Saturday, February 4

මට බැ තවත් මෙව්ව කරන්න

මෙය කියවීමට ගත කරන කාලය පිලිබඳව හා එයින් ඔබට ලැබෙන ප්‍රතිලාභ කිසිදු වගකීමක් රචකයා විසින් දරනු නොලැබේ.

කැම්පස් එකෙ අවසාන කාලෙ... හෙටත් ලෙක්චර්ස් භාර දෙන්න ගොඩ ගැහුන එසයින්මට් 4ක් ද 5ක් ද තියෙනව..ඒත් ඒ මොනවත් කරන්න කිසිම මෙව්ව එකක් නැ..


ඒ අස්සෙ මට ආව හරි අපුරු අදහසක්..කැම්පස් එකෙ බැච් එකක් මිස් කරන්න.. තෙරෙන භාසාවෙන් කිව්වොත් මේ පාර කැම්පස් අවුට් නොවී ජිවිතේ පොඩි විවේකයක් ගන්න

ඊටපස්සෙ හිතුවෙ මේක අපේ අම්මට කිව්වොත් .. "හෙට උදේම ගෙදර එන්න. නැත්තං අපි එන්නද ඔයාව බලන්න.. විකාර කරන්න එපා ලමයො දැන් වයස කීයද අන්න අනිත් ලමයි දැන් රස්සාවලුත් කරනව..අනික ඊට පස්සෙ රටේ එවුන් හිතයි ඔකෙ වැඩ කරගන්න බැරුව හරි ගැණු හුටපටයක් හින්ද හරි ශිෂ්‍යභාවය අහොසි කරල කියල..GPA හොදයි කියල ගිය පාර කිව්වෙ බොරුද.. මම තාත්තට කියන්නද කොල් එක්ක දීල කැම්පස් එකෙන් අහන්න කියල"



ඒ හින්ද ඒ සිතුවිල්ල මම ටිකක් යට ගැහුව ඒත් මම ඒක දිගටම හිතුව..

හරි උඹ බැච් මිස් කරල මොකද කරන්න යන්නෙ ? ඇයි ඕකට බැච් මිස් කරන්නෙ ?



 
මතකද ඩිස්කවරි චැනල් එකෙ ට්‍රැවලර්ස් ප්‍රොගැම් එක.. මගෙ ජිවිතේ මම ආසම වැඩ සටහන් වලින් එකක්..

මට ඕනි ලොකෙ වටේ ඇවිදින්න නිදහසේ..ලොකේ වටේම බැරි වුනත් අඩු තරමේ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරක් වත්..අර මාසයක් විතර එකම ඇදුම ඇදගෙන අලි බෑග් මල්ලක් කරේ එල්ලගෙන මේ ෆොන් ලැප්ටොප් ඒව මේව අතඇරල දාල ඔනි නම් GPS එකකුයි , එක්කො ඒක ඔනිත් නැ..තාක්ශනෙන් ෆුල් අත් මිදිල නිකං මැප් පොතක් විතරක් අරගෙන ඔහේ ඇවිදින්න..

හැමොම බලන්න යන තැන් නෙවෙ මම ආස තැන් බලන්න යන්න..ට්‍රිප් එකක් ගිහින් ඔහෙ බැහැල බලල ආපහු යමු කිව්වම වාහනෙට නගින්න නෙවෙ මට ඇති වෙනකං නැවතිලා ඒව බලන්න දකින්න විදින්න..


බ්‍රවුචර්(brochure) එකෙ ලියල තියෙන දේ නැතුව ඒ දෙවල් ගැන මිනිස්සු කියන දේම අහන්න.


හැමොම ෆොටො ගහන ඒව නෙවෙ මට ඕනි ඒව ෆොටො ගහන්න.හොටල් වල නෙවෙ ගහක් යට ටෙන්ට් එකක් ගහල නිදා ගන්න..පුන්චි ලාම්පුවකින් ගහක් යට රැ ගත කරන ගමන් මේ තරු අහස යට ඉඳන් මම ආසම පොත වෙච්චි ඇට මැස්සා කියවන්න..එහෙම නැත්තං මුකුත් නොකර ඔහේ අහස දිහා බලන් ඉන්න..අන්න හරි මට ඕනි මුකුත්ම නොකර එයා මෙයා අණ පිලිපදින්නෙ නැතුව කාල සටහන් නැතුව ඩෙඩ් ලයින් නැතුව මරා ගන්නෙ නැතුව ඔහේ ජිවිතේට අවුරුද්දක් ගලා ගෙන යන්න දෙන්න..එකම එක අවුරුද්දක්..


ඉන්දියාවෙ ඇත ඇවිදින්න හරියට අර සුනේත්‍රා රාජකරුණා ගියා වගේ.. භාවනායොගියෙක් දකින්න.. ඒ මිනිස්සු එක්ක ටික කාලයක් ඉන්න ඒ ව්දිහට..දුප්පත් මනුස්සයෙක් ගෙ පැලකට ගොඩ වෙලා ඒ මනුස්සයට මොනවහරි උදව්වක් කරල ඒ ගෙදර කන විදිහටම වේලක් කන්න..

තනියෙම මහ පාලු කැලෙක ඇවිදින්න.. ඒ දකින් දේවල් හිතට එන දේවල් පුන්චි පොතක කුරුටු ගාන්න..


වැව් තාවුල්ලක වාඩි වෙලා එහෙම නැත්තං බැග් එක දාලා එක උඩ ඔලුව තියාගෙන හිතේ හැටියට බිම මහ පොලවෙ පෙරලිලා ඇදුමෙ හරි බැග් එකෙ හරි ගැවෙන දුවිලි හරි, මඩ ගැවිලා ඒව සවුත්තු වෙන එක නැත්තං එහෙම ඉන්න කොට අනිත් අය මොනව හිතයිද කියල වද වෙන අපේ පාරම්පරික මල ඉලවු චින්තනෙන් මිදිල ඔහේ ඉර බහින හැටි බලා ඉන්න.

ලස්සන පොඩි පන්සලක නවතින්න..ඇත්තම බුදු දහම දකින අල්පේච්ච හාමුදුරු කෙනෙක් ගෙන් පන්සලේ වැඩක් කරගෙන තව ටිකක් බුද්ධාගම ඉගෙන ගන්න..සංස්කෘත චුට්ටක් ඉගෙන ගන්න..(නැ නැ වත්ස්‍යයාන ලොක්කගෙ පොත කියවන්න නෙවෙ එකෙ ඉන්ග්ලිස් වර්ශන් ඕනි තරං තියෙනව කියවන්න.. ඒක කියෙව්වෙ කොයි කාලෙද අනික)

මම මගේ ජිවිතේ මේ වගේ අත්දැකීම් හිඟ කමකින් පෙලෙනව..ඕවයින් චුට්ටම චුට්ටක් බාලදක්ශයෙක් විදිහට ඉස්ට කර ගත්තට ඒක හරියට මහා තිබහකින් ඉන්න මනුස්සයෙක්ට පිනි බින්දුවක් ලෙව කනව වගේ..එකෙන් වුනේ තව තිබහ ඇවිස්සුන එක.

ඇයි ඕකට බැච් එකක් මිස් කරන්නම ඕනි දන්නවද? මොකො මේක තමයි එහෙම දේකට හොදම කාලෙ..හිතනවද රස්සාවක් කරන කාලෙක ඕව කරන්න..ලොවෙත් වෙන්නෙ නැ..උපාධි ලොගුවක් වැටෙනව කියන්නෙ මිනිහෙක් තවත් සීමා බන්ධන ගොඩකින් හිර වෙනව කියන එක නේද ? ඕකෙන් මාව වැහුනට පස්සෙ ඕව කරන්න වෙන්නෙ නැති වෙයි.. ඊට පස්සෙ රස්සාව ප්‍රස්ථාව දුවනව දුවනව විතරයි.. අනික මිනිස්සුන්ට ඒ ඒ කාලෙට ලබන්න පුලුවන් අත්දැකීම් වෙනස් නේද..


මේ වගේ අත්දැකීමක් මට තව අවුරුදු දහයකින් ලබන්න බැ..ලබන්න මගෙ හිත ලැස්ති වෙන එකකුත් නැ..ඒ කාලෙ වෙනකොට මම ආස මගෙ පැන්ඩි මගෙ ලමයි එක්ක සන්තොසෙන් ලොකෙ වටේ ඇවිදින්න..අම්මල අපිව එක්ක ගියා වගේ ඉස්සර මගෙ අම්මල තාත්තල කොහේ හරි ආස තැනක එක්කගෙන යන්න.ඒ හින්ද මගෙ මේ ආසාවල් ඉස්ට කරගන්න හොදම කාලෙ මේකයි..

ඒත් මම දන්නව මේ ආසවත් මේ කපේදි මට ඉස්ට කරගන්න ලැබෙන එකක් නැ..මම දන්න තරමින් ලංකාවෙ කැම්පස් වල සාධාරණ හේතුවක් නැතුව බැච් මිස් කරන්න බැ..ඒ වගේම මේ මළ ඉළව් ක්‍රමෙ මගේ ආසාව සාධාරණ හේතුවක් වෙන්නෙත් නැ.. හැබැයි එකම එක පොටක් තියේ අවසාන අවුරුද්දේ සබ්ජෙක්ට් ඇන ගත්තොත් ආයෙ ඉතින් රිපිට් එක්සැම් දෙන්නෙ අවුරුද්දකින් ..එතකොට ඩිග්‍රි නැ..ඒ හින්දා රස්සාවක් නැ.. බනින හින්ද ගෙදර ඉන්නත් අමාරු වෙයි..

අනේ මන්ද මේ ඔක්කොම විකාරයි..මොනව කිව්වත් හෙට උදේ නැගිටල ලෙක්චර්ස් යන්න ඕනි..ඒ නිසා තව ඔලුවට විකාර ආවට ලිය ලිය ඉන්න බැ..මම යන්ව නිදා ගන්න..එසයිමන්ට් යකාට ගියාවෙ..





ප.ලි මෙකෙ කොහෙවත් බියර් ටින් එකක් ගැන වත් ගැන ලිය වෙලා නැ..ඒ මම අමද්‍යප නිසා..ඒ වුනාට මේක හීනයක් විතරක් වෙන්න යන්න හින්ද ඔන්න ඔහෙ බියර් එකක් හවසට ගහල ඔහේ වැටිල ඉන්න සීන් එකකටත් ආසයි..බුලත් විට ගැන නම් කියන්න දෙයක් නැ.. දත් ටික දැක්කම විට කාල තියෙන බව පේනව නෙ


පින්තූරය : http://r2square.files.wordpress.com/2011/11/traveller-man-photographer-thinking-sea.jpeg

*************************
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.


11 comments:

  1. පොඩ්ඩක් ඉන්න... මේ Assignment ටික ඉවර වුනු ගමන්ම Comment එකක් දාන්නම්....

    ReplyDelete
  2. Great work buddika.........Proud of you..........

    Dinesh

    ReplyDelete
  3. මොකෑ පුතේ මේ? අපිටත් ඔහොම කාලයක් තිබුනා වැඩ ගොඩ ගැහිලා ක‍රගන්න බැරුව ඔළුව කොලොප්පම් වෙච්ච.ඒත් ඒකට එකම පිළියම බැච් මිස් කරන එක නෙමේ. එහෙම හිතන්න වත් එපා.ඔන්න ඔය විකාර අදහස් අතෑරලා ටිකක් වැඩිපුර මහන්සි වෙන්ඩ.

    අර වගේ හීන ජීවිතයක් අපි හැමෝටම තියනව.ඒත් ඉතින් කීයෙන් කීදෙනාද ඒ හීන හැබෑ කරගන්නෙ.එහෙම දවසක් ඔයාටත් එයි,එතකන් ඉවසලා ඉගන ගන්න වැඩ ටික හරියට කරගන්ඩ.:)

    ReplyDelete
  4. මොන තරන් නං වටින කතාවක්ද? මසුරන් දාන්න හිතෙනවා කටේ... ඒත් ඉතින් අපිට කොහෙන්ද ඔහොම වාසනාවක්, බදුල්ලේ කැම්පස් එකකට ආව නිසා ටිකක් හරි කොන්ක්‍රීට් වනාන්තරෙන් මිදිලා හිටියා දැන් ඉතින් ආපහු කොන්ක්‍රීට් වනාන්තරේට යන්න කාලේ ඇවිල්ලා, ලොකේ වටේ ඇවිදින එක කෙසේ වෙතත් හුස්ම ගන්න වෙලාවක් තිබ්බොත් ඇති !

    ReplyDelete
  5. Assignment ගැන නම් කතා කරලා වැඩක නෑ පැන්ඩා අය්යේ.කෝ පැන්ඩි ගේ සිතුව්ලි ටිකත් ලිව්වා නම් මරේ මරු........

    ReplyDelete
  6. කරන්න තියෙන එසයින්මන්ට් ටිකයි අනිත් වැඩ ටිකයි ඔක්කෝම කොලේක ලියපන් . .

    අගට මේ කොරන්න හිතාගෙන ඉන්න ටිකත් ඒ කොලේම ලියපන් . . .

    එක එක කර කර ටික් කරපන් . . .

    ඔය ඔක්කෝම එකක්වත් මිස් වෙන්නේ නැතිවෙන්නත් . .

    බැච් මිස් කරගන්නේ නැතුවත් කරගන්න පුලුවන් වෙයි . .

    බොරු නෙමේ . .

    ReplyDelete
  7. meka nikan heenayak witharak nemei.etath eha giya1k.mokada uba heenen wath ochchara dura awidinne ne.bodime idan campus yanneth bus1ke neda. lolzzzz :)

    ReplyDelete
  8. හිතට එන හැම අහිංසක ආශාවක්ම ඉෂ්ට කොරගන්න තියනවනම් කොච්චර ශෝයිද අයියේ...එත් ඉතින් අපේ සමාජ ක්‍රමෙත් එක ඕව බැරි එකයි වෙලා තියෙන්නේ....

    ReplyDelete
  9. අන්තිම අවුරුද්ද ඔන්න ඔහේ යන්න අරින්න. මාත් එහෙමයි කලේ. පාඩම් කලේ විභාගේ කිට්ටු වෙලා. වැඩිපුර මහන්සි උනෙත් නෑ. ඒ උනාට ට්‍රැක් එකේ ඉන්න හන්දා බැච් මිස් උනෙත් නෑ. ඔලුව නිදහස්ව තියෙන තරමට වැඩ කරගන්න ලේසියි.

    කිසිම දෙයක් බරපතලව හිතන්න එපා.

    මල්ලි අර කලින් කියපු දේවල් වලට මාත් අසයි. මෙහෙම රස්සාවකට කොටු වෙලා ගෙවන ජීවිතය මාර අමාරුයි !!!

    ජීවිතය විඳින්න ! ඒත් තමන්ට තියෙන වැඩ ගැනත් ටිකක් විතර හිතන්න !

    ReplyDelete
  10. ස්තූති යාලුවනේ... අනේ මන්ද..බලමු බලමු

    ReplyDelete
  11. A nice article & nice sentiments but I guess in reality you can't have your head in the clouds like this.We all work and play.. tats the ultimate truth! you got to have money to do all this, you need money to get fed,lodging, travel expenses..

    You can do this, the whole wandering about but then I guess you need to work your ass off , get good grades, get a job, be a slave, save and yeah travel with limited resources - money and time

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails