Monday, November 26

අකුරු කියවන්න බැරි කාලෙ ඉදන්ම පටන් ගත්තු පොත් කියවිල්ල සහ සෙංකොට්ටං

ඇයි උඹ බ්ලොග් ලියන්නෙ... හුගක් වෙලාවට කවුරු හරි අහනව ඒක... මම ඒකට හෙතුවක් දන්නෙ නැ..මට එකට හේතුවක් හොයන්න ඕනි ත් නැ.

මට හිතෙන දේ මම මේකෙ ඔහෙ කොටාගෙන යනව...ඒවයින් සමහර ඒව පොස්ට් කරනව සමහර ඒව නැ.. බ්ලොග් එක කියන්නෙ ලියාපදිංචි කරපු මාධ්‍ය ආයතනයක් නොවුන හින්ද මට මෙකෙ පාඨකය ගැන වගකීමක් නැ..එතන මට නිදහසක් තියෙනව ඒත් ගොන් කමට කින්ද මන්ද හෙලි කරගත්තු නිසා දැන් ඒ නිදහස ටිකක් අඩුයි....

මම පොත් ගුල්ලෙක්... එක අතකට ගුල්ලෙක් වෙලා උන්න කිව්වොත් හරි... ඒ කතා පොත් වලට විතරයි...  පොත් කියවන්න වාරණ නොතිබ්බට මගේ පොත් කියවිල්ල පොඩි කාලෙ ඉදන් මටත් නොදැනිම හැඩ ගැස්සුනා අපේ ගෙදරින්...

මම පොත් කියවන්න ගත්තෙ මට අකුරු කියවන්නත් බැරි කාලෙ... ඒක ටිකක් හතර බිරි කතාවක් තමයි එත් එක එහෙම වුනා අපේ තාත්ත ගෙ අක්කට පින් සිද්ධ වෙන්න... නාවල කරල ශොක් එකට ගෙදරට වෙලා උන්න පුන්චි මාව ලගින් වාඩි කරගෙන හැමදාම හවසට මල් පූජා කරන තැන ජනෙල ගාව බිම වාඩි වෙලා ඒ ජනෙලෙන් එන එලියෙන් බස බස ගාල නැන්ද පොතක් කියවනව මට ඇහෙන්න... හුගක් වෙලාවට ඒ වැඩ බැරි දාස එහෙම නැත්තං හත් පෙති මල වගේ රුසියන් ලමා කතා පොතක්...ඒ පොතේ උන්න චරිත එක්ක යාලු වුන මට ඒ යාලුවො තවත් වැඩි කරගන්න ඕනි වෙලා ද මන්ද දිගින් දිගටම මම පොත් කියවන්න පටන් ගත්තෙ.

මගෙ කියවිල්ල හැඩ ගැස්සුවා කිව්වෙ ඒකට අපේ අක්කා හෙතු වුනා... එයා තමයි ඒ කාලෙ අපේ ගෙදරට පොත් ගෙන්නෙ එයා හුගක් වෙලාවට ගෙන්නෙ රුසියානු කතා පොත් නිසා මම ඒවට ආස වුනා.

මට ඒ පොත් වලින් මතක හිටින්නෙ බොහොම ටිකයි.. ඒක්කො මම ඒ අකුරු වලින් මතක තියා ගන්න එච්චර පුරුදු නැති හින්ද නැත්තං අපේ අම්ම කියනව වගේ මට පුන්චිකාලෙ ඉදන් එලවලු ම කන නිසා විටමින් මදි වෙලා.

පලවෙනි පාර ඒ ලෙවල් ඇනගත්තෙ පොත් නිසා කියල තමා මාත් එක්ක ගජරාමෙට පොත් කියවන්න එකතු වෙච්චි මගේ යාලුවගෙ අම්ම නම් කිව්වෙ..


සෙංකොට්ටං කියන්නෙ මොකද්ද කියල මම දන්නෙ නැ...  ගෙඩි ජාතියක් වෙන්න ඔනි රෙද්දක සලකුණක් තියන්න පුලුවන්... 

මම ර්යෙ පෙරෙදා කියවපු පොත තමයි මේ...   මහින්ද ප්‍රසාද් මස් ඉඹුල කියන මෙහි කතෘ වරයා මට මුණ ගැහුන පලවෙනි පාර මේක ඒ වගේම පොත කියවල අවසන් වුනේ ඔහු අතින් ලියවෙන අනේක් පොත් සමග ඔහු මුණ ගැහෙනා බලාපොරෙත්තුවෙන්..

ඒක හරියට මට සුනේත්‍රා රාජකරුණා මහත්මිය සදුන් ගිර ගිනි ගනී සමග මුන ගැහුන දවස වගේ එදා ඉදන් මම කවමදාවත් සුනේත්‍රා ගෙ පොතක් තුලින් ඇ මුන ගැසීමෙ අවස්තාව මග නොහරින්න උපරිම උත්සාහ කලා..

සෙංකොට්ටං ගැන විචාර ලියන්න හදනව නෙවෙ ඒත් මට පොත කියවද්ද ඕලුවට ආපු දේවල් කොහෙ හරි කුරුටු ගාන්න ඕනි...අලුත් පොතක් නිසා ඒ පොතේ පිටු අස්සෙ එවා ලියන්න මට හිත දුන්නෙ නැ..

මම කැමති ඒ පොත චරිත කීපයකට සීමා නොවී චරිත ගොඩාක් එක්ක විවිධ පරාසයන් වල විහිදන ව ට එහෙම නැති පොත් වලින් මම ආස වුනේ ඇට මැස්සට විතරයි..ඒත් එකටත් හෙතුව ඇට මැස්සා කියන්නෙ චරිත ගොඩක අපුරු සංකලනයක් හින්ද වෙන්න ඇති.

සෙංකොට්ටං පොතේ විරප්පුලි හේනයා ගෙන් පටන් ගෙන මෑත කාලයෙ එංගලන්තේ ඉගෙනුම ලබන ෆෙඩ්‍රිකා දක්වාම බොහොම අපුරුවට විහිදෙනව... භාශා ශෙලිය ගැන විචාරන්න මට අයිතියක් නැ ඒත් සරලව කිව්වොත් ඒ ලියල තියෙන ශෛලිය හරි අපුරුයි.

විවිධ සමාජ තල කුල ක්‍රම අපුරුවට මුහු කරන මේ පොත අනිවා ඒක හුස්මට අදින්න පුලුවන් පොතක්..

බබානිස්, හිං රිදි ට යාං - තං වගේ තිබ්බ ඇගෙ තන් කාලයත් සමග මේං - තං වෙලා ඊට පස්සෙ දොන්ත ප - තං වෙලා අන්තිමට නොප - තං වෙන හැටි අපුරුවට විස්තර කරන මහින්ද ඒ කතාවෙම විර්ප්පුලි හේනයා විසින් ඊට හාත් පස වෙනත් චරිතයක් අපුරුවට ගොඩ නගනවා.

මල්මා රිදී, පොඩිනා,ගුණහාමි වගෙ චරිත එක්ක මුසු කරන එදා සමාජෙ සිද්දි ගැන පාඨක කුහුල පොතේ අවසානය තෙක් ම රදවා ගන්න මහින්ද සමත් වෙනව..

ඒත් මම නම් කැමති මේ පොතා බබා හේනයා කොලබ යන තැනින් ඉවර කරල දැම්ම නම් මොකද මම හැම දාම පොතක් කියෙව්වම ඒ පොතේ චරිත එක්ක මගේ කතා හදනව මගෙ හිතේ... ඒ හැමදේම ටිකක් අවුල් වෙන අවසානයක් පොතට එකතු වුනා ඒ ටිකෙන්...

ඒක මහින්ද ගෙ කැමත්ත ඒ හින්ද මට එව්ව වැඩක් නැ...  සෙංකොට්ටං අපුරු පොතක් ඒක මට හුග දවසකට මනො ගහන්න දේවල් ඉතුරු කරල ඉවර වුනා...




හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

7 comments:

  1. පැන්ඩා මමත් උඹ වගේම පොත් පිස්සෙක් සහ පොත් ගුල්ලෙක්. මටත් ඔය පුරුද්ද ලැබුනෙ තාත්තාගෙන්.
    පොත් කලෙක්ෂන් එකක ලොකුම හතුරා යාලුවො.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  2. මාත් ඕක ලඟදි කියෙව්ව
    මටත් හිතට අල්ලපු පොතක්. ලියලා තියෙන විදිහත් රසවත්. මන් හිතන්නේ මහින්දගේ පළවෙනි නවකතාව ඕක. තව හිරුත් හිම පියල්ලක කියලා කවි පොතක් මන් බලලා තියෙනවා ඒකත් හොඳයි

    ReplyDelete
  3. අද තමයි මුලින්ම ආවේ. පොත් ගැන කතාකරන නිසා සිත ඇදීගියා. පොත් නොකියවන මිනිස්සු ගැන හිතෙන දේවල් ලිව්වොත් ඒ මිනිස්සු මේ බ්ලොග් එක කැත කරයි කියලා හිතන නිසා ලියන්නේ නැහැ. මගේ ඥාති සහෝදරයෙක් තමයි මුලින්ම මට පොත් කියවීම ගැන අත්පොත් තිබ්බේ. අදනම් තියන එකම ප්‍රශ්නය තමයි හරවත් පොත් සොයාගැනීම සහ පොත් මිල දරාගැනීමට නොහැකි වීම.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  4. හොයා ගෙන කියවන්න වේවි වගේ :)

    ReplyDelete
  5. ඇත්තටම මමත් වෙලාව ලැබෙන හැම වෙලාවෙම ලයිබ්‍රරි රිංගලා පොතක් අරන් එනවා කියවන්න..ඊයේ කියවලා ඉවර කලා අඳුරැ හිමයේ නොදුටු හසර කියලා පරිවර්තනයක්...ලස්සන පොතක්..බොහොම ස්තුතියි පොත් ගැන කිවට...ඕකත් කියවන්න ඕනේ..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  6. සෙං කොට්ටං නං කියෝලා නෑ. හොයාගෙන කියවන්න ඕන. මටත් පොඩි කාලෙදිම කියවීම හුරු කලේ අම්මා ගෙනත් දීපු පොත් පත් ටික.

    ReplyDelete
  7. හිරුත් හිම පියල්ලක කවිපොත කියවලා තියෙනවද?
    ඒකත් අපූරු පොතක්.

    අපි කවුරුත් පොත් පිස්සෝ තමයි ඉතින්..)

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails