Monday, April 8

panda ගෙ කවි හිත පැනල ගිහින්



බොඩිම් වල දුක් විදිද්දි
තුන් වෙලෙන් දෙවෙලක්  
පෙට්ටි කඩෙන් කද්දි
ත්‍රිවීල් වලට සල්ලි නැතිව
කකුල් රිදෙනකං පයින් යද්දි
සෙට් වෙලා කුප්පි දාගෙන
නිදි මරාගෙන පාඩම් කරද්දි
ඉන්ටර්සිටි වලට සල්ලි නැතිව
හිරවෙලා තනි කකුලෙන් යද්දි

මාත් එක්ක මයෙ හේමලය  
වගේ උන්නු කවි හිත

පුන්චි දුරත් වීල් එකෙන් යද්දි
දාඩිය ගඳට බයේ
ඉන්ටර්සිටි වල යද්දි
වයිවාරන කඩ වලින්
දාස් ගණන් දීල කද්දි
සතුට සැනසිල්ල රස්සාවට 
සින්න කරල සල්ලි හොයද්දි

පැනල ගිහින්....


image reference : http://aisyahrocks.files.wordpress.com/2008/12/leave_by_amsterdam_jazz.jpg?w=700&h= 

 

3 comments:

  1. ඔන්න ඔහෙ යන්න දීපං බං. මම කවි වලට එච්චර මනාප නෑ. ඒකයි. කතන්දර හිත තියාගනින්.

    ReplyDelete
  2. සෑහෙන අපරාදයක්නේ.. ආයේ ගෙන්න ගෙන ඉදලා හිටලා කවියකුත් ලියමු..

    ReplyDelete
  3. හරිම අපරාදයක්නෙ පැන්ඩො වෙලා තියෙන්නෙ :( ඒ උනත් මට නම් හිතෙන්නෙ ටිකක් මහන්සි උනොත් කවි හිත ආපහු ගෙන්න ගන්න බැරි වෙන එකකුත් නෑ.

    එහෙනම් ඔන්න මේ උදාවුන අලුත් අවුරුද්ද ඒ පැනල ගිය කවි හිත ආයෙත් ඔයා ළඟට එන, බ්ලොග් ලියන්න වැඩි වැඩියෙන් වෙලාව ලැබෙන, කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා... :)

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails