Sunday, June 1

තාරා මගේ දෙව් දුව පොතට දාව පැන්ඩාට උපන් සිතුවිලි

. 

මේ ලියන්නේ පොතක් කියවද්දී අපු විකාර සිතුවිලි පැන්සලකින් ඒ පොතේම කුරුටු ගාල අන්තිමට අපිළිවෙලට බ්ලොග් පොස්ට් එකක් අස්සට එබුවා නම් වෙන විදිහේපොස්ට් එකක්. කවුරුත් නොකියවන තරමට මම කැමතියි.

මේ තියෙන්නේ පොත කියවද්දී ඇවිස්සිලා පැන්ඩ දාපු ෆේස්බුක් ස්ටේටස් එක

" මම නිශ්ශංක විජේමාන්න ව අදුර ගන්නේ අපුරු කෙටි කතා කාරයෙක් විදියට. එත් හදිසියේම අහම්බෙන් මට හම්බ වෙනවා "තරා මගේ දෙව් දුව" කියන නවකතාව.. හුග කාලෙකෙට පස්සේ ඉන්ටර්නෙට් එක ඒවා මේවා මගෙන් ටිකක් විතර උදුර ගත්තු මගේම පොත් කියවන ආසාව ට පයින් එකක් ගහල අවුස්ස්නේ නිශ්ශංක කියන මෙ ගුරුවරයා තරා මගේ දෙව් දුව පොතෙන් ..

මම සුනේත්‍රා ගේ පොත් වලට ඇලුනෙ මගේ ගම රතනපුරේ එ පොත් වල හැම කොනකටම කොහෙන් හරි අමුණලා තියෙන එකට.. එ චරිත මට ඇත්තටම දැනුනා..

අවුරුදු 4ක් ඌව වෙල්ලස්සේ උන්නු මට මේ මහියංගනේ ඉදන් ලියන නිශ්ශංක ගේ චරිතත් හොදට දැනෙනවා..ලුනුගල මඩොල්සිම විතරක් නෙවේ මොනරාගල කදු වලින් එන ඉරේ රස්නෙයි, නමුනුකුලින් පස්සරින් එන හිරි වැටෙන මිදුමේ හිතල ත් මට ඒ පොත් වලින් දැනෙනවා...
"


මට මේ ස්ටේටස් එකෙන් එහාට ලියන්න දාහක් දේවල් ඔළුවට කඩා පත් වුනා.. ඒ නිසා මේක බුකියෙන් එලියට බ්ලොග් එකට එන කං ම ගේනවා මම.. එක මොකුත් නැතිව වෙළුන බ්ලොග් එක ට තුත්තිරි ගහක් නෙවේ.එත් එක දිහා එහෙම බැලුවොත් මේක තුත්තිරි ගහක් නෙවේ මහා රූස්ස අතු පතර විහිදුනු ගහක්. මේ පොත ගැන මෙ ලියන්නේ හිත අස්සේ හිර වෙලා පුපුරයි කියන බයට.

පොතක් කියන්නේ හැමදාම මට ගංජා වගේ එකෙන් මවන පරිසරේ එක්ක මට ඉගිලෙන්න පුළුවන් හදට ත උඩින්.. 

මම මේක ලියන්නේ ඔහේ හිතට එනවා ඒවා.. මේක පොතක් ගැන විචාරයක් නෙවේ.. මම කොහොමත් පොත් විචාර කරන්නේ නැ, කවදාවත් විචාරයක් බලල පොතක් ගන්නේ නැ.. සමන් විකරම්රච්චි පොත් විවේචන තමයි මම පත්තරේ කියවන්නෙම නැත්තේ..

මම ලියන්නේ මගේ හිතට පොතත් එක්ක කඩා පත් වෙච්චි සිතිවිලි, ඒවා බෙදා ගන්න කතා කරන්න එකෙක් අද මට නැ.. හැමෝම රස්සාවල් වලට ජිවිතයට පොර බදිනවා හොද වෙලාවට මට බ්ලොග් එකක් තිබ්බ..

තාරා කියල කියන්නේ පොතේ තේමාව එහෙම නැත්තන් ප්‍රස්තුතය. එක නිකම්ම නිකන් ප්‍රේම කතාවක් නෙවේ. එ තේමාව අපුරුවට කතා වෙ කොන් එකට එකතු කරනවා.

දන්නා නොදන්නා අයට තරා කියල ඇත්තටම දේව සංකල්පයක් තිබිල තියෙනවා. එක පිටිපස්සේ ස්ත්‍රීත්වය, දේව ගුණ,හින්දු ආගම මහායාන ආගම මේ ඔක්කොම සංස්කෘත ආගමික ලක්ෂණ තියෙනවා. එක ගෙවල් වල තියාගෙන වැදුම් පිදුම් ලබල තියෙන්න ඇති..ඒ පොඩි පිළිම ලංකාවේ ලැබිල තියෙනවා.එත් ලංකාවෙන් ලැබුණු වටිනාම එක තියෙන්නේ අවාසනාවට අද බ්‍රිතාන්‍ය කෞතකාගාරයේ (විකිපීඩියා ඇසුරින්).

නිශ්ශංක විජේමාන්න කෙටි කතා කාරයෙක් ට එහා ගිය නව කතා කාරයෙක් විතරක් නෙවේ තිර පිටපත් රචකයෙක් වෙන්න වුනත් අවශ්‍යය පන්නරය මේ පොත අපුරුවට පෙන්නුම් කරනවා.

මේ වෙලාවේ පැන්ඩ අහන්නේ එෆ් එම දෙරණ විකාශය වෙන හින අහිදින යාලුවෝ, එකේ සන්නස්ගල දෙවෙන්දරා සං ගැන කියල "දෛවයෝගයකින් නොවේ දෝ හමු වුනේ අප "සින්දුවට පුර්වකෘතිය දෙනවා. දැන් මල ගිය ඇත්තෝ , විරාගය නැත්තන් ගොළු හදවත ගැන විතරක්ම කතා කල ඇති කියල මට හිතෙනවා.අපි එතනින් එහාට මේ අලුත් පොත් වලටත යන්න කාලේ හරි.සමහර විට පොත් කියවල උත්තේජනය වෙලා තියෙන මගේ ඔළුවට එන මේවා හරියට මත් වෙලා ඉන්න කෙනෙක් දොඩන පුරසාරම් වගේ වෙන්න ත පුළුවන්..

මට කවද හරි චිත්‍ර පටියක් අධ්‍යක්ෂණ ය ට ලැබුනොත් මම මේ පොත ගන්නවා. ඒක කවදාවත් වෙන දෙයක් නෙවේ ඒ හින්ද මම ඒ හිතිවිල්ල මට හිතු මතේ මෙහෙම පාට කලා හවස් වරුවේ. එකේ තරාට රගපාන්න ඕනි චාන්දනී හෙට්ටිආරච්චි එකේ  භානුක ට බිමල් ජයකොඩි ඒ වගේම තාරගේ අම්ම වෙන්න ඕනි විණා ජයකොඩි ප්‍රියන්ගට හොදයි දිල්හානි. මම අවුරුදු 4ක් 5ක් මට නොහිතපු විදියට ලැබපු අපුරු අත්දැකීම තමයි මගේ විශව විද්‍යාලය. ගමේ ඉපදිලා කොලබ 7 ඉස්කෝලෙකට සිසත්ත්වෙන් ආපු මගේ ගමේ මුල් තවත් හොදට මුල් ඇද්දේ ඒ උව වෙල්ලස්සේ ගෙවපු අවුරුදු 4. මම පස්සර දෙකේ කණුව විනිතගම නමුන්කුල බඩල්කුබුර ලුණු ගල මොනරාගල අත් විදපු පරිසරේ පුරාවට නිශ්ශන්ක මේ පොත ගෙනිහිල්ල තියෙන හින්ද මට එකට අපුරු පසු තල දාන්න තිබ්බ. එක හරියට ප්‍රංශ චිත්‍ර පටි උළෙලේ පෙන්වන චිත්‍ර පටියක් වගේ කරන්න තිබ්බ.

මම විශ්ව විදයලට එන කම්ම මට තිබ්බේ ගහගෙන ජිවිතයක් මට හිතෙන්නේ. එක ඉවුරු කඩා ගෙන ගැලුවේ නැත්තේ අම්ම හින්ද. මම කැම්පස් ඇවිත්  කම්පුටර් එක්ක ඔට්ටුවේ වෙන කෙනෙක්  නොවුන නම් ලන්කාවේ ළමයෙක් ගේ අසාවට අනාගතේ ගොඩ නගන්න ඉඩ දුන්න නම් එක්කෝ මම ත් අතීතයෙන් වැහිච්ච නටබුන් නගර පින්සලකින් වැලි පිහදාල ගොඩ ගන්න දගලන පුරාවිද්‍යාඥක් වෙලා රැට සයිට් කුඩාරමේ පුටුවකට වෙලා පෙට්ල් මැක්ස් ලාම්පුවෙන් පොත් කියවයි. මට කියල ප්‍රේමයක් නොතිබ්බොත් සයිට් එක තියෙන ගමේ කෙල්ලෙක් එක්ක පැටලෙන්නත් ඉඩයි.මේ වගේ ගැමි පුර වෘත්ත පස්සෙන් පන්නයි තාරලා , පරුමුක ශිවල ගැන පොත් පෙරලන් හොයයි.

නිශ්ශංක ගේ කාව්‍ය එකක් වත් මම කියවල නැ. එත් ඔහුගේ ඒ හැකියාව උසස් කියල  සාක්කි දෙන පුන්චි කවි පොකුරක් දෙකක් පොතේ ඔබ්බවල තියෙනවා.

මේ ඔක්කොම අස්සේ ලංකාවේ පවතින දේශපාල වටපිටාවත් ඔහු කතා කරනව තාරගේ ජීවිතය නෑදෑයෝ පවුල අස්සෙන්ම. ඒ වගේම භානුක සුදු චරිතයක් කරන්න අසාවක් ඔහු පෙන්නුම් කරලත් නැ බිරිදක් ඉන්න දරුවෙක් ඉන්න ඔහු තවත් ස්ත්‍රියක් වෙච්චි  තාරගේ ඩෙනිම අස්සට අත දාන්න පොලබවනව.ඒ වගේම ඉන්න ප්‍රදාන ස්ත්‍රි චරිත තුනම සාමාන්‍ය පොදු සමාජයේ දකින්න ලැබෙන ස්ත්‍රියගේ ගති ගුණ ලක්ෂණ වලින් ඔබ්බට ගෙනියනවා. අම්ම කෙනෙක් කෑගහන බනින තැන එසේ නොකරන්නත් බිරිදක් තවත් ස්ත්‍රියක් සමග කෙස් වලු පටලවා ගත යුතු පරිසරයක යහළු කමින් බැදෙන්නට තරම් ඒ චරිත මෙහෙයවනවා. මේ බ්ලොග් පිටුවේ තියෙන නීරස කම ඒ කතා පොතේ නිශ්ශංක එහමයි නැති කරලා තියෙන්නේ.

මට ලියන්න කම්මැලි.. ඉතිරි ඒවා මයෙ හිතේම තිබ්බාවේ.




 

3 comments:

  1. පොත ගැන විස්තරේට ස්තූතියි.. පොත හන්දවත් කාලෙකින් බ්ලොග් පැත්ත මතක් වෙලා තියෙන්නේ:.

    ReplyDelete
  2. පොත කියෙව්වෙ නැති හන්ද(ගත්තත්) තාම මොනවත් කියන්න බැරිය...
    ඒත් මේ ලියල තියෙන ස්ටැයිල් එකට මම නං උඩිංම කැමතිය...
    ජයවේවා...
    දිගටම ලියමු....

    ReplyDelete
  3. ආ.... ඒක තමයි අර තකහනියක්ම මට මැසේජ් එකක් දාල අහල තිබ්බේ 'උඹ දන්නවද තාරා කියල දේව සංකල්පයක් ලංකාවෙ තියෙනව කියලා' කියල... හොඳ වෙලාවට මටත් අතේ පයේ අමාරුව තියන් ඉන්න බැරිව හැම දෙයක්ම ගැන විස්තර හොයන්නෙ...
    මේක කියෙව්වට පස්සෙ මට මගේ අන්වර්ථ නාමය ගැන සෑහෙන ආඩම්බර හිතෙනවා.. ඊටත් වඩා උඹට කලින් මම තාරා දෙවඟන ගැන දැනගෙන හිටපු එක ගැන ආඩම්බර හිතෙනවා...

    ReplyDelete

You don't need to be a blog member to post comments. You can comment as name/url or anonymous

Related Posts with Thumbnails