Tuesday, August 20

නැමෙන්නත් අමතක වුන එක සහ තවත් අනන් මනන් එක්ක පැන්ඩාගෙ සති අන්තය

සදුදා නිවාඩුවක් ඇරගෙන මම ලොකු සති අන්තයක් හදා ගත්තා... පුරුදු පරිදි සති අන්තෙට ප්ලැන් කරපු වැඩ එකක් වත් ඒ විදිහට පත්තු වුනේ නැ.. දන්නෙ ම නැතිව හෙට වැඩට යන්න වෙන්න නිවාඩුව ඉවර වුනා.

එක එක එව්ව කඩා පාත් වුනා ඔලුවට සති අන්තෙ පුරාම.එක තමා අලුත් රැකියා ජිවිතේ එක්ක මම හුග කලකින් ඇගට දැනෙන්න නැවිලවත් නැ කියන එක..පොඩ්ඩක් අප්සට් කතාවක් නේද..පොඩ්ඩක් මෙහෙම ලෙහෙල කරල ගමුකො..මම ග්‍රාම වාසි පැන්ඩෙක් නෙ.රජ ඉස්කොලෙ ඉගෙන ගන්ටයි රස්සා කොරන්ටයි කොළබ ගෙව්වට ජීවිතෙන් 3/4ක් ම මම සති අන්තෙට බස් එකක පැය තුනක් විතර මඩිස්සලෙ පරිස්සම් කොරන් බස් එකක කොලබින් ඇතට එන්න ඕනි තරං ගමක ඉන්න ගොඩෙ පැන්ඩෙක්..

දවස් දෙකට ගෙදර ආවම හුගක් වෙලාවට කරන්නෙ ලැප දිග ඇරගෙන කොහොම හරි 10GB ඉවර කරන්න වලි කන එක.. දැන් රස්සාව නිසා සතියෙ දවස් වල රැට ඇවිත් එක ඉවර කරන්න වෙලාවක් නැ.කැම්පස් කාලෙ නම් ඇගට එක්සයිස් එන්න හරි ඒක ඉවර වෙනව. :p .ඒත් ඉතින් මේක ටිකක් ලොකු සති අන්තයක් නෙ..ඒ නිසා ගෙදර පොඩි පොඩි වැඩ සෙට් වුනා..

වී කොටනවා කියල සීන් එකක් තියෙනව අපේ ගෙදර.. ඒ ඇවිල්ල අපේ ආතල මුත්තල මහන්සියෙන් හරි හම්බූ කරපු වපුරපු කුඹුරු එයාලගෙ පුත්තු රස්සාවල් වලට ගිය නිසා දැන් වෙන ගොවියො වැඩ කරල එවන වී කොටල හාල් කර ගන්න එක. එක කරන්න වී ගෙනියන්න ඕනි වී මොලට.පැන්ඩත් ඉතින් භාර ගත්ත වැඩෙ.. ගත්ත තැපැල් නයින්ටිය.. දැන් ඉතින් මයෙ දෙයියො උස්සල තියපන්කො වී ගොනිය ලැගෙජ් එකෙන්. ඔව්ව නම් මොනාද ඒ කාලෙ එලෙවල් කරල ගෙදර එද්දි කුඹුරෙ ඉදන් ආතල් එකට ගොයම් කපල ඉවර වුනාම වී ගොනි අදිනව ද කියල හිතල දැතින්ම බදල නැවිල වී ගොනිය උස්සල ගත්ත..
එක පාර නිකං පපුව තද වෙලා හුස්ම හිර වෙලා යනව වගේ දැනුනා.. නැ අයිශ්චර්යා රායි දිය රෙද්දක් ඇදල පහල ඇලට නාන්න ගියා වගෙ සීන් එකක් දැකල නෙවෙ මචං.. ඒත් එක එහෙම වුනා.. කොන්දත් පොඩ්ඩක් ගැස්සිලා ගියා . අතට ගත්තු එක අත අරින්නද කියල එහෙම්ම තියා ගෙන ගිහින් කොටා ගෙන ආව.. ඒත් පොඩ්ඩක් ඕක ඇගට දැනෙන කොට තමා මෙව්ව කල්පනා වෙන්න ගත්තෙ..

ඇයි හදිස්සියෙ එහෙම දැනුනෙ.. ලගදි එහෙම අමාරුවක් තිබ්බෙ නැනෙ ඇගට.. ලගදි කිව්වෙ.. තො අන්තිමට කවද්ද ඉනෙන් පහල ට වත් නැවුනෙ දනිස් දෙක නමල පොලවට කිට්ටු වුනෙ... ම් ම් ආයිබොං අපි ඇවිත් තාම තනිකඩයො වෙච්චි එකෙ එහෙම අවස්ථාවක් හැමදාම වෙන්නෙ නැ නොවැ.හ්ම්... එතකොට නානකොට.. එතකොට කකුල් අතුල්ලන එකෙක් නම් නැමෙන්න එපැයි.. එත් නැනෙ දැන් කරන්නෙ කකුල උස්සල ලගට ගන්න එක නෙ.එතකොට උදේ කරන වැඩේට.. කැම්පස් එකෙන් ආවට පස්සෙ ස්කොටින් පැන් එකක් දැකල වත් නැ..අඩු තරමෙ සපත්තුව දාගන්නවත්..එකත් නැනෙ බන් දන් හාෆ් ටො, ලේස් ලස් දෙකක් නෙ දැන් දාන්නෙ.බලාගෙන ගියාම දවසට සැරයක් වත් එහෙම වෙලා නැ..මගෙ කොහොමත් මතකය සිමිත යි .ඒ නිසා පහු ගිය දවස් දෙක තුනෙ එහෙම නොවුන බව විශ්වාසයි.



දෙයිහාම්දුරුවනෙ ඉදල හිටල නැමිල පැනක් ගත්තත් එහෙව් එකෙ වී ගොනියක් උස්සල ගත්තම නොමැරි හිටිය පුදුමයි...සරීරස් කන්දෙට මතක තිබුන ඇති නැවෙන හැටි. රස්සාවට යනව එනව අයෙත් ගෙදර ආවත් ලැප් එක දිග ඇරගෙන අනිත් වෙලාවට හැමදේම පහසුවට පුරුදු වෙච්චි අපිට අපෙන් පස්සෙ එන ජාන වල හිගක් ෆීචර්ස් අඩු වෙන්නත් ඉඩ තියෙනවා මෙහෙම ගිහින් භාවිතයක් නැ කියල..එක හරිම භයානක සීන් එකක්.. මට හොදටම සුවර් මේක මම විතරක් නෙවෙ කල්පනා නොකලට අපි බොහො දෙනෙක්ට බලපාන සිද්දියක් වෙන්න ඕනි.විශේෂයෙන්ම් මේ පරිඝනක ආශිත ඔෆිස් වලට කොටු වුන රැකියාවට ඇබ්බැහි වුන සමාජ යෙ.ඒ නිසා මම නම් හිතා ගත්ත අඩුම තරමෙ ඒ දවස් වල 9 වසරෙ P.T පීරියඩ් පටන් ගන්න කොට හොරට කරපු පොඩි එක්සයිස් දෙක තුනවත් දවසට වරක් කරන්න.. අඩුම තරමෙ මගෙ සරීරෙට මෙහෙම මෙහම නැවෙන්න පුලුවන් මේ වගෙ ෆීචර්ස් තියෙනව කියන එක වත් මතක හිටින්න..

ඉවර කරන්න කලින් පොතක් ගැනත් ටිකක් කියන්න හිතුනා.. ශෙයාර් ෆොල්ඩර්ස් වලින් උස්සන් එන ෆිල්ම් ටෙලි සිරිස් කෙරුවාවල් සහ සොෂල් මිඩියා රැ වෙන රස්සාවල් එක්ක මගෙ ජිවිතේ තිබ්බ හොදම ඇබ්බැහියක් යට ගිහින් තිබිල ටික කාලෙකට ආයෙත් උස්සන්න වුනා මේ සතියෙ..ඒ මගෙ පොත් කියවිල්ල..ඒ ගැන නම් පොස්ට් ලියල තියෙ ඕනි තරම් ඒක ආයෙත් ඇවිස්සුවා පියැසි කවුලු.. - මේක ලියල තියෙන්නෙ කපිල කුමාර කාලිංග මාධ්‍ය ක්ශත්‍රයෙ හුරු පුරුදු නමක්...මට ඕනි වුනේ හැමැදාම කියෙව්වම මූඩ් ගහ ගෙන හිතන්න පුලුවන් පොත්..මෙකත් ඒ ජාතියෙ පොතක්.. එක එක හුස්මට ඉවර කලා.. තව ටිකක් පොතේ රහ විදින්න දීල හවස් වෙද්දි කියවන්න මේසෙ උඩ තියන් ඉන්නවා සුමිත්‍රා රාහුබද්ධගෙ අත අත නෑර පොත.. 

ලබන මාසෙ බුක් ෆෙයාර් එක පටන් ගන්න නිසා දැන්ම ඉදන් හොද ලිස්ට් එකක් එක්ක බජට් එක පැලැන් කරන්නත් ඕන


හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.

10 comments:

  1. ඔය සද්දන්ත සරීර කූඩුවත් එක්ක නැමෙන දිගෑරෙන එක සෑහෙන්න බරපතල ක්‍රියාවක් නේන්නම්

    කපිල කුමාර කාලිංගගේ "කන්දේ වීදිය" ත් මට නම් ගොඩක් හිතට අල්ලපු පොතක්

    ReplyDelete
    Replies
    1. හරි ලිස්ට් එකට දාගත්තා.. ලබන මාසෙදි ඩිස්කවුන්ට් ආවම දෙන්නම් වැඩේ..

      Delete
  2. අම්මපා ඇත්ත බන් මම මේ ලඟදි ජනීලයක් වහන්න නුහුරට අත දික් කරලා ටිෂු එකක් ඇදිලා කියලා බෙහෙතුත් බීවා. තනිකර සරීර හොරු වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්... අපේ අම්ම බනින්නෙත් ඕක කියලම නෙ

      Delete
  3. පොඩ්ඩක් හිටු... මම නැවිල බලනකන්... ආ... හරි අවුලක් නෑ. තාම නම් පපුව තදවෙන කොන්ද රිදෙ​න සීන් එකක් නෑ වගේ... උඔ මතක් කරපු එක හොඳයි බං. නැත්නම් මේ තියෙන වැඩත් එකක් නැවෙන්න වුනත් අමතක වෙන්න පුළුවන්.

    ලබන මාසෙ බුක් ෆෙයාර් යනව නේද? අනේ මාවත් එක්කන් පලයන් කො. මම ඔය කලින් අවුරුදු වල ගියාට මළාට ගත්තෙ නෑනේ academic නොවන පොතක්. මේ පාරනම් අම්ම මුත්ත කිවුවත් යන්නෙ නෑ expo එක පැත්තෙ. උඔ පස්සෙන්ම එනව.

    ReplyDelete
    Replies
    1. අනිවා මම යනවා උබව එක්ක යන්නම්..එළ කිරි මට තව පොත් ටිකක් උඹ ලව්වත් ගත්ත හැකි හී හී... බලපන් ෆෙස්බුක් එකෙ පොත් ලිස්ට් එක හදල නොට් එකකුත් දාල තියෙන්නෙ දැන්මම.. බලපන්කො...

      Delete
  4. මට උඹ කිව්ව කතාව කියෙව්වාම මතක් වුනේ මේක.

    "ඩොක්ටර්, මේ බෙහෙත් පෙති ගන්න ඕනෙ විදිය ලියලා නෑනේ."

    "ආ ඉන්න, මම මේ කියන්න ගියේ ඒක තමයි. දවසට තුන් වතාවක් මේ දීලා තියෙන බේත් පෙති ටික බිමට හලනවා. හලලා එක එක අහුලලා ආපහු බෝතලේට දාලා බෝතලේ වහලා තියනවා."

    ReplyDelete
  5. මට උඹ කිව්ව කතාව කියෙව්වාම මතක් වුනේ මේක.

    ඩොක්ටර්, මේ බෙහෙත් පෙති ගන්න ඕනෙ විදිය ලියලා නෑනේ.

    ආ ඉන්න, මම මේ කියන්න ගියේ ඒක තමයි. දවසට තුන් වතාවක් මේ දීලා තියෙන බේත් පෙති ටික බිමට හලනවා. හලලා එක එක අහුලලා ආපහු බෝතලේට දාලා බෝතලේ වහලා තියනවා.

    ReplyDelete
  6. උදේම වැඩට ගිහින් බොස්ට වැදපං.. කොන්ද නැමෙනවා නෙවැ !

    ReplyDelete
  7. දැන් ඉතින් ඉස්සරහට දිගටම කට්ටිය පොත් ප්‍රදර්ශනේ ගැනයි, ගත්ත පොත් ගැනයි, ගන්න ඉන්න පොත් ගැනයි, ලියයි...කොහොමද අප්පා හිත හදාගෙන ඒවා කියවන්නෙ.. :(
    බලාගෙන ගියාම හැමදාම කොන්ද කෙලින් තියාගෙන ඉන්න එකත් එච්චර හොඳ නෑ වගේ නේද පැන්ඩො ;)

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails