මීට අවුරුදු ගානකට කලින් මට මගෙ හොද සති අන්ත නැති වෙන්න පටන් ගත්ත.ඒ කියන්නෙ මගෙ සති අන්තෙ මට ඕනි දේ කරල මට ඕනි විදිහට ගෙවපු ඒව.. වෙන කාටවත් ඕනි ඒව නොකරපු සති අන්ත..
තාම මතකයි ඒ කාලෙ උදේම සෙනසුරාද පටන් ගන්න හැටි.මම පුන්චිම කාලෙ අපේ ගෙදර ජීප් කාර් තිබ්බෙ නැ..ඒත් බයිසිකල් නම් මහ ගොඩක් තිබ්බා.. අපේ අත්තාගෙ ඔරිමජිනල් රැජින රටේ රැලෙ බයිසිකලෙ එතකොට අපේ තාත්තට ආත රු 1.25 ට ඇරන් දීපු රැලෙ බයිසිකලේ ඊට පස්සෙ තව තාත්තා පස්සෙ කාලෙක ගත්තු ඩබල් ෆොර්ක් හම්බර් බයිසිකලේ..හික්ස් වින්කලයක් වගේ නේද දැන් නම්.. ඒ වුනාට ඒ කාලෙ කොල්ලෙක්ට ගෙදර තියෙන ඔය බයිසිකල් ටික තරන් වටින තවත් දෙයක් කොයින් ද ?අද කාලෙ එකෙක්ට නම් කම්පූටරයක් ලැප්ටොප් එකක් ඇරන් දේනව වගේ තමා ඒ කාලෙ බයිසිකල්.. තාමත් ගැරෙජ් එකෙ ජිප්පුව ඉස්සරහට වෙලා මේ බයික් ටික ජිප් එක දිහා බලා ඉන්නව උඹ එන්න කලින් අපියි රජ කලෙ වගේ..කොහොම හරි මම පැන්ඩ පැටිය කාලෙ සෙනසුරාද උදේට මම ඔතනින් ඒ සතියෙ මම කැමතිම බයිසිකලේ ඇරගෙන හුලං ගහ ගන්නව තාත්තට කියල.. ඊට පස්සෙ මිදුල පුරා මිදුල වැහෙන කම්ම ටයර් පාරවල් හැදුනම තමා ඒ වැඩෙ ඉවර වෙන්නෙ..තාත්තා එක්ක වත්තෙ යන්න කඩේ යන්න තව කොච්චරක් නම් වැඩ තිබ්බද ? සතිය පුරාම කොළබ ඉදන් රස්සාව කරපු තාත්තටත් සෙනසුරාද ඉරිදට ගමට ආවම තියෙන ඔක්කොම වැඩ වලට හිතේ හැටියට තාත්තෙ මාත් එනො කියල එල්ලිල යන එක තරන් ජොලි වැඩක් තවත් කොයින් ද?
ඒත් ඔය හැමදේම නැත්තටම නැති වුනා කාලයත් එක්ක. හිමිහිට අම්ම, අද තාත්ත විතරක් ගියාවෙ ඔයාට ඉස්කොලෙ වැඩ තියෙනව පන්ති තියෙනව අනං මනං කියල මට මම ඕනි දෙවල් කරපු සති අන්ත නැති වෙන්න ගත්ත මේ ඉස්කොල කෙරුවාව එක්ක...උච්චම අවධියට නැති වුනේ කැම්පස් කාලෙ..
අද කාලෙ අයිබොං ල ට කිසිම දෙයක් ප්‍රස්තාරයක් නැතිව අවබොධ වෙන්නෙ නැති වෙන්නෙ නිසා ඔකට මෙහෙම ප්‍රස්තාරයක් අදින්න අපිට පුලුවන්..දැන් කාලෙ ලමයෙක් මේ ලොකෙට පහල වුන ගමන් ඌ ට කියල ලැබෙන පලවෙනි දේ අර ප්‍රස්තාර කාඩ් එක නෙ..ඉතින් අම්මලගෙ තාත්තලගෙ ට්‍රයි එක එදා ඉදන් ඌව ඇවෙරේජි ඉරෙන් උඩට දාල ප්‍රස්තාරෙ y(max) වල හැපෙනකම් තල්ලු කරන එක...ඌ කවදාහරි ඉස්කොලෙකට ගිහින් රිපොට් කාඩ් එකක් ලැබුන දවසටත් ඉතින් ඔය සන්තෑසියම තමා...ඒ හින්ද ඌට උගෙ සති අන්ත ආතල් අහිමි විමෙ ප්‍රස්තාරයට මෙන්නෙ මේ වගේ කෙල වීමක් වෙනව..
දැන් මේක කැම්පස් කාලෙ පස්සෙ තියෙන විශාල බැස්ම ඇති වෙලා සිරො වුන දවස තමා අද..හරි හරී දැන් වැඩිහිටියො උපදෙස් දෙන්න පටන් ගන්න ඕනි නැ මම දන්නව මේක බොහොම පුන්චි කලයක් පවතින දෙයක් කියල..
අද මම ආයෙත් මට ඕනි දේවල් කරල දවස ගෙවන සති අන්තයක්...මට ක්ලාස් නැ.. කම්ප්ලීට් කරන්න ටියුට් නැ.. කරන්න හොම් වර්ක් නැ.. ලියන්න හොයන්න රිසර්ච් නැ..අද දවසෙ මම මොනව හරි දෙයක් බැළුවොත් ඉගෙන ගත්තොත් ඒ මම ආස හින්ද..කවුරුත් ඒක කලාම ලකුනු දෙන්න බලා ඉන්න හින්ද නෙවෙ..ඉතින් ආතල් නැද්ද ? බ්ලොග් පොස්ට් එකක් දාන්න තරං හෙතුවක් නෙවෙ ද ?
මම ඉස්සරහ ප්‍රදර්ශනෙන් ගෙනාපු පොත් ගොඩ බලා ඉන්නව මට එකෙන් කැමති පොතක් අතට අරගෙන කියවන්න පුලුවන් කිසිම වැඩකට වෙලාව මදි වෙයි කියල බයක් නැතුව.. ඉතින් ආතල් නැද්ද..
බලපු නැති ෆිල්ම් ලැප් එකෙ තියෙනව අද මට එකක් බලන්න පුලුවන් බය නැතිව වෙන වැඩකට කාලය මදි වෙයි කියල බයක් නැතුව..ඉතින් ආතල් නැද්ද ?
බ්‍රවුසරේ සෙව් කරපු බුක් මාක්ස් තියෙනව මම ආස සබ්ජෙක්ට්ස් ගැන මම ආස අලුත් ටෙක්නොලොජි ගැන..අද මට ඒකක් හිතේ හැටියට කියවන්න පුලුවන් හිතේ හැටියට කොඩ් කරල ට්‍රයි කරල බලන්න පුලුවන් මොකද මට කවුරුත් පවරපු ලකුනු දෙන්න බලා ගෙන ඉන්න ප්‍රොගැම් නැනෙ ලියල අප්ලොඩ් කරන්න, ටියුට් නැනෙ ලියල සබ්මිට් කරන්න.. ඉතින් ආතල් නැද්ද ?
හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

අසාවෙ බෑ. අපටත් මේ වගේ කාලයක් එන්න තව කොච්චර කල් යයිද?
ReplyDeleteමටත් ඉතින් ඔය විදිහම තමයිනේ... හිතට එන ඕනෙම දෙයක් කරන්න දැන් පුලුවන්. අනික් දවසට වගේ බයෙන් බයෙන් කරන්න ඕනෙ නෑ... තාත්තා බනීද "ඕව කර කර ඉන්නෙ? වැඩ නැද්ද?" කියලා... ඇත්තටම දැන් මට වැඩ නෑ.... කොච්චර නිදහස් ද... අම්ම එක්කං ගිහින් මොන්ටිසෝරියට දාපු දවසෙන් පස්සෙ දැන් තමයි නිදහස හම්බුනේ.... අවුරුදු කීයක්ද.. හ්ම්ම්ම්ම්ම්.
ReplyDeleteඋඹ මෙහෙම කියනවා අහන එකත් මට ආතල් පැන්ඩා. මේත් නිතර නිතර සතිඅන්ත අහිමිවෙන එකෙක්.
ReplyDeleteඋඹට ෆ්‍රී වීකෙන්ඩ් එකක් ලැබුන බව මම දැනගත්තා උඹ ඇවිත් මගෙ ඉංග්‍රීසි බ්ලොගේ කමෙන්ට් එකක් දාලා තියෙනකොට. උඹ බිසි අතරේ මම තවත් බ්ලොගකුත් ප්ට්ටාං ගත්තා මගේ ඩෙනිම කියලා. උඹත් මම වගෙ කාර් වලට ආසා එකා නිසා. (සොරි ජීප් වලට) උම කැමති වෙයි මම පරිවර්තනය කර්පු හිච් හයිකර් කතාවට.
උඹට කැමති ආකාරයේ නිදහස් සති අන්තයක් ගත කිරීමට ලැබේවා!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔය ඔක්කොම කරන්න තියේන්නේ දවස් දෙකයි නේ...
ReplyDeleteසදුදට උබ ඔෆිස් එන්න එපැයි...
ඉතින් පැන්ඩා අද හිතේ හැටියට බයිසිකල් පදින්න ඇති . Hikz
ReplyDelete