෙ මොකද්ද කියල මම දන්නෙ නැ...  ගෙඩි ජාතියක් වෙන්න ඔනි රෙද්දක සලකුණක් තියන්න පුලුවන්... 

මම ර්යෙ පෙරෙදා කියවපු පොත තමයි මේ...   මහින්ද ප්‍රසාද් මස් ඉඹුල කියන මෙහි කතෘ වරයා මට මුණ ගැහුන පලවෙනි පාර මේක ඒ වගේම පොත කියවල අවසන් වුනේ ඔහු අතින් ලියවෙන අනේක් පොත් සමග ඔහු මුණ ගැහෙනා බලාපොරෙත්තුවෙන්..

ඒක හරියට මට සුනේත්‍රා රාජකරුණා මහත්මිය සදුන් ගිර ගිනි ගනී සමග මුන ගැහුන දවස වගේ එදා ඉදන් මම කවමදාවත් සුනේත්‍රා ගෙ පොතක් තුලින් ඇ මුන ගැසීමෙ අවස්තාව මග නොහරින්න උපරිම උත්සාහ කලා..

සෙංකොට්ටං ගැන විචාර ලියන්න හදනව නෙවෙ ඒත් මට පොත කියවද්ද ඕලුවට ආපු දේවල් කොහෙ හරි කුරුටු ගාන්න ඕනි...අලුත් පොතක් නිසා ඒ පොතේ පිටු අස්සෙ එවා ලියන්න මට හිත දුන්නෙ නැ..

මම කැමති ඒ පොත චරිත කීපයකට සීමා නොවී චරිත ගොඩාක් එක්ක විවිධ පරාසයන් වල විහිදන ව ට එහෙම නැති පොත් වලින් මම ආස වුනේ ඇට මැස්සට විතරයි..ඒත් එකටත් හෙතුව ඇට මැස්සා කියන්නෙ චරිත ගොඩක අපුරු සංකලනයක් හින්ද වෙන්න ඇති.

සෙංකොට්ටං පොතේ විරප්පුලි හේනයා ගෙන් පටන් ගෙන මෑත කාලයෙ එංගලන්තේ ඉගෙනුම ලබන ෆෙඩ්‍රිකා දක්වාම බොහොම අපුරුවට විහිදෙනව... භාශා ශෙලිය ගැන විචාරන්න මට අයිතියක් නැ ඒත් සරලව කිව්වොත් ඒ ලියල තියෙන ශෛලිය හරි අපුරුයි.

විවිධ සමාජ තල කුල ක්‍රම අපුරුවට මුහු කරන මේ පොත අනිවා ඒක හුස්මට අදින්න පුලුවන් පොතක්..

බබානිස්, හිං රිදි ට යාං - තං වගේ තිබ්බ ඇගෙ තන් කාලයත් සමග මේං - තං වෙලා ඊට පස්සෙ දොන්ත ප - තං වෙලා අන්තිමට නොප - තං වෙන හැටි අපුරුවට විස්තර කරන මහින්ද ඒ කතාවෙම විර්ප්පුලි හේනයා විසින් ඊට හාත් පස වෙනත් චරිතයක් අපුරුවට ගොඩ නගනවා.

මල්මා රිදී, පොඩිනා,ගුණහාමි වගෙ චරිත එක්ක මුසු කරන එදා සමාජෙ සිද්දි ගැන පාඨක කුහුල පොතේ අවසානය තෙක් ම රදවා ගන්න මහින්ද සමත් වෙනව..

ඒත් මම නම් කැමති මේ පොතා බබා හේනයා කොලබ යන තැනින් ඉවර කරල දැම්ම නම් මොකද මම හැම දාම පොතක් කියෙව්වම ඒ පොතේ චරිත එක්ක මගේ කතා හදනව මගෙ හිතේ... ඒ හැමදේම ටිකක් අවුල් වෙන අවසානයක් පොතට එකතු වුනා ඒ ටිකෙන්...

ඒක මහින්ද ගෙ කැමත්ත ඒ හින්ද මට එව්ව වැඩක් නැ...  සෙංකොට්ටං අපුරු පොතක් ඒක මට හුග දවසකට මනො ගහන්න දේවල් ඉතුරු කරල ඉවර වුනා...




හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Friday, October 19

අද නම් හොද සෙනසුරාදවක්..... අවුරුදු බරම බර ගානකට පස්සෙ

මීට අවුරුදු ගානකට කලින් මට මගෙ හොද සති අන්ත නැති වෙන්න පටන් ගත්ත.ඒ කියන්නෙ මගෙ සති අන්තෙ මට ඕනි දේ කරල මට ඕනි විදිහට ගෙවපු ඒව.. වෙන කාටවත් ඕනි ඒව නොකරපු සති අන්ත..

තාම මතකයි ඒ කාලෙ උදේම සෙනසුරාද පටන් ගන්න හැටි.මම පුන්චිම කාලෙ අපේ ගෙදර ජීප් කාර් තිබ්බෙ නැ..ඒත් බයිසිකල් නම් මහ ගොඩක් තිබ්බා.. අපේ අත්තාගෙ ඔරිමජිනල් රැජින රටේ රැලෙ බයිසිකලෙ එතකොට අපේ තාත්තට ආත රු 1.25 ට ඇරන් දීපු රැලෙ බයිසිකලේ ඊට පස්සෙ තව තාත්තා පස්සෙ කාලෙක ගත්තු ඩබල් ෆොර්ක් හම්බර් බයිසිකලේ..හික්ස් වින්කලයක් වගේ නේද දැන් නම්.. ඒ වුනාට ඒ කාලෙ කොල්ලෙක්ට ගෙදර තියෙන ඔය බයිසිකල් ටික තරන් වටින තවත් දෙයක් කොයින් ද ?අද කාලෙ එකෙක්ට නම් කම්පූටරයක් ලැප්ටොප් එකක් ඇරන් දේනව වගේ තමා ඒ කාලෙ බයිසිකල්.. තාමත් ගැරෙජ් එකෙ ජිප්පුව ඉස්සරහට වෙලා මේ බයික් ටික ජිප් එක දිහා බලා ඉන්නව උඹ එන්න කලින් අපියි රජ කලෙ වගේ..කොහොම හරි මම පැන්ඩ පැටිය කාලෙ සෙනසුරාද උදේට මම ඔතනින් ඒ සතියෙ මම කැමතිම බයිසිකලේ ඇරගෙන හුලං ගහ ගන්නව තාත්තට කියල.. ඊට පස්සෙ මිදුල පුරා මිදුල වැහෙන කම්ම ටයර් පාරවල් හැදුනම තමා ඒ වැඩෙ ඉවර වෙන්නෙ..තාත්තා එක්ක වත්තෙ යන්න කඩේ යන්න තව කොච්චරක් නම් වැඩ තිබ්බද ? සතිය පුරාම කොළබ ඉදන් රස්සාව කරපු තාත්තටත් සෙනසුරාද ඉරිදට ගමට ආවම තියෙන ඔක්කොම වැඩ වලට හිතේ හැටියට තාත්තෙ මාත් එනො කියල එල්ලිල යන එක තරන් ජොලි වැඩක් තවත් කොයින් ද?

ඒත් ඔය හැමදේම නැත්තටම නැති වුනා කාලයත් එක්ක. හිමිහිට අම්ම, අද තාත්ත විතරක් ගියාවෙ ඔයාට ඉස්කොලෙ වැඩ තියෙනව පන්ති තියෙනව අනං මනං කියල මට මම ඕනි දෙවල් කරපු සති අන්ත නැති වෙන්න ගත්ත මේ ඉස්කොල කෙරුවාව එක්ක...උච්චම අවධියට නැති වුනේ කැම්පස් කාලෙ.. 

අද කාලෙ අයිබොං ල ට කිසිම දෙයක් ප්‍රස්තාරයක් නැතිව අවබොධ වෙන්නෙ නැති වෙන්නෙ නිසා ඔකට මෙහෙම ප්‍රස්තාරයක් අදින්න අපිට පුලුවන්..දැන් කාලෙ ලමයෙක් මේ ලොකෙට පහල වුන ගමන් ඌ ට කියල ලැබෙන පලවෙනි දේ අර ප්‍රස්තාර කාඩ් එක නෙ..ඉතින් අම්මලගෙ තාත්තලගෙ ට්‍රයි එක එදා ඉදන් ඌව ඇවෙරේජි ඉරෙන් උඩට දාල ප්‍රස්තාරෙ y(max) වල හැපෙනකම් තල්ලු කරන එක...ඌ කවදාහරි ඉස්කොලෙකට ගිහින් රිපොට් කාඩ් එකක් ලැබුන දවසටත් ඉතින් ඔය සන්තෑසියම තමා...ඒ හින්ද ඌට උගෙ සති අන්ත ආතල් අහිමි විමෙ ප්‍රස්තාරයට මෙන්නෙ මේ වගේ කෙල වීමක් වෙනව..




දැන් මේක කැම්පස් කාලෙ පස්සෙ තියෙන විශාල බැස්ම ඇති වෙලා සිරො වුන දවස තමා අද..හරි හරී දැන් වැඩිහිටියො උපදෙස් දෙන්න පටන් ගන්න ඕනි නැ මම දන්නව මේක බොහොම පුන්චි කලයක් පවතින දෙයක් කියල..

අද මම ආයෙත් මට ඕනි දේවල් කරල දවස ගෙවන සති අන්තයක්...මට ක්ලාස් නැ.. කම්ප්ලීට් කරන්න ටියුට් නැ.. කරන්න හොම් වර්ක් නැ.. ලියන්න හොයන්න රිසර්ච් නැ..අද දවසෙ මම මොනව හරි දෙයක් බැළුවොත් ඉගෙන ගත්තොත් ඒ මම ආස හින්ද..කවුරුත් ඒක කලාම ලකුනු දෙන්න බලා ඉන්න හින්ද නෙවෙ..ඉතින් ආතල් නැද්ද ? බ්ලොග් පොස්ට් එකක් දාන්න තරං හෙතුවක් නෙවෙ ද ?

මම ඉස්සරහ ප්‍රදර්ශනෙන් ගෙනාපු පොත් ගොඩ බලා ඉන්නව මට එකෙන් කැමති පොතක් අතට අරගෙන කියවන්න පුලුවන් කිසිම වැඩකට වෙලාව මදි වෙයි කියල බයක් නැතුව.. ඉතින් ආතල් නැද්ද..

බලපු නැති ෆිල්ම් ලැප් එකෙ තියෙනව අද මට එකක් බලන්න පුලුවන් බය නැතිව වෙන වැඩකට කාලය මදි වෙයි කියල බයක් නැතුව..ඉතින් ආතල් නැද්ද ?

බ්‍රවුසරේ සෙව් කරපු බුක් මාක්ස් තියෙනව මම ආස සබ්ජෙක්ට්ස් ගැන මම ආස අලුත් ටෙක්නොලොජි  ගැන..අද මට ඒකක් හිතේ හැටියට කියවන්න පුලුවන් හිතේ හැටියට කොඩ් කරල ට්‍රයි කරල බලන්න පුලුවන් මොකද මට කවුරුත් පවරපු ලකුනු දෙන්න බලා ගෙන ඉන්න ප්‍රොගැම් නැනෙ ලියල අප්ලොඩ් කරන්න, ටියුට් නැනෙ ලියල සබ්මිට් කරන්න.. ඉතින් ආතල් නැද්ද ? 


හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Saturday, September 8

C# නිසදැස්.....

using Panda.Thoughts;

namespace SangsāraCycle
{
    class Life : Sangsāra
    {
        static void Main(string[] args)
        {
            if (FreelancerIncome(Skills) > needs(Age))
            {
                Console.WriteLine("අම්මා උයපු දෙයක් කාල");
                Console.WriteLine("සරමක් ඇදගෙන හිතේ හැටිය");
                Console.WriteLine("තමන්ගෙ කාමරේ හොඳ සුව පහසුවට");
                Console.WriteLine("සපත්තු බෙල්ට් වලට ආයුබොවන් කියල");
                Console.WriteLine("කෙල්ලට කොල් කරල ශේප් එකෙ තියාන");
                Console.WriteLine("නැදැයො දැකල කතා බහ කරල");
                Console.WriteLine(" ගෙන්දගම් පෙලොවෙ බොඩිම් වල");
                Console.WriteLine("චාටර් නොකා ගෙවයි...");

            }
            else
               
                Console.WriteLine("කඩෙන් දෙන දෙයක් කාල");
                Console.WriteLine("කලිසම් ශ‍්රට් වලට හිර වෙලා");
                Console.WriteLine("බෙල්ට් සපත්තු තද කොරන්");
                Console.WriteLine("කෙල්ලත් තරහ කරගෙන");
                Console.WriteLine("පස් අවුරුද්දකින් වත් නැදැයො නොදැක");
                Console.WriteLine("ගෙන්දගම් පෙලොවෙ හීතල කරපු කාමර වල");
                Console.WriteLine("ඔලුව කැක්කුම් වලට පැන්ඩොල් දෙමින්");
                Console.WriteLine("බොඩිම් වල චාටර් වෙමින් ගෙවයි...");

        }

        public Double FreeFreelancerIncome(double Skills)
        {
            //implement method to return your Income as Freelancer for your skills
        }

        public double needs(int age)
        {
            //implement method to return your expenditure at given age
        }
    }
}


නිමිත්ත :

මේ දවස් නොහිතපු වෙලාවක කැම්පස් ප්‍රොජෙක්ට් ඩෙඩ් ලයින් එකක් වැටිල ඒ අස්සෙ ඉන්ටර් තියෙන වෙලාවක්..ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන එකත් ගේමක් නැ ඒත් මේ ඉලව් රිපොට් සබ්මිට් කිරිල්ල තමයි දුකම...

ඊයෙ උදේ ඔෆිස් එකෙ දි තමයි ඊමෙල් එක දැක්කෙ කැම්පස් ප්‍රොජෙක්ට් එකෙ ඩෙඩ් ලයින් එක හිතපු වත් නැති දවසටක සෙට් වෙලා කියල.
වැඩ අරිලා අපු ගමන් වාඩි වෙලා රැ එක දෙක වෙනකන් ලොජික් ටිකක් ගොඩ දැම්මා..ඊට පස්සෙ ආයෙත් මර උදේ නැගිටල නිදි මර ගාතෙ පුරුදු පරිදි පණ්ඩිත ලොරි ස්ටෙටස් එකක් ආතල් දීල දාන්න ගිහින් ෆෙස්බුකියෙ, ජිවිතෙ වැදගත්ම සහ පෞද්ගලිකව මම ගරු කරන කෙනෙක් ට චාටර් වුනා.


ඔය ඔක්කොමත් චාටර් කාගෙන නිවාඩු දවස් දෙක වුනත් උදේ ඉඳන් ලැප් එක ඉස්සරහ ඉඳගෙන ඇස් රිදෙනකම් වැඩ කරල හවස් වෙලා නාන්න ගියාම පැන්ඩට මේව හිතෙන්නෙ ඇයි කියල පැන්ඩවත් දන්නෙ නැ..

මේ දවස් වල ඔෆිස් එකෙ දි කැම්පස් එකෙ ඉගෙන ගත්තු ඩිසයින් පැටර්න් ආයෙත් මතක් කරනවා.ඔය මම උඩින් ලියපු ප්‍රොග්‍රැම් එක ට හරියට හරියන එකම එක ඩිසයින් පැටර්න් එකක් තියෙ..හැබැයි ඒක අර Gang Of four එකෙ වද කාරයො හොයාගත්තු පැටර්න් විසි තුනෙ නම් නැ.

ඒක ඇවිල්ල චතුරාර්ය සත්‍යය කියල තමයි කියන්නෙ..ඉස්කොලෙ ගිය කවුරුත් ඕක ඉගෙන ගත්තා.. පාඩ්ම් කලා ප්‍රශ්න වලට උත්තර ලිව්වා.. කියන්නෙ මොක්ද්ද දන්නව උත්තර ලියන්නත් තෙරෙනව..

කවුරුත් දන්න ව මේ සීන් එකට ඔය මම කියපු ඩිසයින් පැටර්න් එක දැම්මොත් හරියම හරි කියල..නොර්මලි කියන්නෙ කොහොම හරි keep your code close for modification and open for extension කියල නෙ.මේක දැම්මොත් කොච්චර හොදට මේ සීන් එක විසදෙනව ද කියන්නෙ ආයෙ extension වත් ඕනි වෙන්නෙ නැ..මේ ජිවිතෙන් ඔක්කොම හමාරයි..සසර ගමන නිමයි..
  
ඒත් එක හරියට ජිවිතේට අවබොධෙන් දාගන්නෙ නැ (පැන්ඩත් ඇතුලුව හොදේ..මම එක ඇප්ලයි කරල පඩි වදන් කියනව නෙවෙ)..ඒකට ආශාවන් අත අරින්න තරන් අපි එඩිතර නැද්ද පින් මදිද කියන එක නම් මම දන්නෙ නැ.එක අතකට ඒකත් ප්‍රොගැමින් වල ඩිසයින් පැටර්න් වගෙම තමා..කැම්පස් එකෙ ඉගෙන ගත්තත් එක්සැම් එකෙ A පාස් එකක් ගත්තත් සිනාරියො එකක් ආවම ඕක දානව කියන්නෙ වහ නෙ. 

 
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Saturday, September 1

A ජීප් ලවර්..ස්පීකින් ඔෆ් හීස් ටෲ ෆීල්න්ග්ස්...

කොල්ලෙක්ගෙ වාහනයක් වුනාම එංජිමක් වුනාම මේ මෙහෙම බොනට් එක ඇරියම එක පෙන්න තියෙන්න ඕනි, ස්ටාට් කරාම ඒක ස්ටාට් එකෙ කියල ඇහෙන්න ඕනි අල්ලපු ගෙදර දැන ගත්තට කමක් නැ..ඒතකොට නෙ දැනෙන්නෙ මේක රොද 4ක් එංජිමක් තියෙන වාහනයක් කියල..

ඒකට දැන් එන අලුත් වාහන් චැක්..අෆ්ෆා එව්වත් වාහන ද ,අයියො සල්ලි බොනට් එක ඇරියම එජිමට සායක් වගෙ එකක් අන්දවල කැටයම් දාල බැච් එක ගහල කවුද දන්නෙ ඔය කවරෙ අස්සෙ ඇත්තටම එංජිමක් තියෙද කියලවත්.. අනික ස්ටාට් කරාට ඩ්‍රයිවර් දන්නෙත් නැ ස්ටාට් කියල..වැරදිලා ආයෙත් යතුර ගහල ස්ටාටර් මොටරේ ජරාස් ගානකොට නළල රැලි කොරල කවුරුත් දැක්ක ද වට පිට බලන්නෙ එක නොවැ..

ඒකට අපෙ ජිප් එක ස්ටාට් කලාම කවදාවත් වැරදිලා යතුර ගහන්නෙ නැ, මොකො අපි ඇතුලෙ හිට්යට ස්ටාට් එකෙ කියල හොදට දැනෙනව නෙ...

සින්හලෙන් කිව්වොත් චියර්ස් ෆො ජිප් ලවර්ස්..

ඔය තියෙන්නෙ ජීප් වංශ කතාවෙ වැජඹුන එන්ජිමක් හරිය.. 4dr5



හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

Sunday, August 26

භාණ්ඩෙ වැරදි තැන තියාගෙන කොච්චර පූට්ටු කොරන් දැගලුවත් වැඩක් නැ

මේ මතෘකාව නිකන් දෙපිට කාට්ටු වගේ ද ? නැ එහෙම නැ පැහැදිලිව කතාවට අදාලයි...

පැන්ඩ මේ දවස් වල ට්‍රෙනින්...අනේ අඩු පාඩුවක් කියන්න බැ ගිය සතියෙ සමහර දවස් තිබ්බ අද උදේ ගිහින් හෙට උදේ ගෙදර ආපු...ඒත් තනියෙම නෙවෙ නෙ ටීම් එකම ඉන්නකොට ඒක අප්සට් නැ..ඔව්ව මෙව්ව හින්ද බ්ලොග් ලියන්නත් වෙන්නෙ නැ..එත් දැන් නොලියම බැරි සීන් එකක් වුනා..

පැන්ඩ මේ දවස් වල ඔෆිස් එකෙ වැඩ වලට අමතරව යුනි එකෙ අවසාන ඉන්ඩිව්ජුවල් ප්‍රොජෙක්ට් එකත් අදිනවා...ඕකට මම පාවිච්ච් කරනව RFID reader එකක් ... දන්නෙ නැත් අය හිතාගන්නකො බාර්කොඩ් ගෙ අයියා කියල..හැබැයි මේක රෙඩියො ෆ්‍රිකුවන්සි වලින් වැඩ කරන්න හොදේ...

ඔන්න සතිය පුරාවටම නයිට් වැදිල හිර වෙලා හිටපු නිසා වීක් එන්ඩ් එකෙ තමා දෙයියනෙ කියල ප්‍රොජෙක්ට් එකෙ වැඩ පටන් ගත්තෙ.මගදි රීඩර් කනෙක්ට් කලාම පුරුදු විදිහට වැඩ කලේ නැ.ඇයි හත් වලාමෙ සති දෙහකට උඩදිත් ඇක්සස් කලා නොවැ...මගෙ ඇගෙ මයිල් ගහක් ගහක් ගානෙ හිරි ගඩු එක එක ආවා... ඒහා පැත්තෙ තිබ්බ බ්ලැක් ලෙබෙල් බොතලේම කටෙ හලා ගත්තෙ ඒක හුස්මට..ඔව් ඔව් සැන්ඩිත් නැතුව තමා..
හැහ් බොතලෙ පුරොපු වතුර බොන්න සැන්ඩි මොටද අයිබොං 


ඔය රතු පාටෙන් ලකුනු කොරලා ඉන්නෙ විශ බීජයක් වත් නපුරු සතෙක් වත් අර පහු ගිය දවස් වල ගොසිප් සයිට් වල උන්න හොල්මනක් වත් නෙවෙ...මගෙ රීඩර් එක..

නයෙක් අරින්ට නෙවෙ කියන්නෙ කතාවට අදාලයි. ඌ ඉන්නෙ මගෙ අනිත් ලැප් එක උඩ..ඒ කියන්නෙ මට ඔෆිසියෙන් දුන්න එකා උඩ..හොඳ හැඩි දැඩි ලැප් එකක් අපි ආධුනික පුහුනු වෙන අය නිසා කොකටත් අපේ ආරක්ශාවටත් හොදා කියල තමා ඕව දීල තියෙන්නෙ..දන්නො දනිති ලැප් වල හැඩි දැඩි කම ඒ ලැප් එකෙ වයසට අනුලොම සමානුපාතිකයි කියල..

කොකටත් කියල බයට පපුවෙ අමාරුවක් එහෙම ඇවිත් කෙලවරක් වුනොත් හේතුවක් දැනන් ඉන්න ඕනි නිසා විස්තරේ කියල ඉස්සරම නොනට එස් එම් එස් එකක් කෙටුවා..පුරුදු විදිහට මැසෙජ් එකක් ආව ඕක හරියයි කියල..කොහෙද පොඩි කාලෙම අපේ ඔලුවට දාලනෙ තියෙන්නෙ කෙල්ලෙක් කියන්නෙ බැටරියෙ දන රින දන්නෙත් නැති අය කියලනෙ..ඒ නිසා මගෙ බය අඩු වුනේ නැ..

ටික ටික මට මැවිල පෙන්න ගත්ත සති දෙකකින් තියෙන ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක අල වෙන හැටි..රීඩර් එක කැඩුනා නිසා ඒ කොටස බැරි වුනා කිව්වම පිටි පස්සෙ පේලි වල අතින් කට වහගෙන හිනා වෙන හැටි ලෙක්චර් පැනල් එක මාව බොරුකාර මැට්ටෙක් ගානට දාන හැටි..

බැ බැ මේක වෙන්න බැ කියල මටම කියාගෙන ගිය සතියෙත් වැඩ කරපු වෙනසකුත් නොකරපු රිඩර් එක ඇක්සස් කරන කොඩ් ටික හිතට හයිය අරගෙන ඩිබග් කරන්න ගත්තා..ඔක්කොම හරි ඒත් අවුට් පුට් ස්ට්‍රින් එකට කාඩ් එකෙ වැලිව් එක එන්නෙම නැ,.

වැඩ නොකරන ඕනිම දේකට කරන පලවෙනි දේ කලා.. තටිටු කරල බැලුවා..අතටත් අරන් තට්ටු කලා.ම්හ්හ් ම්හ්හ් වැඩ කරන්නෙ නැ..හරි කොයි වෙලෙ හරි මේක වැටිල දැන් කෙල වෙලා.. ඔලුවට ආව දාහක් දේවල්...දඩ බඩ ගාල රීඩර් එකක ගාන බැලුවා..අප්පට සිරි ගත්තට වඩා තව ඩොලර් 20ක් විතර වැඩි වෙලා..රුපියලත් බලු වුනා නෙ..බර ගානකට කෙල වෙනවා... කෙල වුනත් ෆයිනල් වලට කලින් ශිපින් වලින් ඕක එයි ද ? මට ඇඩෙන්න ආව..හිත හදාගෙන සුපවයිසර්ට මේල් එකක් ගහන්න හිතුවා..මගෙ සුපවයිසර් ඉන්නෙ රුසියාවෙ ඉඳන් ආපු මහාචර්‍ය කෙනෙක්..හරි අපුරු අහින්සක මනුස්සයා...ඒත් එක තව චුට්ටක් පරක්කු කරල ආයෙ කොඩ් එකෙ පරණ බැකප් එකක් අරගෙන මැච කරල බැලුවා..ලොකු අල වීමක් නැ කොඩ් එකෙ...

මේ වෙනකොට මාසෙ මැද පහු වෙලා නිසා ඉනට‍්රන් ඇලවන්ස් එක ඉවර වෙලා අම්මගෙ සල්ලි වලින් දුවන දවස් ටික..අම්මගෙන් කොමැයි මෙච්චර ඉල්ලන්නෙ මේ හදිසියේ...

මිලින්දයට කොල් එකක් දාල කිව්ව හෙට ටූල් සෙට් එක ගෙන්ට කියල කිව්වෙ කොකටත් ගලවල ම බලන්න..වැඩිම උනොත් ආපහු හයි කරන කොට වැඩිපුර කැලි ටික ඉතුරු වෙයි..කොහොමත් කම්පැනි කාරයො එහෙම වැඩක් නැති කැලි දානවනෙ ඒක හින්ද දෙයක් ගලවල හයි කරද්දි කැලි ඉතුරු වෙන එක ගැන වද වෙන්න ඕනි නැ..

කොකටත් කියල තව එක පාරක් බලන්ට ගත්ත රීඩර් එක ලඟට..පරිස්සම උකුලට ඇරන් තියාගෙන ඇක්සස් කලා දෙයියනේ රීඩ් වෙනවා අමු අමුවේම රීඩ් වෙනවා...වෙන්න බැනෙ මගෙ ආයුධ සෙට් එකට රීඩර් එකට සම්බන්ධ නැනෙ උඩින් තියා ගත්ත විතර නෙ..හෙමින් සිරුවෙ මෙසෙ උඩට ගත්ත ඒත් වැඩ..හරි හරි බඩු වැඩ දැන් හරි ගිහින් කියල හිතල අතනින්ම තියල පොඩ්ඩක් පුටුවෙන් නැගිටල රවුමක් ගහල ආවා..ඇවිත් බැලුවම අපොයි ආයෙ වැඩ නැ..

මම මටම කියා ගත්ත ඉවසීමෙන් කල්පනා කරපන් කියල..හෙමින් සිරුවෙ බඩ අත ගගා රිඩරේ දිහා බලාන ඉන්නකොට rfid ගැන කියවපු එක එක ඔලුවට ආවා.. major interfere is metal..කිරි අප්පට රීඩර් එක උඩින් තියල තියෙන ලැප් එකෙ යට අලි යකඩ ගොඩක් නෙ..ඉතින් රීඩර් එකෙ රෙඩියි ෆ්‍රිකුවන්ස් අවුල් කරනව.ඊට පස්සෙ බැලුවම ඒක තමා කේස් එක...

අලුත් සිද්ධියක් වුනාට ලැප්ටොප් සම්බන්ධ වුනාට අපි කවුරුත් දන්න කොරොස් කටේ අත දාන එකම තමා මෙතනත් වුනේ... හදිසියට කොහෙත් අත තියා මුකුත් දාන්න බැනෙ..

මේ පූර්ව කතා නිමිත්ත කිව්වෙ අන්තිමට අපි කවුරුත් දන්න ඒත් කලබල වෙලා හදිසි වුනාම අපි කාටත් මුලින්ම අමතක වන "කලබල වෙන්ට එපා" කියන එක මතක් කරන්ට..හිත කලබල කර ගත්තම අපි හොදටම දන්න දේවල් ගැනත් අපිට විශ්වාස නැති වෙලා තව අවුල් වෙනවා..ඒක නෙ මාත් වැඩ කරපු අවුලක් නැ කියල හොඳටම දන්න කොඩ් ටික ආයෙත් රිවයිස් කරන්න ඩිබග් කරන්න ගත්තෙ..


********************************


Wednesday, August 22

තරුණ නිසොල්මන් භටයා


මටදු වැඩක් නැති
රටකටදු වැඩක් නැති
හමුදාවටදු වැඩක් නැති
ලොක්කාටදු වැඩක් නැති
ඉලව් බලා ඉදිල්ලක් නොවැ මේක

අනේ මා නිදොස්කොට
පැවරුවා නම් මෙය
*ක දෙන්ට බලා ඉන්නා
රටට වැඩක් නැති
ඔහුට ද වැඩක් නැති
ලොක්කාගෙ මණ්ඩලේ
බඩ තඩි වන්දිභට්ටෙක්ට

image is extract from : http://farm4.static.flickr.com/3366/3602201205_8a6eab86a8.jpg 

********************************



Saturday, August 4

අපිම කෙවිටෙන් ගහගෙන අදින අපේම කරත්තෙ

මේක මම උපන්දිනේට පස්සෙ ලියන්න අරන් බාගෙට ලියල මග නවත්තල දාපු එකක්..ඒත් අද ඒ දැක්කම ඉතුරු ටික සම්පූර්ණ නොකර ඔහේ පබ්ලිශ් කරල දාන්න හිතුනා...

අද ඉරිදා. මෙලො රහක් නැතිව නැගිට්ටා..කවදාවත් කොච්චර රැ නයිට ගහල ආවත් 6 , 7 පැනල පස්සට අව්ව වැටෙන කං නින්ද යන්නෙ නැති ලෙඩක් මට තියෙනව.ඊයෙ මට 26ක් වෙලා ෆෙස් බුක් එකෙ විශස් තිබ්බ 170ක් ඊයෙ රැ වෙද්දි..මම ගැන්නෙ නැ ඌම ගැනල කිව්ව..හැමොටම එකට තැන්ක්ස් කරන්න හිතල ආයෙත් මම හැම එකාටම ඒක ගානෙ ගැහුවා..ඒ ටික ගහද්දි හිතට ආපු කතා මෙකෙ ලියන්න කම්මැලි..
අද මම මෙ අකුරු ලියන්නෙ ඇයි කියල මම දන්නෙ නැ..කරන්න ම දෙයක් ඔලුවට නාපු නිසා ඔහෙ කොටන්න ආවෙ.ඇයි ප්‍රශ්නයක් ද මෙක මගෙ බ්ලොග් එක..බ්ලොග් එක කියන එක නිර්වචනය කරන්න ඕනි නැනෙ..එකෙන් කාටවත් වැඩක් වෙන දෙයක්ම ලියන්න ඕනි කියල දෙයක් නැ..මෙක දොරමඩලාවක් කරගෙන රඟපාන්න මට බැ..


මට ඕනි ඔහෙ ලියන්න..මම කවුද කියල දන්නෙ නැති නිර්නාමික බ්ලොග් එකක් හදා ගෙන ඔහේ ලියන්න ආසයි ඒත් අත දිග ඇරල මවුස් එක උස්සල අලුතෙන් එකක් හදන්න තරමට කම්මැලි.කැම්පස් එකෙන් හෙට අනිද්ද අවුට් වෙන නිසා ට්‍රෙනින් දාල ඉන්නෙ..සතියෙ දවස් 5ම ඇස් රිදෙන කම් කම්පියුටර් එක දිහා බලා ඉඳල හවස ගෙදර ඇවිත් ආයෙත් ඉලව් ප්‍රොජ‍්රක්ට් එකකට එක දිහාම බලා ඉන්න වෙලා..


ඊයෙට 26ක් වෙලා ගිය අවුරුද්දෙ නං මොකද්ද විකාරයක් බහුශ්‍රත විදිහට ලිව්ව මතකයි උපන්දිනේට..ඒත් මොන මගුලක් ද දැන් උපන්දිනෙත් වදයක් වෙලා.


මම මටම බනිනව මේ හැමදේම අත ඇරල දාල නිර්ලොභීව පැත්තකට වෙන්න බැරි දෙපිට කාට්ටු හිත ට..පාරෙ පට්ට වාහනයක් ගියාම කොහොම හරි හොදට රස්සාවක් ගොඩ දාගෙන එකක් අරගෙන කෙල්ල එක්ක රට වටේ ඇවිදින්න දකින මම ම හවස  ගෙදර යද්දි මේ හැමදේම අතඇරල පැත්ත්කට වෙන්න ආසවල් අත හරින්න සැහැල්ලු වෙන්න අල්පේච්ච වෙන්න හීන දකිනව..


ඒක අතකට ජීවිතේ මේ ආසවල් සසරට බැදෙන හැටි පින් පව් ඒවායින් අත් මිදෙන්න ආසවල් අත අරින්න ඔව්ව දන්න එකත් මහ වදයක්.ඕව නොදන්නව නම් පිස්සුද බන් ඉන්නකන් කාල බීල ජොලියෙ ඉන්න ඕනි කියල කාට හරි ගිනි ගෙඩියක් දීල කියක් හරි හොයාගෙන පිස්සෙක් වගේ දිගින් දිගටම මේ සල්ලි හොයන ජීව්තේ දෙපාරක් නොහිත ඇදගෙන යන්න තිබ්බා..


ඒත් ජිවිතේ කියන්නෙ ඒකට නෙවෙ ජිවිතේ කියන්නෙ සල්ලි නෙවෙ සතුට කියන්නෙ ඔවට නෙවෙ ඔය පස්සෙ යන කිසිම දෙයක් අන්තිමට ගෙනි යන්නෙ නැ අනිත් අයගෙ හිත් රිද්දන්න හොද නැ කියන ඔක්කොම ඔලුව අස්සෙන් අත දාල බෙල්ල හරවල පස්සට පයින් ගහල කෙවිටෙන් පිටට තලද්දි මේ ජිවිතේ ඇදගෙන යන්නම වෙනව.ඒත් එතකොට හිනා වෙන්න ටිකක් අමාරු බව කියන්නම ඕනි නැ.ඒත් එහෙම ඇද්ද ජිවිතේ ටිකක් නැවතිලා හැරිල බලද්දි හිතට එන්නෙ මාර ගටක් කිසිම පසු තැවිල්ලක් නැති එකත් අතීතය ගැන ලොකු සතුටක් නෙ.

තව ටික දවසකින් ට්‍රෙනින් ඉවර වෙයි.. ඊට කලින් කැම්පස් ජිවිතේ ලබන මාසෙන් ඉවර වෙයි..කැම්පස් එකෙ එකට කාල එක ඇදේ වැටිල එකම ටියුට් එකට එකම උත්තර ලිව්ව එවුන් ටිකෙන් ටිකෙන් ටික උන්ගෙ ජිවිත වල ඉස්සරහට යන්න පටන් ඇරන් ඒ හින්ද දැන්මම ප්‍රියයන්ගෙ වෙන්වීමෙ දුකත් දැනෙන්න ඇරන්..


ඔය ඔක්කොම අස්සෙ මොනා වෙලා ඇවිල්ල වැටුනත් මොනා හරි කියල හිනස්සන
කොච්චර චාටර් වෙලාවක වුනත් ඔයා මාව රිෆ්‍රේශ් කරන්නෙ මට මුකුත් ඔලුවට නැවිත් හිර වුනාම ඩෙක්ස්ටොප් එකෙ තියන් F5 ගහනව වගේ තමයි, කට ඇද කරගෙන ඉන්නකොට කට‍ බඩේ කියල රවල ගස්සල හරි මූඩ් ෆික්ස් කරන්නෙ ඒයා..ඒ පැන්ඩි





Saturday, May 19

චැක්.. මං ආපු බස් එක



බදුල්ලෙ ඉඳන්
පැය ගනන් 
බස් එකේ එන තුරාවට
ස්පීකරෙන් මොර දුන්නු

සුරංගනාවියො
දිගැස් පෙම්වතියො
නීල දැසෙ ආඩම්බරකාරියො
ඉඟ සුඟ මිටින් ගත හැකි නංගිලා
ඇපල් මල් වගෙ කෙල්ලො
නා දලු වන් දෙතොල් ඇත්තියො
සුරවතියො 
දෙව්දුවො

ඔය මොකෙක්වත්
දුටුවෙ නැ නොවැ
නිකමට ගොඩවෙනව
මං ආපු බස් එකට


Monday, May 7

මිදුල අතු ගාන ඉඳලෙන්ම හිත අතු ගාන මම

කොහොමද පටන් ගන්නෙ..කාලයක් තිබ්බ මම මගෙ බ්ලොග් එකෙ මම ලියන එව්ව ගැන කියවන අයෙගෙ වැයවන කාලය ගැන වද වෙන..දැන් ඒ මානසික තත්වයෙන් මිදිල මගෙ බ්ලොග් එක හිතේ හැටියට හදා ගන්න මම තීරණයක් ගත්තා.ඒක එහෙම වෙන්න හේතුවක් වුනෙ මම කාලයක් යද්දි මගෙ බ්ලොග් එක පටන් ගත්තු පරමාර්ථ්යෙන් මිදිල වගේ මට දැනුන නිසා.ඇත්තටම මීට අවුරුදු 2කට කලින් වෙසක් දවසක අලි බණ ටොක් එකක් දීල මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ හිතට එන දේවල් නිදහසෙ මගෙ කම්පුටරේ එක්ක බෙදාගන්න..දවසෙ පැය 24න් වැඩි හරියක් ගෙවන කම්පුටරේ එක්ක නිදහස් සංවාදයක් ගොඩ නගන්න..ඌ එහෙම මෙහෙම හිතයි කියන හැගීමෙන් මිදිල නිදහසෙ හිතට එන අමු තිත්ත වල් ජඩ හැගීමෙ ඉඳන් හිත පොඩ්ඩක් සන්සුන් කරගෙන භාවනාවක් කරන මොහොත දක්වා දේවල් කතා කරන්න..එත් නොහිතපු විදිහට සංගම් සින්ඩිකෙටර් හරහා ඇති වුන සංවාද බැදීම් එක්ක මම හදා ගත්තු blog එකෙ මට ඕනි වෙලාවට ඕනි දෙයක් කතා කරන්න පුලුවන් කම නැති වෙලා ගියා වගේ උනා..ඊට පස්සෙ මාත් හිට් වලට කනෙක්ශන් වලට කමෙන්ට් වලට ලොභ වෙන්න ඇති.ඊට පස්සෙ අදුර ගත්තු මිනිස්සු අතරෙ නිදහස් කරපු මගෙ නිර්නාමික බව හින්ද ජාමෙ බේර ගන්න මෙක නිකං දොරමඩළාව වගේ වෙන්න ගියා..අවුරුදු 2ක් ගිහිල්ලත් අද 100 වෙනි පොස්ට් එක ලියවෙන්න තරං මෙකෙ පොස්ට් අඩු වෙන්නත්  හේතුවක් වුන මට ඕනි නිදහස් අසන්නා ගෙ හැගීම් ගැන වද වීමකින් තොරව ප්‍රකාශ කිරිමෙ හැකියාව නැති වුන මගේ බයගුළුකම ගැන අද මට මහා කල කීරිමක් ආව.දැන් ඉතින් පෙට්ටිය කැඩිලා වගේ අයියො මොකද්ද මේ කරගත්තෙ කියල හිතල වැඩක් නැ..අත දිග ඇරල ලියන්න ඕනි..ඒත් පැන්ඩා කියන්නෙ මෙන්න මෙයා කියල නොදැන හිට්ය නම් හොදයි.එක්කො අලුත් බ්ලොග් එකක් මට විතරක් පටන් ගන්න ඕනි.

මේ ලියවෙන දේවල් මිදුල අතු ගැම එක්ක සම්බන්ධ වෙන්නෙ මෙහෙමයි. එක හරියට අර බටහිර අපි දකින ටොයිලට් තින්කින් වගේ.සාමන්‍යයෙන් මධ්‍යම පාන්තික ලංකාවෙ ගෙදරකට තියෙන්න ඇතුලෙ බාතෘම් එකක් සහ ගෙදරින් එලියෙ හදපු squatting pan එකක් සහිත  ටොයිලට් දෙක විතරක් හින්ද වෙන්න ඇති උදේ බාතෘම් එකෙ වැඩි වෙලා හිතෙ හැටියට ඉන්න නොලැබෙන නිසා  අපිට ටොයිලට් තින්කින් එච්චර පුරුදු නැත්තෙ.උදේට ගෙදර හැමොම යන්න ඉදිද්දි ඕකෙ නිදහසෙ හිතෙ තියෙන දේවල් හිත හිත ඉන්න ගියොත් දවස පටන් ගන්න වෙන්නෙ ඊට පස්සෙ ගෙදර උන්ගෙන් ගුටි කාල.බතෘම් එක අත ඇරල එලියට ගියත් squatting pan එකෙ කකුල් දෙක කැඩෙන්න යන කොට තිත්ත කුණුහරුප මිසක් නිදහස් සිතුවිලි එන්නෙ කොමැයි.ඒ හින්ද දවසෙ තනියෙන් පාඩුවෙ කරන වෙනත් වැඩ අපි ආදේශ කර ගන්නව ටොයිලට් තින්කින් වෙනුවට..ජිවිතේ වැඩි කාලයක් ගෙදර නැතිව බොඩිම් වල හොස්ටල් වල ගෙවපු මට ඉඳ හිට ගෙදර ඉන්නෙ ලැබෙන කොට ඒක සෙට් වෙන්නෙ අඩු නැතුව නිදහසෙ එක දිගට ඔහෙ ඉන්න.ඉතින් එහෙම කාලයක් ආවම සාමන්‍යෙන් දවස පටන් ගන්නෙ මිදුල අතු ගාල..

අපේ ගෙදර මදි නොකියන්න මිදුලක් තියෙනව.කොළඹ රත්නපුර ප්‍රධාන පාරෙ ඉඳන් පටන් ගන්න අපේ මිදුල එහා පැත්තෙන් එක පාරටම පුදුම විදිහට නිස්කලංක මහා රූස්ස ගස් වලින් හෙවන වුන කුබුරකට මායිම් වුන අපුරු ගමක දර්ශනෙත් දෙනව.පාර පැත්තෙන් පටන් ගෙන එහා කොණට මිදුල අතු ගාල ඉවර කරන්න පැයක් නම් ඕනිමයි..හරියට පිලිවෙලට හොර නැතුව අතු ගැවොත් ඊට වඩා යනව.පුන්චි කාලෙ බයිසිකල් පදින්න පිට්ටනි නොසොයා ක්‍රිකට් ගහන්න විතරක් නෙවෙ 9 වසරෙදි වාහන එලවන්න පුරුදු වෙන්නත් මිදුලෙ ඉඳන්ම කරගන්න පුරුදු වෙන්න තරං එක ලොකුයි.මිදුලත් එක්ක එකෙ ගස් වලට චූ අල්ලපු අඹ ගහෙ ඔන්චිල්ලා පැදපු පොඩ් කාලෙ ඉඳන් අද එකෙ තැනක තියෙන බංකුවක වාඩි වෙලා පොතක් කියවන මේ වයස වෙනකං මට ලොකු මතක ගොඩක් ගේන්න අපේ මිදුල හේතු වුනා..

ඒ කාලෙ මිදුල අතු ගාන්න පවරනව කියන්නෙ දවසම විනාස කලා වගේ තමයි..ඉතින් ඉඳල ඇරගෙන හොරට කොලවලට ඇනල කොල ටික අයින් කරල තැන තැන විතරක් පොල් අතු රටා ටිකක් ගහල ශේප් වුනා පැන්ඩා.ඒත් කාලයත් එක්ක එකෙ අමුතු රහක් මට සෙට් වුනා.ඒ සමහර විට ඉඳල හිටල ගෙදර ඇවිත් අතු ගාන්න වෙන නිසා වෙන්න ඇති..නැත්තන් දින පතා කලා නම් අවුරුදු ගානක් එපා වෙන්නත් ඉඩයි.

උදේම පාර පැත්තෙන් මිදුල අතු ගාන්න ගත්තම පාරෙ තියන් ලමයිට කවන අම්මල වැඩට යන ගැනු මිනිස්සු සංකීර්ණ ජිව්තේ එක්ක මගෙ සිතුවිලිත් ඇදීගෙන යනව..බදුල්ලට යන බස් එකක් දැක්කම බදුල්ලෙ ගෙවපු සරසවි කාලෙත් කොළඹට යන බස් එකක් දැක්කම පහ වසෙරෙ ඉදන් බදුල්ලට යන කන් කොළබ ඉස්කොලෙ යන්න ගිහින් ගෙවපු ජිවිතෙත් සිද්ධි අතු ගැවෙන කොලත් එක්ක හිතෙන් උඩට ඇවිත් කොනකට යනව.පුන්චි සමහර කොළ ඉඳල් පාරට අහුවෙලා ඇදිලා යන්නෙ නැතුව එහෙමට මෙහෙට එකම තැන තියෙනව වගේ හිතේ කුරු වල් වෙන එක එක පුන්චි මහා බලපැමක් කරන සිතුවිලිත් ඔය අස්සෙ ඉඳල යන තාලෙට ඇදෙනව. 

පාරෙ තියෙන සංකීර්ණ ජිවිතේ එක්ක මගෙ ජිව්තෙත් සංකීර්ණ සිද්ධි මතක් වෙද්දි  හෙමින් හෙමින් කොළ ගොඩ වැඩි වෙද්දි පාරෙ පැත්තෙ ඉඳන් මිදුලෙ ගම පැත්තට මායි ඉඳලයි ඇදෙන්නෙ කොහොම හරි පොල් අතු රටා ටික ගහ ගෙන..මොකො අතු ගාල ඉවර වුන මිදුලෙ තාලෙකට තියෙන පොල් අතු රටා ටික දැක්කම එන හැගීම දවස පුරාම තියෙනව.

ගම පැත්තට එද්දි පේන රේල් පාර කුඹුර පීල්ල කොපි ගස් කොස් ගස් ගමේ ගෙවපු සරල සුන්දර ජීව්තේ මතක ටික අවුස්සල ගන්නව.ඉස්සරහා ගෙදර මැරිච්ච සේකර එක්ක බයිසිකල් පැදපු හැටි අනිත් ගෙදර කෙල්ලො එක්ක ක්‍රිකට් ගහපු හැටි ඔක්කොම ඉවර වෙලා දවල්ට නාපු ඇල.ඉස්සර ඕකෙ ඔලුව ඔබල නාන්න තරං මම චූටියට හිටියද කියලත් හිතෙනව.

ඔය ඔක්කොම එක්ක විසිරුණ කොළ එක දිහාවකට එකතු වෙද්දි අනාගතෙ, පැන්ඩි, මගෙයි පැන්ඩිගෙයි ජීවිත ගැන හීන ඒ අස්සෙන් මතු වෙලා එන්නෙ මිදුල එක්ක මුලු හිතම අතු ගැවෙන හින්ද නෙවෙ ද.

ඔය මුලින්ම කියපු මගේ බ්ලොග් එකට වෙලා තියෙන සන්තැසිය ගැන සිතුවිලි ටික පහල වුනෙත් ඔය මිදුල අතු ගාන කෙරුවාව කරද්දිම තමයි.100 වෙනි පොස්ටුවෙන් ඔක්කොම ඇඳල දැම්මෙ ඒකයි ඕං.




හිත කරකුට්ටං වෙන බ්ලොග් කියවිල්ල



ගංජා ගැන සිගරට් ගැන
උජාරුවෙන් කතා කරල
තමන්ට ආගමක් නැ කියල
පච්චයක් ගහගෙන
සංස්කෘතිය චාරිත්‍ර දර්ශන
සියල්ල හද්ද බලු කර
ඇදෙ කරන දේවල් 
මහ පාරෙ බස් එකෙ කරල 
කෙල්ල කෙල්ල 
කොල්ල කොල්ල
කෙල්ල හා කොල්ලො
කොල්ල හා කෙල්ලො
නම් ඕකෙ කියල
කෙල්ලයි කොල්ලයි
ගතානුගතයි කියල
අසම්මතයෙන් ඔබ්බට කියල
සම්මතයක් නැති කරල
අර ඌට මූට
ගල් ගහද්දි

තව එකෙක් වචන 10කට
වරක් ආගම ගැනම දෙසමින්
චාරිත්‍ර කඩන තැන් සොයමින්
හෙලුවෙන් වනන වැරදි සොයමින්
අන් ආගම් වලට බනිමින්
උගෙ ඇගෙ පච්චෙට  
තමන්ගෙ හිතෙන් විඳවමින්
කුල මල පටලොගෙන
ලංකාවෙන් එපිට සිට‍
හමන සුළගටත් සාප කරමින්
කුරක්කන් ගස් වවමින්
ඇපල් ගස් ගලොමින්
කලිසම් ඔලුවෙන් ගලොගෙන
සරම් කලිසම් උඩින් ඇදගෙන
ගෙදර බුදු ගේ පාලු වෙද්දි
පන්සලෙ මල් ආසනෙ
පර මල  ගැන දොස් තියයි


ප.ලි අන් හැම බ්ලොග් එකෙක් වගේම මගෙ එකත් මේ එක එක පරාස වල එක එක කාල වල ගමන් කරන බව නොදන්නවා නෙවෙ..


********************************


Friday, May 4

විකුණගෙන කෑම



තෙල් පැල්ලම් ඉහිරුනු
අණ්ඩ දෙක තුනක් දැමූ
දහඩියෙන් නැවුන
අව්වට රතු පාට පිච්චුන
කඩමාලු කමිසය හැඳි
තැලෙන පෙලෙන
කම්කරු සගයා සමරන්ට
තාමත් නැවුම් පුසුඹ හමන
රතු පාටින් ලෙලෙන
ඉම්පොර්ටඩ් කමිසයට
ප්‍රන්ශ සුවඳ විලවුන් මුසුකර
යන්ට සැරසෙන 
විප්ලව වාදියෙක්


පින්තූරය : http://sundaytimes.lk/070527/FinancialTimes/ft306.html


 


Monday, April 23

මට රතු, රතු පාටම වුනාට හැමොටම එහෙම නැ..

මොකක්ද මේ කතාව..සයිබරේ සැණකෙළියේ ලොකු කැමරා මානා ගෙන ඉන්න කස්ටිය ගොඩයි.ඉතින් මගෙත් හීනයක් තමයි කවද හරි මගේ මේ පුන්චි ඩිජිටල් කැමරාවෙන් ඔන්න ඕකකට යන එක..කොහොමින් කොහොම හරි මාත් ඉතින් ඔව්ව ගැන හිතද්දි අපි දැන් කාලෙ කැමරා කලර් ෆොන් ටිවි ඔය මොනවට ගියත් ඕක ලක්ශ ගණන් කලර් වැලිව් එකක් තියෙන්න ඕනි නෙ හිත පිරෙන්න.. ඉස්සර 256k 64k කලර් ෆොන් තිබ්බට දැන් 16M වත් කලර් නැත්තන් බලන්නෙවත් නැ ඒ දිහා.. ඉතින් ඔය ඔක්කොම අස්සෙ මගෙ ඔලුවට ආවෙ ඩොකොස් ගාල මෙන්න මේක .. වර්ණ අන්ධතාවයින් පෙලෙන අපේ අය දකින්නෙ කොහොමද මෙව්වා..ඉතින් ඕක පැන්ඩගෙ සිතිවිල්ලක් හින්ද අනිව ලියන්ටම එපැයි

මේ බලන්ඩකො සීන් එක.. කොයි මස් කුට්ටියද හොඳට ඇත්තෙ කියල හිතා ගන්න බැ නේද ?
අපි නම් මෙන්න මේ වගේ හොඳට දකිනව..ඒ හින්ද හොදම එක අල්ලගෙන වැඩෙ දෙනව..මේව මට සර්ච් කරද්දි ලැබුන පින්තූර ඕං, නැත්ත බ්ලොග් ලියන පැන්ඩ නම් ඉතින් ලැක්ටො -ඔවො වෙජිටෙරියන් කෙනෙක්..ඒ මොකෙක්ද කියල දැන් අහන්ට එපා..ඒක පස්සෙ කියන්නම්

 ලොවි ඉදිලද නැද්ද කියල බලන්ට කාලම බලන්ට වෙනව..
 ලොවි වගේ ද මේක..ට්‍රැෆික් රාලහාමි කෙනෙක් එහෙම දැක්කො වැරදියට දාල යනව මීට පස්සෙ කියන්ට රාලහාමි මම කලර් බලයින්ඩ් කියල..සමහර විට මොලෙ තියෙන රාළහාමි කෙනෙක් නම් කණ පැලෙන්ට එකක් දීල අහයි "ඒ වුනාට ලයිට් තුනෙන් උඩ ලයිට් එක මොන පාටින් හරි පත්තු වෙලා තියෙනව පේනව නේද" කියල..
 හිතන්න එපා පැන්ඩ කාගෙ හරි තියෙන පුන්චි වෙනස් ලක්ෂනයක් විහිලුවට ලක් කරනව කියල අනේ එහෙම එකක් නෙවෙ..එහෙම අදහසක් තුන් හිතකවත් නැ..අපි ලොකෙ ලස්සනයි කියල බදාගන්න එහෙම නැත්තන් මාර කලර් චූස් එකක් තියෙන එකක් කියල කියන හුගක් ඒව වල ඒ දේ ඒ විදිහට නොදකින් පිරිසක් තව ලොකෙ ඉන්නව කියල මතක් කරනව විතරයි.

සාමන්‍යයෙන් වැඩි පුරම ඉන්නෙ රතු-කොළ අන්ධතාව්යෙන් පෙලෙන අයලු..පිරිමි අය අතරින් 7% - 10% ත් අතර පිරිසක් මේ වගේ ඉන්නවලු..මේක ස්ත්‍රීන් අතරෙ නම් ප්‍රතිශතයක් විදිහට හුගක් අඩුයි ලු..ඒකට හෙතුව හුගක් වෙලාවට මේක ජාන එක්ක සම්බන්ධ ලක්ෂනයක් වෙන හින්දලු..අර ඒ කාලෙ ඉගෙන ගත්තු X හා Y දෙන්න මතකද ? නැ නැ ගණන් පොතේ X,Y නෙවෙ විද්‍යාව පොතේ ජාන වලට සම්බන්ධ X හා Y.. අන්න ඒ දෙන්න තමයි සීන් එක කරන්නෙ


මේ සඳහා තාම බෙහෙතක් හොයාගෙන නම් නැ ලු..අද කාලෙ අපි දන්න බොහොම ප්‍රසිද්ධ මාර්ක් මහත්තය එහෙම නැත්තන් මුනු පොතේ අයිතිකාරයත් මේ තත්වයෙන් පෙලෙනව ලු. මුනු පොත නිල් පාට වෙන්නත් එක හේතුවක් ඒකලු..ඒ වගේම මේ තත්වයෙන් පෙලෙන බහු තරයකට අනේක් වර්ණ වල වෙනස බොහොම හොදින් අදුර ගන්න පුලුවන් ලු.ඒ නිසා ලොක ප්‍රසිද්ධ කලා කරුවො පවා ඉන්නව වර්ණ අන්ධතාවයෙන් පෙලෙන..

මොන්ටිසොරි ටීචර් ල එහෙම මේක කියවන ව නම් චූටි දරුවෙක් හරියට පාට අදුරන්නෙ නැත්තන් ඒ දරුවගෙ නොහැකියාව ගැන දරුවට යමක් කියන්න කලින් මේ ගැන හොයල බැලුවොත් හොදයි කියල පැන්ඩට නම් හිතෙන්නෙ.මොකද 8%ක් පිරිමි දරුවො කියන්නෙ සැලකිය යුතු ප්‍රතිශතයක් නෙ..




********************************

Tuesday, April 17

කූපන් මගොඩි සහ තවත් කතා..

අවුරුදු කාලෙ හැමොම බලන්නෙ යහමින් බිස්නස් එකක් කරගන්න..මේකට ඉතින් හොදම වැඩෙ තමයි මොකක් හරි තරගයක් පටොලව ගන්න එක.මේක ඉතින් ටවුමේ පොඩි කඩෙ ඉදන් අතීතයෙ සිට ලංකාවෙ වැජඹෙන කර්ගිල්ස් ෆුඩ් සිටය දක්වා ඒක එක පරාස වලින් විහිදෙනව..

නමුත් ඉතින් ඔය හැම තරඟයක්ම ආයතනයට ලාභ දායි ලෙස පවත්වා ගන්න ඒ අය වග බලා ගන්නව,ඒ වුනාට ලංකාවෙ මිනිස්සු කොච්චර අසුභ වාදි වුනත් මේ වගේ එවයෙ දි මටත් චාන්ස් එකක් එයි කියල ෆුල් සුභවාදි වෙන නිසා කවදාවත් ඒ ආයතන පාඩු ලබන්නෙ නැ..හොදම උදාහරනෙ ලොතැරයි මණ්ඩලය..මම හිතන්නෙ ලංකාවෙ රජයට අනුබද්ධ පාඩු නොලබන එකම ආයතනය වෙන්නත් බැරි නැ ඉස්කාරගාරය ඇරනම.

මම දන්න මිනිස්සු ඉන්නව දවසට අනිවාර්‍යෙන් ස්වීප් 10ක් ගන්න..සමහර විට දවස ආදයෙමෙන් 1/5ක් විතර වියදම් වෙන්නෙ ඒකට.හරි ඒවයෙ හොද නරක මම කියන්ට ඕනි නැනෙ..
පැන්ඩත් නිවාඩුවෙ ගෙදර ඉන්නකොට දුටුව ගෙදර තියෙන අර ෆුඩ් සිටියෙන් දුන්න කූපන් ටිකක් බැලුවම හුඟක් කැලි තියෙනව ඒක එක භාන්ඩ වල.වැඩකුත් නැති එකෙ නිකන් තියෙන එකෙ කියල පොඩ්ඩක් අන්තර්ජාලෙ කස්ටිය එක් රැස් වෙන තැන් වලින් මදි පාඩු කැල්ලක් හොයා ගන්න ට්‍රයි එක දෙනකොට තමයි තෙරුනෙ හුගක් භාන්ඩ වල මුල් කොටස් හුගක් අය ලග තිබ්බට තාම කාටවත් 4/4 වෙනි කොටස කිසිම භාණ්ඩෙක ලැබිල නැ වගේ කියල..සමහර විට මුලු ලංකාවෙම මෙහෙම වෙන්නත් පුලුවන්..තරගෙ අවසාන දිනේ කිට්ටු කරල දෙන්න ඉන්න තැගි භාණ්ඩ ප්‍රමාණයට පමණක් ඒ අවසාන 4/4 කැල්ල නිකුත් කරනව ඇති..එතකොට නෙ මිනිස්සු දිගටම උද්යොගයෙන් තරගයට සහභාගි වෙන්නෙ..අල්ලපු කඩෙ තිබ්බත් තව කිලොමීටරයක් ෆුඩි සිටියට ගිහින් වැඩි මිලට තරගෙට ඇතුලත් වෙන බඩුවක් අවශය නැතත් මිලදී ගෙන එන්න තරං පෙළඹවන්න ඒ හැගීම ප්‍රබල වෙන්නෙ ඒකනෙ.මිනිස් හිතේ මේ වගේ ස්වභාවයන් මානසික වෛද්‍යවරුන්ට වඩා මකටින් ඇනලයිස‍්රස් ල දන්නව ඇති කියල හිතෙනව මේ වෙලාවට.

කොහොම හරි එතකොට මතක් වුනා අපි ඉස්කොලෙ යන කාලෙ අපි අහු වුන තව දෙයක්.. මතකද කැන්ඩොස් හරි එඩ්නා හරි මතක නැ හරියට ඒ දවස් චොකලට් එක්ක අංකයක් සහිත ක්‍රිකට් කීඩකයෙක්ගෙ ස්ටිකරයක් නිකුත් කලා..ඒ ටික එකතු කරල එක එක තැගි දිනා ගන්න පුලුවන්..ඒ දවස් වල ඉතින් ස්ටිකර් එකතු කරන්න කාපු චොකලට් වල සල්ලි එකතු කලා නම් කොල්ලන්ට කිකට් ආම්පන්න සෙට් එකක් ගන්නත් පුලුවන් වෙන්න ඇති..තව ඇයි ඉතින් සිට්කර් වලට කොච්චර එවුන් ගහ මර ගන්නම ඇතිද ? ස්ටිකර් ගොඩට රබර් බැන්ඩ් එකක් දාගෙන ඕක නිතර ගැන ගැන පරිස්සම් කර ගන්නවට වඩා වැඩක් තිබ්බද ඒ කාලෙ..ඒ ස්ටිකර් වලත් 306 ජයසුරිය ද කොහෙද ඉන්න එක ස්ටිකරයක් තිබ්බ ලොවෙත් හොයන්න බැ.. ඉතින් අර කවද හරි ඕක ලැබෙයි කියල හිතා ගෙන මරාගෙන හොරකම් කරගෙන අපේ එවුන් චොකලට් කැවා..පැන්ඩට ක්‍රිකට් පිස්සුව තදින් නොතිබුන නිසා පැන්ඩා මෙකෙ ක්‍රියා කාරි සහභාගිත්වයක් දැක්කුවෙ නැ..එ නිසාම බය නැතුව අනිත් එවුන් ටොයිලට් එකට එහෙම ගිහින් එනකං උන්ගෙ ස්ටිකර් වල මාව භාරකරය කරල යන්න බය වුනේ නැ..ඒකත් ලොකු නම්බුවක් ඒ කාලෙ..ඇයි සුලු පටු වගකීමක් ද ?

ඔය වගේ මගොඩි කම් අද ඊයෙ ඇති වුන ඒව නෙවෙ..අපි ඉපදිලාවත් නැති අපේ මහප්ප කොල්ල කාලෙ දැන් රත්නපුරෙ ඉන්න ප්‍රසිද්ධ විපක්ශ මන්ත්‍රි කෙනෙක් සහ මුදලාලි කෙනෙක් ටවුමෙ පොඩි පොඩි බිස්නස් කරල තියෙනව.ඒ කාලෙ මිනිස්සු අවුරුද්දට ඉතින් ටවුමට රැස් වෙනකොට මේ දෙන්නත් හිතුවල කීයක් හරි ගරා ගන්න..දෙන්නත් එක්කෙ ටවුමෙ ලැල්ලක් දාල එකෙ තිබ්බලු රටේ නැති වෛවාරන බඩු.ඊට පස්සෙ තුන්ඩු කැලි ටිකක් ලිව්වලු..එක තුන්ඩුවක් සත 10 ලු.. මිනිස්සු ඉතින් තුන්ඩුවක් ගන්නවලු තුන්ඩුවෙ තියෙන තැග්ග එ මිනිහට දෙනවලු..දැන් ඉතින් මිනිස්සු එනවලු දෙන දෙයක් ගන්නව ටිකක් ඉඳල යනවලු..කාටවත් ඔතන නැවතිලා බලා ඉන්න වෙලාවකුත් නැනෙ ඇදෙන තැගි ගැන විස්තරයක්..ඉතින් මිනිස්සුත් දෙන දේ අරගෙන යනවලු.ඔතන ලග හිටපු රාළහාමි කෙනෙක්ට තෙරුනාලු මෙකෙ එන හැම මිනිහටම ලැබෙන්නෙ කටු පැකට් එකක හුනු බිත්තර පැකට් වගේ දෙයක් මිසක් කාටවත් වෙන වටින දෙයක් ලැබුනෙ නැ කියල.

ටිකක් වෙලා බලල කිට්ටු කරපු රාලහාමි ඇහුවලු මෙතන හැම බඩුවටම තුණ්ඩු තියෙද කියල..මුදලාලි පැනපු ගමන් කිව්වලු අපොයි ඔව් රාළහාමි කියල..එහෙනම් ලෙහපන් බලන්න ඔක්කොම තුණ්ඩු කිව්වලු..ටිකක් වෙලා අදිමදි කරපු දෙන්න රාලහාමි ගෙන් ගැලවිල්ලක් නැති නිසා ලෙහුවලු තුන්ඩු ටික..බැලුවම වටින බඩුවකට ලියපු එකම තුන්ඩුවක් වත් නැලු..ඊටපස්සෙ ඉතුරු හරියෙ ටවුමට ඇවිල්ල හිටපු මිනිස්සු බලා ගත්ත කියල තමයි කිව්වෙ..

********************************

පැන්ඩාගේ සිතුවිලි

මේ පොස්ට් එකට බ්ලොග් එකෙ නම දැම්ම අද ලියවෙන දේට හරියටම ගැලපෙන්නෙ මේක නිසයි..මේක ඇත්තටම නිකං හිතට එන සිතුව්ලි ටිකක් යතුරු ලියනය කිරීමක් ම පමණි..මේක මගේ බ්ලොග් එක නිසා මට ඒ අයිතිය තියෙනව..ඒ හින්ද මේ සඳහා මිඩංගු කරන කාලය ගැන කිසිදු වගකීමක් මා සතු නොවෙ..


අන්තිම පොස්ට් එකෙන් මාස 2කට ආසන්න කාලයක් ගෙවිල යද්දි පැන්ඩ නැවත් බ්ලොග් එකට අද තමා පය ගහන්නෙ..ඔය ටික කාලෙ ඇතුලේ ජිවිතේ මහා පෙරළි ගොඩක් වුනා..උපතින් වෙනත් නමක් තිබ්බ මම මීට අවුරුදු තුන හමාරකට කලින් පැන්ඩා නමින් බිහි කල මගෙ වැදුම් ගෙයි තමයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය,ඒ වැදුම් ගෙයි හැර දාල සියලු බඩු භාණ්ඩත් පටොගෙන මම ආපහු ගෙදර ආවෙ කැම්පස් එකෙන් පන්නපු නිසා නෙවෙ..යන්න වුන නිසා..තව දුරටත් මට එකෙ උගන්නනෙ නැති නිසා..මම එකෙ ඉගෙනීම හමාර කරපු නිසා. විශ්ව විද්‍යාලයට 2008 ජූනි මාසෙ ගොඩ වැදුන මම අද සිව වන වසරෙ අවසන් භාගය වෙච්චි ට්‍රෙනින් ආරම්භ කරන අරමුනින් අවසාන විභාගයටත් මූණ දීල ඉවර කරල ආව.මේ තියෙන්නෙ එන්න කලින් අපි කට්ටිය

ජිවිතේ දිහා ආපහු හැරිල බලල ලොකු ටොක් දෙන්න තරං වයසක් අත්දැකීම් ගොඩක් මට නැතත් තාම පසු තැවෙන්න දෙයක් අතින් වෙලා නැති නිසා සංතොශයි.ඒ විදියටම ජිවිතේ අවසන් කරන මොහොත දක්වා ගෙවන එක තම්යි එකම අරමුණ.


ටික දවසක් ගෙදර ඉන්න ලැබෙනව දැන්..මට නම් එක ටිකක් විතර හිත අපහසු කරන හැගීමක් තරමට වෙලා දැන්.5 වසරෙ ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ඉස්කොලෙකට යන්න වුන දවසෙ ඉඳන් මම මගේ ගෙදෙට්ට බොඩින් කාරයෙන් වුනා ඉස්කොලෙ නිවාඩු කාලෙ විතරක් ගෙදර ආපු මට ඉස්කොලෙන් පස්සෙ විශ්ව විදයලයට යන්න වුනේත් නැවතත් ඈත පලාතක ආයෙත් මාව ගෙදරට බොඩින් කාරෙයෙක් කරමින්.ජිවිතේ තනියම ගෙවන්න මම හුරු වුනේ චුටි කාලෙ නිසා අදටත් මට ඕනි තැනක ලේසියෙන් සෙට් වෙන්න පුලුවන්.ඒක හුගක්ම තෙරුනේ කැම්පස් කාලෙ.හැම එකෙක්ම බදා ගෙන එලියට බැහල එන්න මට පුලුවන් වුනේ ඒ හින්ද වෙන්න ඇති.


අවුරුද්දට ලැබුන පොත් පිංචක් එක්ක ගලපල පුන්චි පොස්ට් ගොඩක් ලියන බලාපොරෙත්තුවක් තියෙනව..සිංහල බ්ලොග් සංගමය , සිංහල බ්ලොග් පුන්චි පසු බැමකට ලක් වෙලාදො කියල හිතෙනව..ඒ දවස් වල දවසෙ වැදගත්ම රාජකාරිය වුනේ කට්ටියගෙ බ්ලොග් කියවන එක දැන් ඒක සතියකට වරක් පමණ වෙන වැදගත් රාජකාරියක් වෙලා..ඒ බ්ලොග් කියවපු දැකපු ආසවට තමයි මමත් බ්ලොග් එකක් තියාගෙන උන්නෙ..මගේ බ්ලොග් එක හුගක් වටින්නෙ නැති වුනාට එහෙම වටින ඒව වල පුන්චි අනුගාමිකයෙක් මම ලග ඉන්න සතුට තිබුන..කොයි දේත් ස්තීර නැ කලකට හොද කලකට වහ වෙලා ආයෙ හොද වෙනව ලු නේ..


කියවන කෙනෙක්ට වැදගත් වෙන ටිකක් ලියන අරමුණින් මේ සිතුව්ල්ල අවසන් කරන්නම්

Monday, February 13

Adobe Air...පට්ට සීන් එකක්, මට මිස් වෙලා

මම ටෙක් බ්ලොග් කරුවෙක් නොවෙමි... ටෙක් ගීක්  පෙනුමක් තිබ්බාට තඩි බඩ ගෙඩ්ය නිසා ඒ දවස තිස්සෙ කම්පූටරය ඉදිරිපිට වාඩි වී කොඩ් ලිවීම හො ටෙක් වැඩ දැමීම නිසා නොවෙ..ඒ පවුලෙ ආරෙ හැටිය.

ඒ වුනාට පරිඝනක සිස්සයෙක් නිසා මේවා අත පත ගැවෙනවාය. ඒසෙ ගැවෙන ඇල්ලෙන අනිත් හැමදේම ගැන කියන නිසා මේක මගෙ බ්ලොග් එකත් නිසා කීවාම මක්කද ?

සීන් එක මෙච්චරයි..හැබැයි මේ සීන් එක මේ ලොකෙ පරක්කු වෙලාම දැන ගත්තු පරිඝනක සිස්සයා මා විය හැක..ඒ හින්ද බයෙන් බයේ ලියමි. කාටත් ෆෙස්බුක් තියේ නෙ මට සෙට් වුනා ඕකට මරු ගැජට්ටුවක්..සමහර විට මම ඇරෙන්න අනිත් හැමොම මේක දාගෙන උන්නද දන්නෙ නැ..ඒක තමයි මේක..මේක තමයි ඒක http://www.facebookdesktop.com/

ඕනි නම් ඕක දාගෙන බලන්න හරි ජොලි..කිසි කරදරයක් නැ..වෙන දෙයක් කියනව..නිතර ගිහින් බලන්න ඕනි නැ..අනික අර වින්ඩොස් එකෙ දෙන ඩෙස්ක්ටොප් ගැජට් වලට වඩා පොඩි ෆන් එකක් ඇඩ්වාන්ස් ගතියක් තියේ.

ඕක ඉන්ස්ටොල් කරද්දි ඇඩොබ් එයාර් ඉල්ලුව..ඔයිට සියවස් ගානකට කලින් පිඩීෆ් රිඩර් එක එක්ක බන්ඩල් ඕක ලැබුනත් වෙන්නෙ මොකො කියල බලන්න හිතුනෙ නැ..ඒත් ගැජට් එක නිකං බබා වගේ වින්ඩොස් ගති නැතුව නිකං අමුතු ගති එක්ක අපුරුවට වැඩ කරද්දි මට මොකක් හරි සීන් එකක් කියල හිතුන.මටත් ඉතින් කැහිල්ල නෙ..නැ නැ සමාජ රොගයක් නෙවෙ.අර ඔලුව අස්සෙ කහනව නෙ මේක වෙන්නෙ කොම කියල හොයන්න.නිකමට බැලුවම මේක දුවන්නෙ රන්ටයිම් එකක් උඩ..හරියට ජාව රන්ටයිම් එක වගේ..අන්න එතකොට පොඩි ආතල් එකක් ආව..දන්න එකම ක්‍රම ලේඛන බාසාවෙ සීන් එක වගේ සීන් එකක්,

ඒකෙ නම තමයි Adobe Air.. Adobe Adobe Integrated Runtime (AIR)..හරි හරි මේ ගැන දන්න එවුන් නිකං ඉඳපල්ල මම වගේ එකෙක් හරි ඉන්න පුලුවන් තව..මම ලියන්නෙ උට

ජාව දන්නව නෙ. ඔකෙ තියෙනව රන්ටයිම් එකක්..රන්ටයිම් එක වෙන වෙන os වලට වෙනම එනව..ඒ වුනාට ඒක ඉන්ස්ටොල් කරගත්තම os එක බලන්නෙ නැතුව ඕනි ජාව එකක් ඕක උඩ දුවනව, අන්න ඒ වගෙ තමා සීන් එක.. පැල්ට්ෆොර්ම් ක්‍රොස් කරන්න පුලුවන් වෙන්නෙ ඔහොමයි අපි ලියන ජාව ප්‍රොග්‍රැම් වලට.



ඇඩොබ් එයාර් රන්ටයිම් එකත් අන්න එහෙමයි.එයා දෙනව අපිට අපි ලියපු ඇප් එක ප්ලැට්ෆොර්ම් එකෙන් ස්වායක්ත වෙලා දුවන්න අවස්ථාවක්.එතකොට ඇප් එක හදන මම මේක දුවන පැල්ට්ෆොර්ම් එක ගැන වැඩිය වද වෙන්න ඕනි නැ..ඒ හින්ද ඩිවලොපර් ට මැක්, ලිනක්ස්, වින්ඩොස්, ඇන්ඩ්‍රොයිඩ් , IOS ඕනි එකකට එක වගේ වැඩ කරන ඇප් එකක් ලියාගන්න පුලුවන් වෙන වෙන වර්ශන් හදන්න කරදර නොවී.. 


හැබැයි ඉතින් අර නෙටිව් එකට ලියපු එකක් වගේ පට්ට ස්පීඩ් අපුරුවට වැඩ කරන්නෙ නැලු හුගාක් කම්ප්ලෙක්ස් ඒව.. සරල සුගම සාමන්‍යය වැඩ වලට අවුලකුත් නැ ලු... හැබැයි මෙව තමා ලූ ප්‍රත්‍යෙන් තමා කියන්නෙ වෙන්නෙ..මොකො මම තාම ඩිවලොප් කරල බැලුවෙ නැ.. හික්ස්..එ වුනාට එකක් හදපු ගමන් හදන හැටි ඉඳන් පිලිවෙලට කියන්නම්.ඒ වුනාට ඔය වගේ කතා ජාව වලටත් කිව්ව මිනිස්සු. එකෙත් ටෙක්නොලොජි එක මේ වගේ නිසා..ඒ වුනාට ඉරිදා පත්තරෙ හරි විජය පරිගනක එහෙම දැක්කම හිතෙනව නේද ජාව වල කිසි අවුලක් නැ කියල..ලොල් :D .ක්ලාස් එකක් දාගන්න කිසිම අවුලක් ජාව වල නැ :P .. .මෙකෙත් එහෙම කියල ඉතින් ලොකු අවුලක් නැ අනිත් පහසුකම් බලද්දි..මෙක ඉතින් තව තව වර්ශන් එනකොට ඔය ගතිය අවම වෙයි.

මෙහෙමයි මෙකෙන් ඔය වර්ඩ් වගෙ ෆුල් ඩෙස්ක්ටොප් සහ වෙබ් ඇප්ලිකෙශන් කියන දෙක අතර පවතින හරි අපුරු ඇප් හදන්න පුලුවන් නිර්මාණකරුවන්ට..මම දන්න යාලුවෙක් ඉන්නව රංග කියල අපි නම් දන්නෙ ඔටො කියල..මනුස්සය නිතර හදනව ඩෙස්ක්ටොප් ගැජ්ට් වෙබ් එකට සම්බන්ධ වුන..එත් ඒවා වින්ඩොස් ඩෙස්ක්ටොප් එකට කොටු නොකර තව ඇඩ්වාන්ස් කරගන්න පුලුවන් වෙයි මෙකෙන් මම හිතන්නෙ,


HTML, CSS, Javascript, Flash භාවිතයෙන් මේ AIR ඇප් හදන්න පුලුවන්... විශේෂයෙන්ම බ්‍රව්සර් එක ඔපන් නොකර දුවන වෙබ් ඇප් එකක් වගේ එකක්..තව ඩෙස්ක්ටොප් එකෙ තියෙන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් සෙව් ෆයිල් ලොකල් ස්ටොරෙජ් භාව්ත හැකියාව සහ වෙබ් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔන්ලයින් ස්ටොරෙජ් රිසොස් එකට එකතු වෙන අපුරු නිර්මාන වලට ඉඩ ප්‍රස්තාව මෙකෙන් ලැබෙනව


දැනට ඔච්චරයි..ස්ටඩි ලීව් කාලෙ හෙටත් quiz එකක් තියෙද්දි මෙක ලියන්නම මට හිතුන.මොකො ඇඩොබ් එයාර් තියෙනව කියල දැනගෙන හිටියට එකෙන් වැඩක් වෙන විදිහක් දැක්කම, මම වගේ මෙච්චර කල් නොදැන හිටපු ඒත් මම වගේ ඉන්නෙ නැති මේව ගැන දැන ගත්තම තව හොයන ඒව හදලම බලන වැඩක් ගන්න කරගන්න අයට ප්‍රයොජනයක් වෙන්න මේක ලිව්වෙ.


ට්යුටොරියල් සහ පොත් පත් ඇති තරම් ජාලයේ ඇත..මාත් අඩුම තරමේ ඩෙක්ස්ටොප් එකෙ අයිකන් කිල්ක් කලාම ලොඩ් වෙලා එකෙ බටන් එකක් කිලික් කරමා හෙලො වර්ල්ඩ් කියන AIR උඩ දුවන ඇප් එකක් හරි ලියන්ට ඕනි ලිව්වම දාන්නම්..  හිකිස්...


 ********************************

Thursday, February 9

රුදුරු සෙල්ලම - රත්තිව පොට් කිරිම



මට ඕනි මෙච්චරයි
රෑන මැද වැජඹුනු
රත්තිව පොට් කරන්න
මගේම උන් වුනත්
බැ මේ හැත්ත එක්ක
දැම්ම මම ඔක්කොම
අපේ උන් වලට
මගෙ වුනත් උන් ඔක්කොම
මට ඕනි රත්ති යි
වට කලා මම ඒකි
තිබ්බ මම මගෙ කොනෙ
දුන්නෙ නැ කිට්ටුවට
එන්න එක පොරකට
හිතෙන හැටියට
ඇද්ද එහෙ මෙහෙ
පස්සෙ මට ඇති වුනා
දැම්ම ඒකිත් වලට
මයෙ එකෙක් එක්කම






පින්තූරය උපුටා ගැනීම : http://farm4.static.flickr.com/3620/3607264258_e67ce39144.jpg

 ********************************


Saturday, February 4

මට බැ තවත් මෙව්ව කරන්න

මෙය කියවීමට ගත කරන කාලය පිලිබඳව හා එයින් ඔබට ලැබෙන ප්‍රතිලාභ කිසිදු වගකීමක් රචකයා විසින් දරනු නොලැබේ.

කැම්පස් එකෙ අවසාන කාලෙ... හෙටත් ලෙක්චර්ස් භාර දෙන්න ගොඩ ගැහුන එසයින්මට් 4ක් ද 5ක් ද තියෙනව..ඒත් ඒ මොනවත් කරන්න කිසිම මෙව්ව එකක් නැ..


ඒ අස්සෙ මට ආව හරි අපුරු අදහසක්..කැම්පස් එකෙ බැච් එකක් මිස් කරන්න.. තෙරෙන භාසාවෙන් කිව්වොත් මේ පාර කැම්පස් අවුට් නොවී ජිවිතේ පොඩි විවේකයක් ගන්න

ඊටපස්සෙ හිතුවෙ මේක අපේ අම්මට කිව්වොත් .. "හෙට උදේම ගෙදර එන්න. නැත්තං අපි එන්නද ඔයාව බලන්න.. විකාර කරන්න එපා ලමයො දැන් වයස කීයද අන්න අනිත් ලමයි දැන් රස්සාවලුත් කරනව..අනික ඊට පස්සෙ රටේ එවුන් හිතයි ඔකෙ වැඩ කරගන්න බැරුව හරි ගැණු හුටපටයක් හින්ද හරි ශිෂ්‍යභාවය අහොසි කරල කියල..GPA හොදයි කියල ගිය පාර කිව්වෙ බොරුද.. මම තාත්තට කියන්නද කොල් එක්ක දීල කැම්පස් එකෙන් අහන්න කියල"



ඒ හින්ද ඒ සිතුවිල්ල මම ටිකක් යට ගැහුව ඒත් මම ඒක දිගටම හිතුව..

හරි උඹ බැච් මිස් කරල මොකද කරන්න යන්නෙ ? ඇයි ඕකට බැච් මිස් කරන්නෙ ?



 
මතකද ඩිස්කවරි චැනල් එකෙ ට්‍රැවලර්ස් ප්‍රොගැම් එක.. මගෙ ජිවිතේ මම ආසම වැඩ සටහන් වලින් එකක්..

මට ඕනි ලොකෙ වටේ ඇවිදින්න නිදහසේ..ලොකේ වටේම බැරි වුනත් අඩු තරමේ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරක් වත්..අර මාසයක් විතර එකම ඇදුම ඇදගෙන අලි බෑග් මල්ලක් කරේ එල්ලගෙන මේ ෆොන් ලැප්ටොප් ඒව මේව අතඇරල දාල ඔනි නම් GPS එකකුයි , එක්කො ඒක ඔනිත් නැ..තාක්ශනෙන් ෆුල් අත් මිදිල නිකං මැප් පොතක් විතරක් අරගෙන ඔහේ ඇවිදින්න..

හැමොම බලන්න යන තැන් නෙවෙ මම ආස තැන් බලන්න යන්න..ට්‍රිප් එකක් ගිහින් ඔහෙ බැහැල බලල ආපහු යමු කිව්වම වාහනෙට නගින්න නෙවෙ මට ඇති වෙනකං නැවතිලා ඒව බලන්න දකින්න විදින්න..


බ්‍රවුචර්(brochure) එකෙ ලියල තියෙන දේ නැතුව ඒ දෙවල් ගැන මිනිස්සු කියන දේම අහන්න.


හැමොම ෆොටො ගහන ඒව නෙවෙ මට ඕනි ඒව ෆොටො ගහන්න.හොටල් වල නෙවෙ ගහක් යට ටෙන්ට් එකක් ගහල නිදා ගන්න..පුන්චි ලාම්පුවකින් ගහක් යට රැ ගත කරන ගමන් මේ තරු අහස යට ඉඳන් මම ආසම පොත වෙච්චි ඇට මැස්සා කියවන්න..එහෙම නැත්තං මුකුත් නොකර ඔහේ අහස දිහා බලන් ඉන්න..අන්න හරි මට ඕනි මුකුත්ම නොකර එයා මෙයා අණ පිලිපදින්නෙ නැතුව කාල සටහන් නැතුව ඩෙඩ් ලයින් නැතුව මරා ගන්නෙ නැතුව ඔහේ ජිවිතේට අවුරුද්දක් ගලා ගෙන යන්න දෙන්න..එකම එක අවුරුද්දක්..


ඉන්දියාවෙ ඇත ඇවිදින්න හරියට අර සුනේත්‍රා රාජකරුණා ගියා වගේ.. භාවනායොගියෙක් දකින්න.. ඒ මිනිස්සු එක්ක ටික කාලයක් ඉන්න ඒ ව්දිහට..දුප්පත් මනුස්සයෙක් ගෙ පැලකට ගොඩ වෙලා ඒ මනුස්සයට මොනවහරි උදව්වක් කරල ඒ ගෙදර කන විදිහටම වේලක් කන්න..

තනියෙම මහ පාලු කැලෙක ඇවිදින්න.. ඒ දකින් දේවල් හිතට එන දේවල් පුන්චි පොතක කුරුටු ගාන්න..


වැව් තාවුල්ලක වාඩි වෙලා එහෙම නැත්තං බැග් එක දාලා එක උඩ ඔලුව තියාගෙන හිතේ හැටියට බිම මහ පොලවෙ පෙරලිලා ඇදුමෙ හරි බැග් එකෙ හරි ගැවෙන දුවිලි හරි, මඩ ගැවිලා ඒව සවුත්තු වෙන එක නැත්තං එහෙම ඉන්න කොට අනිත් අය මොනව හිතයිද කියල වද වෙන අපේ පාරම්පරික මල ඉලවු චින්තනෙන් මිදිල ඔහේ ඉර බහින හැටි බලා ඉන්න.

ලස්සන පොඩි පන්සලක නවතින්න..ඇත්තම බුදු දහම දකින අල්පේච්ච හාමුදුරු කෙනෙක් ගෙන් පන්සලේ වැඩක් කරගෙන තව ටිකක් බුද්ධාගම ඉගෙන ගන්න..සංස්කෘත චුට්ටක් ඉගෙන ගන්න..(නැ නැ වත්ස්‍යයාන ලොක්කගෙ පොත කියවන්න නෙවෙ එකෙ ඉන්ග්ලිස් වර්ශන් ඕනි තරං තියෙනව කියවන්න.. ඒක කියෙව්වෙ කොයි කාලෙද අනික)

මම මගේ ජිවිතේ මේ වගේ අත්දැකීම් හිඟ කමකින් පෙලෙනව..ඕවයින් චුට්ටම චුට්ටක් බාලදක්ශයෙක් විදිහට ඉස්ට කර ගත්තට ඒක හරියට මහා තිබහකින් ඉන්න මනුස්සයෙක්ට පිනි බින්දුවක් ලෙව කනව වගේ..එකෙන් වුනේ තව තිබහ ඇවිස්සුන එක.

ඇයි ඕකට බැච් එකක් මිස් කරන්නම ඕනි දන්නවද? මොකො මේක තමයි එහෙම දේකට හොදම කාලෙ..හිතනවද රස්සාවක් කරන කාලෙක ඕව කරන්න..ලොවෙත් වෙන්නෙ නැ..උපාධි ලොගුවක් වැටෙනව කියන්නෙ මිනිහෙක් තවත් සීමා බන්ධන ගොඩකින් හිර වෙනව කියන එක නේද ? ඕකෙන් මාව වැහුනට පස්සෙ ඕව කරන්න වෙන්නෙ නැති වෙයි.. ඊට පස්සෙ රස්සාව ප්‍රස්ථාව දුවනව දුවනව විතරයි.. අනික මිනිස්සුන්ට ඒ ඒ කාලෙට ලබන්න පුලුවන් අත්දැකීම් වෙනස් නේද..


මේ වගේ අත්දැකීමක් මට තව අවුරුදු දහයකින් ලබන්න බැ..ලබන්න මගෙ හිත ලැස්ති වෙන එකකුත් නැ..ඒ කාලෙ වෙනකොට මම ආස මගෙ පැන්ඩි මගෙ ලමයි එක්ක සන්තොසෙන් ලොකෙ වටේ ඇවිදින්න..අම්මල අපිව එක්ක ගියා වගේ ඉස්සර මගෙ අම්මල තාත්තල කොහේ හරි ආස තැනක එක්කගෙන යන්න.ඒ හින්ද මගෙ මේ ආසාවල් ඉස්ට කරගන්න හොදම කාලෙ මේකයි..

ඒත් මම දන්නව මේ ආසවත් මේ කපේදි මට ඉස්ට කරගන්න ලැබෙන එකක් නැ..මම දන්න තරමින් ලංකාවෙ කැම්පස් වල සාධාරණ හේතුවක් නැතුව බැච් මිස් කරන්න බැ..ඒ වගේම මේ මළ ඉළව් ක්‍රමෙ මගේ ආසාව සාධාරණ හේතුවක් වෙන්නෙත් නැ.. හැබැයි එකම එක පොටක් තියේ අවසාන අවුරුද්දේ සබ්ජෙක්ට් ඇන ගත්තොත් ආයෙ ඉතින් රිපිට් එක්සැම් දෙන්නෙ අවුරුද්දකින් ..එතකොට ඩිග්‍රි නැ..ඒ හින්දා රස්සාවක් නැ.. බනින හින්ද ගෙදර ඉන්නත් අමාරු වෙයි..

අනේ මන්ද මේ ඔක්කොම විකාරයි..මොනව කිව්වත් හෙට උදේ නැගිටල ලෙක්චර්ස් යන්න ඕනි..ඒ නිසා තව ඔලුවට විකාර ආවට ලිය ලිය ඉන්න බැ..මම යන්ව නිදා ගන්න..එසයිමන්ට් යකාට ගියාවෙ..





ප.ලි මෙකෙ කොහෙවත් බියර් ටින් එකක් ගැන වත් ගැන ලිය වෙලා නැ..ඒ මම අමද්‍යප නිසා..ඒ වුනාට මේක හීනයක් විතරක් වෙන්න යන්න හින්ද ඔන්න ඔහෙ බියර් එකක් හවසට ගහල ඔහේ වැටිල ඉන්න සීන් එකකටත් ආසයි..බුලත් විට ගැන නම් කියන්න දෙයක් නැ.. දත් ටික දැක්කම විට කාල තියෙන බව පේනව නෙ


පින්තූරය : http://r2square.files.wordpress.com/2011/11/traveller-man-photographer-thinking-sea.jpeg

*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.


Related Posts with Thumbnails