Saturday, August 4

අපිම කෙවිටෙන් ගහගෙන අදින අපේම කරත්තෙ

මේක මම උපන්දිනේට පස්සෙ ලියන්න අරන් බාගෙට ලියල මග නවත්තල දාපු එකක්..ඒත් අද ඒ දැක්කම ඉතුරු ටික සම්පූර්ණ නොකර ඔහේ පබ්ලිශ් කරල දාන්න හිතුනා...

අද ඉරිදා. මෙලො රහක් නැතිව නැගිට්ටා..කවදාවත් කොච්චර රැ නයිට ගහල ආවත් 6 , 7 පැනල පස්සට අව්ව වැටෙන කං නින්ද යන්නෙ නැති ලෙඩක් මට තියෙනව.ඊයෙ මට 26ක් වෙලා ෆෙස් බුක් එකෙ විශස් තිබ්බ 170ක් ඊයෙ රැ වෙද්දි..මම ගැන්නෙ නැ ඌම ගැනල කිව්ව..හැමොටම එකට තැන්ක්ස් කරන්න හිතල ආයෙත් මම හැම එකාටම ඒක ගානෙ ගැහුවා..ඒ ටික ගහද්දි හිතට ආපු කතා මෙකෙ ලියන්න කම්මැලි..
අද මම මෙ අකුරු ලියන්නෙ ඇයි කියල මම දන්නෙ නැ..කරන්න ම දෙයක් ඔලුවට නාපු නිසා ඔහෙ කොටන්න ආවෙ.ඇයි ප්‍රශ්නයක් ද මෙක මගෙ බ්ලොග් එක..බ්ලොග් එක කියන එක නිර්වචනය කරන්න ඕනි නැනෙ..එකෙන් කාටවත් වැඩක් වෙන දෙයක්ම ලියන්න ඕනි කියල දෙයක් නැ..මෙක දොරමඩලාවක් කරගෙන රඟපාන්න මට බැ..


මට ඕනි ඔහෙ ලියන්න..මම කවුද කියල දන්නෙ නැති නිර්නාමික බ්ලොග් එකක් හදා ගෙන ඔහේ ලියන්න ආසයි ඒත් අත දිග ඇරල මවුස් එක උස්සල අලුතෙන් එකක් හදන්න තරමට කම්මැලි.කැම්පස් එකෙන් හෙට අනිද්ද අවුට් වෙන නිසා ට්‍රෙනින් දාල ඉන්නෙ..සතියෙ දවස් 5ම ඇස් රිදෙන කම් කම්පියුටර් එක දිහා බලා ඉඳල හවස ගෙදර ඇවිත් ආයෙත් ඉලව් ප්‍රොජ‍්රක්ට් එකකට එක දිහාම බලා ඉන්න වෙලා..


ඊයෙට 26ක් වෙලා ගිය අවුරුද්දෙ නං මොකද්ද විකාරයක් බහුශ්‍රත විදිහට ලිව්ව මතකයි උපන්දිනේට..ඒත් මොන මගුලක් ද දැන් උපන්දිනෙත් වදයක් වෙලා.


මම මටම බනිනව මේ හැමදේම අත ඇරල දාල නිර්ලොභීව පැත්තකට වෙන්න බැරි දෙපිට කාට්ටු හිත ට..පාරෙ පට්ට වාහනයක් ගියාම කොහොම හරි හොදට රස්සාවක් ගොඩ දාගෙන එකක් අරගෙන කෙල්ල එක්ක රට වටේ ඇවිදින්න දකින මම ම හවස  ගෙදර යද්දි මේ හැමදේම අතඇරල පැත්ත්කට වෙන්න ආසවල් අත හරින්න සැහැල්ලු වෙන්න අල්පේච්ච වෙන්න හීන දකිනව..


ඒක අතකට ජීවිතේ මේ ආසවල් සසරට බැදෙන හැටි පින් පව් ඒවායින් අත් මිදෙන්න ආසවල් අත අරින්න ඔව්ව දන්න එකත් මහ වදයක්.ඕව නොදන්නව නම් පිස්සුද බන් ඉන්නකන් කාල බීල ජොලියෙ ඉන්න ඕනි කියල කාට හරි ගිනි ගෙඩියක් දීල කියක් හරි හොයාගෙන පිස්සෙක් වගේ දිගින් දිගටම මේ සල්ලි හොයන ජීව්තේ දෙපාරක් නොහිත ඇදගෙන යන්න තිබ්බා..


ඒත් ජිවිතේ කියන්නෙ ඒකට නෙවෙ ජිවිතේ කියන්නෙ සල්ලි නෙවෙ සතුට කියන්නෙ ඔවට නෙවෙ ඔය පස්සෙ යන කිසිම දෙයක් අන්තිමට ගෙනි යන්නෙ නැ අනිත් අයගෙ හිත් රිද්දන්න හොද නැ කියන ඔක්කොම ඔලුව අස්සෙන් අත දාල බෙල්ල හරවල පස්සට පයින් ගහල කෙවිටෙන් පිටට තලද්දි මේ ජිවිතේ ඇදගෙන යන්නම වෙනව.ඒත් එතකොට හිනා වෙන්න ටිකක් අමාරු බව කියන්නම ඕනි නැ.ඒත් එහෙම ඇද්ද ජිවිතේ ටිකක් නැවතිලා හැරිල බලද්දි හිතට එන්නෙ මාර ගටක් කිසිම පසු තැවිල්ලක් නැති එකත් අතීතය ගැන ලොකු සතුටක් නෙ.

තව ටික දවසකින් ට්‍රෙනින් ඉවර වෙයි.. ඊට කලින් කැම්පස් ජිවිතේ ලබන මාසෙන් ඉවර වෙයි..කැම්පස් එකෙ එකට කාල එක ඇදේ වැටිල එකම ටියුට් එකට එකම උත්තර ලිව්ව එවුන් ටිකෙන් ටිකෙන් ටික උන්ගෙ ජිවිත වල ඉස්සරහට යන්න පටන් ඇරන් ඒ හින්ද දැන්මම ප්‍රියයන්ගෙ වෙන්වීමෙ දුකත් දැනෙන්න ඇරන්..


ඔය ඔක්කොම අස්සෙ මොනා වෙලා ඇවිල්ල වැටුනත් මොනා හරි කියල හිනස්සන
කොච්චර චාටර් වෙලාවක වුනත් ඔයා මාව රිෆ්‍රේශ් කරන්නෙ මට මුකුත් ඔලුවට නැවිත් හිර වුනාම ඩෙක්ස්ටොප් එකෙ තියන් F5 ගහනව වගේ තමයි, කට ඇද කරගෙන ඉන්නකොට කට‍ බඩේ කියල රවල ගස්සල හරි මූඩ් ෆික්ස් කරන්නෙ ඒයා..ඒ පැන්ඩි





7 comments:

  1. අපොයි ඒ වගේ දවසක් එනවා නෙහ්.එදාට උන් ටික කොහොම දාලා යන්නද?

    ReplyDelete
  2. කික්ම තමයි.ජයවේවා...........

    ReplyDelete
  3. පැන්ඩා හිතන් ඉන්න විදිහ තමා මාත් ඉන්නේ..
    මාත් කියන්නේ ජීවිතේ සතුට තියෙන්නේ සල්ලි වල නෙමෙයි කියලා. සල්ලි ඕන තමා ඒත් ඒ සල්ලි වලට සතුට දෙන්න බෑ..

    ඒක මම් ආදරේ කරපු කෙල්ලට තේරුං ගන්න පුලුවන් උනේ නෑ...
    ඒක ඉතින් එයාගේ වරද. එයා යන්ඩ ගියා !!!

    ඒ අතින් පැන්ඩගේ පැන්ඩි එල !

    ReplyDelete
  4. මේ දවස්වල මාත් මඤ්ඤං වෙලා ඉන්නේ. ජීවිතේ අරමුණ මොකද්ද හොයනවා

    ReplyDelete
  5. ජීවිතේ සතුට තියෙන්නෙ සල්ලි වල නොවුනත් සතුට සල්ලි වලට ගන්න බැරි වුනත් සතුට ලබාගන්න අවශ්‍ය හුඟක් දේවල් ගන්න සල්ලි අවශ්‍ය වෙනවා.
    දැන් මම මේ බ්ලොග් ලියන්නෙයි, මෙතට කමෙන්ට් දාන්නෙයි සතුටටනෙ. දැන් හෙට උදේට මේක රීචාජ් නොකලොත් දුක තමා... :)
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  6. පහු වුනත් සුබ උපන් දිනයක් වේවා!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  7. සුභ උපන්දිනයක් වේවා!! :)

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails