Thursday, September 25

කෝ කුක්කෝ , පැන්ඩා ගේ පසු වදන

පැන්ඩා , බ්ලොග් එකට ආව නොලියා අත නොහැරිය හැකි දෙයක් අද අත්විදපු නිසා..

කෝ කුක්කෝ.. නැ මේක මේ දවස්වල  මේ  හුගක් ප්‍රචලිත සත්ව කරුණා මාකටින් සම්ප්‍රදායේ තවත් එක ඉවෙන්ට් එකක් නෙවේ.

මේක නාටිටියක්...ඒ කියන්නේ අපේ  දෙයක්..



මට මේ නාට්‍යය  මුලින්ම  අහුවෙන්නේ  මෙන්න මේ  වීඩියෝවේන්



මේක අහපු පලවෙනි  දවසෙම  ඔෆිස් එකේ හැමෝම එක්ක ෂෙයාර් කරපු පැන්ඩා හිටියේ අතේ ඇගිලි ගැන ගැන  මේක වෙදිකවට ගේනකන්.ඔන්න අද තමයි ඒ වාසනාවන්ත දවස.


අහම්බෙන් වගේ දැනගන්න  ලැබුන අද නාට්ටිය පෙන්නනව කියල බොරැල්ල පුංචි තියටර් එකේ. මේ බලල අපු ගමන් උණු උණු වෙනමයි ලියන්නේ..

ලොකු  දෙයක් ලියන්නේ නැ පොස්ටුවේ හුදෙක් අරමුණ නාට්ටිය  හදුන්වා දිම පමණි. 

මිහිරි සිරිතිලක ගේ වැඩක්.. අවංකවම මම මිහිරි නාට්‍ය කරුවෙක් විදිහට අදුනගන්නේ මේකෙන්.. මම හිතන්නේ  මේ ඔහුගේත්  ප්‍රථම වැයමයි. පැන්ඩා ගේ අදහස නම් මිහිරි සාර්ථකයි. තුට්ටු දෙකේ සබන් මෙගා වල අධ්‍යක්‍ෂක වරුන් විසින් යටපත් කරවන ලද ඔහුගේ කල කෞශල්‍ය අපුරුවට නාට්ටිය පුරාවට දකින්න තියෙනවා.

හැබැයි මේක සාම්ප්‍රදායි කාටත් නොතේරෙන නාට්ටියක් නොව සරල සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන  නාටිටියක් කියලයි පැන්ඩාට හිතෙන්නේ.

මම දැකපු එකම අඩුව වේදිකාවේ ඉදන් හොදට කැ ගහල වෙර අරන් ප්‍රේක්ෂකයාගේ ඇගට දැනෙන්න කියන්න සින්දු තුන හතරක් නොතිබීමයි. 


අපුරු සින්දුවක් නිර්මාණය  කරලා තිබ්බත් එක ඕඩියෝ එකක් විදිහට ප්ලේ වුනේ.
සාමාන්‍ය නාටිටිය වල භාවිතා කරන ව්‍යගාත්මක ස්වරුපය දර්ශන තලයට පමණක් සිමා කරමින් අදහස් ප්‍රකාශනය එළිපිට අමු අමුවේම සිද්ද කරලා තියෙනව.

නාට්ටිය අවසානයේ මට හිතුනේ  රටේ දීර්ග කාලීනව පවතින ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් එකදිපතිවාදය කරා දිවෙන පාලන ක්‍රමය උපාහසයට ලක් කරමින් මිනිස්සුන්ගේ හිත් වලට යතාර්ථය අවබෝධ කරවන්න දරපු අපුරු වැයමක් කියල.

ඒ වගේ කළා නිර්මාණ රැල්ලක පළමු වෙඩි මුරය වෙන්නත්පුළුවන්... 

ඒ අස්සේ තවත් එවගේම පොතකුත් මට මේ සතියෙම සෙට් වුන.. 



පි.බි. ජයසේකර ලිව්වා මරියා සිලොනිකා කතා වස්තුව.කතාව පුරාවටම දුෂිත සමාජ ක්‍රමය හා සිත් කතා බහට ලක් කරනවා අපිට සමීප එදිනෙදා මුණ ගැහෙන ආකාරයේ චරිත කිපයක් හරහා.

හරි එහෙමනම් මේ ඇති.පැන්ඩා ගියා.

********************************

 
Related Posts with Thumbnails