Monday, April 23

මට රතු, රතු පාටම වුනාට හැමොටම එහෙම නැ..

මොකක්ද මේ කතාව..සයිබරේ සැණකෙළියේ ලොකු කැමරා මානා ගෙන ඉන්න කස්ටිය ගොඩයි.ඉතින් මගෙත් හීනයක් තමයි කවද හරි මගේ මේ පුන්චි ඩිජිටල් කැමරාවෙන් ඔන්න ඕකකට යන එක..කොහොමින් කොහොම හරි මාත් ඉතින් ඔව්ව ගැන හිතද්දි අපි දැන් කාලෙ කැමරා කලර් ෆොන් ටිවි ඔය මොනවට ගියත් ඕක ලක්ශ ගණන් කලර් වැලිව් එකක් තියෙන්න ඕනි නෙ හිත පිරෙන්න.. ඉස්සර 256k 64k කලර් ෆොන් තිබ්බට දැන් 16M වත් කලර් නැත්තන් බලන්නෙවත් නැ ඒ දිහා.. ඉතින් ඔය ඔක්කොම අස්සෙ මගෙ ඔලුවට ආවෙ ඩොකොස් ගාල මෙන්න මේක .. වර්ණ අන්ධතාවයින් පෙලෙන අපේ අය දකින්නෙ කොහොමද මෙව්වා..ඉතින් ඕක පැන්ඩගෙ සිතිවිල්ලක් හින්ද අනිව ලියන්ටම එපැයි

මේ බලන්ඩකො සීන් එක.. කොයි මස් කුට්ටියද හොඳට ඇත්තෙ කියල හිතා ගන්න බැ නේද ?
අපි නම් මෙන්න මේ වගේ හොඳට දකිනව..ඒ හින්ද හොදම එක අල්ලගෙන වැඩෙ දෙනව..මේව මට සර්ච් කරද්දි ලැබුන පින්තූර ඕං, නැත්ත බ්ලොග් ලියන පැන්ඩ නම් ඉතින් ලැක්ටො -ඔවො වෙජිටෙරියන් කෙනෙක්..ඒ මොකෙක්ද කියල දැන් අහන්ට එපා..ඒක පස්සෙ කියන්නම්

 ලොවි ඉදිලද නැද්ද කියල බලන්ට කාලම බලන්ට වෙනව..
 ලොවි වගේ ද මේක..ට්‍රැෆික් රාලහාමි කෙනෙක් එහෙම දැක්කො වැරදියට දාල යනව මීට පස්සෙ කියන්ට රාලහාමි මම කලර් බලයින්ඩ් කියල..සමහර විට මොලෙ තියෙන රාළහාමි කෙනෙක් නම් කණ පැලෙන්ට එකක් දීල අහයි "ඒ වුනාට ලයිට් තුනෙන් උඩ ලයිට් එක මොන පාටින් හරි පත්තු වෙලා තියෙනව පේනව නේද" කියල..
 හිතන්න එපා පැන්ඩ කාගෙ හරි තියෙන පුන්චි වෙනස් ලක්ෂනයක් විහිලුවට ලක් කරනව කියල අනේ එහෙම එකක් නෙවෙ..එහෙම අදහසක් තුන් හිතකවත් නැ..අපි ලොකෙ ලස්සනයි කියල බදාගන්න එහෙම නැත්තන් මාර කලර් චූස් එකක් තියෙන එකක් කියල කියන හුගක් ඒව වල ඒ දේ ඒ විදිහට නොදකින් පිරිසක් තව ලොකෙ ඉන්නව කියල මතක් කරනව විතරයි.

සාමන්‍යයෙන් වැඩි පුරම ඉන්නෙ රතු-කොළ අන්ධතාව්යෙන් පෙලෙන අයලු..පිරිමි අය අතරින් 7% - 10% ත් අතර පිරිසක් මේ වගේ ඉන්නවලු..මේක ස්ත්‍රීන් අතරෙ නම් ප්‍රතිශතයක් විදිහට හුගක් අඩුයි ලු..ඒකට හෙතුව හුගක් වෙලාවට මේක ජාන එක්ක සම්බන්ධ ලක්ෂනයක් වෙන හින්දලු..අර ඒ කාලෙ ඉගෙන ගත්තු X හා Y දෙන්න මතකද ? නැ නැ ගණන් පොතේ X,Y නෙවෙ විද්‍යාව පොතේ ජාන වලට සම්බන්ධ X හා Y.. අන්න ඒ දෙන්න තමයි සීන් එක කරන්නෙ


මේ සඳහා තාම බෙහෙතක් හොයාගෙන නම් නැ ලු..අද කාලෙ අපි දන්න බොහොම ප්‍රසිද්ධ මාර්ක් මහත්තය එහෙම නැත්තන් මුනු පොතේ අයිතිකාරයත් මේ තත්වයෙන් පෙලෙනව ලු. මුනු පොත නිල් පාට වෙන්නත් එක හේතුවක් ඒකලු..ඒ වගේම මේ තත්වයෙන් පෙලෙන බහු තරයකට අනේක් වර්ණ වල වෙනස බොහොම හොදින් අදුර ගන්න පුලුවන් ලු.ඒ නිසා ලොක ප්‍රසිද්ධ කලා කරුවො පවා ඉන්නව වර්ණ අන්ධතාවයෙන් පෙලෙන..

මොන්ටිසොරි ටීචර් ල එහෙම මේක කියවන ව නම් චූටි දරුවෙක් හරියට පාට අදුරන්නෙ නැත්තන් ඒ දරුවගෙ නොහැකියාව ගැන දරුවට යමක් කියන්න කලින් මේ ගැන හොයල බැලුවොත් හොදයි කියල පැන්ඩට නම් හිතෙන්නෙ.මොකද 8%ක් පිරිමි දරුවො කියන්නෙ සැලකිය යුතු ප්‍රතිශතයක් නෙ..




********************************

Tuesday, April 17

කූපන් මගොඩි සහ තවත් කතා..

අවුරුදු කාලෙ හැමොම බලන්නෙ යහමින් බිස්නස් එකක් කරගන්න..මේකට ඉතින් හොදම වැඩෙ තමයි මොකක් හරි තරගයක් පටොලව ගන්න එක.මේක ඉතින් ටවුමේ පොඩි කඩෙ ඉදන් අතීතයෙ සිට ලංකාවෙ වැජඹෙන කර්ගිල්ස් ෆුඩ් සිටය දක්වා ඒක එක පරාස වලින් විහිදෙනව..

නමුත් ඉතින් ඔය හැම තරඟයක්ම ආයතනයට ලාභ දායි ලෙස පවත්වා ගන්න ඒ අය වග බලා ගන්නව,ඒ වුනාට ලංකාවෙ මිනිස්සු කොච්චර අසුභ වාදි වුනත් මේ වගේ එවයෙ දි මටත් චාන්ස් එකක් එයි කියල ෆුල් සුභවාදි වෙන නිසා කවදාවත් ඒ ආයතන පාඩු ලබන්නෙ නැ..හොදම උදාහරනෙ ලොතැරයි මණ්ඩලය..මම හිතන්නෙ ලංකාවෙ රජයට අනුබද්ධ පාඩු නොලබන එකම ආයතනය වෙන්නත් බැරි නැ ඉස්කාරගාරය ඇරනම.

මම දන්න මිනිස්සු ඉන්නව දවසට අනිවාර්‍යෙන් ස්වීප් 10ක් ගන්න..සමහර විට දවස ආදයෙමෙන් 1/5ක් විතර වියදම් වෙන්නෙ ඒකට.හරි ඒවයෙ හොද නරක මම කියන්ට ඕනි නැනෙ..
පැන්ඩත් නිවාඩුවෙ ගෙදර ඉන්නකොට දුටුව ගෙදර තියෙන අර ෆුඩ් සිටියෙන් දුන්න කූපන් ටිකක් බැලුවම හුඟක් කැලි තියෙනව ඒක එක භාන්ඩ වල.වැඩකුත් නැති එකෙ නිකන් තියෙන එකෙ කියල පොඩ්ඩක් අන්තර්ජාලෙ කස්ටිය එක් රැස් වෙන තැන් වලින් මදි පාඩු කැල්ලක් හොයා ගන්න ට්‍රයි එක දෙනකොට තමයි තෙරුනෙ හුගක් භාන්ඩ වල මුල් කොටස් හුගක් අය ලග තිබ්බට තාම කාටවත් 4/4 වෙනි කොටස කිසිම භාණ්ඩෙක ලැබිල නැ වගේ කියල..සමහර විට මුලු ලංකාවෙම මෙහෙම වෙන්නත් පුලුවන්..තරගෙ අවසාන දිනේ කිට්ටු කරල දෙන්න ඉන්න තැගි භාණ්ඩ ප්‍රමාණයට පමණක් ඒ අවසාන 4/4 කැල්ල නිකුත් කරනව ඇති..එතකොට නෙ මිනිස්සු දිගටම උද්යොගයෙන් තරගයට සහභාගි වෙන්නෙ..අල්ලපු කඩෙ තිබ්බත් තව කිලොමීටරයක් ෆුඩි සිටියට ගිහින් වැඩි මිලට තරගෙට ඇතුලත් වෙන බඩුවක් අවශය නැතත් මිලදී ගෙන එන්න තරං පෙළඹවන්න ඒ හැගීම ප්‍රබල වෙන්නෙ ඒකනෙ.මිනිස් හිතේ මේ වගේ ස්වභාවයන් මානසික වෛද්‍යවරුන්ට වඩා මකටින් ඇනලයිස‍්රස් ල දන්නව ඇති කියල හිතෙනව මේ වෙලාවට.

කොහොම හරි එතකොට මතක් වුනා අපි ඉස්කොලෙ යන කාලෙ අපි අහු වුන තව දෙයක්.. මතකද කැන්ඩොස් හරි එඩ්නා හරි මතක නැ හරියට ඒ දවස් චොකලට් එක්ක අංකයක් සහිත ක්‍රිකට් කීඩකයෙක්ගෙ ස්ටිකරයක් නිකුත් කලා..ඒ ටික එකතු කරල එක එක තැගි දිනා ගන්න පුලුවන්..ඒ දවස් වල ඉතින් ස්ටිකර් එකතු කරන්න කාපු චොකලට් වල සල්ලි එකතු කලා නම් කොල්ලන්ට කිකට් ආම්පන්න සෙට් එකක් ගන්නත් පුලුවන් වෙන්න ඇති..තව ඇයි ඉතින් සිට්කර් වලට කොච්චර එවුන් ගහ මර ගන්නම ඇතිද ? ස්ටිකර් ගොඩට රබර් බැන්ඩ් එකක් දාගෙන ඕක නිතර ගැන ගැන පරිස්සම් කර ගන්නවට වඩා වැඩක් තිබ්බද ඒ කාලෙ..ඒ ස්ටිකර් වලත් 306 ජයසුරිය ද කොහෙද ඉන්න එක ස්ටිකරයක් තිබ්බ ලොවෙත් හොයන්න බැ.. ඉතින් අර කවද හරි ඕක ලැබෙයි කියල හිතා ගෙන මරාගෙන හොරකම් කරගෙන අපේ එවුන් චොකලට් කැවා..පැන්ඩට ක්‍රිකට් පිස්සුව තදින් නොතිබුන නිසා පැන්ඩා මෙකෙ ක්‍රියා කාරි සහභාගිත්වයක් දැක්කුවෙ නැ..එ නිසාම බය නැතුව අනිත් එවුන් ටොයිලට් එකට එහෙම ගිහින් එනකං උන්ගෙ ස්ටිකර් වල මාව භාරකරය කරල යන්න බය වුනේ නැ..ඒකත් ලොකු නම්බුවක් ඒ කාලෙ..ඇයි සුලු පටු වගකීමක් ද ?

ඔය වගේ මගොඩි කම් අද ඊයෙ ඇති වුන ඒව නෙවෙ..අපි ඉපදිලාවත් නැති අපේ මහප්ප කොල්ල කාලෙ දැන් රත්නපුරෙ ඉන්න ප්‍රසිද්ධ විපක්ශ මන්ත්‍රි කෙනෙක් සහ මුදලාලි කෙනෙක් ටවුමෙ පොඩි පොඩි බිස්නස් කරල තියෙනව.ඒ කාලෙ මිනිස්සු අවුරුද්දට ඉතින් ටවුමට රැස් වෙනකොට මේ දෙන්නත් හිතුවල කීයක් හරි ගරා ගන්න..දෙන්නත් එක්කෙ ටවුමෙ ලැල්ලක් දාල එකෙ තිබ්බලු රටේ නැති වෛවාරන බඩු.ඊට පස්සෙ තුන්ඩු කැලි ටිකක් ලිව්වලු..එක තුන්ඩුවක් සත 10 ලු.. මිනිස්සු ඉතින් තුන්ඩුවක් ගන්නවලු තුන්ඩුවෙ තියෙන තැග්ග එ මිනිහට දෙනවලු..දැන් ඉතින් මිනිස්සු එනවලු දෙන දෙයක් ගන්නව ටිකක් ඉඳල යනවලු..කාටවත් ඔතන නැවතිලා බලා ඉන්න වෙලාවකුත් නැනෙ ඇදෙන තැගි ගැන විස්තරයක්..ඉතින් මිනිස්සුත් දෙන දේ අරගෙන යනවලු.ඔතන ලග හිටපු රාළහාමි කෙනෙක්ට තෙරුනාලු මෙකෙ එන හැම මිනිහටම ලැබෙන්නෙ කටු පැකට් එකක හුනු බිත්තර පැකට් වගේ දෙයක් මිසක් කාටවත් වෙන වටින දෙයක් ලැබුනෙ නැ කියල.

ටිකක් වෙලා බලල කිට්ටු කරපු රාලහාමි ඇහුවලු මෙතන හැම බඩුවටම තුණ්ඩු තියෙද කියල..මුදලාලි පැනපු ගමන් කිව්වලු අපොයි ඔව් රාළහාමි කියල..එහෙනම් ලෙහපන් බලන්න ඔක්කොම තුණ්ඩු කිව්වලු..ටිකක් වෙලා අදිමදි කරපු දෙන්න රාලහාමි ගෙන් ගැලවිල්ලක් නැති නිසා ලෙහුවලු තුන්ඩු ටික..බැලුවම වටින බඩුවකට ලියපු එකම තුන්ඩුවක් වත් නැලු..ඊටපස්සෙ ඉතුරු හරියෙ ටවුමට ඇවිල්ල හිටපු මිනිස්සු බලා ගත්ත කියල තමයි කිව්වෙ..

********************************

පැන්ඩාගේ සිතුවිලි

මේ පොස්ට් එකට බ්ලොග් එකෙ නම දැම්ම අද ලියවෙන දේට හරියටම ගැලපෙන්නෙ මේක නිසයි..මේක ඇත්තටම නිකං හිතට එන සිතුව්ලි ටිකක් යතුරු ලියනය කිරීමක් ම පමණි..මේක මගේ බ්ලොග් එක නිසා මට ඒ අයිතිය තියෙනව..ඒ හින්ද මේ සඳහා මිඩංගු කරන කාලය ගැන කිසිදු වගකීමක් මා සතු නොවෙ..


අන්තිම පොස්ට් එකෙන් මාස 2කට ආසන්න කාලයක් ගෙවිල යද්දි පැන්ඩ නැවත් බ්ලොග් එකට අද තමා පය ගහන්නෙ..ඔය ටික කාලෙ ඇතුලේ ජිවිතේ මහා පෙරළි ගොඩක් වුනා..උපතින් වෙනත් නමක් තිබ්බ මම මීට අවුරුදු තුන හමාරකට කලින් පැන්ඩා නමින් බිහි කල මගෙ වැදුම් ගෙයි තමයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය,ඒ වැදුම් ගෙයි හැර දාල සියලු බඩු භාණ්ඩත් පටොගෙන මම ආපහු ගෙදර ආවෙ කැම්පස් එකෙන් පන්නපු නිසා නෙවෙ..යන්න වුන නිසා..තව දුරටත් මට එකෙ උගන්නනෙ නැති නිසා..මම එකෙ ඉගෙනීම හමාර කරපු නිසා. විශ්ව විද්‍යාලයට 2008 ජූනි මාසෙ ගොඩ වැදුන මම අද සිව වන වසරෙ අවසන් භාගය වෙච්චි ට්‍රෙනින් ආරම්භ කරන අරමුනින් අවසාන විභාගයටත් මූණ දීල ඉවර කරල ආව.මේ තියෙන්නෙ එන්න කලින් අපි කට්ටිය

ජිවිතේ දිහා ආපහු හැරිල බලල ලොකු ටොක් දෙන්න තරං වයසක් අත්දැකීම් ගොඩක් මට නැතත් තාම පසු තැවෙන්න දෙයක් අතින් වෙලා නැති නිසා සංතොශයි.ඒ විදියටම ජිවිතේ අවසන් කරන මොහොත දක්වා ගෙවන එක තම්යි එකම අරමුණ.


ටික දවසක් ගෙදර ඉන්න ලැබෙනව දැන්..මට නම් එක ටිකක් විතර හිත අපහසු කරන හැගීමක් තරමට වෙලා දැන්.5 වසරෙ ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ඉස්කොලෙකට යන්න වුන දවසෙ ඉඳන් මම මගේ ගෙදෙට්ට බොඩින් කාරයෙන් වුනා ඉස්කොලෙ නිවාඩු කාලෙ විතරක් ගෙදර ආපු මට ඉස්කොලෙන් පස්සෙ විශ්ව විදයලයට යන්න වුනේත් නැවතත් ඈත පලාතක ආයෙත් මාව ගෙදරට බොඩින් කාරෙයෙක් කරමින්.ජිවිතේ තනියම ගෙවන්න මම හුරු වුනේ චුටි කාලෙ නිසා අදටත් මට ඕනි තැනක ලේසියෙන් සෙට් වෙන්න පුලුවන්.ඒක හුගක්ම තෙරුනේ කැම්පස් කාලෙ.හැම එකෙක්ම බදා ගෙන එලියට බැහල එන්න මට පුලුවන් වුනේ ඒ හින්ද වෙන්න ඇති.


අවුරුද්දට ලැබුන පොත් පිංචක් එක්ක ගලපල පුන්චි පොස්ට් ගොඩක් ලියන බලාපොරෙත්තුවක් තියෙනව..සිංහල බ්ලොග් සංගමය , සිංහල බ්ලොග් පුන්චි පසු බැමකට ලක් වෙලාදො කියල හිතෙනව..ඒ දවස් වල දවසෙ වැදගත්ම රාජකාරිය වුනේ කට්ටියගෙ බ්ලොග් කියවන එක දැන් ඒක සතියකට වරක් පමණ වෙන වැදගත් රාජකාරියක් වෙලා..ඒ බ්ලොග් කියවපු දැකපු ආසවට තමයි මමත් බ්ලොග් එකක් තියාගෙන උන්නෙ..මගේ බ්ලොග් එක හුගක් වටින්නෙ නැති වුනාට එහෙම වටින ඒව වල පුන්චි අනුගාමිකයෙක් මම ලග ඉන්න සතුට තිබුන..කොයි දේත් ස්තීර නැ කලකට හොද කලකට වහ වෙලා ආයෙ හොද වෙනව ලු නේ..


කියවන කෙනෙක්ට වැදගත් වෙන ටිකක් ලියන අරමුණින් මේ සිතුව්ල්ල අවසන් කරන්නම්
Related Posts with Thumbnails