Tuesday, April 17

පැන්ඩාගේ සිතුවිලි

මේ පොස්ට් එකට බ්ලොග් එකෙ නම දැම්ම අද ලියවෙන දේට හරියටම ගැලපෙන්නෙ මේක නිසයි..මේක ඇත්තටම නිකං හිතට එන සිතුව්ලි ටිකක් යතුරු ලියනය කිරීමක් ම පමණි..මේක මගේ බ්ලොග් එක නිසා මට ඒ අයිතිය තියෙනව..ඒ හින්ද මේ සඳහා මිඩංගු කරන කාලය ගැන කිසිදු වගකීමක් මා සතු නොවෙ..


අන්තිම පොස්ට් එකෙන් මාස 2කට ආසන්න කාලයක් ගෙවිල යද්දි පැන්ඩ නැවත් බ්ලොග් එකට අද තමා පය ගහන්නෙ..ඔය ටික කාලෙ ඇතුලේ ජිවිතේ මහා පෙරළි ගොඩක් වුනා..උපතින් වෙනත් නමක් තිබ්බ මම මීට අවුරුදු තුන හමාරකට කලින් පැන්ඩා නමින් බිහි කල මගෙ වැදුම් ගෙයි තමයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය,ඒ වැදුම් ගෙයි හැර දාල සියලු බඩු භාණ්ඩත් පටොගෙන මම ආපහු ගෙදර ආවෙ කැම්පස් එකෙන් පන්නපු නිසා නෙවෙ..යන්න වුන නිසා..තව දුරටත් මට එකෙ උගන්නනෙ නැති නිසා..මම එකෙ ඉගෙනීම හමාර කරපු නිසා. විශ්ව විද්‍යාලයට 2008 ජූනි මාසෙ ගොඩ වැදුන මම අද සිව වන වසරෙ අවසන් භාගය වෙච්චි ට්‍රෙනින් ආරම්භ කරන අරමුනින් අවසාන විභාගයටත් මූණ දීල ඉවර කරල ආව.මේ තියෙන්නෙ එන්න කලින් අපි කට්ටිය

ජිවිතේ දිහා ආපහු හැරිල බලල ලොකු ටොක් දෙන්න තරං වයසක් අත්දැකීම් ගොඩක් මට නැතත් තාම පසු තැවෙන්න දෙයක් අතින් වෙලා නැති නිසා සංතොශයි.ඒ විදියටම ජිවිතේ අවසන් කරන මොහොත දක්වා ගෙවන එක තම්යි එකම අරමුණ.


ටික දවසක් ගෙදර ඉන්න ලැබෙනව දැන්..මට නම් එක ටිකක් විතර හිත අපහසු කරන හැගීමක් තරමට වෙලා දැන්.5 වසරෙ ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ඉස්කොලෙකට යන්න වුන දවසෙ ඉඳන් මම මගේ ගෙදෙට්ට බොඩින් කාරයෙන් වුනා ඉස්කොලෙ නිවාඩු කාලෙ විතරක් ගෙදර ආපු මට ඉස්කොලෙන් පස්සෙ විශ්ව විදයලයට යන්න වුනේත් නැවතත් ඈත පලාතක ආයෙත් මාව ගෙදරට බොඩින් කාරෙයෙක් කරමින්.ජිවිතේ තනියම ගෙවන්න මම හුරු වුනේ චුටි කාලෙ නිසා අදටත් මට ඕනි තැනක ලේසියෙන් සෙට් වෙන්න පුලුවන්.ඒක හුගක්ම තෙරුනේ කැම්පස් කාලෙ.හැම එකෙක්ම බදා ගෙන එලියට බැහල එන්න මට පුලුවන් වුනේ ඒ හින්ද වෙන්න ඇති.


අවුරුද්දට ලැබුන පොත් පිංචක් එක්ක ගලපල පුන්චි පොස්ට් ගොඩක් ලියන බලාපොරෙත්තුවක් තියෙනව..සිංහල බ්ලොග් සංගමය , සිංහල බ්ලොග් පුන්චි පසු බැමකට ලක් වෙලාදො කියල හිතෙනව..ඒ දවස් වල දවසෙ වැදගත්ම රාජකාරිය වුනේ කට්ටියගෙ බ්ලොග් කියවන එක දැන් ඒක සතියකට වරක් පමණ වෙන වැදගත් රාජකාරියක් වෙලා..ඒ බ්ලොග් කියවපු දැකපු ආසවට තමයි මමත් බ්ලොග් එකක් තියාගෙන උන්නෙ..මගේ බ්ලොග් එක හුගක් වටින්නෙ නැති වුනාට එහෙම වටින ඒව වල පුන්චි අනුගාමිකයෙක් මම ලග ඉන්න සතුට තිබුන..කොයි දේත් ස්තීර නැ කලකට හොද කලකට වහ වෙලා ආයෙ හොද වෙනව ලු නේ..


කියවන කෙනෙක්ට වැදගත් වෙන ටිකක් ලියන අරමුණින් මේ සිතුව්ල්ල අවසන් කරන්නම්

4 comments:

  1. වටිනා අදහසක් එකතු කලාට ස්තුතීයි අපේ පැන්ඩො ..(බාබුල්)

    ReplyDelete
  2. කැම්පස් එකෙන් අයින් වෙලා තාම මාසයක්වත් නැතිඋනාට මට නම් දැනෙන්නෙ මාස ගානක් ගිහින් වගේ.කොහොම උනත් ටික දවසක් ගෙදර ඉන්න ලැබෙන එක නම් හොඳයි...

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්....... එහෙනුත් ගියා........

    ReplyDelete
  4. පැන්ඩයියේ උඹත් මම වගේ....ගෙදරට බෝඩිම්කාරයෙක්...ජීවිතේ වාසනාවද අවාසනාවද දන්නෑ...හැබැයි ආයෙමත් ගෙදර එකා වගේ ජීවත් වෙන්න අපිට චාන්ස් එකක් හම්බුවෙන්නේ නෑ....
    සුභ අනාගතයක්....

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails