Sunday, April 7

අරමුණක් නැතිව ලියන බ්ලොග්...

හුගම හුග කාලෙකින් බ්ලොග් ලිව්වෙ නැ... දැන් සින්ඩිකේටර් වලිනුත් මාව පන්න ල ඇති කියන එකට කිසිම සැකයක් නැ,...

පැන්ඩ ඇයි බ්ලොග් නොලියන්නෙ කියන එකට මට උත්තරෙකුත් නැ..සමහර විට අර මොහන් රාජ් ගෙ මාගම් සොලිය කියවල ඔලුව කරවුන නිසා වෙන්නත් පුලුවන්..ඒත් මේ ඒ ගැන කතා කරන පොස්ටුව නෙවෙ.

මම නිතරම මගෙන් ඇහුව ඒකට හෙතුව අලුත් රස්සවද කියල .. අනෙ මන්ද.. රස්සාව ජිව්තේට එකතු කරපු දේවල් සහ උදුර ගත්තු දේවල් තරාදියක දාල කිරන්න මම කොයි වෙලවකත් උත්සහ නොකරන්න වග බලා ගන්නව..

එකෙන් මාව වෙහෙස කරල රස්සාව එපා කරවයි කියල මට බයයි.. 

ට්‍රෙනින් මාස 6ත් එක්කම හෙට අනිද්දට අවුරුද්දක් පිරෙන රස්සාවට තාම්ත් මම යන්නෙ සංතොශෙන්.. එක නැති කරගන්න ගෙවන පඩිය කරන වැඩ ඇති වුන නැති වුන දේවල් එහෙට මෙහෙට දාල මැනල බලන්න මම උත්සාහ නොකරන්න වග බලා ගත්ත..

මගෙ රස්සාව ගැන පොඩි දෙයක් කිව්වොත් මම සහකාර මෘදුකාංග ඉන්ජිනේරුවක්... තෙරෙන සින්හලෙන් කිව්වොත් associate software engineer කෙනෙක්...

දෙයියනෙ කියල කැම්පස් එක සම්බන්ධ සියලු බැදීම් වලින් දැන් නිදහස්.. නැ එකට ගැනු ලමයෙක් අදාල නැ..මොකො කැම්පස් එකෙ මම කොක්කක් ගැහුවෙ නැති නිසා..

මගෙ ඉඟ සුග දැතින් ගන්න පුලුවන් හැම වෙලාවෙම පුදුම සහගත ලෙස සතුටින් ගෙවන කොහොම හරි මාවත් ඒ සතුටු රැල්ලට ඇද ගන්න උදේ හවා වෙර දරන එයත් එක්ක එක වහලක් යට එක බතක් උයාගෙන ඉන්න තියෙන බලාපොරොත්තුවත් හිත අස්සෙ තද කරගෙන තව අවුරුද්දක් අපි බලා ඉන්නව
 
තව දුරටත් බ්ලොග් ලියවෙයි ද නැද්ද කියල මම දන්නෙ නැ.. සමහර විට හැමදාම ඕනි වුන මීට වඩා නිදහසක් තියෙන මාව නිර්නාමික බ්ලොග් අඩවියකින් අපි මුන ගැහෙනව ඇති..

ඉස්සර නම් මේ වගේ කණ දෙපැත්තෙන් දාඩිය වැක්කරිල බෙල්ලෙ රැලි දිගේ ඇවිත් පපුවෙන් බඩට වැටිල මහ ගිරි දබෙ වගේ තඩි බඩ ගෙඩිය ගෙවා ගෙන ඇවිත් ඉනට තද වුන සරමට උරා ගන්න තරම් රස්නි අපූරු හවසක අත දිග ඇරල ලියනව කියන එක හරිම ලෙසි දෙයක් ඒත් දැන් ජීවන බර ඒ අත දිග අරින්න බැරි තරම් බර කරල..





4 comments:

  1. අනේ මේ පිස්සු නැතුව බ්ලොග් එකක් කොටාන ඉම්මු බං ඉඩ කඩ තියෙන වෙලාවට.



    ReplyDelete
  2. අපි බ්ලොග් ලියන්න ආපු දවස් වල සූ ගාලා ලියපු අය නෙ පැණ්ඩලා! :) ඒ කාලෙ ලියපු අයගෙන් දැන් ලියන අය අතින් ලියැවෙන්නෙත් එක්කෝ මාසෙකට එකයි නැත්නම් මාස දෙක තුනකට එකයි! ලිව්වහම නම් ආසාවෙන් කියවනවා! :)

    ReplyDelete
  3. ඉස්සර වගේ හැමෝටම දැන් ලියන්න වෙලාව නෑ.. හැමෝම හෙමින්.. ඒ හන්දා ඉඩ තියෙන වෙලාවක ලියමු..

    ReplyDelete
  4. boz, seem like software engineering like a very stress job. mee to have idea to entering of it filed as software developer, but when i continuing my degree i realized that the not my destinations to be software engineer, finally i decided to quickly rearrange my career path to another destinations, so finally in faithfully if you could write the situations of software developing its good for freshers who willing to entering the same role, so brother if you have time please write about those facts, i mean what sort of life what sort of responsibilities and how long time have to work with code with stressful mind, if you can write those facts sure those are big help to newers who gonna be a software engineer depend from salary without attitude.
    thanks brother
    really enjoying your some article and try to come again cheers |

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails