Saturday, May 19

චැක්.. මං ආපු බස් එක



බදුල්ලෙ ඉඳන්
පැය ගනන් 
බස් එකේ එන තුරාවට
ස්පීකරෙන් මොර දුන්නු

සුරංගනාවියො
දිගැස් පෙම්වතියො
නීල දැසෙ ආඩම්බරකාරියො
ඉඟ සුඟ මිටින් ගත හැකි නංගිලා
ඇපල් මල් වගෙ කෙල්ලො
නා දලු වන් දෙතොල් ඇත්තියො
සුරවතියො 
දෙව්දුවො

ඔය මොකෙක්වත්
දුටුවෙ නැ නොවැ
නිකමට ගොඩවෙනව
මං ආපු බස් එකට


16 comments:

  1. Eun tika issella bus eke giyane.Dura sindu tika dagena issella bus eka passe eleuwwa dakke nadda?Mama hitiye issella bus eke!

    ReplyDelete
  2. අපි වලක් කැපුවොත් ගෙම්බෙක් බන් ...

    ReplyDelete
  3. සහතික ඇත්ත පැන්ඩො. ඕව ඔක්කොම සුරංගනා කතා. හැබැයි මරු සංකල්පනාව. ඉස්සර දවසක් මට අහගෙන ඉන්නම බැරුව (බට්ටා වෑන් එකක) තේ බොන්න නැවැත්තුවාම ස්පීකර් වයර් එක ඇදලා දැම්මා හොරෙන්. ඊට පස්සෙ කනක් ඇහිලා ගියා.

    henryblogwalker the Dude

    ReplyDelete
  4. ඕවා සුරංගනා කතා පැන්ඩෝ... යතාර්ථය ඊට වඩා වෙනස්.. :)

    ReplyDelete
  5. හික් හික්.... පැන්ඩගෙ මොලේ දැන් නම් ඒ.සී වලට තම්බිලාද කොහෙද...

    ReplyDelete
  6. සහතික ඇත්ත. ඔය කියා එකෙක්වත් වැරදිලාවත් අපි යන බස් වලට නගින්නේ නැහැ නේ.

    ReplyDelete
  7. එව්ව බලන්න ඕනෙනම් දිව්‍ය ලෝකෙට යන බස් එකකට නගින්න වෙනවා....

    ReplyDelete
  8. සික්කේ... අපරාදේ බං

    ඒ උනාට අපිට වෙන්නෙ මෙහෙම -

    http://harshana-bc.blogspot.com/2012/05/blog-post.html

    ReplyDelete
  9. ඕව ඔක්කොම හීන පැන්ඩෝ... අපිට කොයින්ද පැන්ඩො මාළු... අපි යනවයැ මූදු...

    ReplyDelete
  10. අපරාදේ....ඕං ....
    බස් එකට ගොඩ උනත්...කාගේහරි අතේ එල්ලිල ඇති...
    නැද්ද..මං අහන්නෙ....?

    ReplyDelete
  11. echchara thamai dan adu...:D

    ReplyDelete
  12. අහන සින්දු සහ බලෙන් අස්සවන සින්දු.
    ලොවෙත් නැති ලොවි ගහෙත් නැති..
    කෙල්ලො ගැන කියන...
    කියපු උන් දවසක චික්...කියන....
    අපේ කාලයේ ගී රසෝගය.....

    Modern Patriot

    ReplyDelete
  13. ඹයා ඹය බස් එකේ එනවා කියන ආරන්චියට වෙන්න ඇති අර අය බස් එකට නැග්ගෙ නැත්තෙ...

    ReplyDelete
  14. හික්ස්... එහෙම අය නෑ නෙව කොහේවත් හොයාගන්න...:P

    ReplyDelete
  15. දුර ගමන් යන බස් වල අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා ලයිවු මියුසිකල් ශෝ පෙන්නන එක. ඔන්න ඒවගෙනං සුර දූතිකාවො නටනව බඩවල් එලියෙ දාගෙන...

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails