Monday, April 23

මට රතු, රතු පාටම වුනාට හැමොටම එහෙම නැ..

මොකක්ද මේ කතාව..සයිබරේ සැණකෙළියේ ලොකු කැමරා මානා ගෙන ඉන්න කස්ටිය ගොඩයි.ඉතින් මගෙත් හීනයක් තමයි කවද හරි මගේ මේ පුන්චි ඩිජිටල් කැමරාවෙන් ඔන්න ඕකකට යන එක..කොහොමින් කොහොම හරි මාත් ඉතින් ඔව්ව ගැන හිතද්දි අපි දැන් කාලෙ කැමරා කලර් ෆොන් ටිවි ඔය මොනවට ගියත් ඕක ලක්ශ ගණන් කලර් වැලිව් එකක් තියෙන්න ඕනි නෙ හිත පිරෙන්න.. ඉස්සර 256k 64k කලර් ෆොන් තිබ්බට දැන් 16M වත් කලර් නැත්තන් බලන්නෙවත් නැ ඒ දිහා.. ඉතින් ඔය ඔක්කොම අස්සෙ මගෙ ඔලුවට ආවෙ ඩොකොස් ගාල මෙන්න මේක .. වර්ණ අන්ධතාවයින් පෙලෙන අපේ අය දකින්නෙ කොහොමද මෙව්වා..ඉතින් ඕක පැන්ඩගෙ සිතිවිල්ලක් හින්ද අනිව ලියන්ටම එපැයි

මේ බලන්ඩකො සීන් එක.. කොයි මස් කුට්ටියද හොඳට ඇත්තෙ කියල හිතා ගන්න බැ නේද ?
අපි නම් මෙන්න මේ වගේ හොඳට දකිනව..ඒ හින්ද හොදම එක අල්ලගෙන වැඩෙ දෙනව..මේව මට සර්ච් කරද්දි ලැබුන පින්තූර ඕං, නැත්ත බ්ලොග් ලියන පැන්ඩ නම් ඉතින් ලැක්ටො -ඔවො වෙජිටෙරියන් කෙනෙක්..ඒ මොකෙක්ද කියල දැන් අහන්ට එපා..ඒක පස්සෙ කියන්නම්

 ලොවි ඉදිලද නැද්ද කියල බලන්ට කාලම බලන්ට වෙනව..
 ලොවි වගේ ද මේක..ට්‍රැෆික් රාලහාමි කෙනෙක් එහෙම දැක්කො වැරදියට දාල යනව මීට පස්සෙ කියන්ට රාලහාමි මම කලර් බලයින්ඩ් කියල..සමහර විට මොලෙ තියෙන රාළහාමි කෙනෙක් නම් කණ පැලෙන්ට එකක් දීල අහයි "ඒ වුනාට ලයිට් තුනෙන් උඩ ලයිට් එක මොන පාටින් හරි පත්තු වෙලා තියෙනව පේනව නේද" කියල..
 හිතන්න එපා පැන්ඩ කාගෙ හරි තියෙන පුන්චි වෙනස් ලක්ෂනයක් විහිලුවට ලක් කරනව කියල අනේ එහෙම එකක් නෙවෙ..එහෙම අදහසක් තුන් හිතකවත් නැ..අපි ලොකෙ ලස්සනයි කියල බදාගන්න එහෙම නැත්තන් මාර කලර් චූස් එකක් තියෙන එකක් කියල කියන හුගක් ඒව වල ඒ දේ ඒ විදිහට නොදකින් පිරිසක් තව ලොකෙ ඉන්නව කියල මතක් කරනව විතරයි.

සාමන්‍යයෙන් වැඩි පුරම ඉන්නෙ රතු-කොළ අන්ධතාව්යෙන් පෙලෙන අයලු..පිරිමි අය අතරින් 7% - 10% ත් අතර පිරිසක් මේ වගේ ඉන්නවලු..මේක ස්ත්‍රීන් අතරෙ නම් ප්‍රතිශතයක් විදිහට හුගක් අඩුයි ලු..ඒකට හෙතුව හුගක් වෙලාවට මේක ජාන එක්ක සම්බන්ධ ලක්ෂනයක් වෙන හින්දලු..අර ඒ කාලෙ ඉගෙන ගත්තු X හා Y දෙන්න මතකද ? නැ නැ ගණන් පොතේ X,Y නෙවෙ විද්‍යාව පොතේ ජාන වලට සම්බන්ධ X හා Y.. අන්න ඒ දෙන්න තමයි සීන් එක කරන්නෙ


මේ සඳහා තාම බෙහෙතක් හොයාගෙන නම් නැ ලු..අද කාලෙ අපි දන්න බොහොම ප්‍රසිද්ධ මාර්ක් මහත්තය එහෙම නැත්තන් මුනු පොතේ අයිතිකාරයත් මේ තත්වයෙන් පෙලෙනව ලු. මුනු පොත නිල් පාට වෙන්නත් එක හේතුවක් ඒකලු..ඒ වගේම මේ තත්වයෙන් පෙලෙන බහු තරයකට අනේක් වර්ණ වල වෙනස බොහොම හොදින් අදුර ගන්න පුලුවන් ලු.ඒ නිසා ලොක ප්‍රසිද්ධ කලා කරුවො පවා ඉන්නව වර්ණ අන්ධතාවයෙන් පෙලෙන..

මොන්ටිසොරි ටීචර් ල එහෙම මේක කියවන ව නම් චූටි දරුවෙක් හරියට පාට අදුරන්නෙ නැත්තන් ඒ දරුවගෙ නොහැකියාව ගැන දරුවට යමක් කියන්න කලින් මේ ගැන හොයල බැලුවොත් හොදයි කියල පැන්ඩට නම් හිතෙන්නෙ.මොකද 8%ක් පිරිමි දරුවො කියන්නෙ සැලකිය යුතු ප්‍රතිශතයක් නෙ..




********************************

14 comments:

  1. මගෙ යාලු ඩොකෙක් ඉන්නවා කලර් බ්ලයින්ඩ්. ඩොකාලාවන සහෝදරයො දෙන්නත් කලර් බ්ලයින්ඩ්. සර්ජරි හෙම කරනකොට පොඩ්ඩක් අප්සෙට්ලු.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හැබැ‍යි ඉතින් උපන්දා ඉඳල හින්ද අවුලක් නැතුව ඇති..හදිසියේ අපිට එහෙම වුනොත් පිස්සු හැදෙයි

      Delete
  2. දැන් ඉතින් මේ එක ඉන්ද්‍රියක් ඇතිකරන රූප නේද?

    ඉන්ද්‍රියන් පහම එකතුවුනාම??

    අර්ථදක්වගන්න විදි වෙනස්වුණාම???

    යමක් හරි කියල වාද කරන්න බැරිමද එතකොට????

    - සක්කාය දිට්ඨි -

    ReplyDelete
    Replies
    1. හ්ම්...බුදු බණෙ තරං කොහෙවත් ඕව හරියට නැ තිස්ස අයියේ..

      Delete
    2. එහෙනං එහෙනං
      මෙව්ව මෙහෙම මතක් කරල දෙන එකට පිං ඈ

      Delete
  3. කවදාවත් හිතල තිබිච්ච නැති පැත්තක්... ස්තූතියි පැන්ඩෝ..

    ReplyDelete
  4. කවදාවත් හිතිච්ච නැති පැත්තක්.. අපිට ඔක්කොම පේන නිසා අන්ධ අය ගැන හිතුවට මේ වගේ අතර මැද ඉන්න අය ගැන කවදාවත් හිතිල නෑ.. ස්තූතියි පැන්ඩෝ

    ReplyDelete
  5. ලැක්ටො -ඔවො වෙජිටෙරියන් කියන්නෙ "බිත්තරටේරියන්+කිරිටේරියන්+වෙජිටේරියන්" කියන් සමීකරණයෙන් ලැබුණු උත්තරේ වෙන්ටැ... හිකිස්...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ...ඒක තමයි..

      Delete
  6. අඩේ ලෙඩක් ගැන යමක්.. :)

    ReplyDelete
  7. // කණ පැලෙන්ට එකක් දීල අහයි "ඒ වුනාට ලයිට් තුනෙන් උඩ ලයිට් එක මොන පාටින් හරි පත්තු වෙලා තියෙනව පේනව නේද" කියල// ඔය තරම් මොලේ තියෙන රාළහාමිලත් ඉන්නවදෑ ???

    මාක් අයියත් ඔය ජාතියේ වර්ණ අන්ධතාවයකින් පෙළෙනවා කියලා මමත් දැනගත්තේ මෑතකදී ලිපියක් ගැන කරුණු හොයනකොට ! මුළු ෆේස්බුක් එකම නිල්-සුදු ඒකනේ... මාක් අයියා ඇන්ග්‍රි බර්ඩ් එහෙම ගහන්නේ කොහොමද මන්දා ???

    ඇත්තටම 8% ක් කියන්නේ ලොකු ප්‍රතිශතයක්නේ... මේ වගේ කෙනෙක් අපි අතරත් ඉන්න පුලුවන්.. ඉන්ද්‍රියයන් ඔක්කොම නිවැරදි ආකාරයෙන් පිහිටලා උපදින්න තරම් අපි කොච්චර පිං කරලා ඇද්ද කියලා මේ වෙලාවට තමා හිතෙන්නේ...

    ස්තුතියි සහෝ දැනුවත් කිරීමට !!! ජය !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් දැක්වූවට

      Delete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails