Monday, February 13

Adobe Air...පට්ට සීන් එකක්, මට මිස් වෙලා

මම ටෙක් බ්ලොග් කරුවෙක් නොවෙමි... ටෙක් ගීක්  පෙනුමක් තිබ්බාට තඩි බඩ ගෙඩ්ය නිසා ඒ දවස තිස්සෙ කම්පූටරය ඉදිරිපිට වාඩි වී කොඩ් ලිවීම හො ටෙක් වැඩ දැමීම නිසා නොවෙ..ඒ පවුලෙ ආරෙ හැටිය.

ඒ වුනාට පරිඝනක සිස්සයෙක් නිසා මේවා අත පත ගැවෙනවාය. ඒසෙ ගැවෙන ඇල්ලෙන අනිත් හැමදේම ගැන කියන නිසා මේක මගෙ බ්ලොග් එකත් නිසා කීවාම මක්කද ?

සීන් එක මෙච්චරයි..හැබැයි මේ සීන් එක මේ ලොකෙ පරක්කු වෙලාම දැන ගත්තු පරිඝනක සිස්සයා මා විය හැක..ඒ හින්ද බයෙන් බයේ ලියමි. කාටත් ෆෙස්බුක් තියේ නෙ මට සෙට් වුනා ඕකට මරු ගැජට්ටුවක්..සමහර විට මම ඇරෙන්න අනිත් හැමොම මේක දාගෙන උන්නද දන්නෙ නැ..ඒක තමයි මේක..මේක තමයි ඒක http://www.facebookdesktop.com/

ඕනි නම් ඕක දාගෙන බලන්න හරි ජොලි..කිසි කරදරයක් නැ..වෙන දෙයක් කියනව..නිතර ගිහින් බලන්න ඕනි නැ..අනික අර වින්ඩොස් එකෙ දෙන ඩෙස්ක්ටොප් ගැජට් වලට වඩා පොඩි ෆන් එකක් ඇඩ්වාන්ස් ගතියක් තියේ.

ඕක ඉන්ස්ටොල් කරද්දි ඇඩොබ් එයාර් ඉල්ලුව..ඔයිට සියවස් ගානකට කලින් පිඩීෆ් රිඩර් එක එක්ක බන්ඩල් ඕක ලැබුනත් වෙන්නෙ මොකො කියල බලන්න හිතුනෙ නැ..ඒත් ගැජට් එක නිකං බබා වගේ වින්ඩොස් ගති නැතුව නිකං අමුතු ගති එක්ක අපුරුවට වැඩ කරද්දි මට මොකක් හරි සීන් එකක් කියල හිතුන.මටත් ඉතින් කැහිල්ල නෙ..නැ නැ සමාජ රොගයක් නෙවෙ.අර ඔලුව අස්සෙ කහනව නෙ මේක වෙන්නෙ කොම කියල හොයන්න.නිකමට බැලුවම මේක දුවන්නෙ රන්ටයිම් එකක් උඩ..හරියට ජාව රන්ටයිම් එක වගේ..අන්න එතකොට පොඩි ආතල් එකක් ආව..දන්න එකම ක්‍රම ලේඛන බාසාවෙ සීන් එක වගේ සීන් එකක්,

ඒකෙ නම තමයි Adobe Air.. Adobe Adobe Integrated Runtime (AIR)..හරි හරි මේ ගැන දන්න එවුන් නිකං ඉඳපල්ල මම වගේ එකෙක් හරි ඉන්න පුලුවන් තව..මම ලියන්නෙ උට

ජාව දන්නව නෙ. ඔකෙ තියෙනව රන්ටයිම් එකක්..රන්ටයිම් එක වෙන වෙන os වලට වෙනම එනව..ඒ වුනාට ඒක ඉන්ස්ටොල් කරගත්තම os එක බලන්නෙ නැතුව ඕනි ජාව එකක් ඕක උඩ දුවනව, අන්න ඒ වගෙ තමා සීන් එක.. පැල්ට්ෆොර්ම් ක්‍රොස් කරන්න පුලුවන් වෙන්නෙ ඔහොමයි අපි ලියන ජාව ප්‍රොග්‍රැම් වලට.



ඇඩොබ් එයාර් රන්ටයිම් එකත් අන්න එහෙමයි.එයා දෙනව අපිට අපි ලියපු ඇප් එක ප්ලැට්ෆොර්ම් එකෙන් ස්වායක්ත වෙලා දුවන්න අවස්ථාවක්.එතකොට ඇප් එක හදන මම මේක දුවන පැල්ට්ෆොර්ම් එක ගැන වැඩිය වද වෙන්න ඕනි නැ..ඒ හින්ද ඩිවලොපර් ට මැක්, ලිනක්ස්, වින්ඩොස්, ඇන්ඩ්‍රොයිඩ් , IOS ඕනි එකකට එක වගේ වැඩ කරන ඇප් එකක් ලියාගන්න පුලුවන් වෙන වෙන වර්ශන් හදන්න කරදර නොවී.. 


හැබැයි ඉතින් අර නෙටිව් එකට ලියපු එකක් වගේ පට්ට ස්පීඩ් අපුරුවට වැඩ කරන්නෙ නැලු හුගාක් කම්ප්ලෙක්ස් ඒව.. සරල සුගම සාමන්‍යය වැඩ වලට අවුලකුත් නැ ලු... හැබැයි මෙව තමා ලූ ප්‍රත්‍යෙන් තමා කියන්නෙ වෙන්නෙ..මොකො මම තාම ඩිවලොප් කරල බැලුවෙ නැ.. හික්ස්..එ වුනාට එකක් හදපු ගමන් හදන හැටි ඉඳන් පිලිවෙලට කියන්නම්.ඒ වුනාට ඔය වගේ කතා ජාව වලටත් කිව්ව මිනිස්සු. එකෙත් ටෙක්නොලොජි එක මේ වගේ නිසා..ඒ වුනාට ඉරිදා පත්තරෙ හරි විජය පරිගනක එහෙම දැක්කම හිතෙනව නේද ජාව වල කිසි අවුලක් නැ කියල..ලොල් :D .ක්ලාස් එකක් දාගන්න කිසිම අවුලක් ජාව වල නැ :P .. .මෙකෙත් එහෙම කියල ඉතින් ලොකු අවුලක් නැ අනිත් පහසුකම් බලද්දි..මෙක ඉතින් තව තව වර්ශන් එනකොට ඔය ගතිය අවම වෙයි.

මෙහෙමයි මෙකෙන් ඔය වර්ඩ් වගෙ ෆුල් ඩෙස්ක්ටොප් සහ වෙබ් ඇප්ලිකෙශන් කියන දෙක අතර පවතින හරි අපුරු ඇප් හදන්න පුලුවන් නිර්මාණකරුවන්ට..මම දන්න යාලුවෙක් ඉන්නව රංග කියල අපි නම් දන්නෙ ඔටො කියල..මනුස්සය නිතර හදනව ඩෙස්ක්ටොප් ගැජ්ට් වෙබ් එකට සම්බන්ධ වුන..එත් ඒවා වින්ඩොස් ඩෙස්ක්ටොප් එකට කොටු නොකර තව ඇඩ්වාන්ස් කරගන්න පුලුවන් වෙයි මෙකෙන් මම හිතන්නෙ,


HTML, CSS, Javascript, Flash භාවිතයෙන් මේ AIR ඇප් හදන්න පුලුවන්... විශේෂයෙන්ම බ්‍රව්සර් එක ඔපන් නොකර දුවන වෙබ් ඇප් එකක් වගේ එකක්..තව ඩෙස්ක්ටොප් එකෙ තියෙන් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් සෙව් ෆයිල් ලොකල් ස්ටොරෙජ් භාව්ත හැකියාව සහ වෙබ් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔන්ලයින් ස්ටොරෙජ් රිසොස් එකට එකතු වෙන අපුරු නිර්මාන වලට ඉඩ ප්‍රස්තාව මෙකෙන් ලැබෙනව


දැනට ඔච්චරයි..ස්ටඩි ලීව් කාලෙ හෙටත් quiz එකක් තියෙද්දි මෙක ලියන්නම මට හිතුන.මොකො ඇඩොබ් එයාර් තියෙනව කියල දැනගෙන හිටියට එකෙන් වැඩක් වෙන විදිහක් දැක්කම, මම වගේ මෙච්චර කල් නොදැන හිටපු ඒත් මම වගේ ඉන්නෙ නැති මේව ගැන දැන ගත්තම තව හොයන ඒව හදලම බලන වැඩක් ගන්න කරගන්න අයට ප්‍රයොජනයක් වෙන්න මේක ලිව්වෙ.


ට්යුටොරියල් සහ පොත් පත් ඇති තරම් ජාලයේ ඇත..මාත් අඩුම තරමේ ඩෙක්ස්ටොප් එකෙ අයිකන් කිල්ක් කලාම ලොඩ් වෙලා එකෙ බටන් එකක් කිලික් කරමා හෙලො වර්ල්ඩ් කියන AIR උඩ දුවන ඇප් එකක් හරි ලියන්ට ඕනි ලිව්වම දාන්නම්..  හිකිස්...


 ********************************

11 comments:

  1. උඔ අපි පාඩන් කරල විභාගෙ ලියනවට කැමති නැද්ද????

    ඈයි බං දැන් මම පාඩන් කරන එක නවත්තල මේක ගැන කියවන්න යනවනෙ... ඈත්තම කියනවනම් මම මේක ගැන මුකුත් මීට කලින් දැනගෙන හිටියෙ නෑ.. උඔ කිවුව වගේ HelloWorld එකක් වත් ලියමු නේද??

    තව දෙයක් Window8 වලදිත් මේවගේ දේකට හුරුවෙන්න වෙයි වගේ App ලියන අයට..

    ReplyDelete
  2. @කේශාන්. : මම උඹෙන් බලාපොරොත්තු වුනේ ඕක නෙවෙ... "අපො තො ඕකවත් දන්නෙ නැද්ද...මම ඔක දන්නෙ දැන් අවුරුදු 2කට කලින්, වැඩක් නැ බන් කියන තරන් ලොකු සීන් එකක් නැ" වගෙ කමෙන්ට් එකක්...

    ReplyDelete
  3. අඩො මටත් කියලා දීපියකො අදම...

    ReplyDelete
  4. තෙරුන්නැ.. මජං ගාගන්න වැඩක් නම් තෙරෙනොනේ :D

    ReplyDelete
  5. tawa tikak wistara karala kiwa nam hodai,non It unta meka terum ganna amaru ati

    ReplyDelete
  6. ඇත්තටම මාත් දැනගත්තේ ඕක අදනේ.ඒත් සමහරක් ඒවා තේරුනේ නැහැ. :(

    ReplyDelete
  7. මම ඕක ඉන්ස්ටෝල් කරලා තිබුනට පාවිච්චි කොරලා තිබ්බේ නෑ !!!

    ReplyDelete
  8. පට්ට පට්ට පැන්ඩෝ .. අලුත් සීන් එකක් නේ පොඩ්ඩක් හොයල බලන්න ඕනි තැන්කූ...

    ReplyDelete
  9. අදහස් දක්වපු හැමොටම ස්තූතියි...

    ReplyDelete
  10. අදමයි ආවේ වැදගත් ලිපියක් නොවැ..

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails