Saturday, December 22

මට ආදරේ නැ ඔයා

පෙම්වතී :
ඔයා
ඇයි හිනා වෙන්නෙ  
කැ ගහන්නෙ 
සතුටු වෙන්නෙ  
යාලුවො එක්ක
ඉන්නකොට විතරක්

ඇයි මා එක්ක
අඩු හිනා
බර කල්පනා

කෝ ඒ කාලෙ කල  
අපුරු පොඩි විහිලු
ගොන් වුනත් එව්වා
හිනා වුනා මං බොහොම

ඒත් දැන් ඔයා හරි වෙනස්
ඇයි මා එක්ක
නැද්ද දැන් සතුටක්
ඕනි නැද්ද දැන් මාව


පෙම්වතා :
දැන් අපිට වයසයි
යාලු වෙලා  හුගක් කල්
ඒ කාලෙ ගස් යට
සතුටින් මැවු හීන
ඔයාට දුන් හීන
හැබැ කරලන්ට
කාලෙ ඇවිත් මට

මතකද කිව්ව මං
රැජිනක් සේ තියන්න
ඔයා මගෙ රාජ්ජෙ
ඒත් තාම මගෙ රාජ්ජෙ
අඩි 6, 7 පුන්චි
බෝඩිං කාමරය විතරයි

මතකද කිව්වා  
එක්ක යන්න කාර් වල
බේරගෙන බස් වල
දස වද වලින්
මතකයි තාම  
දිලිහුන අපුරුව 
ඔයාගෙ ලස්සන ඇස්
එත් තාම නැ මට කියල
මොටර් සයිකලයක් වත්

ඒ දවස් වල ඔයා 
හීන මැව්ව 
ලස්සනම විදිහට
මගුල් උත්සවේකට
දැන් කාලෙ හරි වුනාට
ඉතුරු කරපු දෙයක්
නැ තාම මන් සන්තකෙ

ඔයා මුන ගැහුනම
හීන දීල හිනස්සපු
ආදර කතා කියපු
මං හුගක් අසරන වෙනව
ආදරේ වැඩි හින්ද..
එව්ව ඉස්ට කරලන්ට
දැං කාලෙ හරි හින්ද..


යාලුවො එක්ක ගෙවන
මොහොතක සැහැල්ලුව
එන්නෙ නැ මට
මතක් වෙන කොට
මේ හැම යුතුකමක්ම


හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
 


11 comments:

  1. මතකය පාරන සොදුරු හැගුම් හිරකරගෙන සිටියා ඇති දැන්.....

    ReplyDelete
  2. සිරා කතාවක් පන්දා අයියා හුග කාලෙකට පස්සේ ආයෙත් ලියල නේද?
    හීන ඔක්කොම හැබෑ වෙයි අයියා....

    ReplyDelete
  3. ආදරය කියන්නේ තියන විදියට බෙදා හදා ගෙන ජීවත් වෙන එකනේ පැන්ඩෝ.... හැමෝටම ප්‍රශ්ණ තමා, එත් යාලුවෝ එක්ක හිනා වෙලා පෙම්වතී ළඟ දුක් මුණක් දාගෙන ඉන්න එක නම් මම දකින්නේ වරදක් විදියට....

    ReplyDelete
    Replies
    1. එක වැරද්දක් බවත් එහෙම නොකල යුතු බවත් මාත් පිලිගන්නව දන්නව ඒත් ඩීප්ස් අක්කෙ එහෙම නොඉන්න හිතා ගෙන ගිහින් ටිකක් වෙලා යන කොට දන්නෙම නැතිව ඔය හැමදේම ඔලුවට ඇවිත් මහ බරක් පැටවිල තද වෙල මිරිකිලා යද්දි දන්නෙම නැතිව මුනෙන් හිනාව යන්න ගිහින්...

      Delete
  4. prashna amathaka karala hina wela hitapan machan.owa kawadawath wisadena ewa newei..

    ReplyDelete
  5. පැන්ඩා අය්යට දැන් අක්කව කරකාර බදින්න කාලේ හරි වගේ....

    ReplyDelete
  6. අපූරු කවි පෙලක් ගොඩක් දවසකින් දැක්ක.. නියමයි..

    ReplyDelete
  7. මමත් අතීතයට ගියා පැන්ඩෝ.
    කොහොමද මල්ලි වැඩ කටයුතු ? ඩිග්‍රිය ගත්ත ද ?
    කේශාන් මල්ලිව, තාරා නංගිව එහෙම මතක් කලයි කියන්ඩ :)

    ReplyDelete
  8. කාලෙකින් දැක්ක අපූරු කවි පෙළක්...හරිම යථාර්තවාදී විදිහට ලියවුණු ලස්සන සංකල්පනාවක්.
    නියමයි පැන්ඩො :)

    ReplyDelete
  9. හුඟාක් වෙලාවට මේ කතාව ඇත්ත වෙන්න ඇති. ගැනු හිතේ බලාපොරොත්තු මහ ගොඩවල්.. ඒ ගැනු හිත් වල බලාපොරොත්තුවල බර දරන්නේ කවුරුම හරි පිරිමියෙක්. ඒ කෙනා විවිධ නම් වලින් හදුන්වනවා. එත් ඒ පිරිමියෙක් කියන පොදු සාධකය තියෙනවා. ගැනුන්ගේ බලාපොරොත්තුවලින් ජිවිතෙ බර කිරන පිරිමි හැමදාකම ජිවිතේ බර දරනවා.

    මේ කියපු දේවල් මේ කවියෙන් මගේ හිතේ ඇති උනා... එත් ඒ හැම දෙයක්ම පරදා තවත් හිතේ අදහසක් වර නැඟුණා. ඒ තමයි මේ පැදි පෙල ලියවුනේ බොහෝ විට පුරුෂොත්තමවාදී ජාතක කතාකරැවෙක් අතින්ද කියලා කියන හැඟීම.

    ReplyDelete
  10. මේක ටිකක් අමුතු පොස්ට් එකක්

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails