Monday, July 22

හැමදේම .... සහ උපාධිය

උපාධි උත්සවේ තිබ්බා... ඒ අපි හැමොම තරුණ උපාධිදාරියො රැසක් එකතු වෙච්චි තැනක්... කන්වකේශන් එකක්..



උපාධි ලොගු ඇදල තොප්පි දාල සම්ප්‍රදායට එතනට එකතු වෙච්චි අපි කවුරුත් ඇයි ඉගිල්ලෙන මාලුවො චිත්‍ර පටිය තහනම් කලේ ඇයි කියලවත් , එකෙ තියෙන ලිංගිකත්වය සාහසිකයි ද නැත්තන් හමුදාව පවා දෙන නිගා කරනවද වගෙ මතෘකා වත් නැත්තන් නැගෙනහිර මැතිවරණය සහ එකෙ දි 13 වෙනි වගන්තියත් එක්ක තියෙන සම්බන්ධය හරි පලාත් පාලන ආයතන අහොසි කිරිමේදි අපි ඉන්දියාව එක්ක එන්න ඔනි මතවදයක් ගැනවත් වචනයක් ඇහුනෙ නැ.

හැමොම තමන් තමන් ගෙ ෆොටො වලට හිටියා, ෆස්ට් ඉයර් එකෙ දී ඌ පවා දෙන එකෙක් මූ අපේ එකෙක් කියල බෙදුන හැමොම කරට අත දාල ෆොටො ගැහුවා. 

රටේ ජීව නාලිය වුනත් බඩගිනි වෙන නිසා කැන්ටිමෙන් ප්ලෙන්ටි බිව්වා කැවා.. ශෙඩ්‍යුල් පැනල ටයිම් අවුල් වුනාම කුනු හරුපෙන් ඇමතුවා..

කැමපස් එකට ආපු මුල් දවසෙ ගහපු පොලිමෙයි අද අන්තිමට එලියට දවසෙ ගහපු පොලිමෙයි ලොකු වෙනසක් මම දැක්කෙ නැ..එදා වගේම ඉර එලිය ඉවසන්න අමාරුයි.. එදාට වඩා අද රත් වුනා කලු පාට උපාදි ලොගුවයි ඊට යටින් තිබ්බ සුදු මහතැන්ගෙ ඇදුම සෙට් එක ඇදගෙන මහ ගිනි මද්දහනෙ සමකාසන්න රටක හිටපු අපිට.එදා වගේම දාඩිය බින්දු නලල දිගේ ඇවිත් අමාරුවෙන් බෙල්ලට හිර වුන ටයි එකෙන් ඇග දිගෙ ලිස්සගෙන ගියා..දැන් කවුරුත් රස්සා කරන නිසා පැය ගනන් කම්පූටර් ඉස්සරහ හොදට කාල බීල වාඩි වෙල ඉන්න නිසා අසරණ දාඩිය බින්දුවට එදාට වඩා වැඩි දුරක් බඩ උඩින් ගලන්න වුනා.

එදා තෙල් ගාල කොන්ඩ කරල් බැදගෙන හිටපු කෙල්ලන්ගෙ කොණ්ඩ කරල් රැලි ගැහිල කැරලි ගැහිල එක්කො අයන් බොර්ඩ් එකෙ තියල මැද්ද වගේ කඩා හැලෙනවා, ඇඟ පාට වැටිලා, මෝරලා  තොල් රතු වෙලා නිය උල් වෙලා... එක අතකට දැන් ඔහොම වෙච්චි එකත් හොදයි ඉස්සර ඉදන් අවුරුදු 4ක් ඔහොම හිටිය නම් කොල්ලන්ගෙ අතවල් හම ගිහින් තියෙයි.උන් සංතොසෙන් හිනා වෙනවා , එකෙ වැරද්දක් නැ අවුරුදු ගානක් අම්මල තාත්තලගෙන් කාපු බීපු ඇදපු , දැන් තමන්ගෙ අතට එන මුදලින් ආස ඇදුමක් විලාසිතාවක් කරන අහින්සක සතුට තමයි ඒ.

කාලයත් එක්ක කැම්පස් එකට ආපු විවිද රැලි එවා ඇදිල ගිහින් පැය ගනන් ඇගෙ ලේ රත් කරගෙන ගෙවුන මීටන් ඒවයෙ රඟපාපු ඇයො අවංකවම උගුරෙ ලේ රහ කරගෙන ඒ මතවාද රැලි විශ්වාස කරගෙන ඒව විශ්වාස කරපු අය එතන හිටිය.

සතුටින් ඒ පොලිම දිහා බලා හිටපු දෙපිරිසක් හිටිය.. ඒ දෙමාපියො සහ ගුරුවරු ..ලංකාවෙ එකෙක් ඉගෙන ගෙන කීයක් හරි අතට ගන්න කොට 26 ක් විතර වෙලා ඌට, ඒක එ මනුස්සයගෙ ජිවිතෙනුත් 1/3 විතර ඒතකන්ම කන්න බොන්න අදින්න දිල ලොකු කරන්න ඕනි ඒ දෙමව්පියො.ඒත් දෙමාපියො සතුටු වෙන්න නිදහස් වෙන්න ලැබුන කියල නෙවෙ දරුවට හොද අනාගතයක් ලැබෙන්න කියල..දරුවා තමන්ගෙ ලිපිකාර හරි කම්කරු රස්සාවට වඩා සිය ගුනයක වැටුපක් ලැබුවත් තාමත් උදේට බස් එකට කියල හරී කියක් හරි බලෙන් අතේ තියන්න හදන අහින්සක දෙමාපියොයි ඒ.

ඊටපස්සෙ ගුරුවරු... තමන්ට ලැබෙන සොච්චම් පඩියෙන් කීයක් හරි ලමයින්ට දෙන ගුරුවරු ඉන්න , විශේෂයෙන්ම අපේ පරිඝනක ක්ශේත්‍රයෙ නම් අචාර්ය වැටුප වගේ 5 ගුනයක් විතර වැටුපක් ලබන්න පුලුවන් කමක් තියාගෙන එයා මෙතෙන්ට එන්නෙ ඇත්තටම අපි වෙනුවෙන්.ඔය අස්සෙ අනික් හැමොම මිනිස්සු වගෙ වැරදි කරපු අය නැතුව නෙවෙ ඒත් ඒ බොහොම සුලු පිරිස වෙනුවෙන් තව බොහොමයක් පච කරන මාධ්‍යයෙ තත්වයට මම මගෙ බ්ලොග් පිටුව ඇදල දාන්නෙ නැ.

අවුරුදු 4 දුක සැප විතරක් නෙවෙ යට කලිසමෙ ඉදන් කොට් එක වෙනකං හැමදේම ශෙයාර් කරගෙන ගෙවපු අපුරු කාලයක මතක, සමහරුන් ට තමන්ගෙ ජීවන සහකාරය සහකාරිය ලැබුන , කනු අස්සෙ බිල්ඩින් අස්සෙ මුල්ලෙ ලැබුන පලවෙනි කිස් එකකත් තව හුගක් දේවල් වල මතකත් ඒ සරසවි බිමෙන් ලැබෙන්න ඇති. ඒ මතක ඒ අත්දැකීම වල පන්නරය මේ කොල්ලො කෙල්ලො තමන්ගෙ ජිවිතේදි ප්‍රයොජන ගනී අඩුම තරමේ හැමදේම ඒපා වුන වේලාවක මතක් කරල හිනා වෙන්න දෙයක් වත් තියෙයි.


හිතට ආපු අදහස් comment තිරුවෙ අකුරු කර යන්න සාදරණීය ඇරයුමක්.
Related Posts with Thumbnails