Tuesday, April 17

කූපන් මගොඩි සහ තවත් කතා..

අවුරුදු කාලෙ හැමොම බලන්නෙ යහමින් බිස්නස් එකක් කරගන්න..මේකට ඉතින් හොදම වැඩෙ තමයි මොකක් හරි තරගයක් පටොලව ගන්න එක.මේක ඉතින් ටවුමේ පොඩි කඩෙ ඉදන් අතීතයෙ සිට ලංකාවෙ වැජඹෙන කර්ගිල්ස් ෆුඩ් සිටය දක්වා ඒක එක පරාස වලින් විහිදෙනව..

නමුත් ඉතින් ඔය හැම තරඟයක්ම ආයතනයට ලාභ දායි ලෙස පවත්වා ගන්න ඒ අය වග බලා ගන්නව,ඒ වුනාට ලංකාවෙ මිනිස්සු කොච්චර අසුභ වාදි වුනත් මේ වගේ එවයෙ දි මටත් චාන්ස් එකක් එයි කියල ෆුල් සුභවාදි වෙන නිසා කවදාවත් ඒ ආයතන පාඩු ලබන්නෙ නැ..හොදම උදාහරනෙ ලොතැරයි මණ්ඩලය..මම හිතන්නෙ ලංකාවෙ රජයට අනුබද්ධ පාඩු නොලබන එකම ආයතනය වෙන්නත් බැරි නැ ඉස්කාරගාරය ඇරනම.

මම දන්න මිනිස්සු ඉන්නව දවසට අනිවාර්‍යෙන් ස්වීප් 10ක් ගන්න..සමහර විට දවස ආදයෙමෙන් 1/5ක් විතර වියදම් වෙන්නෙ ඒකට.හරි ඒවයෙ හොද නරක මම කියන්ට ඕනි නැනෙ..
පැන්ඩත් නිවාඩුවෙ ගෙදර ඉන්නකොට දුටුව ගෙදර තියෙන අර ෆුඩ් සිටියෙන් දුන්න කූපන් ටිකක් බැලුවම හුඟක් කැලි තියෙනව ඒක එක භාන්ඩ වල.වැඩකුත් නැති එකෙ නිකන් තියෙන එකෙ කියල පොඩ්ඩක් අන්තර්ජාලෙ කස්ටිය එක් රැස් වෙන තැන් වලින් මදි පාඩු කැල්ලක් හොයා ගන්න ට්‍රයි එක දෙනකොට තමයි තෙරුනෙ හුගක් භාන්ඩ වල මුල් කොටස් හුගක් අය ලග තිබ්බට තාම කාටවත් 4/4 වෙනි කොටස කිසිම භාණ්ඩෙක ලැබිල නැ වගේ කියල..සමහර විට මුලු ලංකාවෙම මෙහෙම වෙන්නත් පුලුවන්..තරගෙ අවසාන දිනේ කිට්ටු කරල දෙන්න ඉන්න තැගි භාණ්ඩ ප්‍රමාණයට පමණක් ඒ අවසාන 4/4 කැල්ල නිකුත් කරනව ඇති..එතකොට නෙ මිනිස්සු දිගටම උද්යොගයෙන් තරගයට සහභාගි වෙන්නෙ..අල්ලපු කඩෙ තිබ්බත් තව කිලොමීටරයක් ෆුඩි සිටියට ගිහින් වැඩි මිලට තරගෙට ඇතුලත් වෙන බඩුවක් අවශය නැතත් මිලදී ගෙන එන්න තරං පෙළඹවන්න ඒ හැගීම ප්‍රබල වෙන්නෙ ඒකනෙ.මිනිස් හිතේ මේ වගේ ස්වභාවයන් මානසික වෛද්‍යවරුන්ට වඩා මකටින් ඇනලයිස‍්රස් ල දන්නව ඇති කියල හිතෙනව මේ වෙලාවට.

කොහොම හරි එතකොට මතක් වුනා අපි ඉස්කොලෙ යන කාලෙ අපි අහු වුන තව දෙයක්.. මතකද කැන්ඩොස් හරි එඩ්නා හරි මතක නැ හරියට ඒ දවස් චොකලට් එක්ක අංකයක් සහිත ක්‍රිකට් කීඩකයෙක්ගෙ ස්ටිකරයක් නිකුත් කලා..ඒ ටික එකතු කරල එක එක තැගි දිනා ගන්න පුලුවන්..ඒ දවස් වල ඉතින් ස්ටිකර් එකතු කරන්න කාපු චොකලට් වල සල්ලි එකතු කලා නම් කොල්ලන්ට කිකට් ආම්පන්න සෙට් එකක් ගන්නත් පුලුවන් වෙන්න ඇති..තව ඇයි ඉතින් සිට්කර් වලට කොච්චර එවුන් ගහ මර ගන්නම ඇතිද ? ස්ටිකර් ගොඩට රබර් බැන්ඩ් එකක් දාගෙන ඕක නිතර ගැන ගැන පරිස්සම් කර ගන්නවට වඩා වැඩක් තිබ්බද ඒ කාලෙ..ඒ ස්ටිකර් වලත් 306 ජයසුරිය ද කොහෙද ඉන්න එක ස්ටිකරයක් තිබ්බ ලොවෙත් හොයන්න බැ.. ඉතින් අර කවද හරි ඕක ලැබෙයි කියල හිතා ගෙන මරාගෙන හොරකම් කරගෙන අපේ එවුන් චොකලට් කැවා..පැන්ඩට ක්‍රිකට් පිස්සුව තදින් නොතිබුන නිසා පැන්ඩා මෙකෙ ක්‍රියා කාරි සහභාගිත්වයක් දැක්කුවෙ නැ..එ නිසාම බය නැතුව අනිත් එවුන් ටොයිලට් එකට එහෙම ගිහින් එනකං උන්ගෙ ස්ටිකර් වල මාව භාරකරය කරල යන්න බය වුනේ නැ..ඒකත් ලොකු නම්බුවක් ඒ කාලෙ..ඇයි සුලු පටු වගකීමක් ද ?

ඔය වගේ මගොඩි කම් අද ඊයෙ ඇති වුන ඒව නෙවෙ..අපි ඉපදිලාවත් නැති අපේ මහප්ප කොල්ල කාලෙ දැන් රත්නපුරෙ ඉන්න ප්‍රසිද්ධ විපක්ශ මන්ත්‍රි කෙනෙක් සහ මුදලාලි කෙනෙක් ටවුමෙ පොඩි පොඩි බිස්නස් කරල තියෙනව.ඒ කාලෙ මිනිස්සු අවුරුද්දට ඉතින් ටවුමට රැස් වෙනකොට මේ දෙන්නත් හිතුවල කීයක් හරි ගරා ගන්න..දෙන්නත් එක්කෙ ටවුමෙ ලැල්ලක් දාල එකෙ තිබ්බලු රටේ නැති වෛවාරන බඩු.ඊට පස්සෙ තුන්ඩු කැලි ටිකක් ලිව්වලු..එක තුන්ඩුවක් සත 10 ලු.. මිනිස්සු ඉතින් තුන්ඩුවක් ගන්නවලු තුන්ඩුවෙ තියෙන තැග්ග එ මිනිහට දෙනවලු..දැන් ඉතින් මිනිස්සු එනවලු දෙන දෙයක් ගන්නව ටිකක් ඉඳල යනවලු..කාටවත් ඔතන නැවතිලා බලා ඉන්න වෙලාවකුත් නැනෙ ඇදෙන තැගි ගැන විස්තරයක්..ඉතින් මිනිස්සුත් දෙන දේ අරගෙන යනවලු.ඔතන ලග හිටපු රාළහාමි කෙනෙක්ට තෙරුනාලු මෙකෙ එන හැම මිනිහටම ලැබෙන්නෙ කටු පැකට් එකක හුනු බිත්තර පැකට් වගේ දෙයක් මිසක් කාටවත් වෙන වටින දෙයක් ලැබුනෙ නැ කියල.

ටිකක් වෙලා බලල කිට්ටු කරපු රාලහාමි ඇහුවලු මෙතන හැම බඩුවටම තුණ්ඩු තියෙද කියල..මුදලාලි පැනපු ගමන් කිව්වලු අපොයි ඔව් රාළහාමි කියල..එහෙනම් ලෙහපන් බලන්න ඔක්කොම තුණ්ඩු කිව්වලු..ටිකක් වෙලා අදිමදි කරපු දෙන්න රාලහාමි ගෙන් ගැලවිල්ලක් නැති නිසා ලෙහුවලු තුන්ඩු ටික..බැලුවම වටින බඩුවකට ලියපු එකම තුන්ඩුවක් වත් නැලු..ඊටපස්සෙ ඉතුරු හරියෙ ටවුමට ඇවිල්ල හිටපු මිනිස්සු බලා ගත්ත කියල තමයි කිව්වෙ..

********************************

11 comments:

  1. මාත් පොඩි කාලෙ ස්ටිකර් එකතු කරලා මග් එකක් ගත්තා.

    ReplyDelete
  2. 306 නෙවෙයි බොල,305 යි නැතිව හිටියෙ(රොමේෂ් කළුවිතාරන තමයි මතක හැටියට)

    ReplyDelete
  3. ෆුඩ් සිටි කෑල්ල කියවද්දිම මටත් මතක් උනේ එඩ්නා චොකලට් කතාව ඒ කාලෙ තමයි වැඩිපුරම චොකලට් කැවෙ ඇයි හැම එකම ඉස්කොලෙට එනකොට චොකලට් එකක් දෙකක් ගේනවනෙ.
    මතක හැටියට 25 ඛාන්ඩ වලින් තමයි තැගි දුන්නෙ 75-100 නම් බැට් එකක්, හැම ඛාන්ඩෙකම එක ඉලක්කමකට ඉස්ටික‍රයක් අඩුයි.
    චොකලට් පෙට්ටියක තිබුනෙ එකක අංකයක් තිබුන ඉස්ටිකර් ඉතින් එක චොකලට් එකක කව‍රයක් ගැලෙව්වම මුලු පෙට්ටියෙම තියෙන ඉස්ටික‍රෙ අංකෙ බලාගන්න පුලුවන් අපේ ඉස්කොලෙ ලග කඩෙයක් තිබුන උන් ළග තියෙන චොකලට් වල අංක ලියල තියෙනව ඉස්ස‍රහින් අපිට තියෙන්නෙ අපිට ඔන අංකෙ ඉල්ලන එක. උන් තමයි නියම බිස්නස් එක කෙරුවෙ ඒදවස් වල හික්ස්

    ReplyDelete
  4. හරි සෝක් වැඩේ තමයි මරු මරු..

    ReplyDelete
  5. ක්‍රිකටර්ස්ලගේ පින්තූර එකතු කරපුවා තාම මං ගාව තියෙනවා අරන් තියලා.. ඒවා ඒ විදිහටම තාම ඇති කියලා හිතනවා..

    ReplyDelete
  6. ක්‍රිකට් ස්ටිකර් එකතු කලේ සෑමා තමා ලෙසටම. අපේ තාත්ත ඉස්කෝලෙ සර් නිසා කොල්ලන්ගෙන් මාට්ටු වෙන ඒවා ගෙදර ගේනවා. ඒවා මම උස්සනවා

    :)

    ජය !

    ReplyDelete
  7. සිරාවට, 4 වෙනි කෑල්ලයි, 3 වෙනි කෑල්ලයි හම්බවෙච්ච එකෙක්වත් නෑ නේ......?? මගේ ලග ඔය ෆුඩ් සිටියේ තෑගි වල 1, 2 කෑලි ඕනා තරම් තියෙනවා..... 3, 4 ඒවා තමා නැත්තේ....... :( මුන් අපිව අන්දනවද කොහෙද......!!

    ReplyDelete
  8. මම ආවෙ HeyDude බ්ලොග් එකේ පැන්ඩා දාපු කමෙන්ට් එක හරහා.

    ඔය coupon කතාව මම දන්නෙ නෑ. ලඟදි පටන් ගත්ත එකක් වෙන්න ඕනෙ. බිස්නස් එකක් නග්ගලා ගන්න මොනව මොනවා හරි කරන්න එපායැ.

    ඔයවගෙ තරඟ වලින් දිනුවාමත් සමහර වෙලාවට ඩීලර්ස්ල වංචා කරන වෙලාවල් තියෙනවා. එක පාරක් මට මතකයි අපි ඇංකර් මග් තුනක් දින්නා. ඒක ගන්න ඩීලර් කෙනෙක්ගෙ නම්කුත් දුන්නා. මූ මග් දෙකක් දීලා මග ඇරියා.

    ඇයි දැකලා නැද්ද සමහර කඩවල එක බඩුවක් ගන්නකොට නොමිලේ දෙන්න බන්ඩල් කරලා තියෙන ගිෆ්ට් එකත් වෙන්කරලා වෙනම විකුනනවා.

    henryblogwalker the Dude

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails