Monday, May 7

හිත කරකුට්ටං වෙන බ්ලොග් කියවිල්ල



ගංජා ගැන සිගරට් ගැන
උජාරුවෙන් කතා කරල
තමන්ට ආගමක් නැ කියල
පච්චයක් ගහගෙන
සංස්කෘතිය චාරිත්‍ර දර්ශන
සියල්ල හද්ද බලු කර
ඇදෙ කරන දේවල් 
මහ පාරෙ බස් එකෙ කරල 
කෙල්ල කෙල්ල 
කොල්ල කොල්ල
කෙල්ල හා කොල්ලො
කොල්ල හා කෙල්ලො
නම් ඕකෙ කියල
කෙල්ලයි කොල්ලයි
ගතානුගතයි කියල
අසම්මතයෙන් ඔබ්බට කියල
සම්මතයක් නැති කරල
අර ඌට මූට
ගල් ගහද්දි

තව එකෙක් වචන 10කට
වරක් ආගම ගැනම දෙසමින්
චාරිත්‍ර කඩන තැන් සොයමින්
හෙලුවෙන් වනන වැරදි සොයමින්
අන් ආගම් වලට බනිමින්
උගෙ ඇගෙ පච්චෙට  
තමන්ගෙ හිතෙන් විඳවමින්
කුල මල පටලොගෙන
ලංකාවෙන් එපිට සිට‍
හමන සුළගටත් සාප කරමින්
කුරක්කන් ගස් වවමින්
ඇපල් ගස් ගලොමින්
කලිසම් ඔලුවෙන් ගලොගෙන
සරම් කලිසම් උඩින් ඇදගෙන
ගෙදර බුදු ගේ පාලු වෙද්දි
පන්සලෙ මල් ආසනෙ
පර මල  ගැන දොස් තියයි


ප.ලි අන් හැම බ්ලොග් එකෙක් වගේම මගෙ එකත් මේ එක එක පරාස වල එක එක කාල වල ගමන් කරන බව නොදන්නවා නෙවෙ..


********************************


22 comments:

  1. මුළු බ්ලොග් අවකාශේ ගැනම සංශික්ප අදහසක්..

    ReplyDelete
  2. අනේ පැන්ඩො මමත් සමහර පෝස්ට් කියවලා සද්ද නැතුව යන්නෙ කියන්න දෙයක් නැති හන්දා. මම බ්ලොග් කියවන්නෙ ස්ට්‍රෙස් එක වැඩි කරගන්න නෙවෙයි
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි..එමමයි

      Delete
    2. Dude - ++++++++++++++
      මාත් එසේමයි.ලියන්නෙත් ස්ට්‍රෙස් වැඩි කර ගන්න නෙවෙයි...:))

      Delete
  3. මාත් එකක් ලීව.

    ReplyDelete
    Replies
    1. හැබැමයි..කර කුට්ටං වෙලා ගියා නේද ඔයත්

      Delete
  4. වැටහෙන්නේ නැත...

    ReplyDelete
    Replies
    1. ඒ මෙ බ්ලොග් කියවිල්ලෙන් උඹෙ හිතත් කර කුට්ටං වෙලා හින්දා

      Delete
  5. කරකවලා අත ඇරියා වගේ.....

    ReplyDelete
    Replies
    1. කැරකුවට අත ඇරියා නෙ..කරකුට්ටං ගතියක් නැනෙ හිතේ මෙව්ව කියවල..

      Delete
  6. මරු අදහසක්.... රාජ් අයියගේ පෝස්ට් එකේ ලිංකුවෙන් ආවේ මරු ඈ

    ReplyDelete
  7. රාජ්ගෙ ලින්කුවෙන් ආවෙ. නියමම ඇත්ත.... :D

    ReplyDelete
    Replies
    1. රාජ් අයියටයි නිසුපා ටයි දෙන්නටම ස්තූතියි

      Delete
  8. සහතික ඇත්ත කතාව

    ReplyDelete
  9. අනේ මන්දා පැන්ඩයියේ....පිස්සු වගේ වෙලාවකට මේක....

    ReplyDelete
  10. සහතික ඇත්ත.. තනිකර ම බ්ලොග් අවකාශය විස්තර වෙලා තියෙනවා.. අපිත් අඩු වැඩි වශයෙන් එහෙම ම තමයි ඉතින්!!

    ReplyDelete
  11. සහතික ඇත්ත.. බ්ලොග් එකක් කියන්නේ පිස්සුවක් වගේ තමා.. හැමෝගෙම ඒවා කියවනවා, අපිත් ලියනවා.. :P

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails