Sunday, August 26

භාණ්ඩෙ වැරදි තැන තියාගෙන කොච්චර පූට්ටු කොරන් දැගලුවත් වැඩක් නැ

මේ මතෘකාව නිකන් දෙපිට කාට්ටු වගේ ද ? නැ එහෙම නැ පැහැදිලිව කතාවට අදාලයි...

පැන්ඩ මේ දවස් වල ට්‍රෙනින්...අනේ අඩු පාඩුවක් කියන්න බැ ගිය සතියෙ සමහර දවස් තිබ්බ අද උදේ ගිහින් හෙට උදේ ගෙදර ආපු...ඒත් තනියෙම නෙවෙ නෙ ටීම් එකම ඉන්නකොට ඒක අප්සට් නැ..ඔව්ව මෙව්ව හින්ද බ්ලොග් ලියන්නත් වෙන්නෙ නැ..එත් දැන් නොලියම බැරි සීන් එකක් වුනා..

පැන්ඩ මේ දවස් වල ඔෆිස් එකෙ වැඩ වලට අමතරව යුනි එකෙ අවසාන ඉන්ඩිව්ජුවල් ප්‍රොජෙක්ට් එකත් අදිනවා...ඕකට මම පාවිච්ච් කරනව RFID reader එකක් ... දන්නෙ නැත් අය හිතාගන්නකො බාර්කොඩ් ගෙ අයියා කියල..හැබැයි මේක රෙඩියො ෆ්‍රිකුවන්සි වලින් වැඩ කරන්න හොදේ...

ඔන්න සතිය පුරාවටම නයිට් වැදිල හිර වෙලා හිටපු නිසා වීක් එන්ඩ් එකෙ තමා දෙයියනෙ කියල ප්‍රොජෙක්ට් එකෙ වැඩ පටන් ගත්තෙ.මගදි රීඩර් කනෙක්ට් කලාම පුරුදු විදිහට වැඩ කලේ නැ.ඇයි හත් වලාමෙ සති දෙහකට උඩදිත් ඇක්සස් කලා නොවැ...මගෙ ඇගෙ මයිල් ගහක් ගහක් ගානෙ හිරි ගඩු එක එක ආවා... ඒහා පැත්තෙ තිබ්බ බ්ලැක් ලෙබෙල් බොතලේම කටෙ හලා ගත්තෙ ඒක හුස්මට..ඔව් ඔව් සැන්ඩිත් නැතුව තමා..
හැහ් බොතලෙ පුරොපු වතුර බොන්න සැන්ඩි මොටද අයිබොං 


ඔය රතු පාටෙන් ලකුනු කොරලා ඉන්නෙ විශ බීජයක් වත් නපුරු සතෙක් වත් අර පහු ගිය දවස් වල ගොසිප් සයිට් වල උන්න හොල්මනක් වත් නෙවෙ...මගෙ රීඩර් එක..

නයෙක් අරින්ට නෙවෙ කියන්නෙ කතාවට අදාලයි. ඌ ඉන්නෙ මගෙ අනිත් ලැප් එක උඩ..ඒ කියන්නෙ මට ඔෆිසියෙන් දුන්න එකා උඩ..හොඳ හැඩි දැඩි ලැප් එකක් අපි ආධුනික පුහුනු වෙන අය නිසා කොකටත් අපේ ආරක්ශාවටත් හොදා කියල තමා ඕව දීල තියෙන්නෙ..දන්නො දනිති ලැප් වල හැඩි දැඩි කම ඒ ලැප් එකෙ වයසට අනුලොම සමානුපාතිකයි කියල..

කොකටත් කියල බයට පපුවෙ අමාරුවක් එහෙම ඇවිත් කෙලවරක් වුනොත් හේතුවක් දැනන් ඉන්න ඕනි නිසා විස්තරේ කියල ඉස්සරම නොනට එස් එම් එස් එකක් කෙටුවා..පුරුදු විදිහට මැසෙජ් එකක් ආව ඕක හරියයි කියල..කොහෙද පොඩි කාලෙම අපේ ඔලුවට දාලනෙ තියෙන්නෙ කෙල්ලෙක් කියන්නෙ බැටරියෙ දන රින දන්නෙත් නැති අය කියලනෙ..ඒ නිසා මගෙ බය අඩු වුනේ නැ..

ටික ටික මට මැවිල පෙන්න ගත්ත සති දෙකකින් තියෙන ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක අල වෙන හැටි..රීඩර් එක කැඩුනා නිසා ඒ කොටස බැරි වුනා කිව්වම පිටි පස්සෙ පේලි වල අතින් කට වහගෙන හිනා වෙන හැටි ලෙක්චර් පැනල් එක මාව බොරුකාර මැට්ටෙක් ගානට දාන හැටි..

බැ බැ මේක වෙන්න බැ කියල මටම කියාගෙන ගිය සතියෙත් වැඩ කරපු වෙනසකුත් නොකරපු රිඩර් එක ඇක්සස් කරන කොඩ් ටික හිතට හයිය අරගෙන ඩිබග් කරන්න ගත්තා..ඔක්කොම හරි ඒත් අවුට් පුට් ස්ට්‍රින් එකට කාඩ් එකෙ වැලිව් එක එන්නෙම නැ,.

වැඩ නොකරන ඕනිම දේකට කරන පලවෙනි දේ කලා.. තටිටු කරල බැලුවා..අතටත් අරන් තට්ටු කලා.ම්හ්හ් ම්හ්හ් වැඩ කරන්නෙ නැ..හරි කොයි වෙලෙ හරි මේක වැටිල දැන් කෙල වෙලා.. ඔලුවට ආව දාහක් දේවල්...දඩ බඩ ගාල රීඩර් එකක ගාන බැලුවා..අප්පට සිරි ගත්තට වඩා තව ඩොලර් 20ක් විතර වැඩි වෙලා..රුපියලත් බලු වුනා නෙ..බර ගානකට කෙල වෙනවා... කෙල වුනත් ෆයිනල් වලට කලින් ශිපින් වලින් ඕක එයි ද ? මට ඇඩෙන්න ආව..හිත හදාගෙන සුපවයිසර්ට මේල් එකක් ගහන්න හිතුවා..මගෙ සුපවයිසර් ඉන්නෙ රුසියාවෙ ඉඳන් ආපු මහාචර්‍ය කෙනෙක්..හරි අපුරු අහින්සක මනුස්සයා...ඒත් එක තව චුට්ටක් පරක්කු කරල ආයෙ කොඩ් එකෙ පරණ බැකප් එකක් අරගෙන මැච කරල බැලුවා..ලොකු අල වීමක් නැ කොඩ් එකෙ...

මේ වෙනකොට මාසෙ මැද පහු වෙලා නිසා ඉනට‍්රන් ඇලවන්ස් එක ඉවර වෙලා අම්මගෙ සල්ලි වලින් දුවන දවස් ටික..අම්මගෙන් කොමැයි මෙච්චර ඉල්ලන්නෙ මේ හදිසියේ...

මිලින්දයට කොල් එකක් දාල කිව්ව හෙට ටූල් සෙට් එක ගෙන්ට කියල කිව්වෙ කොකටත් ගලවල ම බලන්න..වැඩිම උනොත් ආපහු හයි කරන කොට වැඩිපුර කැලි ටික ඉතුරු වෙයි..කොහොමත් කම්පැනි කාරයො එහෙම වැඩක් නැති කැලි දානවනෙ ඒක හින්ද දෙයක් ගලවල හයි කරද්දි කැලි ඉතුරු වෙන එක ගැන වද වෙන්න ඕනි නැ..

කොකටත් කියල තව එක පාරක් බලන්ට ගත්ත රීඩර් එක ලඟට..පරිස්සම උකුලට ඇරන් තියාගෙන ඇක්සස් කලා දෙයියනේ රීඩ් වෙනවා අමු අමුවේම රීඩ් වෙනවා...වෙන්න බැනෙ මගෙ ආයුධ සෙට් එකට රීඩර් එකට සම්බන්ධ නැනෙ උඩින් තියා ගත්ත විතර නෙ..හෙමින් සිරුවෙ මෙසෙ උඩට ගත්ත ඒත් වැඩ..හරි හරි බඩු වැඩ දැන් හරි ගිහින් කියල හිතල අතනින්ම තියල පොඩ්ඩක් පුටුවෙන් නැගිටල රවුමක් ගහල ආවා..ඇවිත් බැලුවම අපොයි ආයෙ වැඩ නැ..

මම මටම කියා ගත්ත ඉවසීමෙන් කල්පනා කරපන් කියල..හෙමින් සිරුවෙ බඩ අත ගගා රිඩරේ දිහා බලාන ඉන්නකොට rfid ගැන කියවපු එක එක ඔලුවට ආවා.. major interfere is metal..කිරි අප්පට රීඩර් එක උඩින් තියල තියෙන ලැප් එකෙ යට අලි යකඩ ගොඩක් නෙ..ඉතින් රීඩර් එකෙ රෙඩියි ෆ්‍රිකුවන්ස් අවුල් කරනව.ඊට පස්සෙ බැලුවම ඒක තමා කේස් එක...

අලුත් සිද්ධියක් වුනාට ලැප්ටොප් සම්බන්ධ වුනාට අපි කවුරුත් දන්න කොරොස් කටේ අත දාන එකම තමා මෙතනත් වුනේ... හදිසියට කොහෙත් අත තියා මුකුත් දාන්න බැනෙ..

මේ පූර්ව කතා නිමිත්ත කිව්වෙ අන්තිමට අපි කවුරුත් දන්න ඒත් කලබල වෙලා හදිසි වුනාම අපි කාටත් මුලින්ම අමතක වන "කලබල වෙන්ට එපා" කියන එක මතක් කරන්ට..හිත කලබල කර ගත්තම අපි හොදටම දන්න දේවල් ගැනත් අපිට විශ්වාස නැති වෙලා තව අවුල් වෙනවා..ඒක නෙ මාත් වැඩ කරපු අවුලක් නැ කියල හොඳටම දන්න කොඩ් ටික ආයෙත් රිවයිස් කරන්න ඩිබග් කරන්න ගත්තෙ..


********************************


11 comments:

  1. oya moratuwada ?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් මෙකෙ නැනෙ...එතකොට කොමැයි එහෙම අහන්නෙ...

      Delete
  2. හොඳ වෙලාවට වැඩේ මීටර් උනේ !

    ReplyDelete
    Replies
    1. ඔව් තව ටිකක් පරක්කු වුනා නම් අලුත් එකක් ඔඩර් කරල සුපවයිසර්ට මේල ගහල ඔක්කොම අල කරගෙන් හත් පොලේම ගා ගන්නව

      Delete
  3. හෆ්ෆා... ඕක මීටර් වෙන්න තව පරක්කු උනානම් වෙන දේ හිතා ගන්න පුළුවන්.. හොත වෙලාවට අර බ්ලැක් ලේබල් එකේ තිබ්බේ වතුර.. නැත්නම් ඕක මීටර් වෙන්න පහු වෙද්දි අරකේ කෑලි ඉතුරු වෙන්න තිබ්බා.

    ReplyDelete
  4. සුපවයිසර් හරි අපූරු අහිංසක මනුස්සයා යන්නට මගේ බලවත් විරෝදය

    ReplyDelete
  5. මිනිහෙක් අර්බුදයකදී ක්‍රියාකරන හැටියෙන් තමයි පැන්ඩා මිනිහෙක්ගෙ නියම ස්වරූපය දැනගන්න පුලුවන්. වැඩේ ඔයින් ගොඩ ගිය එක ගැන අප්‍රමාන සන්තෝසයි!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  6. පැන්ඩගේ ව්‍යාපෘතිය මොකද්ද කියලා දැනගන්නට ආසයි ?/

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails