Monday, May 7

මිදුල අතු ගාන ඉඳලෙන්ම හිත අතු ගාන මම

කොහොමද පටන් ගන්නෙ..කාලයක් තිබ්බ මම මගෙ බ්ලොග් එකෙ මම ලියන එව්ව ගැන කියවන අයෙගෙ වැයවන කාලය ගැන වද වෙන..දැන් ඒ මානසික තත්වයෙන් මිදිල මගෙ බ්ලොග් එක හිතේ හැටියට හදා ගන්න මම තීරණයක් ගත්තා.ඒක එහෙම වෙන්න හේතුවක් වුනෙ මම කාලයක් යද්දි මගෙ බ්ලොග් එක පටන් ගත්තු පරමාර්ථ්යෙන් මිදිල වගේ මට දැනුන නිසා.ඇත්තටම මීට අවුරුදු 2කට කලින් වෙසක් දවසක අලි බණ ටොක් එකක් දීල මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ හිතට එන දේවල් නිදහසෙ මගෙ කම්පුටරේ එක්ක බෙදාගන්න..දවසෙ පැය 24න් වැඩි හරියක් ගෙවන කම්පුටරේ එක්ක නිදහස් සංවාදයක් ගොඩ නගන්න..ඌ එහෙම මෙහෙම හිතයි කියන හැගීමෙන් මිදිල නිදහසෙ හිතට එන අමු තිත්ත වල් ජඩ හැගීමෙ ඉඳන් හිත පොඩ්ඩක් සන්සුන් කරගෙන භාවනාවක් කරන මොහොත දක්වා දේවල් කතා කරන්න..එත් නොහිතපු විදිහට සංගම් සින්ඩිකෙටර් හරහා ඇති වුන සංවාද බැදීම් එක්ක මම හදා ගත්තු blog එකෙ මට ඕනි වෙලාවට ඕනි දෙයක් කතා කරන්න පුලුවන් කම නැති වෙලා ගියා වගේ උනා..ඊට පස්සෙ මාත් හිට් වලට කනෙක්ශන් වලට කමෙන්ට් වලට ලොභ වෙන්න ඇති.ඊට පස්සෙ අදුර ගත්තු මිනිස්සු අතරෙ නිදහස් කරපු මගෙ නිර්නාමික බව හින්ද ජාමෙ බේර ගන්න මෙක නිකං දොරමඩළාව වගේ වෙන්න ගියා..අවුරුදු 2ක් ගිහිල්ලත් අද 100 වෙනි පොස්ට් එක ලියවෙන්න තරං මෙකෙ පොස්ට් අඩු වෙන්නත්  හේතුවක් වුන මට ඕනි නිදහස් අසන්නා ගෙ හැගීම් ගැන වද වීමකින් තොරව ප්‍රකාශ කිරිමෙ හැකියාව නැති වුන මගේ බයගුළුකම ගැන අද මට මහා කල කීරිමක් ආව.දැන් ඉතින් පෙට්ටිය කැඩිලා වගේ අයියො මොකද්ද මේ කරගත්තෙ කියල හිතල වැඩක් නැ..අත දිග ඇරල ලියන්න ඕනි..ඒත් පැන්ඩා කියන්නෙ මෙන්න මෙයා කියල නොදැන හිට්ය නම් හොදයි.එක්කො අලුත් බ්ලොග් එකක් මට විතරක් පටන් ගන්න ඕනි.

මේ ලියවෙන දේවල් මිදුල අතු ගැම එක්ක සම්බන්ධ වෙන්නෙ මෙහෙමයි. එක හරියට අර බටහිර අපි දකින ටොයිලට් තින්කින් වගේ.සාමන්‍යයෙන් මධ්‍යම පාන්තික ලංකාවෙ ගෙදරකට තියෙන්න ඇතුලෙ බාතෘම් එකක් සහ ගෙදරින් එලියෙ හදපු squatting pan එකක් සහිත  ටොයිලට් දෙක විතරක් හින්ද වෙන්න ඇති උදේ බාතෘම් එකෙ වැඩි වෙලා හිතෙ හැටියට ඉන්න නොලැබෙන නිසා  අපිට ටොයිලට් තින්කින් එච්චර පුරුදු නැත්තෙ.උදේට ගෙදර හැමොම යන්න ඉදිද්දි ඕකෙ නිදහසෙ හිතෙ තියෙන දේවල් හිත හිත ඉන්න ගියොත් දවස පටන් ගන්න වෙන්නෙ ඊට පස්සෙ ගෙදර උන්ගෙන් ගුටි කාල.බතෘම් එක අත ඇරල එලියට ගියත් squatting pan එකෙ කකුල් දෙක කැඩෙන්න යන කොට තිත්ත කුණුහරුප මිසක් නිදහස් සිතුවිලි එන්නෙ කොමැයි.ඒ හින්ද දවසෙ තනියෙන් පාඩුවෙ කරන වෙනත් වැඩ අපි ආදේශ කර ගන්නව ටොයිලට් තින්කින් වෙනුවට..ජිවිතේ වැඩි කාලයක් ගෙදර නැතිව බොඩිම් වල හොස්ටල් වල ගෙවපු මට ඉඳ හිට ගෙදර ඉන්නෙ ලැබෙන කොට ඒක සෙට් වෙන්නෙ අඩු නැතුව නිදහසෙ එක දිගට ඔහෙ ඉන්න.ඉතින් එහෙම කාලයක් ආවම සාමන්‍යෙන් දවස පටන් ගන්නෙ මිදුල අතු ගාල..

අපේ ගෙදර මදි නොකියන්න මිදුලක් තියෙනව.කොළඹ රත්නපුර ප්‍රධාන පාරෙ ඉඳන් පටන් ගන්න අපේ මිදුල එහා පැත්තෙන් එක පාරටම පුදුම විදිහට නිස්කලංක මහා රූස්ස ගස් වලින් හෙවන වුන කුබුරකට මායිම් වුන අපුරු ගමක දර්ශනෙත් දෙනව.පාර පැත්තෙන් පටන් ගෙන එහා කොණට මිදුල අතු ගාල ඉවර කරන්න පැයක් නම් ඕනිමයි..හරියට පිලිවෙලට හොර නැතුව අතු ගැවොත් ඊට වඩා යනව.පුන්චි කාලෙ බයිසිකල් පදින්න පිට්ටනි නොසොයා ක්‍රිකට් ගහන්න විතරක් නෙවෙ 9 වසරෙදි වාහන එලවන්න පුරුදු වෙන්නත් මිදුලෙ ඉඳන්ම කරගන්න පුරුදු වෙන්න තරං එක ලොකුයි.මිදුලත් එක්ක එකෙ ගස් වලට චූ අල්ලපු අඹ ගහෙ ඔන්චිල්ලා පැදපු පොඩ් කාලෙ ඉඳන් අද එකෙ තැනක තියෙන බංකුවක වාඩි වෙලා පොතක් කියවන මේ වයස වෙනකං මට ලොකු මතක ගොඩක් ගේන්න අපේ මිදුල හේතු වුනා..

ඒ කාලෙ මිදුල අතු ගාන්න පවරනව කියන්නෙ දවසම විනාස කලා වගේ තමයි..ඉතින් ඉඳල ඇරගෙන හොරට කොලවලට ඇනල කොල ටික අයින් කරල තැන තැන විතරක් පොල් අතු රටා ටිකක් ගහල ශේප් වුනා පැන්ඩා.ඒත් කාලයත් එක්ක එකෙ අමුතු රහක් මට සෙට් වුනා.ඒ සමහර විට ඉඳල හිටල ගෙදර ඇවිත් අතු ගාන්න වෙන නිසා වෙන්න ඇති..නැත්තන් දින පතා කලා නම් අවුරුදු ගානක් එපා වෙන්නත් ඉඩයි.

උදේම පාර පැත්තෙන් මිදුල අතු ගාන්න ගත්තම පාරෙ තියන් ලමයිට කවන අම්මල වැඩට යන ගැනු මිනිස්සු සංකීර්ණ ජිව්තේ එක්ක මගෙ සිතුවිලිත් ඇදීගෙන යනව..බදුල්ලට යන බස් එකක් දැක්කම බදුල්ලෙ ගෙවපු සරසවි කාලෙත් කොළඹට යන බස් එකක් දැක්කම පහ වසෙරෙ ඉදන් බදුල්ලට යන කන් කොළබ ඉස්කොලෙ යන්න ගිහින් ගෙවපු ජිවිතෙත් සිද්ධි අතු ගැවෙන කොලත් එක්ක හිතෙන් උඩට ඇවිත් කොනකට යනව.පුන්චි සමහර කොළ ඉඳල් පාරට අහුවෙලා ඇදිලා යන්නෙ නැතුව එහෙමට මෙහෙට එකම තැන තියෙනව වගේ හිතේ කුරු වල් වෙන එක එක පුන්චි මහා බලපැමක් කරන සිතුවිලිත් ඔය අස්සෙ ඉඳල යන තාලෙට ඇදෙනව. 

පාරෙ තියෙන සංකීර්ණ ජිවිතේ එක්ක මගෙ ජිව්තෙත් සංකීර්ණ සිද්ධි මතක් වෙද්දි  හෙමින් හෙමින් කොළ ගොඩ වැඩි වෙද්දි පාරෙ පැත්තෙ ඉඳන් මිදුලෙ ගම පැත්තට මායි ඉඳලයි ඇදෙන්නෙ කොහොම හරි පොල් අතු රටා ටික ගහ ගෙන..මොකො අතු ගාල ඉවර වුන මිදුලෙ තාලෙකට තියෙන පොල් අතු රටා ටික දැක්කම එන හැගීම දවස පුරාම තියෙනව.

ගම පැත්තට එද්දි පේන රේල් පාර කුඹුර පීල්ල කොපි ගස් කොස් ගස් ගමේ ගෙවපු සරල සුන්දර ජීව්තේ මතක ටික අවුස්සල ගන්නව.ඉස්සරහා ගෙදර මැරිච්ච සේකර එක්ක බයිසිකල් පැදපු හැටි අනිත් ගෙදර කෙල්ලො එක්ක ක්‍රිකට් ගහපු හැටි ඔක්කොම ඉවර වෙලා දවල්ට නාපු ඇල.ඉස්සර ඕකෙ ඔලුව ඔබල නාන්න තරං මම චූටියට හිටියද කියලත් හිතෙනව.

ඔය ඔක්කොම එක්ක විසිරුණ කොළ එක දිහාවකට එකතු වෙද්දි අනාගතෙ, පැන්ඩි, මගෙයි පැන්ඩිගෙයි ජීවිත ගැන හීන ඒ අස්සෙන් මතු වෙලා එන්නෙ මිදුල එක්ක මුලු හිතම අතු ගැවෙන හින්ද නෙවෙ ද.

ඔය මුලින්ම කියපු මගේ බ්ලොග් එකට වෙලා තියෙන සන්තැසිය ගැන සිතුවිලි ටික පහල වුනෙත් ඔය මිදුල අතු ගාන කෙරුවාව කරද්දිම තමයි.100 වෙනි පොස්ටුවෙන් ඔක්කොම ඇඳල දැම්මෙ ඒකයි ඕං.




12 comments:

  1. ඉස්සර වගේ කවුරුත් දන්නේ නැතුව හිටියනම් හොඳයි කියලා මටත් නිතරම හිතෙනවා
    දැන් හිතේ නිදහසේ බ්ලොග් ලියන්න තියා කමෙන්ට් එකක් දාන්නවත් බැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඇත්ත මචන්

      Delete
  2. සුපිරියි.. ඇත්ත.. ඔය අතුගෑමත් හරියට භාවනාවක් වගේ.. හිත එකලස් කර ගන්න කියාපු වැඩේ.. ඉස්ස්රනම් ඔය වඩේ ඉදලා හිටලා කරනවා.. ඒත් දැන්නම්...

    ආ 100ට සුභ පැතුම්.. ඉදිරි ගමනට සුභ පතනවා..

    ReplyDelete
  3. "ඒත් තාරා කියන්නෙ මෙන්න මෙයා කියල නොදැන හිට්ය නම් හොදයි." මට මේක හිතුනු වාර ගනන අප්‍රමාණයි...

    100 ට මගෙන් සුභපැතුම්...

    මේක හරි යන්නෙ නෑ... අපිට කලින් මූට ඉක්මනට ට්‍රේනින් සෙට් කරලා දෙන්න වෙනවා.. නැත්තං තව ටික දවසකින් කියයි
    "මචං මම මහණ වෙනවා අහවල් දවසේ අහවල් පන්සලේ" කියල..
    ඒත් හොඳ වෙලාවට පැන්ඩි ගැන මතකෙට ආවාම ඒ භයංකර හීනෙ අමතක වෙනවා..

    ReplyDelete
  4. 100ට ජය !

    100ක් දහසක් ඕනේ...

    ReplyDelete
  5. ඔබ සීයයි ! මම එකයි !

    ReplyDelete
  6. 100ට සුභපැතුම්. මගෙත් පටන් ගනිද්දි තිබුනු පරමාර්ථ ඉෂ්ට උනේම නෑ. මම බ්ලොගේ පටන් ගත්තෙ කෙටිකතා කිහිපයකට වස්තු බීජ හිතේ ඇතිවෙලා තිබුන හිංද. ඒත් ලියන්න උනේ නැත්තෙත් ඒක විතරයි.:)
    දැන් දේශපාලනයයි කතා වලටයි වෙන වෙන දේවල් වලටයි සීමා වෙලා.

    ReplyDelete
  7. සුභපැතුම් පැන්ඩෝ

    ReplyDelete
  8. මුලින්ම සෙන්චරියට සුබ පැතුම්!

    පැන්ඩා ඔය කියන කතාව සහතික ඇත්ත. මමත් මිදුල අතුගාලා මාර ආතල් එකක් ගන්නවා. හිතන්න කියාපු වෙලාව. ආයෙම ජොග් කරන කොට උදේ පාන්දර. ආයෙම ගේ අතුගානකොට, රෙදි අයන් කරනකොට. කරන කොයි වැඩෙනුත් ආතල් එකක් ගන්න මම පුරුදු උනේ කාලෙකට ඉස්සර. එහෙම පුරුදුවුන එකාට ජීවිතය කියන්න මහ අසුන්දර අත්දැකීමක් නොවෙයි. ටොයිලට් එක මගෙ ප්‍රියතම තැනක් හිතන්න. :)

    henryblogwalker the Dude

    ReplyDelete
  9. පැන්ඩා මරු උම්බ සිරාවට ලියනවා මේක කියෝපුවාම මගේ පුංචි කාලෙ මතක් උනා.තව ලියපන් පැන්ඩෝ.....

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails