namespace SangsāraCycle
{
class Life : Sangsāra
{
static void Main(string[] args)
{
if (FreelancerIncome(Skills) > needs(Age))
{
Console.WriteLine("අම්මා උයපු දෙයක් කාල");
Console.WriteLine("සරමක් ඇදගෙන හිතේ හැටියට");
Console.WriteLine("තමන්ගෙ කාමරේ හොඳ සුව පහසුවට");
Console.WriteLine("සපත්තු බෙල්ට් වලට ආයුබොවන් කියල");
Console.WriteLine("කෙල්ලට කොල් කරල ශේප් එකෙ තියාන");
Console.WriteLine("නැදැයො දැකල කතා බහ කරල");
Console.WriteLine(" ගෙන්දගම් පෙලොවෙ බොඩිම් වල");
Console.WriteLine("චාටර් නොකා ගෙවයි...");
}
else
Console.WriteLine("කඩෙන් දෙන දෙයක් කාල");
Console.WriteLine("කලිසම් ශ‍්රට් වලට හිර වෙලා");
Console.WriteLine("බෙල්ට් සපත්තු තද කොරන්");
Console.WriteLine("කෙල්ලත් තරහ කරගෙන");
Console.WriteLine("පස් අවුරුද්දකින් වත් නැදැයො නොදැක");
Console.WriteLine("ගෙන්දගම් පෙලොවෙ හීතල කරපු කාමර වල");
Console.WriteLine("ඔලුව කැක්කුම් වලට පැන්ඩොල් දෙමින්");
Console.WriteLine("බොඩිම් වල චාටර් වෙමින් ගෙවයි...");
}
public Double FreeFreelancerIncome(double Skills)
{
//implement method to return your Income as Freelancer for your skills
}
public double needs(int age)
{
//implement method to return your expenditure at given age
}
}
}
නිමිත්ත :
මේ දවස් නොහිතපු වෙලාවක කැම්පස් ප්‍රොජෙක්ට් ඩෙඩ් ලයින් එකක් වැටිල ඒ අස්සෙ ඉන්ටර් තියෙන වෙලාවක්..ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන එකත් ගේමක් නැ ඒත් මේ ඉලව් රිපොට් සබ්මිට් කිරිල්ල තමයි දුකම...
ඊයෙ උදේ ඔෆිස් එකෙ දි තමයි ඊමෙල් එක දැක්කෙ කැම්පස් ප්‍රොජෙක්ට් එකෙ ඩෙඩ් ලයින් එක හිතපු වත් නැති දවසටක සෙට් වෙලා කියල.
වැඩ අරිලා අපු ගමන් වාඩි වෙලා රැ එක දෙක වෙනකන් ලොජික් ටිකක් ගොඩ දැම්මා..ඊට පස්සෙ ආයෙත් මර උදේ නැගිටල නිදි මර ගාතෙ පුරුදු පරිදි පණ්ඩිත ලොරි ස්ටෙටස් එකක් ආතල් දීල දාන්න ගිහින් ෆෙස්බුකියෙ, ජිවිතෙ වැදගත්ම සහ පෞද්ගලිකව මම ගරු කරන කෙනෙක් ට චාටර් වුනා.
ඔය ඔක්කොමත් චාටර් කාගෙන නිවාඩු දවස් දෙක වුනත් උදේ ඉඳන් ලැප් එක ඉස්සරහ ඉඳගෙන ඇස් රිදෙනකම් වැඩ කරල හවස් වෙලා නාන්න ගියාම පැන්ඩට මේව හිතෙන්නෙ ඇයි කියල පැන්ඩවත් දන්නෙ නැ..
මේ දවස් වල ඔෆිස් එකෙ දි කැම්පස් එකෙ ඉගෙන ගත්තු ඩිසයින් පැටර්න් ආයෙත් මතක් කරනවා.ඔය මම උඩින් ලියපු ප්‍රොග්‍රැම් එක ට හරියට හරියන එකම එක ඩිසයින් පැටර්න් එකක් තියෙ..හැබැයි ඒක අර Gang Of four එකෙ වද කාරයො හොයාගත්තු පැටර්න් විසි තුනෙ නම් නැ.
ඒක ඇවිල්ල චතුරාර්ය සත්‍යය කියල තමයි කියන්නෙ..ඉස්කොලෙ ගිය කවුරුත් ඕක ඉගෙන ගත්තා.. පාඩ්ම් කලා ප්‍රශ්න වලට උත්තර ලිව්වා.. කියන්නෙ මොක්ද්ද දන්නව උත්තර ලියන්නත් තෙරෙනව..
කවුරුත් දන්න ව මේ සීන් එකට ඔය මම කියපු ඩිසයින් පැටර්න් එක දැම්මොත් හරියම හරි කියල..නොර්මලි කියන්නෙ කොහොම හරි keep your code close for modification and open for extension කියල නෙ.මේක දැම්මොත් කොච්චර හොදට මේ සීන් එක විසදෙනව ද කියන්නෙ ආයෙ extension වත් ඕනි වෙන්නෙ නැ..මේ ජිවිතෙන් ඔක්කොම හමාරයි..සසර ගමන නිමයි..
ඒත් එක හරියට ජිවිතේට අවබොධෙන් දාගන්නෙ නැ (පැන්ඩත් ඇතුලුව හොදේ..මම එක ඇප්ලයි කරල පඩි වදන් කියනව නෙවෙ)..ඒකට ආශාවන් අත අරින්න තරන් අපි එඩිතර නැද්ද පින් මදිද කියන එක නම් මම දන්නෙ නැ.එක අතකට ඒකත් ප්‍රොගැමින් වල ඩිසයින් පැටර්න් වගෙම තමා..කැම්පස් එකෙ ඉගෙන ගත්තත් එක්සැම් එකෙ A පාස් එකක් ගත්තත් සිනාරියො එකක් ආවම ඕක දානව කියන්නෙ වහ නෙ.
බෙල්ලෙ වැලක් දාගන්න හොඳටම ප්‍රමාණවත් හේතු සාධක ඔක්කොම එකතු වෙලා ඉන්න වෙලාවක උඹත් එනවනෙ බණ කියන්න...
ReplyDelete"හවස් වෙලා නාන්න ගියාම පැන්ඩට මේව හිතෙන්නෙ ඇයි කියල"
නොනා හිටු. එතකොට හරියයි.
තාරා ඉස් බැක්...අඩො මොකද උඹට වෙලා තියෙන්න් ඔන්න ඔහොම අපිට හොඳ එවයින් අමතල ඉන්නවකො ඉස්සර වගේ.
Deleteප.ලි. නිසඳැස නම් නියමයි.. අන්තිම කාලෙ අපි අර සමරු ඵලකයට ලියපු කවිය මතක් උනා...
ReplyDeleteඅඩේ සිරාවට මට එක දැන් මතක් වුනෙ. එක උඹෙ බ්ලොග් එකෙ දාපන් නැත්තං උඹ author කියල රිෆරන්ස් දාල මම දාන්නම්
Deleteපැන්ඩො ඔය class එක partial class එකක් කරපන්... ඉතුරු ටික මම ලියන්නම්...
ReplyDeleteඅන්න හරි මචන්.. එළ
Deleteඅඩො මෙක හරියන්නෙ නැ අපිටත් C# ඉගෙන ගන්න හිතෙනවා හැබැයි මෙ research, training එහෙම ඔක්කොම ඉවර කරලා....................
ReplyDeleteඅඩේ කට්ටියම මේ ටිකේ මැරීගෙන ප්‍රොජෙක්ට් කරනවා නෙහ් !!!
ReplyDeleteප්‍රොජෙක්ට්, ට්‍රේනින් එලටම ගොඩ දාගනිල්ලා මලේ
කේෂාන්වත් මතක් කලා කියන්ඩ !
ඔය බැච් එකේ මම දන්නේ තාරාවයි පැන්ඩයි කේශානුයි විතරයි නෙව :)
පැන්ඩා අපේ මොලේත් කොලොප්පං වෙන වැඩනෙ කරන්නෙ. මම හිතුවෙ උඹට HTML එකේ අලවන්න ඕනෙ කෝඩ්ස් ටික වැරදිලා Compose page එජ්කක අලවල මොකක් හරි ජල්තරස් එකක් ගිහින් කියලා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
පැන්ඩෝ..... කෝඩ් එක කම්පයිල් වෙන්නැතෝ...............
ReplyDeleteෂා C# මේ දවස්වල මාත් කොරන දෙයක් තමා මේ... ඒත් freelancer කතාව තේරෙන්නෑ අප්පා
ReplyDeleteO_o තේරුනේ බාගේට වගේ... ඔන්න ඔහේ ඕනේ එකක්...
ReplyDelete